01 March 2026

අපේ රටේ ගව සම්පත

 අද ඉරිදා දවසේ පුතාවත් වාහනේ දාගෙන දහම් පාසලට ඇරලවන්න පාරට ආවා.  යන ගමන් පුතාට කිය කියා ආවේ පෙට්‍රල් ටිකක් ගහගෙනම යමුද කියලා. පුතාත් ඔලුව වනලා හා කිව්වා. 

කොහොමහරි කතාවෙන් කතාවේ ටවුන් එක කිට්ටුවටත් ආවා. මෙන්න බොලේ ආයෙම පෙට්‍රල් පෝලිමක්.... !

එක පැත්තකින් බයික් ත්‍රීවීල් පෝලිමක්. අනිත් පැත්තෙන් කාර් පෝලිමක්. පෝලිම දිහා බලාගෙනම මම පුතාව දහම් පාසලට දාලා ගෙදර ආවා.

ගෙදර ඇවිල්ලා ෆේස්බුක් එකේ බැලින්නම් ඉරානයට මිසයිලයක් ගහලා ලූ. ඒ නිසා තෙල් එන එක නවතිවීවි කියලා හිතාගෙන අපේ කට්ටිය මෙහේ ෆයර් වෙලා පෝලිම් වලට ගිහින් ලූ.

අනේ මන්ද අපේ මිනිස්සු කවදාවත් හැදෙන්නේ නෑ.

ඒ අතරින් රජයේ නිවේදනත් නිකුත් කරල තියෙනවා මාසයකට හමාරකට සරිලන විදිහට තෙල් තියෙනවයි කියලා. ඒත් මොන...! මේ මිනිස්සු පෝලිම් වල.

අපේ රටේ ගව සම්පත !

1 comment:

  1. ටිල්වින් අයියට පෝලිමක් දායි වගේ මේ යන හැටියට

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.