12 August 2014

පෝය පංති

කලින් ලිපියේ දි මම කිව්වා නෙහ් අපි දෙගොල්ලෝ දිස්ත්‍රික්ක දෙකක නිසා රෙජිස්ටාර්ලා අතරේ පෝරම් කොළ හුවමාරු කලා කියලා.ඔය පෝරම් කොළ හුවමාරුවෙන් පස්සේ රෝස පාට කොළ දෙකක් දෙන්නටම දෙනවා.අන්න ඒ කොළ දෙක ගන්ඩ ඕන.

ඒ කොළ දෙකයි පෝය පංති ගිහින් ලැබෙන සහතිකයේ පිටපතයි ෆාදර්ට දෙන්ඩ ඕන. එතකොට තමා ෆාදර් කසාදය ලියාපදිංචි කරන්නේ. ඒ ලියාපදිංචිය කරන්නේ විවහා පූජාවෙන් පස්සේ.

මොකද්ද මේ පෝය පංති කියන්නේ ? මොනවද ඒකෙන් කෙරෙන්නේ..? අද ලිපිය ඒ ගැන ලියන්න කියලා හිතුනා.

පෝය පංති කියලා කටට හුරුවට කිව්වට මේ පංතියේ හරිම නම වෙන්නේ "විවහා අපේක්ෂක සමුළුව" කියන එක...ඉස්සර ඉදලා පංතිය තියලා තියෙන්නේ පෝය දවසේ.. කාටත් නිවාඩු දවසක් නෙහ්... ඒ නිසයි මිනිස්සු කටට හුරුවට පෝය පංති කියලා කියන්නේ.

දැන් නම් පෝයට විතරක් නෙමේ හැම ඉරිදාවකම එක එක තැන් වල මේ පෝය පංති පැවැත්වෙනවා... මමයි අපේ උන්දැයි ගියේ මොරටුව ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාම ශාලාවේ තිබ්බ පංතියට.. මේක මොරටුවේ තියෙන ගෑල්ලමයින්ගේ ඉස්කෝලයක් ! මූදු වෙරල ගාව තියෙන ලස්සන ස්කෝලයක් !

හරි ඒවයින් වැඩක් නෑ..

මේ පෝය පංතියෙන් කෙරෙන්නේ විවහා වෙන්න ඉන්න දෙන්නට ඉදිරි ජීවිතය ගෙනියන්න ඕන කරන උපදෙස් දෙන එක...

පෝය පංතියට සහභාගි වෙන්න කලින් විවහා පූජාව තියෙන පල්ලියේ ෆාදර්ගෙන් ලියුමක් ගන්ඩ ඕන. ඒ ලියුමේ තියෙන දුරකතන අංක වලට කතා කරලා පංතියට දිනයක් දාගන්ඩ ඕන. මම දාගත්තේ අගෝස්තු 10වෙනිදා...(පෝය දවසේ). දිනයක් දාගෙන ෆෝරමය පුරවලා ඒ පංතිය තියෙන දවසේ උදේට ගේන්ඩ ඕන.

පංතියට එනකොට බයිබලයක්, සටහන් පොතක්,පෑනක්,දවල් කෑම, ජාතික හැදුනුම්පත එහෙම ගෙනියන්න ඕන.පංතිය තියෙන්නේ උදේ 8.30 ඉදලා හවස 5.30 වෙනකන්. මට මුලදි හිතුනේ ඔච්චර වෙලා වාඩි වෙලා ඉන්න එක සෑහෙන අමාරු වෙයි කියලා. ඒත් ඉතිං මොනා කරන්නද කට්ට කාගෙන හරි ඉන්නවා කියලා හිත හදාගත්තා.

අපි දෙන්නා උදේ අටහාමාර වෙනකොට ඉස්කෝලේ ඇතුලට ආවා... ඒ වෙනකොටත් අපි දෙන්නා වගේ බඳින්න යන ජෝඩු කිහිපයකුත් ඇවිත් උන්නා. උදේ නමය වෙනකොට දේශන ශාලාවේ වාඩි වෙන්න කිව්වා. මේ සම්පූර්ණ පංතියට ජෝඩු 20ක් ඇවිත් උන්නා.

පංතිය දේශන හතරක් තියෙනවා. උදේ දෙකයි... දවල් කෑමෙන් පස්සේ දෙකයි. ඒ හැම දේශනයකටම ආවේ දේශකයායි එයාගේ නෝනයි.. ජෝඩුවක් තමා දේශනය කලේ.

දේශන 01- කතෝලික විවාහයේ බයිබලීය පැතිකඩ
ඔය වගේ නමක් තමා දේශනයේ තිබ්බේ. මේකෙන් කෙරෙන්නේ විවහා ජීවිතයට ඕන කරන ආගමික පසුබිම පැහැදිලි කරලා දෙන එක. බයිබල් පාඨයක් කියවලා තේරුම් කරවන එක තමා මේකෙන් කෙරුනේ.. මට නං ශෝක් එකට නින්ද ගියා.

දේශන 02 - කතෝලික විවාහයේ මනෝවිද්‍යාත්මක පැතිකඩ
මේ දේශනය නං මරු.... මේකෙන් කෙරෙන්නේ දෙන්නගේ මානසික මට්ටම තේරුම් ගන්නේ කොහොමද දෙන්නා අතරේ ගැටුමක් ඇති උනහම ඒවා නිරාකරණය කරගන්නේ කොහොමද වගේ මානසික පැත්තෙන් මතුවෙන දේවල් ගැන කියලා දුන්නා.

දේශකයාගෙයි එයාගේ නෝනගෙයි පවුල් ජීවිත වලින් උදාහරණත් දාලා ලස්සනට දේශනය කලා.ඒ අයට ආපු ගැටුම්, ඒවා නිරාකරණය කලේ කොහොමද වගේ දේවලුත් මේ දේශනයෙන් කිව්වා.

දේශන 03 - කතෝලික විවාහයේ කායික පැතිකඩ
මේකේ නම් තනිකරම කියවෙන්නේ ලිංගික ජීවිතය ගැන.කොහොමද විරුද්ධ ලිංගිකයාව තේරුම් ගන්නේ. එයාගේ ඕනෑ එපාකම් පිරිමහන්නේ කොහොමද ස්වබාවික උපත්පාලනය වගේ දේවල් සරලව විස්තර කලා. තව ගබ්සාව ගැනත් ලොකු විස්තරයක් කලා.

මෙතනදිත් සාමාන්‍ය ජීවිතයේ එයාලා මූන දීපු ගැටලු උදාහරණෙට අරගෙන විස්තර කලා..

මේ දේශනයේදි මට ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමා කතෝලික සභාව කෘතිම උපත් පාලන අනුමත කරන්නේ නැත්තේ ඇයි කියලා.කෘතිම උපත් පාලනය කියන්නේ කොන්ඩම්, ලූප්, සැත්කම්, එන්නත්, පෙති වගේ දේවල්... !!

ඒ වෙනුවට එයාලා (කතෝලික සභාව) හදුන්වා දෙන්නේ බිලින්ග්ස් ක්‍රමය ලූ.. ! ඒ ගැන පසුවට කියන්නම්.

දේශනය 04 -කතෝලික විවාහයේ සමාජීය පැතිකඩ
මේ දේශනයෙන් කරන්නේ විවහාපත් යුවලකගේ ජීවිත වලට තුන්වෙනි පාර්ශ්වයකගේ බලපෑම ගැන.නැන්දම්මා ලේලි ගැටුම් ගැන එහෙමත් මේ දේශනයෙන් විස්තර කලා. ඒ වගේම තමා දෙන්නගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන් යාලු මිත්‍රාදින් නිසා විවහා ජීවිතය තුල සිදු වෙන්න පුල්වන් බලපෑමත් විස්තර කලා.

ඔය ටික තමා පෝය පංතියෙන් කලේ. දේශන හතරම ඉවර වෙලා හවස අපිට සහතික පත් දුන්නා. ඒ සහතිකය දෙන්නේ පෝය පංතියට සහභාගි උනා කියලා ඔප්පු කරන්න. මේ ජාතියේ දේශන තියලා දැනුවත් කිරීම් කරන එක නම් හොඳ වැඩක්..

සෑහෙන දේවල් ගොඩක් ඉගෙන ගන්න ලැබුන දේශන මාලාවක්. දේශනයෙන් දේශනයට විවේක කාලයක් දෙන නිසා කම්මැලිකමක් හිතුනේ නෑ...

අපි දෙන්නා දේශන ඉවර වෙලා මොරටුව ස්ටේශන් එකට ආවා.එයා බස් එහෙක නැගලා ගෙදර ගියා. මම මොරටුවෙන් කොළඹ කෝච්චියක එල්ලුනා !

ඔන්න ඔහොමයි ඒ දවස ගෙවුනේ !

24 comments:

  1. දේශන ඉවර වෙලා ඒවා අමතක කරල දැම්මද??

    ReplyDelete
  2. දේශක යා :
    පෝස්ට් එක දාපු රස්නේ යන්නත් කලින් කමෙන්ට් කලේ කොහොමද කියන්න !

    ReplyDelete
  3. missionary position විතරයි කියල දැන් උගන්නන්නෙ නැතුව ඇති නේද?

    කොහොමත් ඒ කතාව ආවෙ වික්ටොරියානු ඇන්ග්ලිකන් මිශනාරිවරුන් නිසා මිස කතෝලික අයගෙන් නෙමෙයි මං හිතන්නෙ

    ReplyDelete
  4. ඔහොම දේශන දෙන්නේ ආගමේ අයට විතර ද?

    ReplyDelete
  5. අපේ දේශකයත් ආවද දේශනාවක් දෙන්න. දේශිකා කියන්ඩ ඇත්තෙ පොල්පිත්තක් අරන් තමයි එයා ගැටුම් නිරාකරනය කරගන්නෙ කියල. :- D , අපිට නම් පෝය පංතිය දවසෙ පල්ලියේ කට්ටිය කෑම දුන්න. පෝය පංතිය කියන්නෙ ඉතා වටිනා එකක් කියල දුන්න දේවල් අනාගතයේ ප්‍රයෝජනවත් වෙයි.

    ReplyDelete
  6. හප්පේ එහෙහමත් එකද්ද....
    දැං හොදට නින්ද ගියා කියපු මනුස්සය කොහොමද කියන්නෙ කියපු දේවල් වැදගත් වුණා කියල..
    පොඩ්ඩක් පැහැදිලි කරන්නකො අප්ප...
    අපේ ඒලෙවල් ලියන ළමයින්ට එහෙම වැදගත් වෙයි..
    ඇයි අප්පා නිදියන ගමන් ඉගෙන ගන්න එක..
    කොච්චර සොයිද

    ReplyDelete
  7. මේ පංති බෞද්ධ අයටත් පවත්වනව නං හොඳයි.

    ReplyDelete
  8. //දේශකයාගෙයි එයාගේ නෝනගෙයි පවුල් ජීවිත වලින් උදාහරණත් දාලා ලස්සනට දේශනය කලා.// මේ අපේ දේශකය නෙමෙයි නේද. එහෙමනං වෙන්නෙ බැඳපු ගමං බෙල්ලෙ වැල දාගන්න තමයි. :D

    කොහොම උනත් ඔය දේවල් කියල දෙන එකනං වටිනව. හැලපෙ කියල තියෙනව වගේ බෞද්ධ අයටත් ඔහොම දෙයක් තියෙනවනං වටිනව.

    ReplyDelete
  9. බිලින්ග්ස් ගැන දැන්ම කියනවානම් තමයි හොඳ!!

    ReplyDelete
  10. මධුරංගටත් මංගල සීනු වගේ. සතුටුයි සතුටුයි. අපි "විවාහ අපේක්ෂක සමුළුව" වෙනුවෙන් ආවෙත් ඔතෙන්ටමයි. සමහරවිට අපේ ක්ලාස් එක කරපු කපල්මයි එන්නත් ඇත්තෙ. සුභපැතුම් මල්ලි..

    ReplyDelete
  11. http://www.thebillingsovulationmethod.org/

    ReplyDelete
  12. ඕකට මරු බඩුව තමා අපේ දේශකයා....
    //දේශකයාගෙයි එයාගේ නෝනගෙයි පවුල් ජීවිත වලින් උදාහරණත් දාලා //
    අපි කියන්නේ එයාට දේශිකා කියලයි...

    ReplyDelete
  13. ඔය දේශනාවන් නම් හැම ආගමකම අයටම ලබා දෙනවනම් හොදයි.

    ReplyDelete
  14. මොන දේශනාව තිබ්බත් ඒවා ඇහුවත් අන්තිමට වෙන්නේ ............ මුල් කාලේදී නෝනට කැමති දේ .... ඊට පස්සේ මහත්තයට කැමති දේ ... :P

    ReplyDelete
  15. එහෙම දැනුවත් කිරීමක් තියෙන එක හොඳයි කියලයි මට නම් හිතෙන්නේ.. මොකද හැමෝම හැම දෙයක් ගැනම දැනුවත් නෑනේ..

    ReplyDelete
  16. මගේ යාලුවෙකුත් ගියා බං ඕකට..තමාට අවශ්‍ය දරුවා ලිංග භේදය අනුව ලබා ගන්නා සිස්ටම් එකකුත් ඔය පන්තියෙදි කියා දෙනවා....ඒකට හොදට ඇහුම් කං දීහං...

    ReplyDelete
  17. බිලින්ග්ස් ක්‍රමය කියන්නේ අර කැලැන්ඩර් ක්‍රමයද? ඒකනම් එච්චර විස්සාසයක් තියන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි මම හිතන්නේ.

    ReplyDelete
  18. හෆොයි, දේශණ වලටත් යන්නත් ඕනද?

    ReplyDelete
  19. දිලිනි හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා. අදාල දේශනවලට විතරක් සහභාගි වෙන්ට පුලුවන් නම් නේද? අර තුන්වෙනියට කීවදේ විස්තර කරලා දෙන්ටකෝ. ඉක්මණින්...:)

    ReplyDelete
  20. Pra Jay :
    ඒක නං ඉගැන්නුවේ නෑ...

    කුරුටු ගෑ ගී පොත :
    ඔවු.. කතෝලික අයට විතරයි පෝය පංති තියන්නේ..

    කම්මල :
    ඔවු. ඒ දේවල් පහු කාලීනව ඕන වෙයි...

    Mahesh Rathnayaka :
    සම්පූර්ණයෙන්ම නින්ද ගියේ නෑ.. පළවෙනි දේශනයේදි විතරයි නින්ද ගියේ... ඉතුරු ටික ඇහැරගෙන උන්නා...

    ReplyDelete
  21. Helapa kade :
    බඳින්න ඉන්න කාටත් හොඳයි..

    Praසන්ன :
    ඔවු.. හැමෝටම මේ වගේ දේශන පවත්වන එක හොඳයි.

    Manosh Sandaruwan :
    කියන්නම් කියන්නම්... :)

    පිණිබිඳු... :
    එහෙනං ඒ කට්ටියම වෙන්න ඇති එන්ඩ ඇත්තේ.. ඔවු ඔවු ඔවු...මංගල සීනු හැඬවෙන්න යන්නේ...

    ReplyDelete
  22. Anonymous :
    සබැඳියට ස්තූතියි !

    Naleen Dilruksha samakayawate :
    දේශකයාත් ඔය වාගේ දේශන දෙනවද දන්නේ නෑ

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    ඒක නං ඇත්ත තමා..

    S. L. මැලේ රාළ :
    අනේද කියන්නේ... කටේ මසුරන් දාන්ඩ ඕන !

    තුශානි :
    ඔවු.. එහෙම දේවල් වලින් දැනුවත් කරන එක ගොඩක් වටිනවා.

    ReplyDelete
  23. සිරාගෙ කාමරේ :
    ශා... ඒම කියනවා නං මරුනේ.. අපට නං ඒම කිව්වේ නෑ..

    සයුරි :
    ඒක නෙමේලු... මේක වෙන ක්‍රමයක් ලූ... :)

    Dinesh :
    නැතුව නැතුව.. දේශනත් තියෙනවා.

    Podi Kumarihami :
    හරි මට හම්බ උන අත් පත්‍රිකාව කියවලා ඒකෙන් කරුණු අරගෙන කියන්නම්...

    ReplyDelete
  24. කාන්තා පාර්ශවයට මාසෙකට වතාවක් අහ වල් වැඩේ වෙන දවසෙ ඉදන් දවස් ගැනලා කැලැන්ඩරේ මාර්ක් කරලා තමයි ඒ කාරිය කොරන්න තියෙන්නෙ හරියට නියම දිනේට...අපේ එකාට දැන් කොල්ලොම දෙකයි.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.