මම් නුවරඑළි ගිහින්
ලොකාට් ගෙනාපු දවසේ ස්ට්‍රෝබෙරිත් ගෙනාවා. ලොකාට් වගේ තමා ස්ටෝබෙරිත් ටිකක් විතර ඇබුල් ! අපේ ගෙදර කට්ටිය ඇඹුල් උනත් කාලා නැති නිසා ස්ටෝබෙරි ටික රහ කර කර කෑවා ! අපි නම් කාලා නිකා හිටියට අපේ අප්පච්චිට ස්ටෝබෙරි වගා කරන්ඩ ආසාවක් ඇති උනා. උන්දෑ අපේ වත්තෙත් එක එක එවුවා වගා කරන නිසා ස්ටෝබෙරිත් වගා කරලා බලන්ඩ ඕන කිය කිය හිටියේ.
අපි කිව්වා ස්ට්‍රෝබෙරි නම් මෙහේ වැවෙන්නේ නෑ ! ඒවා වලට සීත දේශගුණේ ඕනා කියලා.
ඒත් අපේ අප්පච්චි නෙමේ කනකටවත් ගත්තේ. ඒයැයි දවසක කෘෂිකර්මෙට ගිහින් ස්ට්‍රෝබෙරි වගා කරන හැටි අහගෙන ස්ට්‍රෝබෙරි ඇට ගෙනත් පැල කළා.
ස්ටෝබෙරි වලට දවල් කාලේ රස්නේ දේශගුණේ ඕනා. රෑට සීත දේශගුණයක් තියෙන්න ඕන. ටිකක් තෙත සහිත පසකුත් ඕන ලූ.
පස් නම් තෙත් කරන්න බැරි යෑ. ඒත් රෑට සීත දේශගුණයක් !!!!
ඒකට අපේ අප්පච්චිලෑ යාළුවෙක් කියලා තියෙනවා රෑට රෑට කූල් වතුර දාන්න කියලා. ඔන්න එදා ඉදන් අපි රෑට රෑට සීතල වතුර හොයන්ඩ උනා.
කොහොමින් කොහොමහරි අපේ අප්පච්චිගේ වැඩේ මල් ඵල ගැන්නුනා !! පහලින් තියෙන්නේ ඒවෑ පින්තූරු !
(මලුත් ඇවිත් ගෙඩිත් තියෙනවා)
මේ තියෙන්නේ මල්
මේ තියෙන්නේ ස්ටෝබෙරි පැළේ
මධුරංග අයියලගේ ගෙදර ඇඩ්‍රස් එක මොකක්ද??
ReplyDeleteනියමයිනේ.
ReplyDeleteතාම කාලා රස බැලුවේ නැද්ද.
කෝ ගෙඩි? මාත් ඕවා මුලින්ම කාපු දවසේ තමා දැනගත්තේ ස්ට්‍රෝබෙරි ඇබුල් කියලා.
ReplyDeleteමලේ මටත් එක ගෙඩියක් හරි ඔනේ බං... උඹ කියපු ලොකාට් කෑවා... ඒක මැක්සා.. හරියට කෝන් වගේ...
ReplyDeleteමම මේ ස්ටෝබෙරි පලයක් දැක්කමයි...අන්තිමේදී වගාව සාර්ථකයි..
ReplyDeleteගෙඩි ඉදෙන්නත් කලින් පොටෝ දාලනෙ.මල් පිපුනට ගෙඩි හැදුනට ඉදෙන එකක් නෑ මන් හිතන්නෙ.........................ඉදුනත් ඇබුල්ම ඇබුල්වෙයි.ඒ නැතත් සූ ගලා පනුවො ඉදියි......
ReplyDeleteෂා මරුනෙ...මටත් හිටවන්න ආසාවක් ආවා.
ReplyDeleteඔය මුල්ම පලදාවෙන් අපිටත් දෙනවා නේද??
මධුරංග මල්ලිගෙ තාත්තට නම් හොඳට අත්ගුණේ පිහිටලා තියනවා වගේ..
ReplyDeleteකට කට...හපෝ...කව්ද මේ ඇනෝ...ඔහොම කතා කියනවද හොඳ ළමයි මම අහන්නේ.
ReplyDeleteඅයියෙ..රෑට කූල්වතුර දානකොට සීනිත් එක්ක දාන්න..එතකොට මීපැණි රසට තියේවි ගෙඩි ටික..:D:D:D:D
ReplyDeleteසා මරුනේ...කෝ ගෙඩි නැද්ද ?
ReplyDeleteහෆෝයි.. මම නම් ආසම නෑ ස්ට්‍රෝබෙරි වලට! ඒ වුණත් තමන් අතින් හැදුව ගහක මලක්, ගෙඩියක් එද්දි දැනෙන සතුට නම් කියලා ඉවර කරන්න බෑ. සූටි ගෙඩි ආව දවසක නොවරදවා කියන්න හරිය.....?
ReplyDeleteමමත් දැක්කා මේ යක්කල පැත්තේද කොහෙදෝ මල් විකුනන තැනක ස්ටෝබෙරි හදලා තියෙනවා ඒ වගේනම් පුංචි ගෙඩිත් තිබුනා..
ReplyDeleteහිත ඇත්නම් පත කුඩාද මල්ලී
ReplyDeleteකල්පිටියට ගිහින් බලන්නකො එහෙ මිනිස්සු උඩරට එළවළු වවන හැටි...
මමත් ජීවිතේ පලවෙනි වතාවට තම ස්ට්‍රෝබෙරි පැළයක් දැක්කෙ. :D
ReplyDeleteඅර කිව්ව වගේ ගෙඩි හැදෙන්නත් කලින් ඕක ගැන ප්‍රසිද්ධ කොරලා කටවහක්වත් වැදුනොත් තමා වැඩේ :D
අඩේ.....ඔන්න ඕකනෙ කියන්නෙ...උත්සහවන්තයා ජයගනී කියලා.....
ReplyDeleteමාත් එක සැරයක් ආසාවට ස්ට්‍රෝබෙරි ගෙඩියක් කෑවා. තූ විතරක්.
ReplyDeleteඅයියෝ ඇනෝ කනවනේ වැඩේ..මෙච්චර හොඳට හැදෙන් පැලේකට ඔහොමත් කියන සිරිතක් තියේද අෆ්ෆා... මම නම් ඔන්න මධුරංග අයියලගේ ගෙදර එනවලු හොඳේ...වෙන කාටවත් ඇඩ්‍රස් එක දෙන්න එපා හොඳේ ලොකු අයියේ.. ඔය පැලේ හැදෙන පළවෙනිම ගෙඩිය අයියා ඉතින් දෙන්නේ මේ නංගිටලුනේ..
ReplyDeleteඅපරාදෙ ඒ කාලෙ මදුරංග අයියගේ තාත්තා කෘෂිකර්ම එකට ගිහිං අහගෙන ආවනං මදුරංග අයියවත් හොඳට හදා ගන්න තිබ්බා.
ReplyDeleteඅපේ ආච්චිත් නුවරඑළියේ ගිහින් එනකොට ලොකට් පැළයක් උස්සාගෙන ඇවිත් එක යුද්ධයයි.ගෙදෙට්ට එන හැමෝටම පෙන්නනවා.ඇයි ඉතින් මෙහේ කවුරුවත් ඕවා වැඩිපුර දැකලා නැහැ නෙවැ.
ReplyDeleteඅනේ...ඇස්වහක් කටවහක් වදින්නෙපා....:)
ReplyDeleteනියමයි. අපිත් පාසැල් කාලේ ස්ට්‍රෝබෙරි වත්තකට එක්කන් ගියා මතකයි. කොහොම උනත් ඔයාගෙ අප්පච්චී හොඳ උත්සාහයක් අරගෙන නේද? ගෙඩි ආවම පින්ංතූර දාන්නකෝ.
ReplyDeleteස්ට්‍රෝබෙරි ලස්සනට රතුපාටට තිබුනට එක ඇබුල්..එත් ස්ට්‍රෝබෙරි කෑලිවලට කපල දෙහි යුෂ හා සිනි කලවම් කරලා කලබලන්නකෝ කොහොමද කියල..ආ පුලුවන්නම් එකට Red Wine ටිකකුත් දන්නා ...
ReplyDeleteඅපේ දිහෑ ස්ටෝබෙරි ඇඹුල් වෙන්නේ දවල් කාලේ රස්නේ නැති නිසා....
ReplyDeleteඔයාලාගේ ස්ටෝබොරි පැණි රස සහ නියම සුවඳ සහිතව හැදෙයි මල්ලි... රස බලලා කියන්නකෝ... හැබැයි තාම මල් නම් තව ටික දවසක් ඉවසන්න වෙයි ඔන්න..:D
ලංකාවේ හැදෙනවා පොඩ්ඩක්වත් ඇඹුල් නැති ලොකට් සහ ස්ට්‍රෝබෙරි. නුවරඑළියේ 1980 දශකයේදී මම සෑහෙන්න ඉතාම මිහිරි ස්ට්‍රෝබෙරි කෑවා. නමුත් දැන් ඒවා අපනයනය කරන නිසා, අංක දෙකේ ගණයට වැටෙන ඒවායි දේශීය වෙළඳපොළට එවන්නේ. ඒවා ටිකක් ඇඹුල්. නුවරඑලිය මහනුවර පාරේ ලබුකැලේ තේ කම්හල පසු කලවිට තියන ස්ට්‍රෝබෙරි වෙළඳසලේ තරමක් සතුටුදායක ස්ට්‍රෝබෙරි තියනවා. මගේ ජීවිතයේ ඉතාම රසවත් ලොකට් කෑවේ, 1980 දශකයේ මුල්ම වසර කීපයේ, මම යුද හමුදා කැඩෙට් නිලධාරියකු වශයෙන් පුහුණුව ලබද්දී, දියතලාව කඳවුරේ 'බීස් බිලට්' කියන නේවාසිකාගාර ගොඩනැගිල්ල අසල ගස් වලින්. ඔබේ පියාගේ උත්සාහය අතිශයින් ප්‍රශංසා කටයුතුයි.
ReplyDeleteමම හිතුවේ ඔය උඩ පිංතූරේ මලට උඩින් කරවෙලා තියෙන්නේ ස්ට්‍රොබෙරි පැලේ කියලා...එළ නේ.....අපේ තාත්තත් ඔය වගේ ඒ දවස්වල මිදි වැලක් වැව්වා..කොළ පාට මිදි ආවා...හැබැයි ටිකක් ඇඹුල්....
ReplyDeleteමම් නම් වැඩිය ආස නෑ ස්ට්‍රෝබෙරි කන්න.ඔයාලගෙ අප්පච්චිත් නියම වැඩනේ කරන්නෙ.කාල බැලුවෙ නැද්ද ඉතින්.
ReplyDeleteස්ට්‍රෝබෙරි වලට නම් මම එච්චර කැමති නෑ... අදමයි ස්ට්‍රෝබෙරි පැළයක් දැක්කේ....
ReplyDeleteස්ට්‍රෝබෙරි ගෙඩි හරි පොඩියිනෙ.
ReplyDeleteසීතල රටවල හැදෙන ස්ට්‍රෝබෙරීස් නම් හරිම පැණි රහයි. මෙහේ තියනවා පලතුරු හැදෙන කාලවලට ගොවිපොලවල්වට වලට ගිහින් ඇති තරම් පලතුරු බාල්දි කඩාගෙන සල්ලි දීලා එන සිරිතක්.
ReplyDeleteහා.. දැන් වැඩේ හලි!! ඇස් වහ කටවහ පුච්චන්න වෙයි පැළේ!!! :D
ReplyDeleteමරුනේ මල්ලි.. මගේනම් අසම කෑමක් ඔය. ඇස්වහක් කටවහක් නෑ ගෙඩි හැදෙන්න ඕනේ..
ReplyDeleteඅපෙත් තිබුන මිදී වැලක්, ගෙඩි නං හරිම ලස්සනයි, හැබැයි කට ලඟට කිට්ටු කොරන්න බැරි තරං ඇඹුල්. එපා වෙලාම කපල දැම්ම. දැන් ආයෙත් දළු දාගෙන එනව.
ReplyDeleteමේ කාන්තාරේ පාරවල් වල මල් වවල තියන විදිහට ලංකාවෙ මොනව වගා කරන්න බැරිද බං. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ
ReplyDeleteපිස්සු හැදෙනවනේ අයියේ.... සෑහෙන්න ධෛර්යවන්ත මනුස්සයෙක්නේ...හිතුවොත් කරන්න බැරි නෑ කියන්නේ නිකන් යැ...මම නම් එකම පාරක් හග්ගල මල්වත්ත ඉස්සරහා තිබුනු කඩේකින් ස්ට්‍රෝබෙරි කෑවා හැබැයි ඒ තරම් ඇඹුල් නම් නෑ
ReplyDeleteහැම ස්ට්‍රෝබෙරිම ඇඹුල් නැහැ. අන්නාසි වගේ ඇඹුල් ඒවා තියෙන්න පුළුවන්. මාත් රටවල් කීපයක මේවා කාල තියනවා. රසම ස්ට්‍රෝබෙරි කෑවේ රුසියාවේදී. සමහර පලතුරු වලට විතරක් නොවේ එළවලු වලටත් දේශගුණය වැදගත්. මා වත්තේ වවපු ස්ට්‍රෝබෙරි හරිම මිහිරියි. එක පැලයක් ඇති. ඉන් විහිදෙන දඬු වලින් මේවා ප්‍රචාරණය වෙන එක සමහර විට කරදරයක්. හීතල වතුර දැම්මට වෙනසක් වෙනවා කියල මා දන්නා කෘෂිකර්ම දැනුමට අනුව හිතන්න බැහැ.
ReplyDeleteඉට් - ටෝ - බෙරි
ReplyDeleteමරුය.. !
අපේ මිදි වැලේ පොටෝ දාන්න ඕනේ.. කොළ පමණි - ගෙඩි නැත !
තාත්තගේ උත්සහවන්තකම නිසා අනිත් අයත් ගොඩ. රතු පාටට ලස්සනට ගෙඩි හැදුනමත් ෆොටෝ එකක් දාන්න. අදමයි දැක්කේ ස්ට්‍රෝබෙරි මලක්.
ReplyDeleteඅයියගේ තාත්ත, ඔයාලගේ කීම අහල ස්ට්‍රෝබෙරි හදන එක අතැරලා දැම්ම නම් අද කෝ හැබෑට මෙහෙම ස්ට්‍රෝබෙරි පැලයක්..
ReplyDeleteඅපොයි අර අනෝ නම්......
අනේ ශෝක් නේද. උත්සාහය හරි ගියාම දැනෙන සතුට :)
ReplyDelete@Dinesh :
ReplyDeleteඅපි ගෙවල් මාරු කලා !
@priyantha :
තාම ගෙඩි ලපටියි !
@මඩිස්සලේ නිශාන් :
අර පහලට නැමිලා තියෙන්නේ ගෙඩියක් ! එක ගෙඩියයි ආවේ.
@prasanna86k :
ReplyDeleteදවසක ඔය යහා ආවම ගේන්නම් :)
@සිහින මතකයන් :
ස්ටෝබෙරි කියන්නේ පඳුරු වගේ හැදෙන ජාතියක්. අර ගොටුකොට වගේ ධාවක බිම දිගේ යන පැල ජාතියක් !
@Anonymous :
හරි හරි !!! බොලාටත් දෙන්නම් මෙහේ ආවොත් ! :)
@නිසුපා :
ReplyDeleteදෙනවා දෙනවා !
තමන්ගේ අතින් දෙයක් කරලා ඔය දේ සාර්ථක උනාම ඒ කෙනාට කොච්චර නම් සතුටු ඇති නේද අක්කා ?
@රූ.... :
ඒක හරි. උන්දැට සෑහෙන අත් ගුණයක් තියෙනවා
@Anonymous :
නරක ඇනෝවෙක් !
@වින්චැට්කිරිල්ලි. :
ReplyDeleteඅන්න වැඩේ ! ඒකත් කරලා බලමු !
@සයුරි :
අර තියෙන්නේ එක ගෙඩියක් ! මල ගාව
@ලහිරු :
එතකොට ආයෙම පෝස්ටුවක් දාන්නම්
@කනියා :
ReplyDeleteහරියට හරි !!! මාත් එහෙදි දැක්කා ඔය පැලයක් !
@හරී :
ඒක හරි ! අපිත් ලීක්ස් වවන්නේ ! ලංකා පොලොවේ මොනාද නොවැවෙන්නේ. පින්බර භූමියක් නෙව !
@කුබූ :
නෙට් එක හරහා ඒවා වදින්නේ නැති වෙයි !
අයියා ෆැකල්ටිය පැත්තේ එනවද?ස්ටෝබෙරි මල්ල උස්සගෙන එන්න අමාරුනම් කියන්න...හයර් එක දෙන්නම්.... :D
ReplyDelete@මකුළු පැංචි :
ReplyDeleteඋත්සහවන්තයා ජය ගනී. උත්සහවන්තයාගේ පුතා පල ගනී !
@කිරිපුතා :
ජරාවක් කෑවා වගේනේ කතාව ! හික්ස් :)
@ප්‍රාර්ථනා :
ම්ම්ම්ම්ම්ම්.... අපේ ලොකු නංගි නිසා නොදිත් බෑ. හා කෝ ! :)
@දිනුක :
ReplyDeleteමේකව දිවියම කාපිය !
@වර්ෂා.. :
අපිත් වැවුවා ලොකට් !
@අග්නි ධාරා... :
ස්තුතියි ග්නි ධාරා !!1
@Gimhani :
ReplyDeleteහරි අක්කේ. මම් පින්තූරු දාන්නම්
@amilaangelo :
ස්ටෝබෙරි ටිකක් කඩෙන් හරි ගෙනත් හදලා බලන්ඩ වටිනවා !
@සුදු හංසි :
අක්කලාත් ස්ටෝබෙරි වවනවද ? මරු නේ !
@විචාරක Wicharaka :
ReplyDeleteමම නම් රස ස්ටෝබෙරි කාලා නෑ. මම කාපු එවුවා ගොඩක් ඇඹුලයි. හරියට බිලින් කනවා වගේ
@ඔබ නොදුටු ලොවක් :
අම්බෝ ගහ කර උනා නම් අපේ අප්පච්චිගෙන් විසුමක් වෙන් නෑ.
මිදි තිත්තයි කියලා මටත් හිතුනා !
@න දී :
දැන්ම කන්ඩ බෑ. තාම ගෙඩි පොඩියි !
@අකීකරු හිත :
ReplyDeleteපැලයක් දැක්ක එකත් වටිනවා නේ.
@``` Outsider``` :
පොඩියි නේන්නම්. බිලින් ගෙඩි වගේ
@Praveena Palipana :
අපිට කොයින්ද ඔයාට තරම් වාසනාවක් ! ඔයා මාර ලකී ගර්ල් කෙනෙක් පොඩ්ඩි ! හික්ස් :)
@හිතුවක්කාරි :
ReplyDeleteඇස්වහ ටිකත් පැලේ ගාවම පිච්චුවා නම් හරි !
@ක්සැන්ඩර් | Xander :
ගෙඩි හැදිලා තියෙන්නේ ! තාම පුංචියි !
@Observer :
ඕස්ට්‍රේලියාවේ ගෙදරද ඔය මිදි වැල තියෙන්නේ ?
@රුචා :
ReplyDeleteකතාව නම් සහතික ඇත්ත රුචා අයියා !
@ගැමියාගේ පත් ඉරුව :
ගොඩක්ම නම් ඇඹුල් නෑ. ඒත් ටිකක් විතර ඇබුල් !
@Raigama :
ඒක නම් දන්නේ නෑ. කොයිම උනත් සීතල වතුර දැම්මා.අර සීත දේශගුණේ දෙන්න !
@sAm (සෑම්) :
ReplyDeleteගෙඩි එල්ලලා ෆොටෝ ගහමු ! හික්ස් :)
@nikki :
ඒකමත් වටිනවා නෙව. නොදන්න දෙයක් දැක ගැනීමත් සතුටක් ය 1
@පැතුම් [සිතුම් පැතුම්] :
ඇනෝ නම් මෙලෝ රහක් නෑ. ඇඹුලයි !
මචං පිරිත් පැන් ටිකක්වත් ගහපන්.දැක්කනේ උඩ ඇනෝ කෙනෙක් කියල තියෙන දේ.
ReplyDeleteඉතිං මලේ රෑට සීතල ඕන නම් අයිස් වතුර මොකටෙයි. පැලේ අරන් ෆ්‍රිජ් එක ඇතුලේ තිබ්බනම් අහවරයිනේ.
ReplyDeleteඅනේ මටත් ඕනා..... ඇඩ්රස් එක ????
ReplyDeleteස්ට්‍රෝබෙරි ඇඹුල් ?
ReplyDeleteමම එහෙම එකක් ඇහුවමයි. අනේ මම කාපු නිතර දෙවෙලේ කන ස්ට්‍රෝබෙරි නම් පැණිම රසයි.
අන්න ඒකනෙ මධුරංග අයියෙ වවන්නෝ දිනන්නෝ කියන්නෙ.....
ReplyDelete''උත්සහවන්තයාට ස්ට්‍රෝබෙරි කෑ හැක ''. ඔයාලගේ තාත්ත හරිම උත්සහවන්තයෙක්නේ .මෙහෙත් තියෙනව . ටිකක් ඇඹුල් . ළමයි නම් ආසයි . යෝගට් ටිකක් කිරි ටිකක් හෙම දාල බ්ලෙන්ඩ් කලහම නම් රසයි
ReplyDeleteගෙඩි ආවම අපිටත් එවහන් හොඳේ
ReplyDeleteඅපොයි මධුරංග ස්ටෝබෙරි ඇඹුල් නැහැ...පැණිම පැණි රසයි.... කොහොම වුනත් සරු පලදාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....
ReplyDeleteමචන් ඉදිච්ච එවා ගොඩක් රහයි.......
ReplyDeleteඅප්පච්චි මාර දස්සයෙක්නේ . . සුභ පැතුවා කියන්න ඈ . .
ReplyDeleteමේ ස්ට්‍රෝබෙරි කතාවෙන් පස්සේ කිසිම කතාවක් ලියල නැනේ. ස්ට්‍රොබෙර්ය් allegic වෙළද මන්ද?
ReplyDeleteමාත් මේ මතක් වෙලා ආවේ... කෝ මේ මළයා..??????
ReplyDeleteමධුවෝ මොකෝ සීන් එක? යහතින් ඉන්නවද ?
ReplyDelete@සයුරි,
ReplyDeleteමධුවාගේ ගෙදර පීසීයෙ මදර්බෝඩ් එකට කෙළවී ඇත.
ඌ නිතරම බ්ලොග් කියවනවා කියා කම්පැනියේද උගෙ පීසී එකට බ්ලොගර් බ්ලොක් කර ඇත.
ඒක නිසයි නැත්තෙ
උඹ කමෙන්ට් පබ්ලිශ් කර කර ඉන්නෙ කියපන්කො කාරණාව..
ReplyDeleteමම හිතුවා උඹට බ්ලොගර් බලනම් බෑ කියලා..
කෝ මේ අයියා පේන්නවත් නැහැනේ
ReplyDeleteතාත්ත වැඩකරුවෙක්
ReplyDeleteවවන්නෝය දිනන්නෝය....
ReplyDeleteRata rassne desagunayak oni kiuwanam wade lesiyen goda danna thibba aparade neda ...........?
ReplyDeleteහිත ඇත්නම් පත කුඩාද ?? ලංකාවට ඕන කරන්නේ අයියගේ තාත්තා වගේ උත්සහවන්ත අය
ReplyDelete