04 December 2014

පහේ කාසි බෑ

ඉස්සර වගේ නෙමේ දැං නං හිඟන්නෝ රුපියල් දෙකේ ඒවා රුපියල් පහේ කාසි බාර ගන්නේ නෑ. ඉස්සර නම් රුපියලක් දුන්නත් පිං සිද්ධ වෙච්චාවේ ! කියලා අරගෙන යනවා. ඒත් දැන් එහෙම බෑ.. හිඟන්නෙක්ට දිය යුතු අවම මුදලක් ඒ අය විසින්ම තීරණය කරගෙන තියෙනවා.

ඒ ගානට වඩා අඩුවෙන් හම්බ උනොත් විසික් කරලා යනවා එක්කෝ දීපු කෙනාටම ආයේ දීල යනවා. ඒ වගේ සිද්ධියක් මම වත්තල ටවුමෙදි දැක්කා.

මනුස්සයෙක් පාරේ අයිනේ සයිකලේ නවත්තගෙන තව කවුද මන්දා එනකන් බලාගෙන හිටියා.මම හිටියේ ඒ බයිසිකල්කාරයාට ටිකක් එහාට වෙන්ඩ.    ඔන්න ඊට ටික වෙලාවකට පස්සේ හිඟන ගෑනු කෙනෙක් අර මනුස්සයා ගාවට ආවා. ඇවිත් "මහත්තයා කෑම ටිකක් ගන්ඩ කීයක් හරි දෙන්න" කියලා ඉල්ලුවා.
මේ මනුස්සයා පර්ස් එක ඇදලා පහේ කාසියක් ඒ ගෑනු කෙනාගෙ අතේ තිබ්බා.මේ ගෑනු කෙනා ඒ පහේ කාසිය අරගෙන "මෙච්චරද මහත්තයා තියෙන්නේ ?" කියලා ඇහුවා. ඊට පස්සේ ඒ මනුස්සයාත් තව කීයක් හරි දෙන්ඩ සිද්ධ වෙන නිසා අකමැත්තෙන්ම "ඔවු මෙච්චරයි තියෙන්නේ" කියලා කිව්වා.

මේං ඊට පස්සේ අර ගෑනු කෙනා, "එහෙනං මේකත් මහත්තයාම තියාන්ඩ !" කියලා ඒ රුපියල් පහත් ඒ මනුස්සයාටම දීලා ගියා. වටේ පිටේ කීප දෙනෙකුත් සිද්ධිය බලාගෙන උන්න නිසා මිනිහට පොඩි ලැජ්ජාවකුත් හිතුනා වගේ මූනෙන්ම පෙනුනා. ඒ නිසාමද කොහෙද   බයිසිකලේ ස්ටාර්ට් කරගෙන ටිකක් ඈත ගිහින් හිටියා.

ඔන්න මීට පස්සේ පහේ කාසි එහෙම හිඟන්නන්ට දෙනකොට පොඩ්ඩක් පරිස්සම් උනොත් හොඳා. ඇයි ඒ විතරක් යෑ සල්ලි නොදී හිටියොත් එක එක හින්ට් පාස් කරන හිඟන්නොත් ඉන්නවා නෙව.

ඒ නිසා ඉදිරියේදි හිඟන්නෙක්ට මෙත් සිතින් කීයක් හරි දෙනවා නම් චුට්ටක් හිතලා බලන්ඩ වෙන කාලයක් එන්නේ !

19 comments:

  1. මමනං ගොඩ කාලෙක ඉඳල හිඟන්නන්ට දීම අත ඇරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මමත් ඒ ගොඩේ. (කුණුකම හින්ද නෙවෙයි.)

      Delete
    2. ඒක ‍කුණුකමක් නෙමෙයි. අපි දෙන්න පුරුදු උනාම තමයි උං ඉල්ලන්න එන්නෙ. එකපාරක් දෙපාරක් නොදී ඉන්න මිනිහ ළඟට ගිහිල්ල කවදාවත් ආයෙ ඉල්ලන්නෙ නෑ. උං ඕක කරන්නෙ රස්සාවට.

      Delete
    3. මාත් ඒ ගොඩේ.. ඉල්ලගෙන ආවොත්නම් දෙන්නෙම නෑ.. මොකක් හරි ජෙනුයින් කේස් එකක් කියල හිතුනොත් හරි වයසක අම්මෙක් තාත්තෙක් උනොත් හරි පුළුවන්නම් කෑම එකක්වත් කන්න පුළුවන් විදියේ කීයක් හරි අතේ තියෙනවා අම්මට තාත්තට දෙනව කියල හිතාගෙන.. කාසි සහ දහයේ කොල භාවිතය දැන් කාලෙක හිට නවත්තලා තියෙන නිසා ඔය ගැටළුවනම් වෙන එකක් නෑ.. හැබැයි හිගන්නෙකුට දෙන්න තියා බල්ලෙක් එලවන් ආවටවත් ගහන්න කීයක් වත් නැති වෙලාවලුත් ඕනෙ තරම් තිබිල තියෙනවා.. හිහ්..

      Delete
  2. ව්‍යාපාරික හිඟන්නෝ..

    ReplyDelete
    Replies
    1. ඔව්.. මාත් එකඟයි වැඩිපුර ඉන්නේ ව්‍යාපාරික හිඟන්නෝ..

      Delete
  3. හිඟමන් දීමෙන් හිඟාකෑමට අනුබල දීමක් සිදුවේ.

    ReplyDelete
  4. මමත් දැන් දෙන්නේ නෑ. මොකද ඒ අය දැන් ඒක business එකක් කරගෙන. පින්කමක් කරන ඕන නම් නැති බැරි පවුලක් හොයල උදව් කරන එක ගොඩක් වටිනව. (සල්ලි දුන්නේ නැත්තම් බැනල යන හිගන්නොත් මම දැකල තියෙනව)

    ReplyDelete
  5. මමත් දැන් හිඟන්නන්ට සල්ලි දෙන්නේ නෑ... මොකද ඒ අය දැන් ඒක ව්යාපාරයක් කරගෙන. හැම තැනම බොරුව රජ වෙලා..

    ReplyDelete
  6. දැන් කාලෙ හිඟන්නන්ට අපිට වඩා සල්ලි තියනව

    ReplyDelete
  7. higannanta apata wada salli thiyenawa wagema,apita wage wagakeem eththethne.Bendeem eththethne,Api higanno.

    ReplyDelete
  8. මෙන්න අපේ අක්ක කෙනෙකුට වෙච්චි සීන් එකක්..

    http://deshakaya.blogspot.com/2013/02/beggars-with-extreme-quality.html

    ReplyDelete
  9. දුන්න දේ ගන්න බැයි නං කට වහං තොලොංචි නොවී ***********

    ReplyDelete
  10. මමනං දෙයක් දෙන්නෙ වැඩක් පලක් කරගන්ඩම බැරි අයට විතරයි. ඈත්තටම හිගන අයට දෙනවට වඩා නැතිබැරි මනුස්සයො බලල අඩු ගානෙ ළමයෙක්ට පොතක් අරන් දුන්නත් වටිනව.

    ReplyDelete
  11. හිගන්නන් කියන්නෙත් තවත් දැවැන්ත මාතෘකාවක්........... කතා කරන්න ගොඩක් පැති තියෙනවා.... අතපය හතර ම තියාගෙන හිගා කන අය ඉන්නවා..... කිසිම අඩුවක් නැතුව හිගා කනවා.... රස්සාවක් කරන්න පුළුවන් කම තියෙත්දිම හිගා කෑම අනුමත කරන්න බැහැ..... දරුවන් තියාගෙන ඔවුන් ලවා සිගමන් ගන්නා අයත් ඉන්නවා....

    අනික් අපි කොච්චර මේවා කතා කරත් නන්දසේන රත්නපාල සර් කියනවා වගේ මේක මහා ව්‍යාපාරයක්...................... තීරණය ජනතාව අතේ............. අපි තව තවත් හිගන්නන් හදාගන්නවාද???

    ReplyDelete
  12. රස්සාවට ඕක කරන මිනිස්සු ඔහොම තමයි.. ඕකෙන් ඉතින් වෙන්නේ ඇත්තටම අසරණ මනුස්සයෙක්ට ලැබෙන රුපියල් පහ වත් ලැබෙන්නෙ නැතුව යන එක..

    ReplyDelete
  13. මම නම් ඉස්සර ඉදන්ම හිඟන්නෙක්ට සල්ලි දෙන්න කලින් මිනිහට ඇත්තටම ආර්ථික කාර්යයක නිරත වෙන්න බැරිද කියන එකයි...අරක්කු සිගරට් බොනවද කියන එකයි ගැන සැළකිලිමත් වෙනවා...මේ නිර්ණායක සපුරලා ඉදලා හිටලා දවසක තමයි ආධාරයක් ලබන්න සුදුස්සෙක් හිටියෙ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.