05 January 2017

ආදරණීය කතාවක්

ඉස්සර අපි කැම්පස් එකේ ඉන්නකොට මොකක් හරි අමාරු ඇසයිමන්ට් එකක් හරි අමාරු ප්‍රෝග්‍රෑම් එකක් හරි දුන්නහම ඒක උත්සහ කරලා කරලා බැරිම තැන කරන්නේ කවුරු හරි ලියපු එකක් ඉල්ලගෙන ඒක වෙනස් කරලා අපි ලිව්වා වාගේ බාර දෙන එක.

එහෙම බාර දෙන ඒවා සමහරදාට අදාල පරීක්ෂකවරයාට අහු වෙලාත් තියෙනවා. එහෙම අහු උනොත් ඒ පරීක්ෂකවරයා අපට එන්ඩ කියලා පණිවිඩයක් දැන්වීම් පුවරුවේ දානවා.

එතකොට අපි ගිහින් ඒ කෙනාව හම්බ වෙලා උන්දෑ කියව එව්වා අහගෙන ඉදලා එනවා. ආයේ ඉතින් අතටම අහු උනාට පස්සේ නෑහ් බෑහ් කියලා කියන්ඩ යෑ..

හැමදාම මේ වගේ කතා අහගන්න බැරි නිසා අපි කරන්නේ කොහොමහරි මහන්සියෙන් වැඩේ ගොඩ දාන එක. එතකොට අපේ හිතටත් සතුටුයි, පරීක්ෂකවරයාගේ බැනුම් අහන්ඩත් ඕන නෑ...


මට මේ සිද්ධිය මතක් උනේ ඊයේ පෙරේදා මම "ආදරණීය කතාවක්" චිත්‍රපටිය බැලුවාට පස්සේ. මේ චිත්‍රපටියත් හරියට අපි කාගෙන් හරි ඉල්ලගත්තු ඇසයිමන්ට් එකක් සබ්මිට් කරනවා වගේ වැඩක් කියලයි මට හිතෙන්නේ.

ආශිකී 2 චිත්‍රපටියේ කතා තේමාව අරගෙන පුලුවා...න් තරම් වෙනස් කරලා අපේම කියලා කතාවක් නිර්මාණය කරන්න උත්සහ කරලා තියෙනවා. නමුත් ආදරණීය කතාවක් චිත්‍රපටියේ තැනින් තැන ආශිකී 2 චිත්‍රපටියේ කොටසුත් මතුවෙන අවස්ථා තියෙනවා.

කට්ටිය කොහොම කිව්වත් ආදරණීය කතාවක් චිත්‍රපටිය ආශිකී 2 චිත්‍රපටියේ කොපියක් කියලයි මට හිතෙන්නේ... මට මේ චිත්‍රපටිය බැලුවට පස්සේ හිතුන දෙයක් තමා අපේ අයට අපේම කියලා කතා තේමාවක් ඔස්සේ අපේම නිර්මාණයක් බිහි කරන්න බැරි ඇයි කියලා.

හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ අනුන්ගේ දෙයක් අපේ දෙයක් විදිහට වෙනස් කරලා ඉදිරිපත් කරන එක... !

මේ චිත්‍රපටියත්තෙක්ක බලනකොට "හෝ ගානා පොකුණ" චිත්‍රපටිය දහස් වතාවක් හොදයි. මොකද ඒ චිත්‍රපටිය පුරාම දිවෙන්නේ ඉතාම සරල සිදුවීමක් උනත් ඒකේ ඉදිරිපත් කිරීම් විලාශය නිසා ප්‍රේක්ශකයාව ග්‍රහණය කරගැනීමට චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.

මෙන්න මේ වගේ නිර්මාණ බිහි වෙනවා නම් ප්‍රේක්ශකයෙක් විදිහට මම නොසෑහෙන්න සතුටු වෙනවා.

අපට තාක්ෂණික අඩුපාඩු නිසා හොලිවුඩ් චිත්‍රපටිත්තෙක්ක තරඟ කරන්න බැරි වෙන්න පුලුවන්. නමුත් අඩු තාක්ෂණයකින් උනත් හොඳ කතා තේමාවන් තුලින් ප්‍රේක්ෂක හිත් දිනාගැනිම කරන්න පුලුවන්. එයයි මතු අනාගතයේදී සිදුවිය යුත්තේ.

4 comments:

  1. Get to know the latest new Story at dialbe.com

    ReplyDelete
    Replies
    1. ඇඩ් එකක් නෙහ්. හා දාන්නකෝ දාන්නකෝ.

      Delete
  2. ඇත්ත..
    මාත් ආසාවෙන් බලපු ෆිලුමක් තමා හෝ ගානා පොකුණ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.