15 December 2014

ලංකාතිලක විහාර වන්දනාව

අපේ ගෙදර කොම්පීතරේ තියෙන පින්තූර ගොන්න දිහා නිකමට බලාගෙන යනකොට මම ගියපු චාරිකා වලින් එක චාරිකාවක පින්තූර ටිකක් බලන්න හම්බ උනා. මේ ගැනත් කෙටි සටහනක් දැම්මේ නැත්නම් මගේ චාරිකා එකතුවට කරන අඩුපාඩුවක් වෙනවා.

මේ සටහන වෙන් වෙන්නේ ඒ අඩුපාඩුව පිරවෙන්න.

කාලෙකට කලින් මතක ඇතිනේ මම බෝගම්බර සිපිරිගෙය බලන්න ගියා කියලා. බෝගම්බර හිරගෙය බලන්න උදෙම්ම නුවර ගියාට මොකෝ ඒ වෙනකොටත් සෑහෙන සෙනග කන්දරාවක් පෝලිම් ගැහිලා උන්නා.

ඒ වෙලාවේ අවුවත් එක්ක පෝලිමේ ඉන්න බැරි නිසා හවස් වෙලා බෝගම්බර එන අදහසින් අපි දෙන්නා බස් එකක නැගලා ලංකාතිලක පැත්තට එන්න තීරණය කලා. අපි දෙන්නා කියලා කිව්වේ මායි අපේ කැම්පස් එකේ මලයෙකුයි.


ලංකාතිලක විහාරය වැදපුදා ගන්න එනවා නම් නුවරින් මහනුවර-පිළිමතලාව බස් එකක එන්න ඕන. මහනුවර-පිළිමතලාව බස් දෙජාතියක් තියෙනවා. ඒ ජාති දෙකෙන් දවුලගල හරහා පිළිමතලාව බස් එකක තමයි එන්න ඕන.

අපි දෙන්නා නුවරින් දවුලගල හරහා පිළිමතලාව බස් එකක නැගලා ලංකාතිලක විහාරය ගාවට ටිකට් ගත්තා.පෑ බාගයක් විතර යනකොට අපිට ලංකාතිලක හන්දියට ඒ ගන්ඩ හම්බ උනා. ලංකාතිලක හන්දියෙන් බස් එකෙන් බැහැලා අපි දෙන්නා පයින්ම ගමන ඇරඹුවා. සතියේ දවසක් නිසා ඒ වෙනකොටත් ඉස්කෝල වන්දනා චාරිකා නඩ කිහිපයක්ම ඇවිත් තියෙන බව පෙනෙන්න තිබුනා.

ලංකාතිලක විහාරය ගැන කියනවා නම් මේ විහාරය ගම්පොල යුගයටයි අයත් වෙන්නේ. හතරවන බුවනෙකබාහු රජතුමාගේ සේනාධිලංකාර කියන ඇමතිවරයා විසිනුයි මේ විහාරය කරවලා තියෙන්නේ. මේ විහාරය කුඩා කඳුගැටයක් මුදුනෙයි පිහිටලා තියෙන්නේ.

එහෙනම් වැඩි කතා මොකෝ පින්තූර ටික බලලා ඉමුකෝ. !

ලංකාතිලක හන්දියෙන් බැහැලා අපි පල්ලමට තිබ්බ පාරේ ටික දුරක් ආවා. එතකොට ලස්සන වෙල් යායක් දකින්න පුලුවන්. ඒ වෙල් යාය මැද්දෙන් අපි දිගටම ගියා.
වෙල් යාය පහු කරගෙන වම් අතට තියෙන පාරේ ටික දුරක් යන්න ඕන. අපි එන නිසාද මන්දා අක්කා කෙනෙක් හනි හනිකට කන්ද නැගගෙන ගියා. :)
 ඔය පාරේ ටික දුරක් ආවහම පන්සලට යන්න තියෙන පඩිපෙල හම්බ වෙනවා. අපි එතනින් පන්සලට එන්න පඩි නැග්ගා.
ඔය පඩි ටික නැගගෙන ආවහම පන්සලේ ආවාසගෙය වගේ ගොඩනැගිලි දකින්න පුලුවන්. එ අතරේ මෙන්න මේ ගොඩනැගිල්ල මගේ හිත් ගත්තා. මේ ගොඩනැගිල්ල තනිකරම තියෙන්නේ ලී කණු උඩ.. !
ඔන්න ඊට පස්සේ තමයි විහාරයට යන්න තියෙන පඩිපෙල් තියෙන්නේ.
අපි දෙන්නත් ඔය පඩිපෙල් නැගලා විහාරේ වැදපුදා ගන්න ආවා.පඩිපෙල් නැග්ගට පස්සේ අපිට ඈතින් හන්තාන කඳුවැටිය පෙනෙන්න ගත්තා.
හන්තාන කඳුවැටිය දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා අපි දෙන්නා විහාරෙට ඇතුල් උනා. පහලින් තියෙන්නේ විහාරගෙයි ප්‍රධාන දොරටුව.
විහාරගෙයි ප්‍රධාන දොරටුවෙන් ඇතුළු උනහම බුදුහාමුදුරුවන්ගේ පිළිමයක් තියෙනවා.
අපි විහාරේ වැදපුදාගෙන විහාරගෙයින් එලියට ආවා. පහලින් තියෙන්නේ ලංකාතිලක විහාරේ පැති පෙනුම.
එක පැත්තකින් චෛත්‍යයකුත් තියෙනවා.
මේ විහාරෙදි මම දැකපු තව දෙයක් තමා ගල් වලින් හදපු උළුවස්සක්..ඒත්තෙක්කම වාගේ තියෙනවා ගල් කණු හිටවලා හදපු ගිමන්හලකුත්. පින්තූර වැඩිවෙන නිසා මම ඒවා මේ ලිපියට දාන්නේ නෑ.ගල් උළුවස්සේ පින්තූරයක් විතරක් දාන්නම්.
තව පින්තූර ඕන නං මේ අඩවියට ගොඩවෙලා බලන්ඩ.
 විහාරෙත් වැදපුදාගෙන අපි දෙන්නා මල්ලිලෑ ගෙදර ගියා. අපට දවල් කෑම එහෙන් ලෑස්ති කරලා තිබුනා. අපි දෙන්නා මුහුණකට හෝදගෙන දවල් කෑම ගත්තා. කාලා ටික වෙලාවක් ඒ ගෙදර අයත්තෙක්ක කතා කරලා අපි දෙන්නා ආයෙමත් නුවර ආවා.

24 comments:

  1. උඹ යකඩෝ ලිපි මවනවද...කලින් එකට කමෙන්ට් කරලා අහක බලන්න ලැබුනෙ නෑ තවත් එකක් දාලා....

    ලංකාතිලක විහාරයට ඉතාම ඈත අතීතයේ කුඩා කොලු ගැටයෙක් විදියට තමයි මම අන්තිමට ගියේ...බොලාගෙ පින්තූර දැක්කම ඒ මතකය වගේම එදා අපි ගිය චාරිකාවෙ රසබර තැන් එහෙමත් මතක් උනා....ආයෙමත් යන්න ආසයි...

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ කම්මැලිකම යන්නත් එක්ක කියලා ලියනවා. පහුගිය ටිකේ තිබ්බ ඇරියස් ටිකත් අල්ලන්න එපෑ.

      Delete
  2. රාජකාරි ගමන් වලට අනන්ත වතාවක් මෙතැනින් ගිහින් ඇති. ඒත් තාම බැරි වුණා මේ පන්සලට ගොඩ වෙලා එන්න. අපූරු තැනක්... ගඩලාදෙණියත් මේ කිට්ටුව නේද තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔවු. ගඩලාදෙණිය තියෙන්නේ ගොඩක්ම පිළිමතලාවට කිට්ටු කරලා.
      පිළිමතලාවේ ඉදලා එනවා නං ගඩලාදෙණියට කිලෝමීටර් එකහමාරයි. ලංකාතිලකයට කිලෝමීටර් පහමාරයි !

      වෙලාවක ගිහින් එන්ඩ.

      Delete
  3. ඉස්කෝලේ යන කාලේ අධ්‍යාපන චාරිකාවකදි එක පාරක් ලංකාතිලක විහාරය වඳින්න ගියා. ඊට පස්සේ නම් යන්න බැරිවුනා. අපහු යන්න ඕනේ වෙලාවක.

    ReplyDelete
    Replies
    1. නිවාඩු වෙලාවක කට්ටිය සෙට් කරගෙනම ගිහින් එන්න. ලස්සන තැනක්.

      Delete
  4. ලංකාිලක විහාරෙ ෆෝමැට් එකටම හදාපු පිළිම ගෙවල් කීපයක්ම ලංකාවෙ තියනව නේද මධුරංග අය්ය්

    ReplyDelete
    Replies
    1. හ්ම්... මාත් එහෙම එවුවා දැකලා තියේ වගේ මතකයක් තියෙනවා. එකම ෆෝමැට් එකේ කොපියක්ද දන්නේ නෑ.

      Delete
  5. අම්මප මේක කියවනකං මං හිතන් උන්නේ ලංකාතිලක විහාරෙ තියෙන්නේ පොළොන්නරුවේ කියල.. අනේ අප්පොච්චියේ මගෙ සාමන්නිය දැනීම.. වෙලාවට උඹල හරි මෙහෙව් ගමන් ගිහිල්ල මෙව්වයෙ විස්තරයක් දාන්නේ.. නැත්නම් අපි ඉතින් කොහොම දැන ගන්නද? ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. හික්ස් :)
      ඒකනේ. එහෙත් එකක් තියෙනවද දන්නේ නෑ. ඉන්න බලමු.... ආ ඔවු එහෙත් එකක් තියෙනවා නෙව. මෙන්න ලින්ක් එක !

      http://budupilima.blogspot.com/2013/05/blog-post_29.html

      Delete
  6. අර ලී උඩ තියෙන ජාතියෙ ටැම්පිට එකක් අපේ පන්සලෙත් තියෙනව. ඒත් ඒකනං දැං බොහෝ දුරට අබලං වෙලා.

    ReplyDelete
    Replies
    1. මොකද්ද පන්සලේ නම ?

      Delete
    2. ශා... මරු පන්සලක් නෙහ්. කොහොමද ඔය පන්සල බලන්ඩ යන්නේ ?

      Delete
    3. අමුතුවෙන් කොහෙවත් යන්න ඕන නෑ. ටවුන් එක මැදමයි තියෙන්නෙ.

      Delete
    4. එහෙනම් ගොඩකවෙල පැත්තේ ආවහම ගිහින් බලන්ඩ ඕන.

      Delete
  7. පොඩි කාලේ ගියාට පස්සේ ආපහු යන්න බැරි උනා...
    යන්න ඕනේ කියල හිතාගෙන හිටියට හැමදාම එකඑක හේතු නිසා කල් යනවා...
    කණු උඩ හදල තියෙන ගොඩනැගිලි "ටැම්පිට" කියන නමින් නේද හඳුන්වන්නේ...

    ReplyDelete
    Replies
    1. වෙන්න ඕන අර ප්‍රසන්න අයියත් කියලා තිබුනේ.
      ඔය සම්බන්ධව මගේ දැනුම අඩුයි නෙව. තාම ඉගෙන ගනිමින් ඉන්නවා.

      Delete
  8. හරිම ලස්සන තැනක්.... කාලයක් මට ඔය පැත්තේ රස්සාවක් කරගෙන අහිංසක විදිහට ඉන්න හැකි වුණා.......... ලංකාතිලකට වඩා ඒක අැම්බැක්කට තමයි ගොඩක් ළග... ඒත් අපි නිතර ම ලංකාතිලක සහ ගඩලාදෙනිය පැත්තේ යනවා.. ඒක නියම පැත්තක්... මිනිස්සුත් හරිම හොදයි........... පළාතත් නියමයි........... පේරාදෙණියෙන් හැරිලා දවුලගලට ගිහිං යන්නත් පුළුවන්..... නැත්තම් පිළිමතලාවෙන් දවුලගලට තියෙන පාරෙත් යන්න පුළුවන්............. දවසක ගමනකට නියමයි.....

    ReplyDelete
    Replies
    1. ඔවු.. දවසකට ගිහින් එන්න කියාපුම පැත්තක්.. ලංකාතිලක ඇම්බැක්කේ ගඩලාදෙණිය කියන ඔය තුනම එක දවසින් කවර් කරතෑකි !

      Delete
  9. ශා වටිනා කියන පොස්ටුවක් ගොඩාක් ස්තූතියි අයියේ.........

    ReplyDelete
    Replies
    1. එල එල.... වෙලාවක ගිහින් එන්ඩකෝ.

      Delete
  10. ‍මම ද ගොස් ඇත. මේ විහාරයට පසකින් තිබුනා නේද ටෙලියකට රූගත කරන්න ග්ත වලව් තාලයේ නිවසක්. මට පැටලිලා තියෙන්නේ. ඒ ඇම්බැක්කේ සිද්ධියක්ද කියලා.............

    ReplyDelete
    Replies
    1. අඩේ කලින් මේ සිද්දිය දන්නවා නං බලන්ඩවත් තිබ්බා එහෙම ගෙයක් තියෙනවද කියලා. අර කිව්වත් වගේ ඇම්බැක්කෙද දන්නේ නෑ.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.