06 August 2014

පොශ් කෑම කඩ වන්දනාව

අගෝස්තු මාසයත් පටන් අරගෙන දවස් කීපයකුත් ගත උනත් තාම මුකුත් ලියන්න උනේ නෑ..එක එක වැඩ නිසා ලියන එකයි බ්ල්ලොග් කියවන එකයි දවසින් දවස කල් ගත වෙනවා. අද වැඩ ටිකක් අඩු දවසේ මොනවහරි ලියන්න ඕන කියලා හිතුනා.

පහුගිය දවසක  මමයි අපේ උන්දැයි ඔය ස්ටූඩියෝ එකේ වැඩකට බම්බලපිටි පැත්තට ගියා. ස්ටූඩියෝ වැඩේ ඉවර උනාට පස්සේ අපේ එක්කෙනාට ඕන උනා එම්සී එකට ගොඩ වෙන්ඩ...මුකුත් ගන්ඩ නෙමේ.. නිකන් බලලා එන්න.

හරි යමුයි කියලා.. අපි දෙන්නම එම්සී එකට ගොඩ උනා කියමුකෝ... !

එම් සී එකේ රවුමක් ඇවිදලා වින්ඩෝ ෂොපින් පාරක් දාගෙන යන ගමන් "අපි මෙහේ ෆුඩ් කෝට් එකෙන් දවල්ට කමුද?" කියලා ඇහුවා. ඒ වෙලාවෙම වාගේ මට හිතුනා ලොකු ගානක් යන වැඩක් නේද කියලා... පොඩි අකමැත්තක් මගේ මූනෙන් පෙනුන නිසාමද මන්දා අපේ උන්දෑ එකපාරමු කිව්වා "ලොකු ගානක් යන්නේ නෑ" යි කියලා.

"හරි එහෙනං යමුකෝ !!!"

මාත් එකඟතාවය පල කලා. දෙන්නම ෆුඩ් කෝට් එකේ කෑම කඩවල කෑම දිහා බලාගෙන රවුමක් ගියා.ඊට පස්සේ පැත්තකට ගිහින් කන්නේ මොනවද කියලා හිත හිත උන්නා.එතකොටම අපේ උන්දෑ කිව්වා අපි අර කඩෙන් ලම්ප්‍රයිස් කමුය් කියලා.

මාත් හා කිව්වා.

හා කියලා එයාම ලම්ප්‍රයිස් දෙකක් ඕඩර් කලා. ගාන හත්සිය හතලිහක් උනා. ගානේ හැටියට එකක් තුන්සිය හැත්තෑවක් විතර වෙනවා. බුරිය උල් වෙනකන් කන්ඩ පුලුවන් වෙයි කියලා හිත හිත බත් එක බෙදනකන් උන්නා.

ඇතුල්පතකට කොට්ටං කොළ දෙකක් දාලා ඒ කොට්ටං කොළ උඩට බත් බෙදලා තිබුනා. හිතපු තරං මහ ගොඩක් නෙමේ.... හොදි බෙදන දීසියකින් එකක් වගේ ප්‍රමාණයක් !!!

බත් දෙක දැකපු අපි දෙන්නගේ මූනු අඳුරු උනා !

දැන් මොනවා කරන්ඩ ද... බත් දෙක අරගෙන පැත්තකට ගිහින් හිමි හිමිහිට කන්න පටන් ගත්තා.කන ගමන් කතා උනෙත් කෑම එක හෙන පාඩුයි නේද කියලා.

ඒ වගේම මම එක දෙයක් ඉගෙන ගත්තා. පොශ් විදිහට කන එකයි බඩගින්නට බඩ පිරෙන්න කන එකයි කියන්නේ එකිනෙකට වෙනස් මාතෘකා දෙකක් ය කියලා. කාලා ඉවර වෙලා අපේ එක්කෙනාත් කිය කිය ආවා ආයේ නං මෙහේ කෑම කඩ වලින් කන්නේ නෑය කියලා. 

කෑමෙන් පස්සේ අපේ උන්දැවගෙදර යන්න බස් එකට දාලා ඊට පස්සේ මම පොඩි හෝටලයකින් ශෝටීස් කෑවා. එතකොට තමා යන්තන් බඩ පිරුනේ...!

එං ඔහොම තමා එදා පොශ් කෑම කඩ වන්දනාව අවසන් උනේ !!!!

27 comments:

  1. අපරාදෙ. ඒත් සමහර කඩ වලදි වැඩිවන ගානත් එක්ක ලැබෙන බත් ප්‍රමාණයත් වැඩි වෙනවා.

    ReplyDelete
  2. ඔහොම තමයි අර KFC චිකන් බුරියානි එකත්. මෙහේ රුපියල් 180 ට කන රයිස් එකට හරියන් ඒව තුන හතරක් කන්න ඕන.

    ReplyDelete
  3. කෑම පුල් එකයි අඩු තුනයි.. කියල හයියෙන් කියන කඩවලින් තමයි කන්න ඕන.. නැත්තං බෙල්ල රිවට් වෙනවා....

    ජ ය වේ වා !!!!

    ReplyDelete
  4. මේ පාර ගල්කිසෙ බීච් එකේ තියෙන ලුන්ටාවො එකේ කාල මටත් ඔහොම් වැඩක් උනා. ආයි පලාතෙ යන්නෙ නෑ කිය්ල හිතා ගත්ත.

    ReplyDelete
  5. උඹට ජැකිගේ කඩෙන් බිත්තර ආප්ප කන්න තිබ්බ බඩ පිරෙන්න ඒ ගානෙන්.. එතනනේ දැන් තියෙන පොෂ්ම තැන.. හෙහ් හෙහ්

    ReplyDelete
  6. හෙහ් අයියටත් වෙන වැඩ. පාරට පැනපු ගමන් ටිකක් ඉස්සරහට ගියාම තියෙන කඩේ කෑමත් මරු !

    ReplyDelete
  7. :D තුන්සිය පනහකට බඩ පිරෙන්න දෙන්නේ නෑ බං ....හැබැයි සමහර කඩ වල බිත්තර සොසේජස් සේරම දෙනවා චොප්සි එකත් එක්ක ..ඒත් බත් නම් පොඩ්ඩයි දෙන්නේ..බඩ නම් පිරෙන්නේ නෑ අපි වගේ සාමාන්‍ය පන්තියේ මිනිස්සුන්ගේ. ඕවා කාලා බඩ පිරෙන්නේ පොෂ් බව පෙන්නන්න හදන වුන්ගේ තමයි..තුන් පාරක් විතර කෑව දැනට ....ඊට පස්සේ නැවැත්තුව.Roots එකේ fruit juice නම් සුප්පා. රසත් හොඳයි බඩත් පිරෙනවා ......ගොඩක් එවුන් ඕකෙන් කන්නේ තියෙන ආසාවට. කාල ඉවර වුනාමයි දැනෙන්නේ බඩ හිස් කියලා...ලොල් :D එක වේලකට එච්චර වියදම් කලේ ඇයි කියලා ඒ පාර බඩගින්නේ ඉන්නවා

    ReplyDelete
  8. ඔහොම බඩ පිරෙන්ඩ කියල අම්බානක කන්නැති තරමට සෞක්යට බොහොම හොඳයි. එත් අපේ ගොඩදෙනෙක් දැන් පුරුදුවෙලා ඉන්නේ එහෙම කන්න තමා. යකෝ 350ක් ගෙවල බත් මෙච්චරද කියල අහන අය බොහොමයි. එත් ගැටලුව තියෙන්නේ සාමාන්‍ය කාර්යාලයක වැඩ කරන කෙනෙක්ගේ ඇඟට ඔච්චර කෑම ඕනේ නැ. ඔය වැඩිපුර "බඩ පිරෙන්ඩ" කියල කන කෑම තමා පහුවෙනකොට කොලෙස්ටරෝල් දියවැඩිය වෙලා එන්නේ.

    ReplyDelete
  9. ලාංකිකයො අම්බානක බත් ගිල්ලට වෙනත් ජාතිකයො එතරම් කන්නෙ නෑ...උඹලා කෑම ගත්ත තැන පිටරටක මුල තියෙන එකක් නම් ඒ තරමට තමයි බෙදන්න ඇත්තෙ...අපි මෙහෙ මැලේ බත් කඩේකට කන්න ගියත් කුරුල්ලො කන තරමට තමයි බෙදන්නෙ...අපි ඉතිං කියලා වැඩිපුර ඉල්ලගන්නවා....මොකද මැලේ උන් අපි වගේ බඩජාරි විදියට කන්නෙ නැති නිසා.

    ReplyDelete
  10. ඒක නම් ඇත්ත.. පොෂ් කඩ වල ගාන වැඩි වුනාට ප්‍රමාණේ වැඩි නෑනේ...

    ReplyDelete
  11. ඇත්ත.. සමහර තැන් වල කෑවම බඩ පිරුණත් හිත පිරෙන්නෙත් නෑ හැබැයි...

    ReplyDelete
  12. මෙතන වෙලා තියෙන්නේ බඩ නොපිරීමට වඩා හිත නොපිරීමක්. ගිය ගාන් සැර වීමයි එයට හේතුව.

    ඔහේ ලා කාලා තියෙන්නේ ලම්ප්‍රයිස් නොවෙයි. අර මුල්ලේ කඩෙන් රයිස් ඇන්ඩ් කරි. ලම්ප්‍රයිස් කියන්නේ වෙනම පොශ් කෑමක්.

    බත් වැඩිය නොකා එලෝළු මස් මාලු වැඩිපුර කන්න.

    ReplyDelete
  13. හිහි..
    හොද වැඩේ...
    මම නං ආසම සයිවර් කඩ වලට අප්පා..
    හැක්

    ReplyDelete
  14. අර ඇනෝගෙ කතාවට එකඟයි. කාර්යාල වල වැඩකරන අපි ටිකක් කෑවම ඇති. නමුත් පුරුද්ද ලොකුයි නෙව.
    හැබැයි ගාන දිහා බැලුවම හිතෙනව අසාධාරණ අයකිරීමක් කියල. ඒ වගේම ලංකාවෙ පොෂ්:නොපොෂ් මිල අනුපාතය වැඩිියි

    ReplyDelete
  15. එහෙම්ම ටිකක් වැල්ලවත්ත පැත්තට ඇවිදන් ගියානම් ඔය ගානින් බාගයකටත් අඩුවෙන් "සරස්වතියෙන්" හොඳ තොසේ ඩයට් එකක් දාන්න තිබබා ආයෙත් රෑටත් ප්ලේන්ටියකින් විතරක්ම සැනසෙන්න

    ReplyDelete
  16. කොට්ටං කොලේට අල්ලන ප්‍රමානෙට තමයි දෙන්න ඇත්තෙ. අපිනම් කන්නෙ පොශ් සයිවර් කඩවලින් 200 කින් බඩ පැලෙන්න රසට කන්න පුලුවන්.

    ReplyDelete
  17. lump rice kiyanne nam kesel kole othala tiyena ekak. oya kala tiyenne rice and curry. mamanam othanata giyoth kannema peppers pizza eken. niyama italian kema...:D

    ReplyDelete
  18. පොෂ් දේවල් පුස් කියන්නේ නිකන්යෑ... හයියෝ කාසි

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. @Roshan Herath :
    මේකේ ප්‍රමාණය නම් වැඩි නෑ..

    Praසන්ன :
    මට නම් ඒ කඩේ චිකන් බුරියානි එක මෙලෝ රහක් නෑ..

    සී.ජේ. විදානේ. :
    ඇත්ත විදානේ... බෙල්ල උලුක් වෙනවා නේන්නම්...

    ඉන්දික උපශාන්ත :
    මාත් ආයේ පලාතක යන්නේ නෑ..

    Pathum Herath :
    ඒක නේන්නම්... :)

    ReplyDelete
  21. සිහින මදාරා :
    අපරාදේ කලින් දැනගත්තා නං එහේ යන්න තිබුනා.

    Yasiru Udana :
    හා මල්ලි !

    D_C_M :
    අන්න රූට්ස් එක නම් පට්ට.. අපට කිට්ටුත්තෙක්ක නුගේගොඩ රූට් එක. මාසෙට දෙපාරක් තුන්පාරක් රූට් නම් යනවාමයි !

    Anonymous :
    ඒ උනාට හෙන බඩ ගින්නක උන්නහම කන්න එපෑ ඇනෝ.... :)

    සිරාගෙ කාමරේ :
    මටත් අපේ එක්කෙනා ඔය මැලේසියන් කාරයන්ගේ කතාව කිව්වා. එයාල කන්නේ හෙන චුට්ටයිලූ..

    ReplyDelete
  22. තුශානි :
    එතකොට බඩ පිරෙන්නෙත් නෑනේ...

    Dinesh :
    මේකේ හිත පිරුනෙත්නෑ.. බඩ පිරුනෙත් නෑ...

    කතන්දර කාරයා :
    හෙන බඩගින්නක හිටියේ කකා... ඒකයි මදි උනේ... ලම්ප් රයිස් නං කෙහෙල් කොලේ ඔතලා තියෙන්ඩ එපෑ.. :)

    Mahesh Rathnayaka :
    සයිවර් කඩ වල තෝසේ නම් පට්ට. තෝසේ දෙකක් කෑවහම බඩ කොංක්‍රීට් කලා වගේ..

    රාජ් :
    හ්ම්ම්... අයකිරීම අසාධාරණයි නෙව..


    මැලේ රාළ :
    ආයේ ගියහම තෝසේ ඩයට් එකක් දාන්න ඕන...

    කම්මල :
    ඒකනේ.. සයිවර් කඩේකින් කෑවා නම් බඩ පිරෙන්නම කන්න තිබ්බා..


    Anonymous :
    කෙසෙල් කොලේ ඔතලා තිබුනේ නෑ මේක...

    ශානු :
    ඒක තමා....

    ReplyDelete
  23. බඩ පිරෙන්න කන එකෙයි, ඇගට අවශ්‍ය ප්‍රමාණයට කණ එකෙයිත් වෙනසක් තියෙනවා. අපේ ගොඩක් දෙනෙක් කන්න ගියාම හොයන්නේ ඒ කෑම එකේ තියෙන එළවළු ප්‍රමාණය, විටමින් ප්‍රමාණය, ප්‍රෝටීන් ප්‍රමාණය නෙවෙයි. බත් එහෙම නැත්නම් කාබොහයිඩ්‍රේට් ප්‍රමාණය. ඒ නිසා තමයි අපේ අය හිටු කියලා මහත් වෙන්නේ. මටනම් KFC එකේ ති‘යෙන regular රයිස් එක දවල්ට හොඳටම ඇති. බඩ නම් නිකං කොට්ටේ වගේ පිරෙන්නේ නැහැ, ඒත් ඇගට ඇති ගාණ.

    ReplyDelete
  24. මොන්ගෝලියන් චිකන් රයිස් එක නම් පට්ට. බද පිරෙන්න දෙනවා...

    ReplyDelete
  25. @ KAS

    ඒ ගානට එක මාසයක් හරි අමාරුවෙන් ඇද්දොත් ඒ ප්‍රමාණය පුරුද්දට යනවා. (ඊට වඩා කන්න ගියාම බඩ පුරවල දාල වගේ) එතකොට පර්ස් එකටත් ලේසියි, ඇඟටත් ගුණයි.හැබැයි KFC Mac වගේ එව්වගේ පොෂන් සයිස් එක හොඳ වුනාට සැචුරෙටඩ් සහ ට්‍රාන්ස් ෆැට් වැඩි කෑම තමා තියෙන්නේ. ඒවානම් ඇඟට හොඳ නැහැ. සමහර බර්ගර් 500 කැලරිස් වලට වැඩියි. ඕක සොෆ්ට් ඩ්‍රින්ක් එකයි ෆ්රයිස් එක්කයි කම්බයින් වුනාම ඕවර 1000 කැලරිස් වෙනවා. ඔහොම වේල් දෙකක් කෑවම තුන්වැනි කෑම වේල,උදේ ගහන ඇන්කර් එක, 10 ටී එක, හවස ෂොට්ඉට්ස් එක්ක ගන්න ටී එක ඔක්කොම කෙලින්ම මේදය විදිහට තැන්පත් වෙනවා ෆිසිකලි ඇක්ටිව් නැත්නම්. ඉතින් දුවනවා ජිම් පස්සේ හැබැයි ඒ යන ගමනුත් අරවිදිහට ගජරාමෙට කනව. පස්සේ ජිම් එකටත් බනිනවා අම්ම මුත්තා මතක් කරල. අපේ මිනිස්සු සල්ලි හම්බෙනකොට කරන්නේ පෝෂගුනයෙන් හොඳ කෑම ගන්න එක නෙවි ලොකු බ්‍රෑන්ඩ් නේම් පස්සේ යන එක. පොෂ් කඩවලින් කන එකේ කිසි වැරද්දක් නැ. කන්න ඕනේ කෙනනේ ගෙවන්නේ, එත් සල්ලි දීල කන දේ තමන්ට ගුණදායක වෙනවනම් තමා හොඳ.

    ReplyDelete
  26. කිව්වට තරහ‍ා වෙන්න එප මල්ලි. ඒත් අර කෙල්ලට හැමදාම ඔහොම කන්න වෙන්නේ නැතිවත් ඇති. ආසාවට හරි එහෙම කන්න කතා කලාම එහෙට මෙහෙට අදින්න එපා මසුරු සිටා වගේ. අනික ඒකි බාගෙට බඩගින්නේ ගෙදර යද්දි මල්ලි ෂෝට් ඊට්ස් කාලා හරි බඩ පුරවගත්තා. පොෂ් කියන්නේ වැඩක් නැති දෙයක් තමයි. ඒත් ඉඳලා හිටලා දවසක කන බොන දේ ගැන මෙච්චර හිතට අවුල් ගන්න එපා. ජය!

    ReplyDelete
  27. මගේ යාලුවෙක් ඔතනින් කාල බඩ රුජාව හැදිලා මලා...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.