10 January 2017

රන්මුදු ඇල්ල

සීතාවක තෙත්බිම් උද්‍යානය බලලා ඉවර වෙලා අපි දවාලට කෑමත් අරගෙන පාරට ආවා. ඒ රන්මුදු ඇල්ල බලන්න. කොළඹ දිස්ත්‍රික්කයේ සුන්දරම ඉසව්ව විදිහට මම හදුන්වන්නේ අවිස්සාවේල්ල පැත්ත. කොංක්‍රීට් ගොඩනැගිලි අතර හිරවෙච්ච ජීවිත ගත කරන අපට ගහ කොළ එක්ක ස්වබාවධර්මයේ සුන්දරත්වය විඳින්න කියාපුම ලඟපාතම පිහිටි නගරය තමයි අවිස්සාවේල්ල.

වාසනාවටම වගේ උද්‍යානයෙන් එලියට එනකොටම වගේ අපිට බස් එකක් හම්බ උනා. අපි ඒකට ගොඩ වෙලා රන්මුදු ඇල්ල ගාවට යන හන්දියෙන් බැහැගත්තා.

මෙතන ඉදලා ටික දුරක් ඔය පාරේ පයින් යන්ඩෝන.

යනගමන් කියන්ඩ ඕන සීතාවක කිව්වහම මට ඊලඟට මතක් වෙන්නේ මායාදුන්නේ රජතුමාව. ඉස්සරම කෝට්ටේ හිටපු විජයබාහු රජතුමාව එයාගේ පුත්තු තුන්දෙනා එකතු වෙලා මරලා රාජ්‍යය පැහැර ගත්තා නෙව. ඊට පස්සේ දරුවෝ තුන් දෙනාම තුන් පැත්තක පාලනය බාර ගත්තා. ඔය සිද්ධිය තමා විජයබා කොල්ලයේදි අපි ඉගෙන ගන්නේ.

මේ දරුවෝ තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමා මායාදුන්නේ කියලා කියන්නේ. එයා තමයි සීතාවක පාලනය කලේ.

තවේකක් තමා අපේ අම්මගෙ වාසගමත් "මායාදුන්න." අපේ සීයට ඉතින් ඊට වඩා දෙයක් නෑ. උන්දැගේ වැඩේම මායාදුන්න කිය කිය වංශේ කබල් ගානවා.

උන්දෑ වෙලාවකට කියනවා "අපි මායාදුන්නේ යකෝ !" කියල.

ඒ වගේ වෙලාවකට නම් මම "ඔවු ඉතිං තාත්තව මරලා රජකම ගත්තු එවුන් නෙහ්." කියලා කියනවා.

එතකොට උන්දෑ වයින් කලා වාගේ මට බැනගෙන බැනගෙන යනවා ! මාත් උන්දැව ආයේ කේන්ති ගස්සවනව.. උන්දෑ ආයේ බනිනවා ! අනේ පවු... උන්දෑ මීට අවුරුදු තුනකට විතර උඩදි නැති උනා නෙහ්. :(


කතාවෙන් කතාව අපි ඇල්ල ලඟටම ඇවිත්. වතුර පාර ගල් වල ගැටිලා එන හෝ හඬත් ඇහෙනවා. එහෙනම් අපි දියෑල්ලේ ලස්සන බලලා ඉම්මුකෝ.

මේ හරියේ පොඩි පාලමක් තියෙනවා. මේ පාලම පහලින් ගත්තු පින්තූරයක්


ටික වෙලාවක් දියෑල්ලේ ලස්සන බල බල ඉදලා අපි ඇස් රතු වෙනකම්ම නා ගත්තා. අපේ උන්දෑ මීට කලින් කිසිම දියෑල්ලකින්, ගඟකින්, දොළ පාරකින් නාලා නෑ. ඒ නිසා ආසාවට උන්දෑ සෑහෙන වෙලාවක් නෑවා.


නාලා ඉවර වෙනකොට ලොකු බඩගින්නාක් ආවා. එතකොටම අපි ගෙනාපු බත් ටික කෑවා. කාලා ටික වෙලාවකින් ආයේම ගම් පලාත් වලට එන්ඩ හැරුනා.

මේ ගමනෙන් මගේ දියෑලි එකතුවට අළුත්ම සාමාජිකයෙක් එකතු උනා. ඒ රන්මුදු ඇල්ල... !

මීට අමතරව කුමාරි ඇල්ලත් මේ කිට්ටුවම තමා තියෙන්නේ. අපි ඒකට නම් ගියේ නෑ.

කොහොමින් කොහොමහරි පරිසරයත්තෙක්ක ගත කරපු සුන්දරම හෝරා කිහිපයක් නිම කරලා ආයෙම සුපුරුදු ජීවිතයට යොමු උනා.

මේ දියෑල්ල බලන හැමෝටම කියන්ඩ තියෙන්නේ එක දෙයයි පරිසරය විනාශ වෙන විදිහේ දේවල් කිසිවක් කරන්ඩ එපා. ඒත්තෙක්කම පොලිතීන්, ප්ලස්ටික්, බෝතල් කටු තැන තැන දමන්නෙපා. පුලුවන් තරම් මේ දේවල් වලින් ඈත් වෙලා පරිසරය රස විඳින්න.

එහෙනම් මම ගියාවේ. අයෙම චාරිකා සටහනකින් හමුවෙනකන් විරාමයක් !

6 comments:

  1. අපූරු විස්තරයක්. ලස්සන පළාතක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. වෙලාවක ගිහින් බලන්න.

      Delete
  2. ළඟ පාත තිබිලත් නොගියපු තැන් කොච්චර තියෙනවද...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.