25 July 2014

ෆේස්බුක් වයිරස් එකක්

කාලෙකට පස්සේ මොනවහරි ලියන්න කියල අද තමයි ටිකක් විවේඅයක් ලැබුනේ. විවේකය මදි කමට ලොකුම හේතුව උනේ මට අළුත් පරිගණක භාෂාවක් ඉගෙන ගන්ඩ සිද්ධ වෙච්ච එක. ඒ භාෂාව ඉගෙන ගන්න කාලය ගත උනා වාගෙම ඒ භාෂාව පාවිච්චි කරලා එක එක වැඩ කෑලි දාන්නත් සිද්ධ උනා

ඒකට තමා වැඩිමනක්ම කාළය ගත උනේ. උදේ හිටන් හවස් වෙනකන්ම ඒ මත්තේ නැහුනට පස්සේ ගෙදර ගිහින් ආයේ කතාවක් කොටන්ඩ කම්මැලියි.

ලියන්ඩ කියලා හිතේ තියාගෙන ඉන්න ඒවත් ලියන්ඩ උනේ නෑ..හරි ඒවයින් කාරි නෑ.. ඔන්න අද තමා ඒ පහුගිය වැඩ ටික අඩු වෙලා ඉස්පාසුවක් ලැබුනේ. අද ඉදලා දිගටම බ්ලොග් ලිපි කියවන්න එනවා.

අද වැඩ ටික ඉවර වෙලා මූනුපොතට ලොග් උනාම මෙන්න මගේ වීඩියෝ එකක් ගැන කියවෙන ලින්ක් එකක් චැට් මැසේජ් එකකින් ආවා. පල්ලෙහා තියෙන්නේ ඒ චැට් මැසේජ් එකේ පින්තූරයක් !

චැට් එකෙන් කියවුනේ  නරක වීඩියෝ එකක් තියෙනවා ය ඒක මගේද කියලා අහලා තිබ්බා. මම ලින්ක් එක ක්ලික් කරන්නේ නැතුව චැට් එක ආපු එකාගෙන ඒ ගැන ඇහුවා. එතකොට තමා උන්දෑ කිව්වේ ඒකාටත් මේ ජාතියෙම මැසේජ් එකක් ඇවිත් ඒක ක්ලික් කලහම තමා මෙහෙම චැට් යන්නේ කියලා.

ඒක වයිරස් එකක් කියලත් කිව්වා.

ඒ නිසා මේ වාගේ ලින්ක් එක වතාවෙම ක්ලික් කරන්න යන්ඩ එපා. මේ වයිරස් එකෙන් කෙරෙන කාර්යය මොකද්ද කියල නං දන්නේ නෑ.. ඒ උනාට වයිරස් එකක් නෙහ්..... !

දවස් ගානකට පස්සේ ආපු හැටියෙම ලියන්ඩ උනේ වයිරස් එකක් ගැන...හික්ස් :)
මම එහෙනං ගිහිං එන්නං ! ජය සතුට !

16 comments:

  1. මට බුකියට යන්ඩත් බැරුව මේ ඉන්නේ sll එරර් එකක් කියල මගුලක් එනවා

    ReplyDelete
  2. එකතු වෙමුද..??? එන්න එකතු වෙන්න එකතුව.org සමග http://ekathuwa.org/ අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය.. එකතුව.org...ඉතින් දැන්ම එකතු වෙන්න..එකතුවත් එක්ක..

    ReplyDelete
  3. මධූට කියන්න අද උදේ නිකමට වගේ ඔය විස්තරේ දැක්කා fb එකේ ශෙයා වෙලා තියෙත්දි. දැන් පැ‍යකට විතර කලින් මටත් ආවා ඔය කෙහෙල් මල. ක්ලික් කලේ නෑ.

    ඒ කියන්නෙ කලින් ඕක ක්ලික් කරපු අයගෙන්ද අපිටත් ඕක එන්නෙ?

    ReplyDelete
  4. එහෙමත් එකක්ද ? බුකියේ නැති නිසා අවුලක් වෙන එකක් නෑ

    ReplyDelete
  5. "මට අළුත් පරිගණක භාෂාවක් ඉගෙන ගන්ඩ සිද්ධ වෙච්ච එක."
    දැන් ඔකෙන්වත් පුලුවන්ද මේ කොමෙන්ට් ලඟින්ම රිප්ලයි දාන එක හදාගන්න???

    ReplyDelete
  6. උඹේ ලිපිය කියවන්න කලියෙන් මටත් ඔය මැසේජ් එක ආවා කවදාවත් චැට් කරපු නැති කෙනෙකුගෙන්...මම කෙහොමත් ලින්ක් එකක් ආවම ඒ දිහා හොදට බලලා තමයි ක්ලික් කරන්නෙ. පෙර අත්දැකීම් එහෙමත් තිබුන නිසා මෙදා පොටේ බේරුනා. නොදන්න අයට දැන ගන්න මෙවැනි දෙයක් පල කිරීම ඉතාම වටිනවා මධුරංගයො....

    ReplyDelete
  7. වටින දැනුවත් කිරීමක් සෑහෙන කාලෙකින් ඇවිත් කරල තියෙන්නෙ....

    ReplyDelete
  8. මේක ගැන සෑහෙන ෂෙයා තිබ්බ...
    මොකක් හරි අව්ලක්..
    මාක මොනව.ත් කරන්නෙ නැද්ද දන්නෑ

    ReplyDelete
  9. බුකියේ ඉන්න අයට වැදගත්වේවි......................

    ReplyDelete
  10. මට නම් තාම ආවේ නෑ. හපොයි එන්ටත් එපා... :D

    ReplyDelete
  11. කාලෙකට පස්සේ මේ ඇවිත් තියෙන්නේ... තැන්කූ දැනුවත් කලාට...

    ReplyDelete
  12. මටත් ආවා දැන් ටිකකට කලින් මගේ නමින් එකක් ඒත් මම බැලුවෙ නැහැ.

    ReplyDelete
  13. තාමනං ආවෙ නෑ.
    නොදන්න ඒව ඔබන්න යන එක කොහොමත් හොඳ වැඩක් නෙමෙයි. :D

    ReplyDelete
  14. මටත් කීපයක්ම ඇවිත් තිබුනා.. බුකියේ ඕක ගැන තිබ්බ හන්දම බලන්න ගියේ නෑ..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.