08 December 2014

ලංගම බස් සේවය

පුද්ගලික බස් එක්ක සංසංදනය කරලා බලනකොට ලංගම බස් වලින් ඉටු වෙන සේවය ගැන සුළුකොට තකන්න බෑ. ලංගම බස් තියෙන්නේ සුළු ප්‍රමාණයක් උනාට ඒ ටිකෙන් සෑහෙන සේවයක් සිද්ධ වෙනවා. කොටින්ම කට කපලා සෙනග පුරෝගෙනත් කොට කොටා යන පුද්ගලික බස් වලට වඩා ලංගම බස් එකක යනේක දාහෙන් සම්පතක්. පුද්ගලික බස් තරම් ලංගම බස් කොට කොටා යන්නේ නෑ. ඒ වගේම ගානට වෙලාවට අදාල නැවතුමට යනවා. ප්‍රමාද වෙන්නෙත් එහෙමත් වෙලාවකට.

ඒ විතරක් යෑ.. ඉන්න හිටින්ඩ බැරි තරමටම සෙනග පුරවගන්ඩ බස් හෝල්ට් වල සෑහෙන වෙලාවක් නවත්තගෙන ඉන්නෙත් නෑ.ඉන්න ටික දෙනා හරි දාගෙන යනවා. ඊටත් වඩා මම ලංගමයට ආස කරන්නේ උදේ ඔෆිස් ටයිම් එකට තියෙන ලංගම බස් සේවයට.ඒක නං සුපිරි !
උදේ ඔෆිස් ටයිම් එකට සාමාන්‍ය රූට් එකේ දුවනවාට වඩා වැඩි දුරක් ලංගම බස් දුවනවා. උදාහරණයක් විදිහට අපි දන්න 177 බස් දුවන්නේ කඩුවෙල කොල්ලුපිටිය වෙනකන් උනාට උදේට ඇහැලියගොඩ කොල්ලුපිටිය බස් එකකුත් ලංගමයෙන් දාලා තියෙනවා.

ඒ විතරක් යෑ 176 හෙට්ටියාවත්ත දෙහිවල බස් රූට් එක උනාට බණ්ඩාරගම හෙට්ටියාවත්ත ලංගම බස් එකකුත් තියෙනවා. 
(මේ දවස්වල මගේ ගමන් සගයා !)

මාර්ග අංක 154 අඟුලාන කිරිබත්ගොඩ බස් රූට් එකට ලංගමයෙන් දාලා තියෙනවා කඩවත මොරටුව බස් එකකුත්. ඔය මම දැක්ක ලංගම බස් රූට් ටිකක් ! මං ඉස්කෝලේ යන දවස්වල ලංගම බස් එකක් කියන්නේ මට සෑහෙන වටින සම්පතක්. ඒ මං සීසන් වලින් බස් එකේ ගියපු නිසා. !

මම නං සෑහෙන කැමතියි අපේ අම්මලා තාත්තලාගේ කාලේ තිබුනයි කියන දියුණු ලංගම බස් සේවයක් ආයෙම ඇති වෙනවා නං.... ඒත් ඒක කවදා ඉශ්ට වෙයි ද ? 

22 comments:

  1. ඒක කරන්ඩනං ඉතිං ප්‍රයිවට් බස් ඔක්කොම ගිනි තියන්ඩ වෙනවා.

    ReplyDelete
    Replies
    1. එතකොට වැඩට නොයා ගෙදරට වෙලා ඉන්ඩ වෙන්නේ !

      Delete
  2. E kaleth hithiya Time keaper's lakiyala jathiyak. Anna egolla thamai ekale lokko.

    ReplyDelete
    Replies
    1. තාමත් ඔය සෙට් එක ඉන්නවා නෙහ් :)

      Delete
  3. ලංගමේට වඩා ප්‍රයිවට් බස් වල තියෙන හොදක් තමා ඒවා නැති වෙන්නේ නෑ...හැමදාම තියෙනවා...
    හැබැයි ඉතින් ලංග‍ම බස් එකක නම් ඉතින් කනක් ඇහිලා නිදහසේ යන්ඩ පුළුවන්!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. නිදහසේ යාගන්ඩ පුලුවන් ලංගම බස් වලින් නම්... !

      Delete
  4. ලංගම දියුණු කරන්න නම් වැඩිපුර බස් සේවයේ යොදවන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ..
      නමුත් ඒකමයි වෙන්නෙත් නැත්තේ..

      Delete
  5. 176 බණ්ඩාරගම - හෙට්ටියාවත්ත බස් එකේ නම් මමත් සමහර දවසට ඇවිත් තියෙනවා පානදුරේට.

    154 අලුතින් දාල තියෙනව පානදුරේ ඉදල යන ඉන්ටර්සිටි බස් වගයක්, ලංගමෙන්.

    ReplyDelete
    Replies
    1. මාත් දැකලා තියේ ඒ ඉන්ටර්සිටි බස් නම්..

      Delete
  6. මම නං තාම යන්නෙ ලංගම ඒවැයි
    මොකද ප්‍රය්වෙට් බස් එක්ක පැයක යනගමන විනාඩි හතලිහට තිස් පහට වගේ ලංගමේක යන්න් පුලුවං හන්ද

    ReplyDelete
    Replies
    1. ඒකනේ මාත් ඒවෑ ගමන් කරන්නේ :)

      Delete
  7. ඇත්තටම ලංගම බස් සේවය දියුණු වෙනවා නම් හුඟක් වටිනවා..

    ReplyDelete
  8. ලංගම දියුණු වෙන්න නම් ඕක ආණ්ඩුවෙන් අයින් කොරල ප්‍රයිවෙට් බස් කොම්පැණියකට දෙන්න ඕනෙ.. හැක් හැක්.. එතකොට ආයි ප්‍රයිවෙට්.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. හ්ම්... හැක් හැක් ගාන්නේ කල්යාණ මිත්‍රත් දේශකයාගේ දස අවතාර වලින් එකක් ද මන්දා.. හික්ස් :)

      Delete
  9. ලංගමේ තියන හොදේ තමයි මිනිස්සු පටවන්නේ නැතුව වෙලාවට යන්න පිටත් වෙන එක... පානදුර නුවර යන බස් එකකුත් තියනව ලංගම දවසට දෙපාරක් වගේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ප්‍රයිවට් බස් මාර පැටවිල්ලක්නේ පටවන්නේ !

      Delete
  10. ලංගම... අනේ මංද!

    ReplyDelete
  11. yako, CTB bus demmama Ape sabapathi thumage,OIC mahaththayage,Bus duwanne kohomada?

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.