13 May 2018

රයිගම් රාජධානියේ අසිරිය සොයා - 2 : පතහවත්ත රජමහා විහාරය

රයිගම් රාජධානිය මතක් උනහම ඊට පස්සේ මතක් වෙන්නේ අපි ඉතිහාස පොතෙන් ඉගෙන ගත්තු රයිගම් බණ්ඩාර කියන නාමය. කෝට්ටේ රජකම් කරපු හත්වන විජයබාහු පිය රජතුමාට එරෙහිව තම පුතුන් තිදෙනා කැරැල්ලක් මෙහෙය වූ බව ඉතිහාසයේ සදහන් වෙන කාරණාවක්. පියාගේ මරණින් පස්සේ කෝට්ටේ රාජධානිය පුතුන් තිදෙනා අතරේ වෙන් කරගත් බව විජය බා කොල්ලය නම් වූ සිදුවීමේදි ඔබ අසා ඇති බවට සැකයක් නැත.

සීතාවක රාජධානිය මායාදුන්නේ කුමාරයාත් කෝට්ටේ රාජධානිය හත්වන බුවනෙකබාහු කුමාරයාත් රයිගම රාජධානිය රයිගම් බණ්ඩාර කුමාරයාත්  රජකම් කළ බව ඉතිහාසය සාක්ෂි දරයි.

රයිගම් බණ්ඩාර රජතුමාගේ මාලිගය තිබුණා යැයි සැක කරන ප්‍රදේශයේ තමයි මේ පතහාවත්ත රජමහා විහාරය ඉතිකරලා තියෙන්නේ. මාලිගය වටා ඉදිපරපු කබොක් බැම්ම ඒ ඉතිහාසයේ වර්තමාන සාක්ෂි වශයෙන් ඉතිරි වී පවතී.
මේ විහාරයට පතහා වත්ත යැයි නම් ලැබීමට මූලිකම හේතුව වෙන්නේ විහාරය ඉදිරියේ ඇති ලොකු පොකුණ (පතහ) නිසා විය යුතු ය.

පතහා තිබූ වත්ත පසු කලෙක පතහවත්ත යැයි නම් ලැබී ඇත.

එහෙනම් අපි පින්තූර ටිකක් බලලා ඉම්මු.

ඔය ඉහලින් තියෙන පින්තූරයේ දිස් වෙන්නේ මම කලින් කියපු පතහ (පොකුණ ). මේ පොකුණ මෑතකදි පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් සංස්කරණය කරලා තියෙනවා. ඒ නිසයි අපිට මෙච්චර ලස්සනට පොකුණ බලා කියා ගන්න පුලුවන් වෙලා තියෙන්නේ.

එහෙනං තව පින්තූර ටිකක් බලලා ඉම්මු.

ඔය පහලින් තියෙන්නේ රජමහා විහාරයේ ධර්ම ශාලාව. ඒකත් අපූරු නිර්මාණයක්. පස්සේ කාලෙක තමයි ඔය ධර්ම ශාලාව ඉදිවෙලා තියෙන්නේ.

පහල පින්තූරයෙක් තියෙන්නේ රාජධානි සමයේ තිබුණු වැසිකිලි ගලක්.

මීට අමතරව නටබුන් අතර ඇත් හොඬය සහිත දිය පිහිල්ලක් තිබූ බව සදහන් වේ. පහලින් තියෙන්නේ ඒ ඇත් හොඬය සහිත දිය පිහිල්ලේ පින්තූරයක්.

පැරණි රාජධානියේ නටබුන් ටික බැලුවායින් පස්සේ මම ඊලඟට විහාර ගෙට ගොඩ උනා. විහාර ගෙයි අපූරුවට සිතුවම් කරලා තියෙනවා. මේ සිතුවම් නිර්මාණය කරලා තියෙන්නේ සාර්ලිස් කියලා ගුරුන්නාන්සේ කෙනෙක් ලූ. එහෙනම් සිතුවම් ටිකත් බලලා ඉම්මු.





ඔය උඩින් තියෙන පින්තූරයේ ඉන්නේ නාග කන්‍යාවක් වෙන්න ඕන.

විහාරගෙයි වැඳ පුදා ගත්තායින් පස්සේ මම ඊලඟට ගියේ චෛත්‍යය වැඳ පුදා ගන්න. මේ චෛත්‍යයත් රාජධානි සමයෙන් පස්සේ ඉදි වෙලා තියෙන නිර්මාණයක්.

චෛත්‍යයට එක පැත්තකින් බෝධීන් වහන්සේ දකින්නට පුලුවන්.

පතහවත්ත රජමහා විහාරයේ ටික වෙලාවක් ගත කරලා මම ආයෙම අළුබෝමුල්ලට එන්න පාරට ආවා. විහාරය පිහිටලා තියෙන්නේ හරි අපූරු නිස්කලංක පරිසරයක. ඒ නිසාම බණ භාවනා කරන උදවියට නම් සෑහෙන වටීවි.

බණ්ඩාරගම පැත්තේ ආවොත් දවසක ගිහින් එන්න අමතක කරන්න එපා.



මගේ ඊලඟ ඉලක්කය තමයි ලෙනවර රජමහා විහාරයයි වරකාගොඩ ගල්ලෙන් රජමහා විහාරයයි දැකබලා ගන්න එක. ඒ දෙකට වෙන දවසක යන්න හිතන් ඉන්නවා. ගිහින් ආපු දාක මම තවත් බ්ලොග් ලිපියක් ලියන්නම්.

එතෙක් ජය හා සතුට !!!







6 comments:

  1. පුංචි ලංකාවෙ අපි නොගිය තැන කොච්චරක්ද කියල හිතුනා !!

    ReplyDelete
  2. හුට්ට පටස් දෙවෙනි කොටස දැක්කමයි බැලුවේ පළවෙනි එක කෝ කියලා.එකම දවසෙනේ දෙකම දාලා තියෙන්නේ.බන්ඩාරගම ආවේ කරත්ත රේස් යන්ඩ තමා.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.