30 September 2017

මගේ පොත් ලැයිස්තුව

මෙදාපාර මාත් බුක් ෆෙයාර් ගියා. ගිය වතාවේ නම් යන්න බැරි උනා. ගිය වතාවේ එක එක වැඩ නිසා එච්චර ලොකුවට පොත් කියෙව්වේ නෑ. ඒ උනාට සරසවි බාර්ගේන් බුක් සේල් එකෙන් පොත් ටිකක් ගෙනාවා.

ඒ නිසා ලොකුවට බුක් ෆෙයාර් යන්න කියලා ඕන කමක් තිබ්බේ නෑ.

ඒකටත් එක්ක හරියන්න මෙදාපාර බුක් ෆෙයාර් ගියා. යන්න කලින් පොත් ලිස්ට් එක හදාගෙන ගියේ.

ඊටත් කලින් කියන්න ඕන ගියවතාවේ වගේම මේ වතාවෙත් ඩිස්කවුන්ට් එක 20%ක් කියලා කට්ටිය කියපු නිසා ගන්ඩහිතගෙන ආපු පොත් වලින් කොටසක් ග්‍රන්ත වෙබ් අඩවියෙන් මිලදී ගත්ටා.

ඒගොල්ලෝ සාහිත්‍යය මාසය පුරාම ගොඩක් පොත් වලට 20%ක් දෙනවා. ඒ නිසා ඒ වගේ පොත් ටික එහෙන් ගත්තා. ඉතුරු පොත් ටික තමයි බුක් ෆෙයාර් එකෙන් ගන්ඩ ගියෙ,

මෙදා සැරේ මම ගොඩක් අළුත් පොත් ගත්තේ නෑ. මගේ එකතුවට තියෙන්ඩ ඕනයිකියලා හිතෙන පරණ පොත් සෙට් එකක් ගත්තා. ඒ අතරට අළුත් පොත් ටිහිකුත් ගත්තා.

මගේ පොත් ලිස්ට් එක පහලින් දාන්නම්.
සූරිය ප්‍රකාශකයෝ                   
ජිනපාලගේ කතන්දරේ - වැවදෙණියේ ඇල්. ඩී. මැන්දිස්
නදීතෙර කුංචනාද - කැමිලස් වනිගසූරිය

කතෘ ප්‍රකාශන
මාරක සටන - ෂර්ලොක් හෝම්ස්

සුරස
වලාකුළු - නිහාල් පීරිස්

සරස
ගම්පෙරලිය  - මාර්ටීන් වික්‍රමසිංහ
කලියුගය  - මාර්ටීන් වික්‍රමසිංහ
යුගාන්තය  - මාර්ටීන් වික්‍රමසිංහ

ප්‍රදීප ප්‍රකාශකයෝ
චරිත තුනක් - කේ ජයතිලක

විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය
චුබාරි - කත්‍යානා අමරසිංහ
දඟකර මහල්ලා - ඩී පී සමරසිංහ
හඳ පළුව තනි තරුව - නිශ්ශංක විජේමාන්න

ආශිර්වාද ප්‍රකාශන
ගලිවර්ගේ චාරිකා

සංඛ ප්‍රකාශකයෝ
ගන්දර කලපුව - භද්‍රජි මහින්ද ජයතිලක
වැසි දා රෑ - ජයශංඛ කරුණාරත්න

සර්වෝදය විශ්ව ලේඛා ප්‍රකාශකයෝ
සඳ වියරුව -  භද්‍රජි මහින්ද ජයතිලක

මම යන්ඩ කලින්ම පොත් සෙට් එක ප්‍රකාශකයෝ යටතේ වෙන් කරගෙන ගියේ. ඒ නිසා පොත් ගන්නකොට ඒක ලෙහෙසියක් උනා.

අද මාසේ අන්තිම දවස වෙනකොට මේ සෙට් එකෙන්ම පොත් පහකය වැඩි ප්‍රමාණයක් කියවලා ඉවර කලා.

පොත් ප්‍රදර්ශනය බලන්ඩ එන අය හැමදාම කියන දෙයක් තමයි කෑම කන්න තැනක් නෑ යි කියලා. තව එකක් තමා මැගී නූඩ්ලස් එකේ ගාන වැඩියි දෙන ප්‍රමාණය අඩුයි වගේ ඔය නොයෙකුත් අටෝරාශියක් ප්‍රශ්න. ඒවයින් ඩිස්කවුන්ට් එක අඩුයි, පොත් සෑහෙන්න ගනන් කියලා කියන ප්‍රශ්න නම් කමක් නෑයි කියමුකෝ. මොකෝ අපි පොත් ප්‍රදර්ශනයට එන්නේ පොත් ගන්න නෙව.


කෑම ගැන නම් කියන්න තියෙන්නේ බොරුවට නහයෙන් අඩන්නේ නැතුව ගෙදරින් කෑම එකක් ගේන්ඩ කියලා. අනික මේ පොත් ප්‍රදර්ශනය බලන්ඩ එන සෑහෙන පිරිසක් ඉන්නේ කොළඹට ලඟින්. ඒ නිසා ඒ අයට උදේම කෑම එකක් බැඳගෙන එන එක මහ කාරියක් නෙමේ.

දුර බැහැර ඉදලා එන කෙනෙක් නම් මගින් හරි බොරැල්ල ටවුමේ කෑම කඩේකින් හරි කෑම එකක් අරගෙන ආවා නම් හරි. එතකොට බඩ පිරෙන්ඩත් එක්කම කන්ඩ පුලුවන්.

අපි බලමු ඊලඟ වතාවෙදිවත් මේ ක්‍රමය අඩුවේ ද කියලා.

ඒ වගේම තව දෙයක් කියන්ඩ ඕන. මේ වතාවේ ප්‍රදර්ශන භූමිය පොලිතීන් වලින් තොර කලාපයක් කරන්ඩ පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තීරණය කරලා. මේ ඉසා අපට ගෙදරින් මල්ලක් අරන් එන්ඩ සිද්ධ වෙනවා. මේක අගය කළ යුතු වැඩක් !

එහෙනං මං ගියාවේ.
සාහිත්‍ය මාසයේ ගත්තු පොත් ටිකත් හිමිහිට කියවලා බලන්න ඕන.

6 comments:

  1. අපරාදේ ඔයාට බ්ලොග් ලියන ලිඛිතා ගේ බයි සේක්ෂුවල් සුරන්න්තය නැමති පොත අරගෙන නැනේ කොහොම හරි එක අරගෙන එයාට පොඩි කික් එකක් දෙන්න තව ලියන්න

    ReplyDelete
    Replies
    1. ලිඛිතා කියන්නේ කවු ද ?

      Delete
  2. මමත් ගියා පොත් වන්දනාවේ.යුතුමකයි ඉෂ්ට කරන්නැහේ මැගි එකකුත් කෑවා.ඩිස්කවුන්ට් අඩුයි වගේ තමයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ඩිස්කවුන්ට් එක මෙදාපාර මාර අඩුයි.

      Delete
  3. මම ජිනපාලගේ කතන්දරේ කියන පොත හොයනවා...
    ඒ පොත ගන්ට පපුලුවන් තැනක් තියෙනවාද???

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.