21 December 2014

කෝට්ටේ නටබුන් සොයා - 4වන කොටස

මේ සති අන්තයේ සෙනසුරාද දවසේ ගෙදර ඉන්න කම්මැලිකමක් හිතුනා. ඒ නිසාම පොඩ්ඩක් කොහාට හරි ඇවිදලා එන්න ඕන කියන අදහස හිතට තදින්ම දැනුන නිසා මගේ ගමන් මල්ලට කැමරාවත් ඔබාගෙන කෝට්ටේ පැත්තට එන්ඩ ගෙදරින් පිටත් උනා. කොහේ හරි දුරකට යන්න නම් වෙලාව මදි නිසා කෝට්ටේ පැත්තේ ඉතුරු නටබුන් ටික බලාකියාගෙන එන්ඩ තමා ගෙදරින් පිට වෙලා ආවේ.

කෝට්ටේ නටබුන් වලින් මට බලන්ඩ කියලා ඉතුරු උනේ අලකේශ්වර මාලිගයේ නටබුන් ටිකයි බැද්දගාන වෙහෙරකන්ද නටබුන් ටිකයි විතරයි.

මම ගෙදරින් පිටත් වෙලා කිරිබත්ගොඩට ඇවිදින් 154 කිරිබත්ගොඩ අඟුලාන බස් එකකට නැග්ගා. බොරැල්ලට ටිකට් අරගෙන බොරැල්ල හන්දියෙන් බැහැගත්තා. ඊට පස්සේ 153 බොරැල්ල නවරෝහල බස් එකක නැගලා බංගලා හන්දියට ආවා. එතැන ඉදලා පයින්ම දේවාල පාරට ආවා.

ගෙදරින් එනකොට අවුව පායලා තිබුනට කොළඹට කිට්ටු වෙනකොට හිරිපොද වැස්සක් වැටීගෙන ආවා. වැස්සක් වැස්සා කියලා ආයේ හැරෙන්න යෑ.. මම පොද වැස්සෙම අලකේශ්වර මාලිගයේ නටබුන් බලන්න ආවා.

මේ තැන අලකේශ්වර මාලිගයක් තිබ්බ බවට ඔප්පු වෙලා තියෙන්නේ කැණීම් වලින් හම්බ වෙච්ච  ඇඹරුම් ගල්, ජල පෙරණ වැනි උපකරණ නිසා. නැත්නම් මේ ස්ථානය අලකේශ්වර සොහොනේ නටබුන් කියලත් මතයක් තියෙනවා.

13 වෙනි සියවසේ දි තමයි අලගක්කෝනාර පරපුර ලංකාවට එන්නේ. මේ පරම්පරාවම  තමා අලකේශ්වර පරම්පරාව කියලා හදුන්වන්නේ. අලගක්කෝනාර එහෙමත් නැත්තන්ම් අලකේශ්වර පරම්පරාවේ නිශ්ශංක අලගක්කෝනාර කියන සාමාජිකයා තමයි කෝට්ටේ රාජධානිය නිර්මාණය කරන්න මූලිකත්වය අරගෙන කටයුතු කරලා තියෙන්නේ.

දැන් බලන්න යන්නේ කෝට්ටේ රාජධානිය නිර්මාණය කරන්න මූලික වෙලා කටයුතු කරපු නිශ්ශංක අලගක්කෝනාරගේ මාලිගාවේ නටබුන්.. එහෙනම් පින්තූර ටික බලලම ඉම්මුකෝ.. !

දේවාල පාර ඉවර වෙනවත්තෙක්කම වගේ පල්ලෙහා තියෙන පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් හයි කරපු බෝඩ් ලෑලි පේන්න තියෙනවා.

මේ පුරාවිද්‍යා භූමිය වටේට කම්බි වැටක් ගහලා තියෙනවා. ඒ වගේම ඇතුල් වෙන්න ලොකු ගේට්ටුවකුත් තියෙනවා. ඒත් ගෙට්ටුවට ඉබ්බා දාලා වහලා. වැටෙන් පැන්නොත් ලඟටම ගිහින් බලාගන්ඩ පුලුවන්. ඒත් මම කම්බි වැටෙන් පැන්නේ නෑ. නිකන් මොකෝ අනුන්ගේ ඉඩම් වලට පනින්නේ.. :)

පහලින් තියෙන්නේ මාලිගාවේ නටබුන්. එකිනෙකට වෙනස් කබොක් අත්තිවාරම් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.
 කුඩේ හෙවිල්ලගෙන එක අතකින් කැමරාවත් මානගෙන පින්තූර කෑලි දෙක තුනක් අරගෙන මම ආයෙම කෝට්ටේ ප්‍රධාන පාරට එන්ඩ හැරුනා. මගේ ඊලඟ වෑයම බැද්දගානට යාගන්න එක. මම කෝට්ටේ පාරෙන් 163 දෙහිවල විදේශ සේවා බස් එකක නැගලා පිටකෝට්ටේ හන්දියට ආවා.

එතන ඉදලා හිරිපොද වැස්සෙම තලවතුගොඩ පාර දිගේ බැද්දගාන පාරට ආවා.
ලිපිය ගොඩක් දිග වන නිසා ඒ ටික ඊලඟ ලිපියෙන් කියන්නම්..

----------------------------------------------------------------------
ප.ලි. - කෝට්ටේ ගමන ගැන මම ලියපු ලිපි තුන මෙන්න.

පළමු ලිපිය | දෙවන ලිපිය | තුන්වන ලිපිය

8 comments:

  1. කොහෙද යකෝ දිග වෙන්නෙ, ඉක්මනට ඉතුරුටික ලියාපිය. මෙව්ව අත ගාව තිබ්බත් කවුරුත් බලන්නෙත් නෑ, දන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටිකත් දැම්මා නං පෝස්ට් එක ලෝඩ් වෙන්ඩ පමා වෙන නිසා දැම්මේ නෑ.. අද හවස් වෙනකොට ඒක දාන්නම්.

      Delete
    2. එල එල එල
      තෑන්ක්ස් !!!

      Delete
  2. ගිය සෙනසුරාද වරුවෙං ඔෆීස් එකන් ගියේ නිවාඩුවට ඇවිල්ල ඉන්න ගෙදර අයත් එක්ක කොහෙ හරි ඇවිදින්න යන්න හිතාගෙන.. මදුරංගගේ විස්තර බලල තියෙන නිසාම මං බිරිඳට යෝජනා කලා මේ කෝට්ටේ පංසලට යන්න.. අවසානයේ ඔය කියපු වැස්සයි පොඩි උන්ගේ බලපෑමයි නිසා අන්තිමට නතර උනේ සුපුරුදු පරිදි සතුටු උයනේ හා දියත උයනෙන්.. මෙලෝ රහක් නෑ.. අම්මේ එදා තිබුණු හීතල.. ලමයි ලොකු වෙච්චි දවසකවත් යන්නෝනෙ මේව බලන්න.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මටත් තව ටික කාලෙකින් ඔය සෙතේම වෙයි. පොඩි එකෙක් දෙන්නෙක් ඉන්නකොට අපේ නිදහස සීමා වෙයි. සෙනසුරාදා දවසේ නං පට්ටම සීතලක් තිබුනා තමා.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.