02 February 2017

වෙද නළාවේ අරගලය

මේ දවස්වල මුහුණු පොත පුරා අරගලයක මුහුණුවරක් ගන්නවා. ඒකට හේතු පාදක වෙන්නේ 187/2016 දරණ නඩු අංකයෙන් හැදින්වෙන නඩුවේදී ලැබුණු තීරණයට විරෝදය පෑමක් විදිහට.

තවත් සරලව කියනවා නම් මල්ශානි සූරියාරච්චිට එදිරිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නඩුව. කවුරුත් දන්න පරිදි සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය, රටේ අනෙකුත් වෛද්‍ය උපාධි මෙන්ම ලියපදිංචි විය යුතු යැයි සදහන් නඩුව ගැනයි මේ දිනවල කාගේ කාගෙත් කතා බහ යොමු වෙලා තියෙන්නේ.

මේ සිද්ධිය පිළිබඳව මම දරණ මතය වෙන්නේ නිසි ප්‍රමිතියකට නැති මෙවැනි උපාධි නීතිගත කිරීම සුදුසු නෑයි කියන එක. මොකද වෛද්‍ය වෘත්තිය කියන්නේ ඕනෑම රටක අංක එකට පවතින වෘත්තියක්. ඉතින් එහෙව් වෘත්තියකට සුදුසුකම් නැති අය යනවයි කියන්නේ ඒ වෘත්තියේ ගෞරවය එහෙම් පිටින්ම නැති වෙලා යනවා වගේ වැඩක්.

ගෞරවය නං කමක් නෑයි කියලා පොඩි වෙලාවකට හිතමු. වෛද්‍යවරු කියන්නේ මිනිස් ජීවිතත් එක්ක කටයුතු කරන පිරිසක්. එහෙම අසරණ ජීවිතත් එක්ක වැඩ කරන පිරිසකගේ ප්‍රමිතිය ඉතාමත් ඉහල තත්වයක පවතින්ඩ ඕන කියලයි මම හිතන්නේ.



අන්න ඒ නිසාම තමයි මම සයිටම් නීතිගත කිරීමට විරුද්ධ වෙන්නේ.

අනික ඉතින් සමහරු කියන්නා වාගේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල විවෘත කිරීම තුලින් රජයේ විශ්ව විද්‍යාල වලට යා ගන්ඩ බැරිවෙන උසස් පෙළ සමත් අයට වෛද්‍ය උපාධියක් ලබා ගන්ඩ පුලුවන් වෙනවා නම්, ඔච්චර ලොකු ගානකට ඔය උපාධිය දෙන්නේ නැතුව මධ්‍යම ප්‍රාන්තික පවුලක ළමයෙකුට උනත් දරන්ඩ පුලුවන් මුදලකට උපාධිය දෙන්ඩ එපෑ.

ඒකෙන් මේකෙන් වෙන්නේ සල්ලි බාගේ යහමින් තියෙන කෙනාගේ දරුවා සාමාන්‍ය පෙළෙන් පස්සේ හරි දොස්තර කෙනෙක් වෙලා එළියට එන එක. ප්‍රශ්නේ තියෙන්නේ සල්ලි දීලා හරි දොස්තර කෙනෙක් වෙලා එළියට එන එකේ නෙමේ. ඒ එළියට එන දොස්තර, නිසියාකාර පුහුණු වෙච්ච නැති කෙනෙක් වීමයි.

අනේ මන්දා මේවට කුහකත්වය කියලා කියනවා නං කුහකත්වයට කියන්ඩ වෙන නමක් හොයාගන්ඩ ඕන.

අතීතයේ සිදුවීම් නැවත නැවතත් සිදුවෙනවයි කියලා කතාවක් තියෙනවා නෙව. ඔය කතාව හින්දම  මට නං වෙලාවකට හිතෙනවා ඉදිරියේදී නිදහස් අධ්‍යාපනය නැති වෙලාම ගිහින් ආයෙම කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපනය ගේන්න කලින් තිබ්බ තත්වය උදා වේවිද කියලා.

2017 - ජනවාරි - 31

දවසින් දවස කාළය ගත වේවි. ඔය කියන දවස අතීතයට එකතු වේවි. ඒ කාළයක් තිස්සේ රැකගෙන ආ රටේ තිබ්බ උත්තරීතර වෘත්තියේ ප්‍රමිතිය, මුදලට යට වෙච්ච දවසක් විදිහට.

මුහුණු පොතේ හුවමාරු වෙච්ච සටහන් කිහිපයක් පහලින් අමුණන්නම්.












මාලඹේ සයිටම් ආයතනයත් රාගම වෛද්‍ය විද්‍යාලය වගේ රජයේ විශ්ව විද්‍යාල ජාලයට එකතු වෙන්න පුලුවං උනොත්.....

2 comments:

  1. ලංකාවට පෞද්ගලික වයිද්ය විද්යාල ගැලපෙන්නෙ නැහැ.එක ඔතන,බයෝ සයන්ස් වත් කරන්න සුදුසු නැති කෙනෙක්,දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්.දෙක මේ අය සල්ලි විසි කලාම,රජයේ වයිද්ය විද්යාලවල ඉන්න හොදම ගුරුවරු එතනට අහිමි වෙනව,හොඳම දේ, මෙඩිසින් වලට ගත්ත අයගෙන් පසු,ඊ ලග අයව සල්ලි අය කරල රජයේ,වයිද්ය විද්යාල වලටම ගන්න එක.කොහොම උනත් මෙතන තියෙන්නෙ සයිටම් එක විසි කරන සල්ලි වල හයිය තමයි.

    ReplyDelete
  2. නියමයි..

    ඔන්න මේ බොගේත් මගේ සින්ඩියට දැම්මා..

    සිතුවිලි සිංහල බ්ලොග් කියවනය

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.