04 May 2021

බණ්ඩාගරම උයන්වත්ත වැව

 මගේ යාළුවෙක්ගේ අදහසක් තියෙනවා යූ ටියුබ් චැනල් එකක් කරන්ඩ. ලංකාවේ වෙහෙර විහාර ටික ඉලක්ක කරලා තමයි ඒ චැනල් එක කරන්න ඉන්නේ. ඒ වෙහෙර විහාර වල ඉතිහාස පසුබිම, වර්තමාන තත්වය වගේ දේවල් තමයි ඒ චැනල් එකෙන් පෙන්වන්ඩ ඉන්නේ.

දවසක් මේකා මගෙන් ඇහුවා අපේ පැත්තේ ඓතිහාසික විහාර එහෙම නැද්ද කියලා. ආයේ ඉතින් රයිගම් රාජධානියේ එහෙම තන් නැති උනොත්නේ පුදුමේ. ආරම්භයක් වශයෙන් මම ඒකාව පතහාවත්ත රජමහා විහාරෙට එක්කගෙන ගියා.

ගිහින් එන ගමන් තමයි අපි දෙන්න උයන්වත්ත වැව පැත්තට හැරුනේ.

බඹ්ඩාරගම ඉඳලා කිලෝමීටර් 2-3ක් විතර හොරණ පැත්තට ගියහම ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ගය හම්බ වෙනවා. ඒකත් පහු කරලා මීටර් 200ක් විතර ගියහම කොතලාවල හන්දිය හම්බ වෙනවා. කොතලාවල හන්දියෙන් වමට තියෙන පාරේ ටික දුරක් ගියහම තමයි උයන්වත්ත වැව හම්බ වෙන්නේ.

හරි ලස්සන පැත්තක්. !

ගෑල්ලමේක් එක්ක ඇවිත් ටික වෙලාවක් ඉඳලා යන්න එහෙම නියම තැනක්. පොඩි පොඩි ලඳු කලෑ එහෙමත් තියෙන නිසා කොටු පනින්නත් බැරි කමක් නෑ.

නාන්න එහෙම දෙන්නේ නෑ මම හිතන්නේ. ඒත් එක නාන මංකඩක් මම ඈතින් දැක්කා. එතනින් නම් කට්ටියක් නෑවා. ඒත් එතනට යන්නේ කොහොමද කියලා නම් දන්නේ නෑ.  එහෙනම් පින්තූර ටිකක් බලලා ඉම්මු.


ඔය ඉහලින්ම තියෙන්නේ වැව් කණ්ඩියේම ගහල තිබ්බ බෝඩ් එක.











මේ වැවට උයන්වත්ත වැව කියලා කියන්නේ රයිගම් රාජධානියේ රාජකීය උයන පිහිටලා තිබ්බේ මේ වැව තියෙන හරියෙම කියලා තමයි දැනගන්ඩ හම්බ උනේ.
එහෙනම් මම ගියාවේ. ජය වේවා.

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.