මම කලින් බ්ලොග් ලිපි දෙක තුනකම කියලා තියෙනවනේ ෆුට් බයිසිකලයක් ගත්තයි කියලා. ඊට පස්සේ මට තියෙන ලොකුම කරදරේ බයිසිකලය පදින එක නෙමේ. බයිසිකලය පැදගෙන යනකොට පාරේදි හම්බවෙන මිනිස්සු බයිසිකලයේ මිල කීයද කියලා අහන එක. එක්කෙනෙක් දෙන්නෙක් නම් කමක් නෑ කියමුකෝ. සමහර වෙලාවට හය හත්දෙනා අහන වෙලාවලුත් සෙට් වෙනවා. ඒක නම් මහ කරුමයක් අප්පා.
ඔන්න මම බයිසිකලයේ මිල කිව්වා කියමුකෝ. ඊට පස්සේ ඒ මිනිස්සු සැහෙන්න විස්සෝප වෙලා එක එක කමෙන්ට් දෙනවා.
"අම්මෝ සෑහෙන ගණන් නෙහ් දැන් බයික්."
"අපරාදේ ගත්තේ. අහවල් කඩේ නම් අහවල් ගානට බයික් තියෙනවා."
"ඔය ගානට ගියර් තියෙන එකක් ගත්තා නම් තමා වටින්නේ."
"ඕක ජපන් ද ? ජපන් එකක් නම් ඔය ගානට ගත්තට පාඩු නෑ."