24 September 2017

දඩබිමේ හපන්නු

පියසේන කහදගමගේ කිව් සැනින් මගේ මතකයට එන්නේ වැව්ගම්පත්තුව, දිගාමඩුලු ජන ජීවිතය, ඉපැරණි ගොවිතැන ගැන පොත් ලියූ කතුවරයෙක් ලෙසය. එහෙත් ඔහු වෘත්තියෙන් ලේඛකයෙකු නොවේ. ඔහු වැව්ගම් පත්තුවට පත් වී ආ ගුරුවරයෙකි.

නමුත් ඔහු කා අතරත් ප්‍රසිද්ධ වන්නේ ගුරුවරයෙකු ලෙසින් නොව දක්ෂ ලේඛකයෙකු ලෙසයි. ඔහුගේ කෘතීන් තුල ගැමි ජීවිතය තුල විවිධ අවස්ථාවන් විවිද දුක් කරදර, විවිධ වූ සිරිත් විරිත් වැනි දෑ ලියැවී ඇත. මේ නිසා පාසල් යන වයසේ පසුවන ඕනෑම කෙනෙක්ට ඔහුගේ පොත පත කියැවීමෙන් බොහෝ දෑ උගත හැකිය.


මගේ ජීවිතයේදි මා ඔහුව හඳුනාගත්තේ පාසල් කාලයේදී ම ය. ඔහු විසින් රචිත සාරකෙත, රන්වන් කරල්, හොල්මන් කොරිය වැනි පොත් පාසල් පුස්තකාලයෙන් කියවා ඇත.

ඉන්පසුව මට ඔහුගේ ලියවිලි හමු වූයේ විජය පුවත්පතට ඔහු සැපයූ ලිපි වලින් ය. ඒවාද මා එකක් නෑර කියවා තිබුණ. පසු කාලීනව අපේ ගමේ විත්ති ලෙස ඒවා පොතක් ලෙසද එලි දැක්වූ බව මා අසා ඇත්තෙමි.

ගුරු ජීවිතය තුල ඔහුට අත් දකින්නට ලැබුණු විවිධ සිද්ධීන් ද ඔහු කෘතියකට රචනා කර තිබේ. ඒ ගුරු ජීවිතයේ රසකතා ලෙස ය. එම කෘතිය වෙලුම් දෙකකින් සමන්විත වේ.

පසු කාලීනව ඔහු විසින් රචිත බැද්දේ සෙනෙහස, කොහොඹානේ වට්ට විදානේ, දඩබිමේ හපන්නු යන කෘතීන් ද මා කියවා ඇත.

මෑතකදී මා කියවූ කෘතිය වන්නේ දඩබිමේ හපන්නු නම් වූ කෘතියයි. ඒ කෘතියේ සදහන් වන්නේ වැව්ගම් පත්තුවේ විසූ දඩයක්කරුවන් සත් දෙනෙක්ගේ වීරක්‍රියාවන් වේ.

මේ කෘතිය විසිදුනු ප්‍රකාශනයකි. මිලෙන් රුපියල් 180ක් වේ. ආරම්භයේ සිටම එක හුස්මටම කියවාගෙන යා හැකි අපූරු කෘතියකි මෙය.

ඡායාරූපය - www.grantha.lk වෙබ් අඩවියෙනි

2 comments:

  1. මෙතුමාගේ "සාර කෙත" කෘතියත් ඒ වගේම ලස්සන එකක්. ගැමි ඌරුව රැගත් භාෂාව, සුමට ලෙස හසුරවමින් මෙතුමා පෑනෙන් කරන ලද සිත්තම් මමත් රසවිඳින්න පුරුදු වුනේ ඉස්කෝලේ පුස්තකාලයේ පටන්.

    ReplyDelete
    Replies
    1. සාරකෙත, අපේ ගමෙ විත්ති, හොල්ම්න් කොරිය කියන පොත් තුනම ලස්සනයි.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.