19 December 2014

කොරියන් නාට්ටි පිස්සුව

කාලෙන් කාලෙට ගෑල්ලමයින්ටත් එක එක පිස්සු හැදෙනවා නෙව. එක කාලයක් ආවා කොන්ඩේ ස්ට්‍රේස් කරලා ඉරටු කූරු වාගේ කරගෙන ඉන්න. ඊට පස්සේ ආවා ජිම්නාස්ටික් කලිසම් ඇඳගෙන පාරේ බැහැලා යන්ඩ.

තවත් වතාවක තිබ්බ පිස්සුවක් තමා එක කනකට එක කරාබුවකට වඩා දාන්ඩ. ඒ නිසාම කන පුරාම හිල් කරගෙන කරබු තුන හතර දාන ගෑල්ලමයිනුත් හිටියා.

ඕං දැන් අළුත්ම පිස්සුවක් ඇවිල්ලා.... !

ඒ තමා කොරියන් කතා පිස්සුවක්.. ඒකට මුල පිරුවේ ජාතික රූපවාහිනියේ ගියපු සුජාත දියණි කතා මාලාවයි අභීත දියණි කතා මාලාවයි !
ඒ දෙකට වහ වැටිච්ච බවලත් ඈයෝ (මෙහෙම කිව්වට කොරියන් නාට්ටි බලන පිරිමි ඈයොත් ඉන්නවා.) පිස්සුවෙන් වාගේ කොරියන් කතා හොය හොයා බලනවා.

මට නං කොරියන් කතා වහ කදුරු වාගේ... !

මුලදි මුලදි මම හිතුවේ අපේ නෝනට විතරයි මේ පිස්සුව තියෙන්නේ කියලා. වැඩ්ට ආවට පස්සේ තමා දන්නේ ඒ පිස්සුව අනිත් ගෑල්ලමයින්ටත් තියෙනවාය කියලා. මේ දවස්වල නුගේගොඩ සීඩී කඩයක් ගෑල්ලමයින්ගෙන්ම පිරිලා.

සීඩි කඩේට දාන දාන කොරියන් කතාව බලනවා. මේවෑ ඉතින් ගන්ඩ හරයකුත් නෑ. බලන්ඩ දේකුත් නෑ. නාට්ටියේ ඉන්න කෙල්ලෝ අඳුර ගන්ඩත් බෑ කොල්ලෝ අඳුර ගන්ඩත් බෑ.. දෙවර්ගයම එක වාගේ.. !

ඉක්මනටම මේ කොරියන් පිස්සුව අපේ බවලත් සංහතියෙන් ඉවත් වෙලා යන්ඩ කියලා ප්‍රාර්ථනා කරන්ඩ ඕන... හික්ස් :)

36 comments:

  1. කොරියන් කතා යන වෙලාවට ටීවී එක කිට්ටුවකටවත් යන්න වෙන්නේ නැතින් නිසා ඒ පිස්සුවෙන් නම් බේරිලා ඉන්නවා.. හි..හි..

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි. කොරියන් කතා වගේම ඉන්දියවෙන් එන මෙගා නාට්ටිත් මෙලෝ රහක් නෑ. :)

      Delete
  2. ගහකොල මල් ගල් ගැසී බලා ඉන්නවා
    යුක්තිය යුතුකම් සොයා ඇය පියඹනවා..

    ඕක අපේ පොඩි උන් දෙන්නගේ ජනප්‍රියම සිංදු වලින් එකක්.. හැක් හැක්.. සුජාත දියණි කතාව මාත් ගොඩක් වෙලාවට බැලුවා.. ඔෂින් නාට්‍යයෙන් පටං අරන් ජාතික රූපවාහිනියෙ පෙන්නපු සුජාත දියණි හා අභීත දියණි කියන කතා දෙක ගැනනම් ගොඩක් දෙනෙකුගේ පැහැදීමක් තියෙනවා.. අභීත දියණි බලන්න බැරි උන නිසා යමක් කියන්න බැරි උනත් සුජාත දියණි කතාවනම් අපේ පබා සීරීස් එකට වඩා හොඳයි.. මේ මගේ අදහස.. ඒ රැල්ලට ගිහින් හැම මගුලම බලන එකනම් කොහොමත් හරියන වැඩක් නෙවෙයි. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඒ දෙකේ නම් ගන්ඩ දෙයක් හරි තිබුනා. දැන් යන කතා සෙට් එකේ කිසිම හරයක් නෑ නෙ.

      Delete
  3. වැඩේ කියන්නෙ මධුරංග අය්යෙ
    ඔය ඒවැයි ඉන්න උං අපිට මලාට අදුනන්න බැරිවුණාට ඔය ගෑණු අය මේ අහවලා මේ මේකා කියල ටක්කෙටම කියනෙකනෙ

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්. අපේ එක්කෙනාත් ඒක ටක්කෙටම කියන එකනේ වැඩේ.

      Delete
  4. //නාට්ටියේ ඉන්න කෙල්ලෝ අඳුර ගන්ඩත් බෑ කොල්ලෝ අඳුර ගන්ඩත් බෑ.. දෙවර්ගයම එක වාගේ.. !//

    ඔන්න බං මටත් තියෙන සීන් එක.. ඒක නිසා බලන්නෙම නෑ. ඇයි හත්දෙයියනේ මොකා බැලුවත් සුජාත දියණිය වගේමයි මට පේන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මේ සීන් එක මට විතරක්ම තියෙන අවුලක් නෙමේ. හිහ්..හිහ් හිහ්.. ආහ් නෑ හැක් හැක් හැක් !

      Delete
  5. ඕකට මුල පිරුවෙ ITN එක. ඒකෙ ගිය ෆුල් හවුස් කියන කොරියන් කතාව තමයි ඉස්සෙල්ලම ආපු එක. ඒත් ඒක ඩබ් කරල තිබුණෙ නෑ. සබ්ටයිටල්ස් විතරයි. ඒ හින්ද දැං පෙන්නන ඒව තරං පජාත උනේ නෑ. මට පේන විදියට ඔය කතා කන්නෙ අපේ හඬකවන එවුවො තමයි.

    ReplyDelete
    Replies
    1. හඬකවපු එකෙන් වෙන්ඩ ඕන ඒ කතා සෙට් එක පජාත උනේ.

      Delete
  6. චැහ්! හරිම අප්පිරියයි මට දැන් මේ කොරියන් විකාරේ. අනේ ඇත්තට අපේ තාරුණ්යය මෙච්චරටම බොළඳ උනානේ.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්...
      මෙලෝ රසාස්වාදයක් නෑනේ.

      Delete
  7. මටත් ඔය කොරියන් කතා ඇලජික් වෙලා තිබ්බේ...ඒකට වැඩිපුරම හේතු උනේ ඒවා ඩබ් කරලා මල විකාරයක් කරපු එක...
    ඒත් ඊයේ පෙරෙයිදා දවසක යාළුවෙක් ගෙදර දාලා ගිය කොරියන් කතාවක් තිබුනා "My love from another star" කියලා...ඒක නම් හැබැයි ගතියක් තියෙනවා වගේ හින්දි ෆිල්ම් එකක වගේ දෙන talk තියෙන්නේ...ඩබ් කරලා නැහැ...subtitle එක්ක...ඒ නිසා ගතියක් තියෙනවා...
    ඒක කොච්චර වැදුනද කියනවනම් මේ ටිකේCD shop වල ඔය කතාවේ ඉතුරු ටික ගන්න හොයනවා.... :D

    ReplyDelete
    Replies
    1. http://www.viki.com/videos/1026409v-my-love-from-the-star-episode-1#

      Delete
    2. පික්ෂු කේස් එකක් නෙහ්...
      ඔයෑකක් බලලා නවත්තලා දාහං කොල්ලෝ. නැත්නම් අපේ එක්කෙනාට වගේ අබිං කෑවා වගේ තියේවි.

      Delete
    3. ඇනෝ :
      ඔය ලින්ක් එක අමිලයාට සෑහෙන වටිනෑකක් වෙයි :)

      Delete
  8. ගෑල්ලමයි වගේද සමහර කොල්ලො ..අපේ කැම්පස් එකෙ එක කොල්ලෙක් කොරියන් කතා වලට කොච්චර ආසද කිව්වොත් යස අගේට තිබ්බ ලස්සන කොන්ඩේ පස්සේ කාලෙක කූරු කූරු කරන් ඇවිල්ල තිබ්බෙ .බැලින්නම් කොරියන් කතාවල ඉන්න කොල්ලො වගේ කොන්ඩේ හදාගන්න ඕන උනාලු :) .

    ReplyDelete
    Replies
    1. පිස්සු හොඳ එක...
      ඇයි ඉස්සර රොනාල්ඩෝ කට් එක බෙකම්ගේ කට් එක ආවේ. ඒ වගේ මේකත් ඉස්සරහදි ජනප්‍රිය වෙයි :)

      Delete
  9. රස වින්දනය වුණත් සාපේක්ෂයි. සම්භාව්‍ය කතාවලට ආසා අය ඒවා බලනවා. බොළද කතාවලට ආසා අය ඒවා බලනවා. කාලෙන් කාලේට එක එක දේ එනවා. මේකෙන් පස්සේ තව එකක්. දැන් මේ ග්ලෝබල් විලේජ් කතන්දරේ නිසා මේවා වළක්වන්න විදිහකුත් නැහැ. මෙහෙම බලාගෙන ඉමු. මේවා ඉක්මණට වෙනස් වෙයි.

    ReplyDelete
    Replies
    1. රසවින්දනය උනත් මොට වෙන එකනේ බලාගෙන ඉන්න බැරි. හොඳ දෙයකට යොමු උනා නං තව කමන් නෑ කිව්වෑකි.

      Delete
  10. බලන අය බලන්න. නොබලන අය නොබලන්න. ඇස් තම තමන්ගෙනෙ.. ඔව්වද රටේ තියෙන ප්‍රස්න ^_^

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්.. මේවා නෙමේනේ රටේ ප්‍රශ්න..

      Delete
  11. කොරියන් වලට ඇයි විශේෂයක්? අර මිනිස්සු නිදිමරාගෙන බලන ඉන්දියන් ඒවා හොදද?
    ඒවා එක්ක බලපුවාම කොරියන් ඒවා රත්තරන්...
    ලංකාවේ යන දෙකයි පනහේ මෙගා නාට්‍ය වලට වඩා කොරියන් කතා හැම අතින් ම හොදයි! තමන් දකින විදය අනුවයි වෙනස!

    ReplyDelete
    Replies
    1. තම තමන්ගේ කැමැත්ත නෙහ්. කොරියන් වගේම තමා ඉන්දියන් ඒවාත්. අපෝ.. අපෝ අපෝඊඊඊ

      Delete
  12. වැඩක් නෑ බං. කාලයක් ඉන්දියන් පිස්සුව. දැන් කොරියන්. ඉස්සරහට ඉතියෝපියන් එහෙමත් එවි මෙය හිතේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඒවත් අපේ කට්ටිය නිදි මරාගෙන බලන්ඩ ගනීවි.

      Delete
  13. ළමයි දෙන්නෙක් ලග හදාගනින් , සුරුස් ගාල ප්‍රශ්නෙ ඉවරයි . ඇබ්බැහිය නිට්ටාවට සුව වෙනව. අත්දැකීමෙන් කියන්නෙ .

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒක නම් හොඳ අදහසක් තමා.

      Delete
  14. කොරියන් ඒවනං චොරයි.වෙලාවට ටීවී බැලෙන්නැති හින්දා එච්චර වදයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් දාහෙන් සම්පතයි. දැන් ටීවි වල බලන්ඩ දෙයක් නෑ. ඒක නෙමේ කොහේ ද ඉන්ටර්න් හම්බ උනේ ?

      Delete
  15. කොරියන් පිස්සුවක් හැදිල තමා දැන් කාලෙක ඉඳල. අපේ අක්කල, උන්ගෙ දූලත් ඕව බලනව පිස්සුවෙන් වගේ. කොරියන් ඒවට ගහන්න හදාපු දස්කොන් උනත් චාටර්නෙ. ඉතින් අපේ උන් මොනා හරි බලන්න පුලුවන් එකක් හොයාගන්න එකේ අමුත්තක් නෑ. ඒත් හඬ කැවිල්ල තමා චාටර් මටත් හිතුනෙ.

    ReplyDelete
    Replies
    1. හඬ කැවිල්ල හොඳට තිබුනා නම් ටිකක් හරි චාටර් නොවී තියෙන්ඩ ඉඩ තිබුනා.

      Delete
  16. මමනම් කෙල්ලෙක් නෙමෙයි. ඒත් මමනම් කොරියන් කතා වලට කැමතියි. මමත් ඉන්දියන් ඒවට න්අම් කැමතිම නෑ. බොලදයි. මම ජනප්‍රිය ඉංග්‍රීසි tv series හැම එකක්ම වගේ බලලා තියෙනවා.ඒවා බලන්නෙ කුතුහලය ඇතිකරගන්න,හිතන්න ඕන නිසා. කොරියන් ඒවා බලන්නෙ හිතට පොඩි නිදහසක් දැනෙන්න. මම හිතන විදිහට දෙරණ නාලිකාවෙන් හඩ කවපු boys over flowers සාර්තකයි.ඒ වගේම දැන් යන the heirs එකත් පට්ට. පුලුවන්නම් දැනට දෙරණෙ ගිහින් තියෙන the heirs එකේ පලවෙනි එපිසෝඩ් 6 බලන්න.බලලා ඉවර වෙලා අදහසක් දක්වන්න.

    ReplyDelete
  17. When husband is not at home to celebrate Christmas this was a great relief to pass on the time.

    ReplyDelete
  18. මට ඔය පිස්සුව ආවේ ගොඩක් කලිං ඉඳන්මයි. දැන් වෙලාවක් නැහැ. බලපු හොඳ ඒවා ටිකක්, මගේ අදහස් සමගම මෙතන තියෙනවා.

    මම ඔක්කොම ගන්නේ https://www.asiatorrents.me/ වලිං. ලේසියි පහසුයි.

    ReplyDelete
    Replies
    1. Thanks for the information,out of all these I have watched only personal preferences thatz so nice i watched it for the third time on last two days but still its nice to watch again.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.