22 July 2018

තුඩුගල ඇල්ලේ සුන්දරත්වය

පොසොන් පෝය දවසට කලින් දා ඉදලා මම කල්පනා කර කර උන්නේ පොසොන් පෝය දවසේ දන්සල් වඳින්න කොහේද යන්නේ කියලා. මුලින්ම හිතුවේ වරකාගොඩ පන්සල් යනවයි කියලා. නමුත් පන්සලක් හොඳටම වැඳපුදාගෙන එන්න නම් පෝය දාක යන එක හරි නෑ කියලා හිතුනා. පෝය දාට පන්සලේ සීල් ගන්න එන දායකයන්ගෙන් පිරිලා යන නිසා මම පෝය දවස්වල පන්සල් යන්න කැමති නෑ.

ඒ නිසා මම වෙන කොහේ හරි යන්ඩ ඕන කියලා හිත හිතා උන්නා.  සතියේ මැද නිවාඩු දවසක් නිසා වැඩිය දුර නැති තැනක් ගැන කල්පනා කරනකොට තමයි තුඩුගල ඇල්ල බලන්න යන්න ඕන කියලා හිතුනේ.

මේ ගමනට මම විතරක් නෙමේ මගේ යාළුවෙකුයි එයා යාලුවෙලා ඉන්න ගෑල්ලමයයි සැට් උනා. අපි මේ ගමන ගියේ බයිසිකල් වල. ඒ දෙන්නා උදේ 8:30 වෙනකොට බණ්ඩාරගමට එනවයි කියලා කියපු නිසා මම උදේ ලැහැස්ති වෙලා උන්නා. උදේ නමය වෙනකොටවත් මුන් දෙන්නා ආවේ නෑ. මම කෝල් එකක් දීලා බලනකොට මුන් තාම කොළඹින් පිටත් වෙලාවත් නෑ.

මුන් දෙන්නා බණ්ඩාරගම කිට්ටුවට එනකොට උදේ 11:30ත් පහුවෙලා. මට බලන් ඉදලා ඉදලා ඇති උනා. ඇයි වදේ මුන් එනවයි කියන වෙලාවට නෙමේ නෙහ් එන්නේ.

කොහොමහරි මුන් දෙන්නා ආවට පස්සේ අපි ගමන පටන් ගත්තා.

අපේ ගමන් මාර්ගය උනේ,

බණ්ඩාරගම > වාඩියමංකඩ හන්දිය > කළුතර > කටුකුරුන්ද හන්දිය > නාගොඩ ඔර්ලෝසු කණුව > තුඩුගල > තුඩුගල ඇල්ල

අපි මතුගම පාරේ ඇවිත් නාගොඩ ඉස්පිරිතාලේ ගාවට ආවා. එතනින් තුඩුගලට හරවලා ටික දුරක් යනකොට බිස්කටුයි බීමයි දෙන දන්සලක් හම්බ උනා. අපි බිස්කට් කාලා සරුවත් බිව්වා.

ඊට පස්සේ අපි ආයෙත් ගමන පටන් ගත්තා. තව ටික දුරක් යනකොට නාරං බීම දන්සලක් හම්බ උනා. මේක නිකන්ම නිකන් සරුවත් නෙමේ. නාරං බීම දන්සලක්. මට මෙහෙම දන්සලක් හම්බ වෙච්ච පළවෙනි වතාව මේක. නැත්නම් සරුවත් දන්සලක් කියලා දෙන්නෙම කඩෙන් ගේන සරුවත් මිශ්‍රණයේ දන්සල් නෙව. මේක ඔරිමජිනල් නාරං මිරිකලා හදපු පංකාදු බීම දන්සලක් !

ඒකත් බීලා ටික වෙලාවක් යනකොට අපිට ඇල්ල ගාවට එන්න පුලුවන් උනා. මේ වෙනකොටත් කට්ටියක් ඇවිල්ලා තියෙන විත්තිය අපිට තේරුණා.

මේ ඇල්ල ටිකක් විතර ජනප්‍රිය ඇල්ලක්. ඒ වගේම යන්න එන්න එච්චර අමාරු නෑ.

රබර් වත්තක් මැද තියෙන බොරළු පාරක් දිගේ ටික දුරක් එනකොට ඇල්ල ලඟට එන්න පුලුවන්.
ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ අතෑරලා දාපු ගොඩනැගිල්ලක්. මේක පරණ ජල විදුලිබලාගාරයක් ලු.
මේ ගොඩනැගිල්ලත් පහුකරගෙන ගියහම ලෑලි වලින් හදපු පොඩි පාලමක් සැට් වෙනවා. ඒක මතින් දිගටම ගියහම අඩි පාරක් දිගේ ඇල්ල කඩා හැලෙන තැනට එන්න පුලුවන්. මේක තට්ටු කිහිපයක ඇල්ලක්.

ඇල්ල කඩා හැලෙන තැනට එන පාරත් ලස්සනයි. රබර් වත්තක් මැදින් එන්න තියෙන අපූරු අඩිපාරක් තියෙනවා.අපි එන වෙලාවේ සෑහෙන කට්ටියක් ඇවිත් තැන් තැන් වල දිය නාන ගමන් උන්නා. මේක ටිකක් ජනප්‍රිය ඇල්ලක් නිසා සංචාරකයින්ගෙන් අඩුවක් නෑ. ඒ නිසාම ඇල්ලේ පරිසරය ආරක්ෂාවටත් යම් තර්ජනයක් තියෙනවා. ආපු මිනිස්සු තැන් තැන් වල කුණු එහෙම දාලා තිබුණා.

හරි. ඊට කලින් අපි අල්ල බලලා ඉම්මුකෝ.

ඇල්ල මුදුනත පේන්නේ මෙන්න මෙහෙමයි.
ඇල්ල වැටෙන තැන මෙන්න මේ විදිහට බලාගන්න පුලුවන්. මේ හරියේ නම් නාන එක එච්චර නුවණට හුරු නෑ. බැරි වෙලාවකහරි ලිස්සලා ගියොත් ඇල්ලෙන් පහලට වැටෙන්න පුලුවන්.
මම කලින් කිව්වා නෙහ් අපි ගියේ පොසොන් පෝයදාක කියලා. පොසොන් පෝය දා කියලා නෑ තැන් තැන් වල කට්ටිය මත්පැන් බිබී සිංදු කිය කියා උන්නා. කලින් දා බාර් වලින් ගත්ත අරක්කු වෙන්ටෑ. මේ වගේ මිනිස්සු බීලා අරක්කු බෝතල් ගල්වල ගහලා බිඳලා දාන එකට නම් මම එච්චර කැමති නෑ.

මේ වගේ පරිසර පද්ධතියක බොන්න යනවා නං අරන් ගිය හැම දේම ආපහු අරගෙන එන්න අමතක කරන්න එපා.

මේ ඇල්ල ඈතට පේන්නේ මෙන්න මේ විදිහටයි.
ඇල්ලෙන් නාලා එනකොට යකෙක් කන්ඩ බඩගින්නක් ආවා. ඒ නිසාම බත් දන්සලක අවශ්‍යතාවය තදින්ම දැනෙන්න උනා. අපි ආපහු කළුතරට එන මගදී තෙල් දාපු කඩල දන්සලක් හම්බ උනා. බඩ සා ගින්නේ හෝ හාමත් වෙලා උන්නු අපට මේ කඩල පංගුව මහ මෙරක් වගේ වටිනවා කියලා ආයේ කියන්ඩ ඕන නෑ නේ. මම කඩල එකක් කාලා තව එකක් අරගෙන ආවා. ඒක ගෙනාවේ අපේ උන්දැට. උන්දැත් මේ වගේ ජිමික්ස් කෑම වලට කැමතියි නෙව.

ඒක කාලා කළුතර තැන් තැන් වල බීම දන්සල් වැඳගෙන ආවා.බණ්ඩාරගම පාරට හැරෙව්වට පස්සේ  සෑහෙන දන්සල් ගොඩක් අපට හම්බ උනා. ඒ සෙරමත් වැඳගෙන මම ආපහු ගෙදර ආවා.

ඔන්න ඔහොමයි මගේ පොසොන් දන්සල් වන්දනාව ඉවර උනේ. නිවාඩු දවසක් තියෙනවා නං ගිහින් එන්ඩ හරි අපූරු තැනක් තමයි තුඩුගල ඇල්ල කියන්නේ.

එහෙනං මම ගියාවේ. ඔබට ජය හා සතුට !

10 comments:

  1. උඹ නම් දන්සල් පේරේතයෙක් හැම ලිපියකම තියෙන්නේ දන්සැල් වලින් කාපුවා. කාලා කාලා රෙනවා ඇති වල පිරෙන්න.

    ReplyDelete
  2. කළුගල සංචාරය කලින් කියවූවා. ඒකේ පොරොන්දු වූ විධියට මේකත් කියවූවා. අපගේ ගම් පළාතේ ඒවා නිසා දැනට විදේශයක සිටින මට මේවා කියවා පැරණි මතකය අලුත් කර ගන්නට හරිම කැමතියි. වර්කාගොඩ පන්සලටත් යනවා කියා තිබුනාණේ. එහෙ තමයි මගේ උපන් ගම. ගල්ලෙන විහාරයේ දැන් සිටින ලොකු හාමුදුරුවෝ අපි කුඩා කාලයේ එකට සෙල්ලම් කළ අය. වරකාගොඩ යනවානම් තවත් වැදගත් ස්ථානයක් තිබෙනවා වලකඩහේන ගනේඋඩ පන්සල කියලා. මෙම ස්ථානය පැරණි 'වහල්කඩක්' තිබුණු ස්ථානයක්. ඊට ටිකක් ඈතින් උයන්වත්ත කියා ගම්මානයකුත් තිබෙනවා. ඒ ටිකත් බලන්න

    ReplyDelete
  3. ඇල්ලේ ලස්සන පින්තූර නෑ. පොස්ටුව ප්‍රතික්ෂෙප කරනවා. හැක්

    අර යකාගේ කතාවත් හොදට හදල දාහං හරිය

    ReplyDelete
  4. කෝ කුනුු වල පින්තූර

    ReplyDelete
  5. Your story is fabulous! Thank you a lot for the contribution! Hope you'll submit more similar stories in the soonest time possible!

    ReplyDelete
  6. තවත් දිය ඇලි පිස්සෙක් හම්බ උනා, නෑදෑයෙක් හම්බ උනා වගෙයි :-)

    තරහ නැතිනම් මගේ බ්ලොග් එකත් බ්ලොග් රෝල් එකට එල්ලන්න

    https://kandascolumnblog.wordpress.com

    ReplyDelete
  7. It is a little popular and there is no shortage of tourists, so there is a threat to the environment. The people who entered were rubbish.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.