23 December 2014

ඩ්‍රැගන් ෆෘට් මලක්

අපේ තාත්තා හරි ආසයි වගා කරන්ඩ. ඒ නිසා අපේ ගේ පැත්තකින් තියෙන පොඩි ඉඩෙත් තාත්තා වගා කරනවා. වගා කරන එක වගේම තමා අපේ පැත්තේ හැදෙන්නේ නැති එළවලු පලතුරු ජාතිත් ගෙවත්තේ වවලා බලන්න උන්දෑ හරිම මනාපයි.

ඒ නිසා අපේ තාත්තා එක වතාවක් ස්ට්‍රෝබෙරි වැව්වා. තව වතාවක් ලොකාට් හිටෙව්වා. දැන් ආසාව තිබ්බේ ඩ්‍රැගන් ෆෘට් හිටවලා බලන්න. මේ වැඩේ නං අති සාර්ථකයි. මලුත් ආවා ! ගෙඩිත් ආවා !


මලක් හැදීගෙන එනකොට මුලින්ම තියෙන්නේ පොහොට්ටුව නෙව. ඕං ඔය පල්ලෙහා පින්තූරු කෑල්ලේ තියෙන්නේ ඒ පොහොට්ටුව !
ඊට පස්සේ තියෙන්නේ පිපීගෙන එන මල...මේ මල නිකන් හරියට පතොක් මලක් වාගේ.

ඔය පහලින් තියෙන්නේ විකසිත වෙච්ච මල.. ඔය මල පිපිලා වැඩි වෙලාවක් තිබුනේ නෑ. පෑ ගණනක් තිබිලා ටික ටික ඇකිලෙන්න ගත්තා. අපේ තාත්තගේ හිතේත් මලක් පිපුනා වාගේ !

ඊට පස්සේ ටික කාලෙකින් රතුවට ඩ්‍රැගන් ෆෘට් ගෙඩියක් හැදුනා. පහලින් තියෙන්නේ ඩ්‍රැගන් ෆෘට් ගෙඩිය !

ගෙඩිය පැහුනට පස්සේ අපි කට්ටිය ඒක කපලා කන්න ගත්තා... පොත්තේ රතට රැවටුනාට ගෙඩි ඒ තරම්ම රහ නෑ.. බ්ලෙන්ඩරේ දාලා බීමක් හැදුවා. පුඃ... අමු වැටපෝරු ලීයක පොත්තකින් එන සුවඳක් එන්නේ. හරි අමාරුවෙන් බී ගත්තේ.

පහලින් තියෙන්නේ අපේ ඩ්‍රැගන් ෆෘට් වැල... මේ පලතුර කොලෙලෙස්ටරෝල් වලට හොඳයි කියන්නේ... දෙයියනේ කියලා අපට නම් කොලෙස්ටරෝල් ලෙඩක් හැදිලා නෑ.. හැදෙන්ඩත් එපා ! :)

11 comments:

  1. අපේ ගෙදර ගෙනාපු ඩ්‍රැගන් ෆෘට් පැලේ හරිගියෙ නෑ බන්.

    කඩෙන් ගෙඩියක් අරන් කෑවා. නෙදකින් විතරක් පල්වෙච්ච කඩදාසි වගේ රහක් එන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔවු බං මිනිස්සු මොකට කනවද මන්දා.. මෙලෝ රහක් නෑ.. ඊට වඩා හොඳයි කොමඩු ගෙඩියක් දෙළුම් ගෙඩියක් අරගෙන කනවා

      Delete
  2. අපේ ගෙදර හැදුනු මුල්ම ඩ්‍රැගන් ෆෘට් එක ගැන මමත් ලිව්වා පොස්ට් එකක්. බලන්නකෝ..

    http://littleflowerbuds.blogspot.com/2014/06/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ ඩ්‍රැගන් ෆෘට් දම් පාටයි නෙහ්...අපේ එක නම් සුදු පාටයි

      Delete
  3. "ඩ්‍රැගන් ෆෘට් මලට කව් ගී ලියඋනා මදි" කියලා හිතුනා. මෙලෝ රහක් නැති උනාට මලනම් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ... එක කවියක්වත් ලියැවිලා නෑ. :(

      Delete
  4. සිරාවට මොකට ගිලිනවඩ මන්දා

    ReplyDelete
    Replies
    1. ඒකනේ... කාපු අය නම් දුක දන්නවා..

      Delete
  5. "-මේ මල නිකන් හරියට පතොක් මලක් වාගේ.-"

    wenna onene. dragonfruit kiyanneth pathok jathiyak thamayi.

    ReplyDelete
    Replies
    1. ඔය කියනකම් දන්නේ නෑ ඇනෝ... :(

      Delete
  6. තාත්තට ආදරේ හොඳ පුතෙක්

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.