21 March 2023

මගේ සත දෙක

 දවසක් අපේ කම්පනි එකේ මීටිමක් තිබුණා. එකේදි මැනේජ්මන්ට් එක මතු කරපු ප්‍රශ්ණයක් ගැන එක එක්කෙනා අදහස් පළ කලා. ඔක්කොම අදහස් පළ කළේ ඉංග්‍රීසියෙන්. මෙහෙම අදහස් පල කිරීම් වලදි එක්කෙනෙක් කතාව පටන් ගත්තේ,

"හිය ඊස් මයි ටූ සෙන්ට්ස් අබවුට් දිස් ඉශූ..." කියලා.

ඉතින් මට ඔය ටූ සෙන්ට් එහෙම නැත්නම් සත දෙකේ ඉඩියම් එක ගැන තව ටිකක් දුරට හොයලා බලන්න ඕන කියලා හිතුනා. මට ඇත්තටම ඕන උනේ ඔය ඉඩියම් එකේ තේරුමට එහා ගිය ආරම්භක කතාව හොයාගන්න...

ඔහොම අන්තර්ජාලය පුරාම පීරලා බැලුවහම මට මෙහෙම උත්තරයක් හම්බ උනා. ඒක තියෙන්නේ බයිබලයේ. බයිබලයේ ජේසුස් වහන්සේගේ ඉපදීමේ ඉඳලා උකුත්වෙන අවස්ථාව දක්වා කතාව ලියවිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් කතුවරු හතර දෙනෙක්ගෙන්. එක්කෙනෙක් ලූක්. අනිත් එක්කෙනා මාර්ක්. තව එක්කෙනෙක් ඉන්නවා මතෙව් කියලා. අන්තිමයා තමා ජොහාන්. මෙයාලට සුවිශේශකවරු කියලා කියනවා.

ඔය හතරදෙනාගෙන් මාර්ක් කියන ලේඛකයා ලියපු පොඩි කතාවක ඉන්නවා දිළිඳු වැන්දඹුවක්. දන්නවනේ වැන්දඹුවක් කියන්නේ ස්වාමි පුරුෂයා මළ ස්ත්‍රීයයක් කියලා.

ජේසුස් වහන්සේ දේවමාලිගාව ඉදිරිපිට වාඩි වෙලා ඉන්න වෙලාවේ ගොඩක් ධානපතියෝ ඇවිත් දේව මාලිගාවේ කැටයට මුදල් දැමුවාලූ. ඒ අය තමන් සතු ධනයෙන් ලොකු කොටසක් අනිත් අයටත් පෙනෙන්නම මාලිගාවේ කැටයට දැම්මාලූ.

ඔය අතරේ දිළිඳු වැන්දඹුවක් ඇවිත් තමන් අතේ තිබුණු කාසි දෙක (සත දෙකක්) දේව මාලිගාවේ කැටයට දැම්මා ලූ. ජේසුස් වහන්සේ ධනවතුන්ගේ ආධාරයන්ට වඩා මේ දිළිඳු වැන්දඹුවගේ ආධාර කිරීම ගැන බොහෝ ප්‍රශංශා වූ බවයි බයිබලයේ කියවෙන්නේ.

ඒක හරියටම බයිබලයේ ලියැවිලා තියෙන්නේ මෙන්න මෙහෙම,


"උන්වහන්සේ මුදල් ගබඩාව ඉදිරියෙහි වැඩහිඳ සෙනඟ ගබඩාවට මුදල් දමන හැටි බලාහුන්සේක. වස්තුකාරයෝ බොහෝ දෙනෙක් හුඟක් දැමුවෝය. දිළිඳු වැන්දඹුවක් ඇවිත් ශතයක් වටිනා සල්ලි දෙකක් දැමුවාය. උන්වහන්සේ ගෝලයන් තමන් වෙතට කැඳවා: සැබවක් නුඹලාට කියමි–ගබඩාවේ මුදල් දමන සියල්ලන්ට වඩා මේ දිළිඳු වැන්දඹුව දැමුවාය. මක්නිසාද ඒ සියල්ලෝ තමුන්ගේ වැඩිමනත් දෙයින් දැමුවෝය. නුමුත් මෑ වනාහි තමාගේ හිඟකමෙන් තමාගේ රක්ෂාවීමට තිබුණු සියල්ලම දැමුවායයි කී සේක."

 මේ සත දෙකේ කතාව ඉංග්‍රීසි භාෂාවට එන්නේ අන්න එතැනින්. කිසියම් දෙයක් ගැන තමන් දන්න සියළුම දේවල් කියනවට තමයි කියන්නේ  "හියර් ඉස් මයි ටූ සෙන්ට්ස්.." කියලා.

1 comment:

  1. මම හිතන්නෙ ඔය කතා දෙක අතර සම්බන්ධයක් නැහැ.

    1800 ගනන් වල ඇමරිකාවෙ කුඩාම මුදල් එකකය තමයි සත දෙක.

    මෙ තියෙන්නෙ මගෙ සත දෙක කියලා අදහස් කරන්නෙ රැස්වීමකදී තමන්ගෙන් කුඩා දායකත්වයක් සාකච්චාවට ලබා දෙන එකට.

    ජේසුස් වහන්සෙගෙ කතාවෙත් තියෙන්නෙ සත දෙකක් නිසා ඔය දෙක කට්ටිය පටලවා ගන්නවා..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.