21 January 2017

සංසර්ගයෙන් පසුව එන ආදරණීය නිදිමත

අද ලියන්න යන්නේ මට කාලෙක ඉදන් හිතේ තිබ්බ ප්‍රශ්නයක් ගැන. මම ඒ ප්‍රශ්නෙට මෙහෙම ප්‍රවේශයක් ගන්නම්කෝ.

ගොඩක් 18+ චිත්‍රපටි වල නළු නිලි දෙන්නගේ "මහ කාරිය" ඉවර උනාට පස්සේ අනිවාර්යෙන්ම දෙන්නා එකට නිදාගෙන ඉන්න දර්ශනයක් පෙන්වනවාමයි. මට තිබ්බ ප්‍රශ්නේ තමා ඇයි එහෙම දෙන්නා නිදාගෙන ඉන්නේ කියලා. ඒ දවස්වල 18+ චිත්‍රපටියක් (තනිකරම පෝර්න් නෙමේ.) බලනකොට විතරයි ඒ ප්‍රශ්නේ තිබ්බේ..

බැන්දට පස්සේ නම් ඒ ප්‍රශ්නේ තදින්ම දැනෙන්න ගත්තා. ආයේ ඉතින් අහන්ඩෙපා ඇයි ඒ කියලා.. බැඳපු එවුන් දන්නවා ඇති ඒ මොකෑ කියලා. ගොඩක් වෙලාවට "මහ කාරිය" ඉවර උනාට පස්සේ කෙටි හෝ නින්දක් යන එකට මොකක් හරි හේතුවක් ඇති.

ඒක හොයලා බලන්ඩෝන.... ඔන්න ඕකයි අද ලිපියට මාතෘකාව...

ටංට ටෑං.... !!!!!

මට තිබ්බ ප්‍රශ්නේ නිව්යෝක් සරසවියේ කට්ටියකටත් තිබිලා. ඒගොල්ලෝ ඒ ගැන පර්යේෂණයක් පවා සිදු කරලා තියෙනවා. ලිංගික එක්වීමකට පස්සේ නිදිමත ගතියක් දැනෙන එකට ඒගොල්ලෝ සෑහෙන තර්ක ඉදිරිපත් කරලා තියෙනවා.

පළවෙනිම එක තමා ලිංගික එකතුවීමක් බොහෝ විට සිදුවන්නේ රාත්‍රී කාළයේදී. ඒකත් නිදන ඇඳේදී.. ඒ නිසා ඒ වෙලාවේදී ශරීරයත් මනසත් නින්දට හැඩ ගැහෙන එක සාමාන්‍ය දෙයක්. මේ වෙලාවෙදීම ශරීරය වෙහෙසෙන කාර්යයක් ඒ කියන්නේ ලිංගික එකතුවීමක් සිදු උනහම මහන්සි ගතියක් දැනෙනවා. නිදාගන්න කියලා ඇඳට ඇවිල්ලා මහන්සි වෙන්ඩ වෙන වැඩක් කරනකොට මොකාටද නිදිමත ගතියක් දැනෙන්නේ නැත්තේ. :)

බොහෝ විට ලිංගික එකතු වීමකදී වඩා ක්‍රියාකාරී වන්නේ පිරිමි කෙනා නිසා ලිංගික එකතු වීමකදී ගැහැනුන්ට වඩා පිරිමින්ට නිදිමත ගතියක් දැනෙනවා කියලයි ඔවුන් කියන්නේ.

දෙවන හේතුව තමයි ලිංගිකව එකතුවීමකදී සුරතාන්තයට පත්වන අවස්ථාවේදී ශරීරයේ නිපදවන රසායනික වර්ග වල බලපෑම නිසාත් නිදිමත ගතියක් දැනෙනවා කියලා.

සුරතාන්තයට පත් වන අවස්ථාවේදී මස්තිෂ්ක රසායන වර්ග කිහිපයක් නිකුත් වෙනවා. මේ රසායනිකයන් අතර නොරැපිනපලීන් (Norepinephrine) නොහොත් නොරැඩ්‍රිනලීන් (Noradrenaline), සෙරොටොනින් (Serotonin), ඔක්සිටොසීන් (Oxytocin), වැසොප්‍රෙසීන් (Vasopressin), නයිටික් ඔක්සයිඩ් (NO) සහ ප්‍රොලැක්ටින් (Prolactin) හෝමෝනය  යන රසායනික හා හෝමෝන තියෙනවා.

මේ හෝර්මෝන වලින් ප්‍රොලැක්ටින් හෝමෝනයෙන් තමයි අපේ ලිංගික තෘප්තිය තීරණය වෙන්නේ.ඒ කියන්නේ "මහ කාරියෙන්" අපි කොච්චර තෘප්තිමත් උනාද නැද්ද තීරණය වෙන්නේ මේ හෝර්මෝනයෙන්.

මේ හෝර්මෝනයි රසායනයි ශ්‍රාවය උනායින් පස්සේ සිරුර යථා තත්වයට පත් වෙන්ඩ එපෑ. එයිනුත් මේ ප්‍රොලැක්ටින් හෝර්මෝනය තමයි ඉක්මනින්ම යථා තත්වයට පත් වෙන්නේ.

තවත් සරලව කියනවා නම් හෝර්‍මෝනය ශ්‍රාවය වෙනවාත්තෙක්කම ලිංගික තෘප්තිය ඇති වෙලා ඒත්තෙක්කම තෘප්තිය නැතිවෙලා යනවා වගේ දෙයක් වෙනවා.

ලිංගික කාර්ය්යේදි වගේම කෙනෙක් සුව නින්දක පසුවෙන කොටත් ප්‍රොලැක්ටින් හෝමෝනය වැඩි මාත්‍රාවකින් ශරීරය තුළ පවතිනවා. කොටින්ම කියනවා නම් ප්‍රොලැක්ටින් හෝර්මෝනයත් නින්දත් අතර දැඩි සම්බන්ධයක් තියෙනවා. මේ නිසාම සුරතාන්තයට පත්වීමේදී නිදිමත ගතියක් දැනෙන්න ගන්න එක සාමාන්‍ය දෙයක්.

මීට අමතරව සුරතාන්තයේදී ශ්‍රාවන වෙන ඔක්සිටොසීන් හා වැසොප්‍රෙසීන් වලිනුත් නිදිමත ගතියක් ඇති වෙනවාලූ. ඔක්සිටොසීන් වලින් කෙරෙන තව කාර්යයක් තමයි මානසික ආතති මට්ටම අඩු කරලා මනස සැහැල්ලු කරන එක. "මහ කාරිය" කලහම මානසික ආතතිය අඩු වෙනවා කියලා දොස්තරලත් කියලා තියෙන්නේ ඒකනේ.

මානව පරිණාමයේදීම මේ නිදිමත ලැබිලා තියෙන්නේ එක හේතුවක් නිසාලූ. ඒ හේතුව විදිහට ඔවුන් කියන්නේ ලිංගික එකතු වීමකදී ශ්‍රාවය වන හෝර්මෝන හා රසායන නිසා දෙදෙනා යථා තත්වයට පත් වෙන්න වෙලාවක් ගන්නවාලු. ඒ නිසා පිරිමියා, "මහ කාරිය" ඉවර උනහම පැනලා ගිහින් වෙන ගෑනියෙක් එක්ක ඒ කාරියම කරන්න උත්සහ කරන්නේ නෑ ලූ.

ගෑනු අයත් එහෙමලූ. පිරිමියා නිදාගෙන ඉන්නැද්දි නැගිටලා ගිහින් වෙන කෙනෙක් එක්ක එකතු වෙන්න යන්නෙත් නෑ ලු.

මේ ආදරණීය නිදිමත, ඔවුන් දෙදෙනා අතර එකිනෙකාට පවතින ආදරණීය බැඳීම වැඩි කරන්න උපකාරි වෙන නිසාලු මේ නිදිමත ගතිය, මානව පරිණාමයේදී ඉදලම පැවතගෙන එන්නේ. සූරතාන්තයේදී මොළයේ නිපදවෙන මේ හෝර්මෝන නිසා ඔවුන් දෙදෙනා අතර අන්‍යෝන්‍ය විශ්වාසය, බැදීම වැඩි කිරීමට සමත් වන බවයි පර්යේෂකයෝ පවසන්නේ !

මෙන්න සාක්කි..

ආදරණීය නිදිමත | සෙක්ස් සහ ස්ට්‍රෙස්

දැන් නං නිදිමතයි වාගේ... එහෙනං මං ගියාවේ...
සතුටින් පිරුණු සති අන්තයක් හැමෝටම !

9 comments:

  1. කොටු පනින්නන්ට ගුටි ලැබීමට ඉවහල් වන අවස්තාවක්

    ReplyDelete
  2. ඒ නිදා ගැනිල්ල ආදරණීයම තමා..

    ReplyDelete
  3. ඒ තරම් සුවබර නින්දක් තවත් කොහෙද....

    ReplyDelete
  4. මහත් සෑහෙන්ඩ කැමති නින්දක් තමයි ඕක

    ReplyDelete
  5. ස්ට්‍රෙස් රිලීස් වෙන්න ඒ නින්ද ඉතා වැදගත්

    ReplyDelete
  6. කලින් දැනන් උන්නෙ නෑනේ....ඒකත් මරු!👌

    ReplyDelete
  7. පෝස්ට් එක කියවල ඉවර වෙලා මම ටක් ගාල බැලුවෙ ලියල තියෙන වෙලාව. රෑ 11.32ට හොඳ වෙලාවට. :D

    ReplyDelete
  8. මහ කාරිය ඉවර වෙලාද ලිව්වෙ..?

    ReplyDelete
  9. මචන් නොරැපිනපලීන් නෙවෙයි නෝ එපිනෙෆ්ප්‍රීන් විය යුතුයි

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.