23 December 2014

සර් වී ආ ලිවින් ටුගෙදර්

මේ දවස්වල අපේ කන්තෝරුවේ සෑහෙන කට්ටියක් නිවාඩු දාලා. ඒ නිසා මම සෑහෙන පාලුවෙන් කම්මැලිකමෙන් දවස ගෙවන්නේ. වැඩ කරන ගමන් කම්මැලිකමට මොනවහරි බ්ලොග් අඩවියේ කොටන්ඩ ඕන කියලා හිත හිත ඉන්නකොට තමා මට අපේ කැම්පස් එකේ හිටපු අයියා කෙනෙක්ව මතක් උනේ.

උන්දැව මතක් වෙන්ඩ ප්‍රධානම කාරණාව උනේ පොලොන්නරුවේ මිනිස්සු ගංවතුර තර්ජනයට මුහුණ දුන්න නිසා කිව්වොත් මම හරි. ඒ අයියා අපට වඩා අවුරුදු දෙකක් සීනියර් බැච් එකක හිටියේ. එයාලෑ ගෙවල් තිබුනෙත් පොලොන්නරුවේ !

ඒ නිසයි මට ඒ අයියාව මතක් උනේ !

මම කැම්පස් එකේ පළවෙනි වසරේ ඉන්න දවස්වල අපට හරිම අමාරු වෙච්ච විෂයක් තමයි තර්මෝඩයිනමික්ස් කියන්නේ. සිංහලෙන් කියනවා නම් තාපගති විද්‍යාව !
ඔය පොලොන්නරුවේ අයියා අපේ බැච් එකටම ඒ විෂයය කුප්පියක් දාන්ඩ ආවා. කුප්පියක් කියලා කියන්නේ සිංහලෙන් ඒ අදාල විෂය කියාදෙන එක. පොලොන්නරුවේ අයියා කුප්පියට ඇවිත් ටිකක් උගන්වනවා ඊට පස්සේ ටිකක් එයා ගැන කියෝනවා. ආයෙම ටිකක් උගන්වනවා ආයෙම පොර ටෝක් එකක් දෙනවා.

ඔහොම උගන්න උගන්න ඉන්නකොට එයාට වෙච්ච සිද්ධියකුත් අපි එක්ක කිව්වා.

එක වතාවක් එයාගේ රූමාව මොකද්ද මන්දා එක සබ්ජෙක්ට් එකකින් ෆේල් කරවලා තිබුනා. රූමා දෙමල එකෙක්. මූ කාමරේට ඇවිත් හෙන අප්සැට් එකේ ඉන්නකොට අපේ පොලොන්නරුවේ අයියා ඇවිත් අහලා මොකෝ සීන් එක කියලා.

එතකොට අර දෙමල හාදයා අකුරක් නෑරම විස්තරේ කියලා. විස්තරේ අහගෙන හිටපු පොලොන්නරුවේ අයියා පහුවදාම සර්ව හම්බ වෙන්ඩ ගිහින් මේ ගැන අහන්ඩ. ඒ සර් සෑහෙන දේශනයක් දීලා එක පාරටම,

 "තමුසෙට මොකද්ද අරූ ගැන තියෙන අමාරුව ?" කියලා අහලා.

අපේ පොලොන්නරුවේ අයියත් ගත් කටටම ඉංග්‍රිසියෙන්ම කියලා,

"සර් වී ආ ලිවින් ටුගෙදර් !" කියලා. ඇත්තටම ඒකාට කියන්ඩ ඕන වෙලා තියෙන්නේ තමන්ගේ රූම් මේට් නිසයි ආවේ කියලා. ඒකාගේ කඩ්ඩේ හොඳකමට අහලා තියෙන්නේ එහෙම. (හරි තේරුම දැනගෙන ඉදලා නෑ.)

ඊට පස්සේ සර්ටත් හරි පුදුමයිලූ. සර් රුත් උනන්දුවෙන්ම අහලා "කවදා ඉදන් ද ? ගෙදරින් මේ ගැන දන්නවද ?" කියලා.

අරූත් කිසි ගානක් නැතිව "ෆස්ට් ඉයර් ඉදලාම එකට ඉන්නවා. ගෙදරිනුත් දන්නවා" කියලා.

ඊට පස්සේ සර්ට හිනා ලු. සර්ට තේරුනාලු මේකා ලිවින් ටුගෙදර් කියලා කිව්වට ඒකේ තේරුම දන්නේ නෑ කියලා. ඊට පස්සේ සර් ඩික්ශනරියක් අතට දීලා ලිවින් ටුගෙදර් කියන එකේ තේරුම හොයන්ඩ කියලා.

තේරුම හොයනවත් එක්කම තේරුනාලු ඉංග්‍රිසිය වැරදුනා කියලා. කොහොමහරි ඒ මොහොතේ ෂේප් වෙලා ආවලු. පස්සේ ඒ අයියා නෙමේලූ රූමාගේ කිසි දේකට කතා කරන්ඩ ගියේ.

ඔන්න ඔය කතාව අපේ පොලොන්නරු අයියා හැම කුප්පියකදිම කියනවා. මං දැනුවත්ව කුප්පි දෙකකදිම ඔය කතාව අහලා තියෙනවා.

අද ඉතිං කම්මැලිකමට ඔහේ අකුරු ටිකක් කොටලා දැම්මා.එහෙනං මම ගියාවේ !

21 comments:

  1. ඔයා මොකද එලියෙ හිටගෙන ඉන්නේ ඇවිත් මගේ කුඩේ යටින් හිටගන්න කියල අපි ඉස්සර කියුවේ මෙහෙමයි.. හැක් හැක්.. Why are you outstanding? come and understand my umbrella.. :P

    ReplyDelete
    Replies
    1. මරු ඉංග්‍රීසි.. හික්ස් :)

      Delete
  2. ආර් යූ ක්‍රිස්මස් වගේ තමයි. අහල තීනවද අර "we don sell to blondes" කතාව?

    ReplyDelete
    Replies
    1. ඒ මොකද්ද ඒ කතාව.. ? මම අහලා නෑනේ.

      Delete
  3. තාපගති විද්‍යාවයි ලිවිං ටුගෙදර් එකෙයි අතරෙ සම්බන්ධයක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. නෑ නේ.. ඒකා ඔය කතාවත් කිව්වා.

      Delete
  4. මං මෙච්චර කල් හිතුවේ මධුරංග ගේ පවුලේ ඉන්නේ මධුරංගයි මල්ලියි විතරයි කියලායි.

    ඒ කියන්නේ පවුලේ ඉංජෝ දෙන්නයි, මෙඩ්ඩෝ එකයි!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මැට්ටෝ එකයි

      Delete
    3. රසික :
      දෙන්නයි ඉන්නේ.. මායි මලයයි විතරයි !

      Delete
    4. ඇනෝ :
      මාත් එක මැට්ටෙකි !

      Delete
    5. බොරු කියන්න එපා. දෙන්න නෙමේ තුන් දෙනයි නේද?

      1. මෙඩිසින් කළ මලයා http://madurangacreations.blogspot.com/2014/11/blog-post_13.html

      2. බ්ලොග් එක ලියන මධුරංග

      3. තර්මෝ ටියුෂන් දුන් අයියා (".........මට අපේ කැම්පස් එකේ හිටපු අයියා කෙනෙක්ව මතක් උනේ.....")

      ඇත්තටම කියනවා නම් අක්කා කෙනෙකුත් ඉන්නවා නේද විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තු? http://madurangacreations.blogspot.com/2011/07/blog-post.html

      Delete
    6. රසික :
      ඔබතුමාට මාර මතකයක්නේ තියෙන්නේ. කොහොමද ඔය විදිහට පරණ පෝස්ට් ටික සර්ච් කරලා ගන්නේ ?

      Delete
    7. කතන්දර ලොක්කට අවුලක් තියෙනවානේ සරසවි වල ඉහළ බැච් වල අයට අයියා අක්කා කීම ගැන. ලොල් !! පොර සෑහෙන ට්‍රයි කළා ඒක නවත්වන්න.

      Delete
  5. අනේ බං ඉතිං ඒ අයියත් පොලොන්නරුවේ හිටං අයිය කෙනෙක් නේ.. හැක්

    ReplyDelete
  6. thermodynamics matath amarui but kohomada manda B+ tibba :P

    ReplyDelete
    Replies
    1. දෙන්ඩ ඇති රිදෙන්ඩම... :)

      Delete
  7. You IP. I MP, You ද high, I High, My boy get-out.

    ReplyDelete
  8. who is the postman
    I is the postman
    Do You know who me are
    Yes I are

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.