31 March 2022

අරගලයේ පළමු වෙඩි මුරය

 අද 2022 අවුරුද්දේ මර්තු 31 වන බ්‍රහස්පතින්දා.. !

මෑත ඉතිහාසය තුල නොමැකෙන අයුරුන් සටහනක් තැබුන දිනයක් වේවි. 

ඊට මූලිකවම හේතුව වන්නේ රට තුල නොයෙක් අර්බුද ඇති කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ශ ඇතුලු රාජපක්ශ රෙජීමයට විරුද්දව මිරිහානේ ජනාධිපති නිවස ඉදිරිපිට මහා ජනකායක් විරෝදය පෑ දිනය අදයි.

06 May 2021

ගැලනිගම අම්බලම

 ගැලනිගම අම්බලම කියන්නේ රයිගම් රාජධානියේ පුරාවස්තූ අතර තවත් එක ස්ථානයක්. ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ගය  කිට්ටුවම තමයි මේ අම්බලම පිහිටා තියෙන්නේ.

දැනට පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් සංරක්ෂණය කරන ස්ථානයක් . !

04 May 2021

බණ්ඩාරගම උයන්වත්ත වැව

 මගේ යාළුවෙක්ගේ අදහසක් තියෙනවා යූ ටියුබ් චැනල් එකක් කරන්ඩ. ලංකාවේ වෙහෙර විහාර ටික ඉලක්ක කරලා තමයි ඒ චැනල් එක කරන්න ඉන්නේ. ඒ වෙහෙර විහාර වල ඉතිහාස පසුබිම, වර්තමාන තත්වය වගේ දේවල් තමයි ඒ චැනල් එකෙන් පෙන්වන්ඩ ඉන්නේ.

දවසක් මේකා මගෙන් ඇහුවා අපේ පැත්තේ ඓතිහාසික විහාර එහෙම නැද්ද කියලා. ආයේ ඉතින් රයිගම් රාජධානියේ එහෙම තන් නැති උනොත්නේ පුදුමේ. ආරම්භයක් වශයෙන් මම ඒකාව පතහාවත්ත රජමහා විහාරෙට එක්කගෙන ගියා.

ගිහින් එන ගමන් තමයි අපි දෙන්න උයන්වත්ත වැව පැත්තට හැරුනේ.

බඹ්ඩාරගම ඉඳලා කිලෝමීටර් 2-3ක් විතර හොරණ පැත්තට ගියහම ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ගය හම්බ වෙනවා. ඒකත් පහු කරලා මීටර් 200ක් විතර ගියහම කොතලාවල හන්දිය හම්බ වෙනවා. කොතලාවල හන්දියෙන් වමට තියෙන පාරේ ටික දුරක් ගියහම තමයි උයන්වත්ත වැව හම්බ වෙන්නේ.

හරි ලස්සන පැත්තක්. !

ගෑල්ලමේක් එක්ක ඇවිත් ටික වෙලාවක් ඉඳලා යන්න එහෙම නියම තැනක්. පොඩි පොඩි ලඳු කලෑ එහෙමත් තියෙන නිසා කොටු පනින්නත් බැරි කමක් නෑ.

නාන්න එහෙම දෙන්නේ නෑ මම හිතන්නේ. ඒත් එක නාන මංකඩක් මම ඈතින් දැක්කා. එතනින් නම් කට්ටියක් නෑවා. ඒත් එතනට යන්නේ කොහොමද කියලා නම් දන්නේ නෑ.  එහෙනම් පින්තූර ටිකක් බලලා ඉම්මු.

21 April 2021

අප්‍රේල් 21 වන දා

 හුඟ දවසකට පස්සේ බ්ලොග් එකට ගොඩ වැදුනේ මොනවාහරි ලියන්න හිතාගෙන. ඒත් ලියන්නේ මොනවද කියලා හිතා ගන්න බෑ. ඉස්සර නම් මම ලියන්න ඕන කරන ඒවා මාතෘකා දාගෙන පොඩි සටහනක් දාගෙන තියාගන්නවා.

ඒත් කාලයත් එක්කම එහෙම සටහන් දාගෙන ඉන්න එකත් අමතකම වෙලා ගිහින්. ඒත් කමන් නෑ. ආයෙම ඒ පුරුද්ද පටන් ගන්ඩ බැරි යෑ.

03 February 2021

කඩුක්කම් පැළඳි ආඳා

 සෑහෙන කාළයකට පස්සෙ නිකමට වාගේ හිතුනා බ්ලොග් එකට මොනවමහරි ලියලා දාන්න ඕන කියලා. ආන්න ඒ නිසාම බ්ලොග් එකේ ලියන්න හිතාගෙන උන්නු මාතෘකා වලින් එකක් එළියට ඇද්දා.

මගේ යාළුවෙක් අළුතින් යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්ඩ යන්නේ. ඒ චැනල් එකෙන් කරන්න ඉන්නේ ලංකාවේ තියෙන අප්‍රකට රජමහා විහාර ගැන හා ඒවායේ තියෙන ඒතිහාසික පසුබිම ගැන.

ඒ චැනල් එකට මගේ දායකත්වය වෙන්නේ ඒතිහාසික කරුණු හොයලා දෙන එක සහා ඒ තැන්වලට යන විදිහ හොයන එක. අපි මේ ක්‍රියාදාමයේ පළවෙනිම අදියර විදිහට තෝරගත්තේ රයිගම් රාජධානියේ පතහාවත්ත පුශ්කරාරාම රජමාහා විහාරය. 

මේ රජමහා විහාරය ගන මම කලින් වතාවකත් ලිව්වා මතක ඇතිනේ. මෙන්න මේ සබැඳියෙන් ඒ ලිපිය කියවලා එන්ඩ.