24 March 2012

ස්ට්‍රෝබෙරි

මම් නුවරඑළි ගිහින් ලොකාට් ගෙනාපු දවසේ ස්ට්‍රෝබෙරිත් ගෙනාවා. ලොකාට් වගේ තමා ස්ටෝබෙරිත් ටිකක් විතර ඇබුල් ! අපේ ගෙදර කට්ටිය ඇඹුල් උනත් කාලා නැති නිසා ස්ටෝබෙරි ටික රහ කර කර කෑවා ! අපි නම් කාලා නිකා හිටියට අපේ අප්පච්චිට ස්ටෝබෙරි වගා කරන්ඩ ආසාවක් ඇති උනා. උන්දෑ අපේ වත්තෙත් එක එක එවුවා වගා කරන නිසා ස්ටෝබෙරිත් වගා කරලා බලන්ඩ ඕන කිය කිය හිටියේ. අපි කිව්වා ස්ට්‍රෝබෙරි නම් මෙහේ වැවෙන්නේ නෑ ! ඒවා වලට සීත දේශගුණේ ඕනා කියලා. ඒත් අපේ අප්පච්චි නෙමේ කනකටවත් ගත්තේ. ඒයැයි දවසක කෘෂිකර්මෙට ගිහින් ස්ට්‍රෝබෙරි වගා කරන හැටි අහගෙන ස්ට්‍රෝබෙරි ඇට ගෙනත් පැල කළා. ස්ටෝබෙරි වලට දවල් කාලේ රස්නේ දේශගුණේ ඕනා. රෑට සීත දේශගුණයක් තියෙන්න ඕන. ටිකක් තෙත සහිත පසකුත් ඕන ලූ. පස් නම් තෙත් කරන්න බැරි යෑ. ඒත් රෑට සීත දේශගුණයක් !!!! ඒකට අපේ අප්පච්චිලෑ යාළුවෙක් කියලා තියෙනවා රෑට රෑට කූල් වතුර දාන්න කියලා. ඔන්න එදා ඉදන් අපි රෑට රෑට සීතල වතුර හොයන්ඩ උනා. කොහොමින් කොහොමහරි අපේ අප්පච්චිගේ වැඩේ මල් ඵල ගැන්නුනා !! පහලින් තියෙන්නේ ඒවෑ පින්තූරු ! (මලුත් ඇවිත් ගෙඩිත් තියෙනවා)
මේ තියෙන්නේ මල්
මේ තියෙන්නේ ස්ටෝබෙරි පැළේ

74 comments:

  1. මධුරංග අයියලගේ ගෙදර ඇඩ්‍රස් එක මොකක්ද??

    ReplyDelete
  2. නියමයිනේ.
    තාම කාලා රස බැලුවේ නැද්ද.

    ReplyDelete
  3. කෝ ගෙඩි? මාත් ඕවා මුලින්ම කාපු දවසේ තමා දැනගත්තේ ස්ට්‍රෝබෙරි ඇබුල් කියලා.

    ReplyDelete
  4. මලේ මටත් එක ගෙඩියක් හරි ඔනේ බං... උඹ කියපු ලොකාට් කෑවා... ඒක මැක්සා.. හරියට කෝන් වගේ...

    ReplyDelete
  5. මම මේ ස්ටෝබෙරි පලයක්‌ දැක්කමයි...අන්තිමේදී වගාව සාර්ථකයි..

    ReplyDelete
  6. ගෙඩි ඉදෙන්නත් කලින් පොටෝ දාලනෙ.මල් පිපුනට ගෙඩි හැදුනට ඉදෙන එකක් නෑ මන් හිතන්නෙ.........................ඉදුනත් ඇබුල්ම ඇබුල්වෙයි.ඒ නැතත් සූ ගලා පනුවො ඉදියි......

    ReplyDelete
  7. ෂා මරුනෙ...මටත් හිටවන්න ආසාවක් ආවා.
    ඔය මුල්ම පලදාවෙන් අපිටත් දෙනවා නේද??

    ReplyDelete
  8. මධුරංග මල්ලිගෙ තාත්තට නම් හොඳට අත්ගුණේ පිහිටලා තියනවා වගේ..

    ReplyDelete
  9. කට කට...හපෝ...කව්ද මේ ඇනෝ...ඔහොම කතා කියනවද හොඳ ළමයි මම අහන්නේ.

    ReplyDelete
  10. අයියෙ..රෑට කූල්වතුර දානකොට සීනිත් එක්ක දාන්න..එතකොට මීපැණි රසට තියේවි ගෙඩි ටික..:D:D:D:D

    ReplyDelete
  11. සා මරුනේ...කෝ ගෙඩි නැද්ද ?

    ReplyDelete
  12. හෆෝයි.. මම නම් ආසම නෑ ස්ට්‍රෝබෙරි වලට! ඒ වුණත් තමන් අතින් හැදුව ගහක මලක්, ගෙඩියක් එද්දි දැනෙන සතුට නම් කියලා ඉවර කරන්න බෑ. සූටි ගෙඩි ආව දවසක නොවරදවා කියන්න හරිය.....?

    ReplyDelete
  13. මමත් දැක්කා මේ යක්කල පැත්තේද කොහෙදෝ මල් විකුනන තැනක ස්ටෝබෙරි හදලා තියෙනවා ඒ වගේනම් පුංචි ගෙඩිත් තිබුනා..

    ReplyDelete
  14. හිත ඇත්නම් පත කුඩාද මල්ලී

    කල්පිටියට ගිහින් බලන්නකො එහෙ මිනිස්සු උඩරට එළවළු වවන හැටි...

    ReplyDelete
  15. මමත් ජීවිතේ පලවෙනි වතාවට තම ස්ට්‍රෝබෙරි පැළයක් දැක්කෙ. :D
    අර කිව්ව වගේ ගෙඩි හැදෙන්නත් කලින් ඕක ගැන ප්‍රසිද්ධ කොරලා කටවහක්වත් වැදුනොත් තමා වැඩේ :D

    ReplyDelete
  16. අඩේ.....ඔන්න ඕකනෙ කියන්නෙ...උත්සහවන්තයා ජයගනී කියලා.....

    ReplyDelete
  17. මාත් එක සැරයක් ආසාවට ස්ට්‍රෝබෙරි ගෙඩියක් කෑවා. තූ විතරක්.

    ReplyDelete
  18. අයියෝ ඇනෝ කනවනේ වැඩේ..මෙච්චර හොඳට හැදෙන් පැලේකට ඔහොමත් කියන සිරිතක් තියේද අෆ්ෆා... මම නම් ඔන්න මධුරංග අයියලගේ ගෙදර එනවලු හොඳේ...වෙන කාටවත් ඇඩ්‍රස් එක දෙන්න එපා හොඳේ ලොකු අයියේ.. ඔය පැලේ හැදෙන පළවෙනිම ගෙඩිය අයියා ඉතින් දෙන්නේ මේ නංගිටලුනේ..

    ReplyDelete
  19. අපරාදෙ ඒ කාලෙ මදුරංග අයියගේ තාත්තා කෘෂිකර්ම එකට ගිහිං අහගෙන ආවනං මදුරංග අයියවත් හොඳට හදා ගන්න තිබ්බා.

    ReplyDelete
  20. අපේ ආච්චිත් නුවරඑළියේ ගිහින් එනකොට ලොකට් පැළයක් උස්සාගෙන ඇවිත් එක යුද්ධයයි.ගෙදෙට්ට එන හැමෝටම පෙන්නනවා.ඇයි ඉතින් මෙහේ කවුරුවත් ඕවා වැඩිපුර දැකලා නැහැ නෙවැ.

    ReplyDelete
  21. අනේ...ඇස්වහක් කටවහක් වදින්නෙපා....:)

    ReplyDelete
  22. නියමයි. අපිත් පාසැල් කාලේ ස්ට්‍රෝබෙරි වත්තකට එක්කන් ගියා මතකයි. කොහොම උනත් ඔයාගෙ අප්පච්චී හොඳ උත්සාහයක් අරගෙන නේද? ගෙඩි ආවම පින්ංතූර දාන්නකෝ.

    ReplyDelete
  23. ස්ට්‍රෝබෙරි ලස්සනට රතුපාටට තිබුනට එක ඇබුල්..එත් ස්ට්‍රෝබෙරි කෑලිවලට කපල දෙහි යුෂ හා සිනි කලවම් කරලා කලබලන්නකෝ කොහොමද කියල..ආ පුලුවන්නම් එකට Red Wine ටිකකුත් දන්නා ...

    ReplyDelete
  24. අපේ දිහෑ ස්ටෝබෙරි ඇඹුල් වෙන්නේ දවල් කාලේ රස්නේ නැති නිසා....

    ඔයාලාගේ ස්ටෝබොරි පැණි රස සහ නියම සුවඳ සහිතව හැදෙයි මල්ලි... රස බලලා කියන්නකෝ... හැබැයි තාම මල් නම් තව ටික දවසක් ඉවසන්න වෙයි ඔන්න..:D

    ReplyDelete
  25. ලංකාවේ හැදෙනවා පොඩ්ඩක්වත් ඇඹුල් නැති ලොකට් සහ ස්ට්‍රෝබෙරි. නුවරඑළියේ 1980 දශකයේදී මම සෑහෙන්න ඉතාම මිහිරි ස්ට්‍රෝබෙරි කෑවා. නමුත් දැන් ඒවා අපනයනය කරන නිසා, අංක දෙකේ ගණයට වැටෙන ඒවායි දේශීය වෙළඳපොළට එවන්නේ. ඒවා ටිකක් ඇඹුල්. නුවරඑලිය මහනුවර පාරේ ලබුකැලේ තේ කම්හල පසු කලවිට තියන ස්ට්‍රෝබෙරි වෙළඳසලේ තරමක් සතුටුදායක ස්ට්‍රෝබෙරි තියනවා. මගේ ජීවිතයේ ඉතාම රසවත් ලොකට් කෑවේ, 1980 දශකයේ මුල්ම වසර කීපයේ, මම යුද හමුදා කැඩෙට් නිලධාරියකු වශයෙන් පුහුණුව ලබද්දී, දියතලාව කඳවුරේ 'බීස් බිලට්' කියන නේවාසිකාගාර ගොඩනැගිල්ල අසල ගස් වලින්. ඔබේ පියාගේ උත්සාහය අතිශයින් ප්‍රශංසා කටයුතුයි.

    ReplyDelete
  26. මම හිතුවේ ඔය උඩ පිංතූරේ මලට උඩින් කරවෙලා තියෙන්නේ ස්ට්‍රොබෙරි පැලේ කියලා...එළ නේ.....අපේ තාත්තත් ඔය වගේ ඒ දවස්වල මිදි වැලක් වැව්වා..කොළ පාට මිදි ආවා...හැබැයි ටිකක් ඇඹුල්....

    ReplyDelete
  27. මම් නම් වැඩිය ආස නෑ ස්ට්‍රෝබෙරි කන්න.ඔයාලගෙ අප්පච්චිත් නියම වැඩනේ කරන්නෙ.කාල බැලුවෙ නැද්ද ඉතින්.

    ReplyDelete
  28. ස්ට්‍රෝබෙරි වලට නම් මම එච්චර කැමති නෑ... අදමයි ස්ට්‍රෝබෙරි පැළයක් දැක්කේ....

    ReplyDelete
  29. ‍ස්ට්‍රෝබෙරි ගෙඩි හරි පොඩියිනෙ.

    ReplyDelete
  30. සීතල රටවල හැදෙන ස්ට්‍රෝබෙරීස් නම් හරිම පැණි රහයි. මෙහේ තියනවා පලතුරු හැදෙන කාලවලට ගොවිපොලවල්වට වලට ගිහින් ඇති තරම් පලතුරු බාල්දි කඩාගෙන සල්ලි දීලා එන සිරිතක්.

    ReplyDelete
  31. හා.. දැන් වැඩේ හලි!! ඇස් වහ කටවහ පුච්චන්න වෙයි පැළේ!!! :D

    ReplyDelete
  32. මරුනේ මල්ලි.. මගේනම් අසම කෑමක් ඔය. ඇස්වහක් කටවහක් නෑ ගෙඩි හැදෙන්න ඕනේ..

    ReplyDelete
  33. අපෙත් තිබුන මිදී වැලක්, ගෙඩි නං හරිම ලස්සනයි, හැබැයි කට ලඟට කිට්ටු කොරන්න බැරි තරං ඇඹුල්. එපා වෙලාම කපල දැම්ම. දැන් ආයෙත් දළු දාගෙන එනව.

    ReplyDelete
  34. මේ කාන්තාරේ පාරවල් වල මල් වවල තියන විදිහට ලංකාවෙ මොනව වගා කරන්න බැරිද බං. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ

    ReplyDelete
  35. පිස්සු හැදෙනවනේ අයියේ.... සෑහෙන්න ධෛර්යවන්ත මනුස්සයෙක්නේ...හිතුවොත් කරන්න බැරි නෑ කියන්නේ නිකන් යැ...මම නම් එකම පාරක් හග්ගල මල්වත්ත ඉස්සරහා තිබුනු කඩේකින් ස්ට්‍රෝබෙරි කෑවා හැබැයි ඒ තරම් ඇඹුල් නම් නෑ

    ReplyDelete
  36. හැම ස්ට්‍රෝබෙරිම ඇඹුල් නැහැ. අන්නාසි වගේ ඇඹුල් ඒවා තියෙන්න පුළුවන්. මාත් රටවල් කීපයක මේවා කාල තියනවා. රසම ස්ට්‍රෝබෙරි කෑවේ රුසියාවේදී. සමහර පලතුරු වලට විතරක් නොවේ එළවලු වලටත් දේශගුණය වැදගත්. මා වත්තේ වවපු ස්ට්‍රෝබෙරි හරිම මිහිරියි. එක පැලයක් ඇති. ඉන් විහිදෙන දඬු වලින් මේවා ප්‍රචාරණය වෙන එක සමහර විට කරදරයක්. හීතල වතුර දැම්මට වෙනසක් වෙනවා කියල මා දන්නා කෘෂිකර්ම දැනුමට අනුව හිතන්න බැහැ.

    ReplyDelete
  37. ඉට් - ටෝ - බෙරි

    මරුය.. !

    අපේ මිදි වැලේ පොටෝ දාන්න ඕනේ.. කොළ පමණි - ගෙඩි නැත !

    ReplyDelete
  38. තාත්තගේ උත්සහවන්තකම නිසා අනිත් අයත් ගොඩ. රතු පාටට ලස්සනට ගෙඩි හැදුනමත් ෆොටෝ එකක් දාන්න. අදමයි දැක්කේ ස්ට්‍රෝබෙරි මලක්.

    ReplyDelete
  39. අයියගේ තාත්ත, ඔයාලගේ කීම අහල ස්ට්‍රෝබෙරි හදන එක අතැරලා දැම්ම නම් අද කෝ හැබෑට මෙහෙම ස්ට්‍රෝබෙරි පැලයක්..

    අපොයි අර අනෝ නම්......

    ReplyDelete
  40. අනේ ශෝක් නේද. උත්සාහය හරි ගියාම දැනෙන සතුට :)

    ReplyDelete
  41. @Dinesh :
    අපි ගෙවල් මාරු කලා !

    @priyantha :
    තාම ගෙඩි ලපටියි !

    @මඩිස්සලේ නිශාන් :
    අර පහලට නැමිලා තියෙන්නේ ගෙඩියක් ! එක ගෙඩියයි ආවේ.

    ReplyDelete
  42. @prasanna86k :
    දවසක ඔය යහා ආවම ගේන්නම් :)

    @සිහින මතකයන් :
    ස්ටෝබෙරි කියන්නේ පඳුරු වගේ හැදෙන ජාතියක්. අර ගොටුකොට වගේ ධාවක බිම දිගේ යන පැල ජාතියක් !

    @Anonymous :
    හරි හරි !!! බොලාටත් දෙන්නම් මෙහේ ආවොත් ! :)

    ReplyDelete
  43. @නිසුපා :
    දෙනවා දෙනවා !
    තමන්ගේ අතින් දෙයක් කරලා ඔය දේ සාර්ථක උනාම ඒ කෙනාට කොච්චර නම් සතුටු ඇති නේද අක්කා ?

    @රූ.... :
    ඒක හරි. උන්දැට සෑහෙන අත් ගුණයක් තියෙනවා

    @Anonymous :
    නරක ඇනෝවෙක් !

    ReplyDelete
  44. @වින්චැට්කිරිල්ලි. :
    අන්න වැඩේ ! ඒකත් කරලා බලමු !

    @සයුරි :
    අර තියෙන්නේ එක ගෙඩියක් ! මල ගාව

    @ලහිරු :
    එතකොට ආයෙම පෝස්ටුවක් දාන්නම්

    ReplyDelete
  45. @කනියා :
    හරියට හරි !!! මාත් එහෙදි දැක්කා ඔය පැලයක් !

    @හරී :
    ඒක හරි ! අපිත් ලීක්ස් වවන්නේ ! ලංකා පොලොවේ මොනාද නොවැවෙන්නේ. පින්බර භූමියක් නෙව !

    @කුබූ :
    නෙට් එක හරහා ඒවා වදින්නේ නැති වෙයි !

    ReplyDelete
  46. අයියා ෆැකල්ටිය පැත්තේ එනවද?ස්ටෝබෙරි මල්ල උස්සගෙන එන්න අමාරුනම් කියන්න...හයර් එක දෙන්නම්.... :D

    ReplyDelete
  47. @මකුළු පැංචි :
    උත්සහවන්තයා ජය ගනී. උත්සහවන්තයාගේ පුතා පල ගනී !

    @කිරිපුතා :
    ජරාවක් කෑවා වගේනේ කතාව ! හික්ස් :)

    @ප්‍රාර්ථනා :
    ම්ම්ම්ම්ම්ම්.... අපේ ලොකු නංගි නිසා නොදිත් බෑ. හා කෝ ! :)

    ReplyDelete
  48. @දිනුක :
    මේකව දිවියම කාපිය !

    @වර්ෂා.. :
    අපිත් වැවුවා ලොකට් !

    @අග්නි ධාරා... :
    ස්තුතියි ග්නි ධාරා !!1

    ReplyDelete
  49. @Gimhani :
    හරි අක්කේ. මම් පින්තූරු දාන්නම්

    @amilaangelo :
    ස්ටෝබෙරි ටිකක් කඩෙන් හරි ගෙනත් හදලා බලන්ඩ වටිනවා !

    @සුදු හංසි :
    අක්කලාත් ස්ටෝබෙරි වවනවද ? මරු නේ !

    ReplyDelete
  50. @විචාරක Wicharaka :
    මම නම් රස ස්ටෝබෙරි කාලා නෑ. මම කාපු එවුවා ගොඩක් ඇඹුලයි. හරියට බිලින් කනවා වගේ

    @ඔබ නොදු‍ටු ලොවක් :
    අම්බෝ ගහ කර උනා නම් අපේ අප්පච්චිගෙන් විසුමක් වෙන් නෑ.
    මිදි තිත්තයි කියලා මටත් හිතුනා !

    @න දී :
    දැන්ම කන්ඩ බෑ. තාම ගෙඩි පොඩියි !

    ReplyDelete
  51. @අකීකරු හිත :
    පැලයක් දැක්ක එකත් වටිනවා නේ.

    @``` Outsider``` :
    පොඩියි නේන්නම්. බිලින් ගෙඩි වගේ

    @Praveena Palipana :
    අපිට කොයින්ද ඔයාට තරම් වාසනාවක් ! ඔයා මාර ලකී ගර්ල් කෙනෙක් පොඩ්ඩි ! හික්ස් :)

    ReplyDelete
  52. @හිතුවක්කාරි :
    ඇස්වහ ටිකත් පැලේ ගාවම පිච්චුවා නම් හරි !

    @ක්සැන්ඩර් | Xander :
    ගෙඩි හැදිලා තියෙන්නේ ! තාම පුංචියි !

    @Observer :
    ඕස්ට්‍රේලියාවේ ගෙදරද ඔය මිදි වැල තියෙන්නේ ?

    ReplyDelete
  53. @රුචා :
    කතාව නම් සහතික ඇත්ත රුචා අයියා !

    @ගැමියාගේ පත් ඉරුව :
    ගොඩක්ම නම් ඇඹුල් නෑ. ඒත් ටිකක් විතර ඇබුල් !

    @Raigama :
    ඒක නම් දන්නේ නෑ. කොයිම උනත් සීතල වතුර දැම්මා.අර සීත දේශගුණේ දෙන්න !

    ReplyDelete
  54. @sAm (සෑම්) :
    ගෙඩි එල්ලලා ෆොටෝ ගහමු ! හික්ස් :)

    @nikki :
    ඒකමත් වටිනවා නෙව. නොදන්න දෙයක් දැක ගැනීමත් සතුටක් ය 1

    @පැතුම් [සිතුම් පැතුම්] :
    ඇනෝ නම් මෙලෝ රහක් නෑ. ඇඹුලයි !

    ReplyDelete
  55. මචං පිරිත් පැන් ටිකක්වත් ගහපන්.දැක්කනේ උඩ ඇනෝ කෙනෙක් කියල තියෙන දේ.

    ReplyDelete
  56. ඉතිං මලේ රෑට සීතල ඕන නම් අයිස් වතුර මොකටෙයි. පැලේ අරන් ෆ්‍රිජ් එක ඇතුලේ තිබ්බනම් අහවරයිනේ.

    ReplyDelete
  57. අනේ මටත් ඕනා..... ඇඩ්රස් එක ????

    ReplyDelete
  58. ස්ට්‍රෝබෙරි ඇඹුල් ?
    මම එහෙම එකක් ඇහුවමයි. අනේ මම කාපු නිතර දෙවෙලේ කන ස්ට්‍රෝබෙරි නම් පැණිම රසයි.

    ReplyDelete
  59. අන්න ඒකනෙ මධුරංග අයියෙ වවන්නෝ දිනන්නෝ කියන්නෙ.....

    ReplyDelete
  60. ''උත්සහවන්තයාට ස්ට්‍රෝබෙරි කෑ හැක ''. ඔයාලගේ තාත්ත හරිම උත්සහවන්තයෙක්නේ .මෙහෙත් තියෙනව . ටිකක් ඇඹුල් . ළමයි නම් ආසයි . යෝගට් ටිකක් කිරි ටිකක් හෙම දාල බ්ලෙන්ඩ් කලහම නම් රසයි

    ReplyDelete
  61. ගෙඩි ආවම අපිටත් එවහන් හොඳේ

    ReplyDelete
  62. අපොයි මධුරංග ස්ටෝබෙරි ඇඹුල් නැහැ...පැණිම පැණි රසයි.... කොහොම වුනත් සරු පලදාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
  63. මචන් ඉදිච්ච එවා ගොඩක් රහයි.......

    ReplyDelete
  64. අප්පච්චි මාර දස්සයෙක්නේ . . සුභ පැතුවා කියන්න ඈ . .

    ReplyDelete
  65. මේ ස්ට්‍රෝබෙරි කතාවෙන් පස්සේ කිසිම කතාවක් ලියල නැනේ. ස්ට්‍රොබෙර්ය් allegic වෙළද මන්ද?

    ReplyDelete
  66. මාත් මේ මතක් වෙලා ආවේ... කෝ මේ මළයා..??????

    ReplyDelete
  67. මධුවෝ මොකෝ සීන් එක? යහතින් ඉන්නවද ?

    ReplyDelete
  68. @සයුරි,
    මධුවාගේ ගෙදර පීසීයෙ මදර්බෝඩ් එකට කෙළවී ඇත.

    ඌ නිතරම බ්ලොග් කියවනවා කියා කම්පැනියේද උගෙ පීසී එකට බ්ලොගර් බ්ලොක් කර ඇත.

    ඒක නිසයි නැත්තෙ

    ReplyDelete
  69. උඹ කමෙන්ට් පබ්ලිශ් කර කර ඉන්නෙ කියපන්කො කාරණාව..

    මම හිතුවා උඹට බ්ලොගර් බලනම් බෑ කියලා..

    ReplyDelete
  70. කෝ මේ අයියා පේන්නවත් නැහැනේ

    ReplyDelete
  71. තාත්ත වැඩකරුවෙක්

    ReplyDelete
  72. වවන්නෝය දිනන්නෝය....

    ReplyDelete
  73. Rata rassne desagunayak oni kiuwanam wade lesiyen goda danna thibba aparade neda ...........?

    ReplyDelete
  74. හිත ඇත්නම් පත කුඩාද ?? ලංකාවට ඕන කරන්නේ අයියගේ තාත්තා වගේ උත්සහවන්ත අය

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.