12 February 2015

දෙමට මල් විහාරයෙන් යුදගනාවට

මගෙයි අපේ අප්පොච්චාගෙයි ඌව චාරිකාවේ අන්තිම් කොටස ලියන්ඩ ඕන කියලා හිතාගෙන උන්නට ඒක ලියන්ඩ උනේ නෑ.එක එක වැඩ සෙට් වෙලා ඒක මග ඇරුනා. මග ඇරුන ඒ කොටස අද කොහොමහරි ලියලා ඉවර කරන්ඩ ඕන කියලා තමා කොම්පීතරේ ගාවට ආවේ.

මේක දවස් හතරක විතර ලොකු චාරිකාවක් නිසයි මම කොටස් වලට වෙන් කරලා ලීවේ.

හරි... ඒවයින් කාරි නෑ.

බුත්තල යුදගනා විහාරය පිහිටලා තියෙන්නේ බුත්තල නගරය කිට්ටුවම වාගේ. බුත්තල ටවුමේ ඉදලා ටික දුරක් වැල්ලවාය පැත්තට යනකොට යුදගනාව හන්දිය හම්බ වෙනවාඑතනින් හැරිලා කිලෝමීටර් දෙකක් විතර දුරක් යනකොට තමයි මේ විහාර සංකීර්ණය පිහිටලා තියෙන්නේ.


සුපුරුදු පරිදි මායි අපේ අප්පොච්චායි උදෙම්ම මොණරාගල ඉස්පිරිතාලේ නේවාසිකාගාරෙන් පිටත් උනා. ඊට පස්සේ මොණරාගල ටවුමට ඇවිදින් 322 මොණරාගල වැල්ලවාය බස් එකක නැගලා බුත්තල යුදගනා හන්දියට ආවා.බුත්තල ටවුම පහු වෙලා ඊට පස්සේ බුත්තල ඉස්පිරිතාලෙත් පහු උනාට පස්සේ තමා යුදගනා හන්දිය හම්බ වෙන්නේ. ඒ නිසා පාර වරදින්න කිසිම හේතුවක් නෑ.

යුදගනා හන්දියෙන් බැහැගත්තු අපි දෙන්නා.. පයින්ම යුදගනා විහාරේ වැදපුදා ගන්න පිටත් උනා. මේ පාරේ බස් එකක් වැඩ කරන්නේ නෑ. ගමේ ඉන්න ගොඩක් මිනිස්සු පයින්ම වගේ තමා ටවුමට එන්නේ. ඒ නැත්තං පාපැදි, මෝටර් සයිකල් වලින් ටවුමට ඇවිත් තමයි එදිනෙදා ඕනෑ එපාකම් පිරිමහා ගන්නේ.

අපි කොහොමින් කොහොම හරි යුදගනා විහාරයට කිට්ටු කලා.

යුදගනා විහාරය ප්‍රසිද්ධ වෙන්නේ දුටු ගැමුණු කුමාරයායි සද්ධාතිස්ස කුමාරයයි යුද වැදුනේ මේ විහාර භූමියේ. ඒ කාලේ නම් විහාර භූමිය තිබිලා නෑ. පස්සේ කාලෙක තමයි විහාරය ඉදි වෙලා තියෙන්නේ. මේ අයියා මලෝ දෙන්නා යුද වදින්වයි කියලා දැනගත්තු හාමුදුරුවරු දහස් ගානක් මේ යුද පිටියට වැඩියලූ.ඊට පස්සේ මේ දෙන්නාව දෙපැත්තකට වෙන විදිහට හාමුදුරුවරු පවුරක් ආකාරයෙන් හිටගෙන උන්නා කියලා තමයි පොත පතේ සදහන් වෙන්නේ.

යුදගනාවට එන ගමනෙදි මුලින්ම දකින්ඩ හම්බ වෙන්නේ චූලංගනී විහාර සංකීර්ණය. !

ඒකට විහාර සංකීර්ණය කියලා කියන්නේ  දාගැබ, ටැම්පිට විහාරය, පිලිමගෙය, බෝධිඝරය වගේ විහාර සංකීර්ණයක දකින්න හම්බවෙන ගොඩක් දේවල් තිබුන බවට සාක්ෂි හම්බ වෙලා තියෙනවා. දැනට දාගැබ ඇරෙන්න අනිත් ගොඩනැගිලිවල නටබුන් තමයි දකින්න හම්බ වෙන්නේ.

පහලින් තියෙන්නේ නටබුන් වෙච්ච දාගැබ.
පල්ලෙහා පින්තූරයෙන් දකින්න හම්බ වෙන්නේ පිළිමගෙයි නටබුන්.

වෙනත් පැත්තක ඉදලා බලනකොට දාගැබ පෙනෙන්නේ මෙන්න මේ විදිහටයි.

පහල පින්තූරයේ තියෙන්නේ දාගැබට ඇතුල්වෙන තැන තිබ්බ පඩි පේලි කිහිපය. මේ දාගැබ වටේට වැලි මලුවක් එහෙම තියෙනවා.
එතන ටික වෙලාවක් ගත කරලා අපි දෙන්නා යුදගනා විහාරයට ආවා. චූලාංගනී විහාර සංකීර්ණයට ටිකක් එහාට වෙන්ඩ තමා මේ යුදගනා විහාරය පිහිටලා තියෙන්නේ.

එහෙනම් ඒ විහාරෙත් වැදපුදාගෙනම ඉම්මුකෝ..
ඔය උඩ තිය්න පින්තූරේ ඈතින් පේන්නේ යුදගනා දාගැබ. සෑහෙන විශාල දාගැබක් !
අපි තව දිරියට ගියා. එතකොට තමා දාගැබ පාමුල තිබ්බ පිළිමගෙය බලාගන්ඩ පුලුවන් උනේ ඒක ලොකු පිළිමගෙයක් නෙමේ..
පේනවා නේ... කට්ටිය පිළිමගෙයි ඇතුලේ ඉදලා එන හැටි.
අපි දෙන්නා පිලිමගෙය ඇතුලට ගිහින් වැදපුදාගෙන එලියට ආවා.ඊට පස්සේ මේ චෛත්‍යය වටේ වටයක් ඇවිද්දා.සෑහෙන විශාල චෛත්‍යයක්.
ඒ විහාර සංකීර්ණය වැදපුදා ගත්තට පස්සේ අපි දෙන්නා ආයෙම බුත්තා ටවුමට එන්ඩ පිටත් උනා. ඒකත් ඉතිං පයින්ම තමා. බුත්තල ටවුමට ඇවිත් අපි ටික වෙලාවකින් දවල්ට කෑම කෑවා. කෑම කාලා එහෙම්මම මොණරාගල ඉස්පිරිතාලෙට ආවා.

දවස් කිහිපයක් මොණරාගල ගත කලාට පස්සේ අපි දෙන්නා ආයෙම ගම් රට බලා පිටත් වෙන්ඩ ඇඳුම් පැළදුම් ලෑස්ති කලා. දවස් කිහිපයක් ගත කරපු සුන්දර පරිසරයයි අපේ මලයාවයි දාලා එනකොට හිතේ කොනක පොඩි දුකක් ඇති නොවුනාම නෙමෙයි.

ඒත් ඉතිං හමු වීම් වෙන්වීම් කියන දේවල් ජීවිතයට මහ අරුම දේවල් යෑ..අපේ මලයා ආයෙම ගෙදර ආපු වෙලේක දකින්ඩ බැරුව යෑ.. ඒකාට හොඳින් වැඩපල කරගෙන ඉන්ඩ ශක්තිය ලැබෙන්ඩ කියලා හිතිං ප්‍රාර්ථනාවකුත් කරගෙන අපි දෙන්නා කොළඹ බස් එකකට නැග්ගා !!!

ඔන්න ඔහොමයි මගෙයි අපේ අප්පොච්චාගෙයි මොණරාගල ගමන ඉවර උනේ.... මොණරාගල පැත්තේ ආයෙම ගියොත් බුදුරුවගල බලන්ඩ හිතාගෙන ඉන්නවා. පොඩ්ඩක් ඈත උනත් පොතුවිල් පැත්තටත් ගිහින් මුහුදු මහා විහාරේ බලලා එන්ඩත් හිතාගෙන ඉන්නවා. බලමුකෝ නෙහ්...



15 comments:

  1. මං කියෙව්වා ට්‍රිප් එකේ ඉතුරු ටිකත්..ෆොටෝ ටිකට තමා මට හිත ගියේ...

    ReplyDelete
  2. ඔතන ඉස්සර අපි යනකොට ඔය පරණ දාගැබ් ටික විතරයි තිබුණෙ. දැං ඔතනත් අලුතෙන් පන්සලක් පටං අරගෙන තියෙනව. ඒත් අර පරන දාගැබ් වලට කිසි සැලකීමක් නෑ. ප්‍රේමදාස මහත්තය ඉඳිද්දි කල ටික විතරයි.

    ReplyDelete
  3. පුංචි කාෙල ෙගාහින් තිෙයනවා යුදගනාවට. මතකය අළුත් වුණා

    ReplyDelete
  4. යුධගනාව වඳින්න මම ගිහින් නෑ ගොයියො...හැබැයි දෙමටමල් විහාරය නම් වැඳපුදාගත්ත අවුරුදු දෙක තුනකට කලියෙන්...

    ReplyDelete
  5. ඔයා ගිහින් ඉවරවෙනවා කියනකොට අහක ඉන්න මටත් දුකයි.:(

    ReplyDelete
  6. ඔබ පොතක් (a travelogue) ලිව්වොත් ලංකාවෙ ඇවිදින්න කැමති අයට සෑහෙන්න ප්‍රයෝජනවත් වෙයි

    ReplyDelete
  7. තුටි කාලේ ගියා වගේ මතකයි... සුන්දර ලිපියක්.

    ReplyDelete
  8. යන්න ආසයි
    දවසක යනව යකූ තනියෙං හරි ඒ යේස්

    ReplyDelete
  9. මේ ස්ථානයන් ගැන ඔබ දෙන තොරතුරු ඉතා වටිනවා..... ස්තූතියි

    ReplyDelete
  10. මමත් යනවා කවදාහරි මම ලොකු උනාම

    ReplyDelete
    Replies
    1. තව මොනවද ලොකු වෙන්න තියෙන්නෙ.

      Delete
  11. මමත් එක සැරයක් ගිහින් තියෙනවා වගේ මතකයි ...

    ReplyDelete
  12. හැමදාම වගේ වටින විස්තරයක්.. අර යුදගනාව දාගැබ බාගෙට හදලද නැත්නම් ගරා වැටිලද? නැත්නම් එ මට පේන හැටිද?

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.