02 February 2017

අපූරු පාර්ටියක්

හැරී පොටර් කතා මාලාවේ ද ප්‍රිසිනර් ඔෆ් ඇස්කර්බාන් (අස්කර්බාන් හි සිරකරුවා) කතාවේ හ'මයිනි කාළය හරහා ගමන් කරන්න පුලුවන් වෙන විදිහේ උපකරණයක් භාවිතා කරනවා. මේ උපකරණයට එයාලා කියන්නේ ටයිම් ටර්නර් කියලා.

හ'මයිනි මේ උපකරණය පාවිච්චි කරන්නේ එක වතාවකට පන්ති දෙකකට සහභාගි වෙන්ඩ.

අපිටත් බැරිද හමයිනි වගේ කාළයේ ආපස්සට ගිහින් අපි ආස කරන දෙයක් බලලා එන්න. එහෙම නැත්නම් අපේ ළමා කාළයට අපිටම බලල එන්න. එහෙමමත් නැත්නම් අතීතයේ අපෙන් වෙච්ච වැරැද්දක් නිවැරදි කරලා එන්න ?

මේ ගැන ගොඩක් විද්‍යාඥයෝ විවිධ විවිධ පර්යේෂණ සිද්ද කලා. නමුත් අද වෙනකොටත් ඔවුන්ට කාළ තරණය කරන්න හම්බ වෙලා නෑ.. ඒකට නොයෙක් විදිහේ බාධා සිද්ධ වෙනවා.

ඒවා විද්‍යාඥයින් හදුන්වන්නේ පැරඩොක්ස් කියලා. නොයෙක් විදිහේ පැරඩොක්ස් රාශියක්ම මේ වෙනකොටත් තියෙනවා. ඒවා ගැන පසුවට කියන්නම්.

මේ කාළ තරණය ඇත්තක් නෙමෙයි කියලා ඔප්පු කරන්න ඔක්ස්පර්ඩ් සරසවියේ මහාචාර්ය ස්ටීවන් හෝකින් මහත්තයා අපූරු පර්යේෂණයක් සිදුකලා.

පරියේෂණයක් කියලා කිව්වට මේක පාර්ටියක් !

නමුත් මේ පාර්ටියට කවුරුවත් මේ වෙනකොට ඇවිත් නෑ.. ඒ ඇයි ?

හෝකින් මහත්තයා මේ පාර්ටිය සුදානම් කළේ ඔයාලා අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට නෙමේ. එහෙනම් කාට ද ?


හෝකින් මහත්තයා පාර්ටිය සුදානම් කරලා ඒ පාර්ටිය ඉවර උනාට පස්සේ තමා කට්ටියට ආරාධනා කලේ. මේ පාර්ටිය පැවැත්තුවේ 2009 අවුරුද්දේ ජුනි 8 වෙනිදා. ජුනි 8 වෙනිදායින් පස්සේ තමා කට්ටියට ආරාධනා කළේ.

ඈ...හ්... එතකොට පාර්ටිය ඉවර වෙලානේ කියලා ඕන කෙනෙක්ට හිතෙන්ඩ පුලුවන්. ඔවු ඒක එහෙම තමා. පාර්ටිය ඉවර උනාට පස්සේ තමයි ආරාධනාව යැවුවේ.

මේ පාර්ටියේදී හෝකින් මහත්මයාත්තෙක්ක එක මේසයේ ඉදලා එකට කෑම ගන්න පුලුවන් වෙන්නේ කාළය හරහා අතීතයට යන්ඩ පුලුවන් කාල යාත්‍රිකයෙකුට විතරයි. ඒකයි මේ පාර්ටියේ තියෙන විශේෂත්වය. !

හෝකින් මහත්තයාගේ පාර්ටියට යන්ඩ පුලුවන් වෙන්නේ කාළය හරහා ආපස්සට යන්ඩ පුලුවන් කෙනෙක්ට විතරයි !

මෙන්න ආරාධනා පත්‍රය... කැමති කෙනෙක්ට දැන් උනත්  හෝකින් මහත්තයාගේ පාර්ටියට ගිහින් එන්ඩ පුලුවන්. කිසිම තහනමක් නෑ.

පාර්ටියේ වීඩියෝ එක පහතින් බලන්න පුලුවන්.

මේ පරීක්ෂණයෙන් දැනට ඔප්පු වෙනවා කාළ තරණය කරන්න පුළුවන් කිසිම කෙනෙක් මේ මිහිපිට නෑයි කියලා. ඒ නිසා අතීතයට ගිහින් එන එක තවම හීනයක් විදිහටයි තියෙන්නේ. අනාගතයේ දවසක කාළ යන්තරයක් හැදුවොත් අතීතයට ගිහින් එන්ඩ පුලුවන් වේවි.

5 comments:

  1. අතීතයට යන්න උත්සාහ කරන වෙලාවෙ අනාගතේ ගොඩනගන්න හැමෝම උත්සාහ කළ යුතුයි කියලයි දැන් මං හිතන්නෙ..

    ඒත් අස්කබාන්හි සිරකරු කියවන කාලෙදි සහ ෆිල්ම් එක බලපු කාලෙදි - ඒ කියන්නෙ කෙල්ලන්ට හමයිනි වාගෙ වෙන්නත් - කොල්ලන්ට හමයිනි වාගෙ කෙල්ලකට ආදරේ කරන්නත් ඕන වෙන සමයෙදි නම් මටත් කාල යන්තරයක් හොයාගන්න වුවමනා වුණා.

    අපි එක වසරෙදි විතර නෙවැ හැරී පොටර් පළවෙනි චිත්‍රපටිය නිකුත් වුණේ.ඒ කාලෙදි මං හරියට කරදර කළා ඇත්තටම හොග්වාර්ට්ස් යන්න ඕනෑ වෙලා..

    ReplyDelete
  2. අනාගතේ කාල තරනය කල හැකිඅයෙක් බිහිවුනොත් එයාට මේ පාටියට එන්න පුලුවන්.
    ඒ කියන්නෙ මේ වීඩියෝඑකේ ඉන්න ඕනෙ. එහෙම ආවෙ නෑකියන්නෙ අනාගතේ කවදාවත් එහෙම හැකියාවක් ලැබෙන්නෙ නෑ.

    ReplyDelete
  3. පාටියක් තියෙනවා කියල කාල සංචාරකයෝ දැන ගන්නත් එපැයි.. බැරිවෙලා හරි ලංකාවේ පොරක් වුනොත් ඌ මේ බ්ලොග් එකවත් කියවපු එකෙක් වෙන්න ඕනේ.. නැත්නම් කවුද දන්නේ ඔහොම පාටියක් තියෙනවා කියල..

    මේ තියෙන්නේ අපි කාල තරණය කරපු හැටි
    http://biththiya.blogspot.my/2011/11/blog-post.html

    ReplyDelete
  4. පුළුවන් එකා මේ ගැන දන්නෙ නැද්ද දන්නෙ නෑනෙ. :(

    ReplyDelete
  5. ආලෝකයේ වේගය ඉක්මවනවා නම් සුලු මොහොතකට හරි කාල තරණය කරන්න පුළුවන්

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.