06 March 2014

වල්ල පට්ට ගහක් !

මං පහුගිය සතියේ ඉරිදා (මාර්තු 3 වෙනිදා) අපේ කන්තෝරුවේ යාළුවෝ කට්ටියත්තෙක්ක බතලේගල සංචාරයේ යෙදුනා. (ඒ ගැන විස්තර පසුවට කියන්නම්.)

අපි කට්ටිය බතලේගල නගින්ඩ ගියේ වෑන් එකෙන්. අපි ගියපු වෑන් එක බතලේගල කඳු පාමුල කිට්ටුව තිබ්බ ගේක මිදුලේ නැවැත්තුවා. ඊට පස්සේ ඒ ගෙදරින්ම බෝතල් වලට වතුරත් පුරෝගෙන කන්ද නගින්ඩ සූදානම් උනා.

ටික දුරක් යනකොට බතලේගල පඩිපෙල් හරියට ආවා. ඒ හරියේ ආච්චි අම්මා කෙනෙක් වතුර බෝතල්, මුරුක්කු වර්ග, ටොපි චොකලට් විකුණ විකුණා උන්නා. අපි ඒයැයිවත් පහු කරගෙන ඉදිරියටම ගියා.

එතකොටම අපේ තාත්තා,

"මේං ලොක්කෝ වල්ල පට්ට ගහක් !" කියලා කිව්වා.

මාත් ඒ ඇහුන පමාවට තාත්තා පෙන්නාපු දිහාට්ට හැරිලා බැලුවා. ඔය පහලින් තියෙන්නේ එපි එදා දැකපු වල්ල පට්ට ගහ.. !

අපි එනකොටත් කලින් දවසක කවුදෝ මන්දා පට්ට ගහලා තිබ්බ බවක් නං පෙනුනා. ඔය පල්ලෙහා පින්තූරේ වල්ල පට්ට ගහ දිහෑ කෑදර බැල්මක් දාගෙන ඉන්නේ අපේ මලයා..


වල්ල පට්ට ගස් මම් පොඩිකාලේ දැක්කට පස්සේ දකින්න හම්බ උනේ අද. ඒ කාලේ නම් දැං වාගේ ඕවෑ එච්චර වටිනාකමක් නෑ.. අපි ඒ දවස්වල ඉස්කෝලේ වැඩ වලටත් වල්ල පට්ට අතු කපාගෙන සුද්ද කරලා පාට ගාලා එකේක සැරසිලි කරනවා.

වල්ල පට්ට කිව්වහම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට ගහන්ඩ පුලුවං ගහක් ! පොඩි කොනකින් පටං ගත්තහම කෙලවරට යනකන්ම පට්ටයක් ගහන්ඩ පුලුවං !

වල්ල පට්ට ගහ ගැන කියනවා නං මේ ගහේ විද්‍යාත්මක නාමය Gyrinops Walla .. ! ඒ වාගේම වල්ල පට්ට ශාකය Thymalaeaceae කියන පවුලටයි අයිති වෙන්නේ.

වල්ල පට්ට ගහේ වටිනාම කොටස පට්ටය නෙමේ. පට්ටයෙන් ලණු අඹරන්න, උගුලක් අටෝගන්ඩ ඕන කරන මන්දක් හදාගන්නෙක ඇරුනම ඒ හැටි වැඩක් නෑ..

වල්ල පට්ට වල වටිනාම කොටස වෙන්නේ ඒගාර්වුඩ් කියන රෙසීනය. ඒක AquilariaGyrinops කියන විශේෂ දෙකේම ගස් වල හැදෙන්න පුලුවන් සුවඳකින් යුක්ත රෙසීනයක් !

වල්ල පට්ට වගේ කුලයේ ශාක කල් ගතවෙනකොට Phaeoacremonium parasitica කියන පරපෝශී ඇසිටෝමයිකෝටා කියන දිලීර උවදුරට ලක් වෙනවා. මේ උවදුරෙන් මිදෙන්ඩ මේ වර්ගයේ ගස්, තමන් විසින්ම අධික වාශ්පශීලි කාබනික රෙසීනයක් (දුම්මල ) හදනවා. පස්සේ කාලෙක ඒ රෙසීනය ගහේ කඳේ ඇතුල් පැත්තේ තැන්පත් වෙනවා. මේක අදුරු වර්ණයකින් යුක්ත රෙසීනයක්.

ඔන්න ඕකයි වල්ල පට්ට ගහේ ඇතුලත සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාව.

වල්ල පට්ට ගහේ වටිනාකම වැඩිවෙලා තියෙන්නේ ඔන්න ඔය රෙසීනය හන්දා කියලා කිව්වොත් මම නිවැරදියි... ! පහලින් තියෙන්නේ ඒ රෙසීනයේ පින්තූරයක්.


වල්ල පට්ට කියන්නේ තෙත් කලාපයේ හැදෙන ශාකයක්. ඒ වගේම මේ ශාකය අපේ රටට ආවේණික ගහක්. මේ ජාතියේම තවත් ප්‍රභේදයක් ඉන්දියාව වගේ ආසියාතික රටවල් වලත් හැදෙනවා.


වල්ල පට්ට ගස් වලින් ලැබෙන රෙසීනය, ඇල්කොහොලික් නොවන මිල අධික සුවඳ විලවුන් වලට ගන්න අමුද්‍රව්‍යයක් විදිහට භාවිතා කරන නිසයි මේ ගස් වලට මේ තරම් වටිනාකමක් ලැබිලා තියෙන්නේ.

අපේ රටේ මේ ගස් ටික හොරෙන් කප කපා විකුණනවා ඇරෙන්ඩ දීර්ඝ කාලීන වගාවක් හැටියට හඳුන්වලා දීලා අධික විදේශ විනිමයක් උපයන්න උත්සහ කරන්ඩ කොයි බලධාරියාටවත් උනන්දුවක් නෑ..

39 comments:

  1. "අධික විදේශ විනිමයක් උපයන්න උත්සහ කරන්ඩ කොයි බලධාරියාටවත් උනන්දුවක් නෑ.."
    හෑ එහෙමත් එකක්ද එහෙනම් අපිවත් වැඩේට මචෝ

    ReplyDelete
  2. දැක්කත් සනිපයි වගේ.

    ReplyDelete
  3. ටිකක් ලොකුවට හිටියනං
    දනී මං ඉදිරි කං..

    ReplyDelete
  4. වත්තෙ තිබිච්ච ලොකු වල්ලපට්ට ගහක් තාත්ත අවුරුදු 2, 3කට කලින් කපල දාලනෙ මධුවො. නැත්තං ඉතිං අපිත් යන්නෙ බෙන්ස්වලින් ආ... :)

    ReplyDelete
  5. රටේ මිනිස්සුන්ටත් ඵලදායී විදිහට රටටත් විදේශ විනිමයක් ලබන්න පුලුවන් මේ වගේ දේවල් අපේ රටේ දේශපාලුවෝ හොරෙන් පටවනවා මිසක් ඒක දියුනු කරන්නෑ.. උං හිතා ඉන්නේ තේ ටිකෙනුයි රබර් ටිකෙනුයි මිනිස්සු දිව්‍යෙලා්කෙ යනවා කියලා. වල්ලපට්ට වගේම කෙකටිය, අතිවිඩයං, වවලා ඉහල විදේශ විනිමයක් ගන්න පුලුවන්...(ගංජා උනත් නීත්‍යනුකූලව, වෙන රටවලිං හෙරොයින් හදලා එවනවනං අපි ගංජා වවලා යැව්වම මොකෝ)

    ReplyDelete
  6. වල්ල පට්ට වගාවක් හැටියට හැදුව වෙග් ෙනෙම් ඔෙක පලදාව ගන්ඩ ෙවන්ෙන පට්ට ෙහාරුන්ට. හරියට ෙකෙසල් බාවනව වෙග් කපල ගනියි

    ReplyDelete
  7. බළධාරින් ඒවට උනන්දු නොවෙන්නෙ එතකොට කොමිශන් එක නැති වෙනවනෙ. විදේශ විනිමය වගේද මධූ හොරෙන් කපලා විකුණත්දි තියෙන කොමිස් එක.

    ReplyDelete
  8. තොරතුරු වලට ස්තූතියි.. වල්ලපට්ට ගහක් කලින් දැකලා තිබුනෙ නෑ..

    ReplyDelete
  9. වල්ල පට්ට ටෝක්ස් පට්ට ගැහුවට මේකෙ හරි හමං විස්තරේ සුද්ද සිංහලෙන්ම දැනගත්තෙ අද තමයි.
    අපේ කොල්ලෙකුත් පහුගිය දවස්වල කැලේ රිංගල තිබුණ ඕව හොයන්න.

    ReplyDelete
  10. දෙය්යෝ සාක්කි අපේ ගෙවල් ගාව ඕන තරම් තිබුණු අපි පට්ට ඉරාගෙන සෙල්ලම් කරන්න ගත්තු වල්ල ගහට ගිය කලක් . ඕකේ ගෙඩිය ඉදිලා පුපුරනවා නේද . එතකොට පියලි නිකන් පොඩි කෝප්ප වගේ . එව්වා අපි සෙල්ලමට ගත්තා ඇටය රතු පාටයි වගේ මතක. ඒ මේ ගහද වෙන ගහක්ද මන්දා .දැන් ඉතින් ගස් ටික හුරලා වඳ කරයි. වෙන රටක ඕක වවන්න ගනියි. උන් සල්ලිත් හොයයි..අන්තිමට කියයි අහවල් රටේ නව ප්‍රභේදය අපේ එකට වඩා හොඳයි කියල

    ReplyDelete
  11. මටත් තියන ප්‍රශ්නේ ඇයි ඔය වගේ වටිනා ශාක වගා කරන්නේ නැත්තේ ඇයි කියලා

    ReplyDelete
  12. මට යාලුවෙක් කියපු විදිහට දැන් වල්ලපට්ටා පැළවලට ලබාදෙන එන්නතකින් දිලීර හැදෙන එක නවත්තලාලු තියෙන්නේ. ඒක නිසා අලුතෙන් හිටවන වල්ලාපට්ටා ගස්වලින් වැඩක් නැහැලු

    ReplyDelete
  13. අදයි දැනගත්තේ ඇයි මෙච්චර ඉල්ලුම කියලා

    ReplyDelete
    Replies
    1. මේ හැම දෙයක් ම හොයා ගත්තෙ ළඟ දි ද? නැත්නම් ගහ හොයා ගත්තෙ ළඟ දි ද?

      Delete
  14. ඉස්සර ඔව්වට ඉල්ලුමක් තිබුන් නැත්තේ ඇයි

    ReplyDelete
  15. වල්ල පට්ට ගහක් මම නම් දැකලම නෑ..

    ReplyDelete
  16. මේ ගස් ජාතිය ගැන ඇහුවමයි...දැකලත් නෑ.

    ReplyDelete
  17. පොඩ්ඩි ඔයා ගාන සෙන්ට් එක හදලා තියෙන්නෙත් ඔය ගැහෙ රෙසීන් එකෙන් වෙන්න් පුළුවන්...

    ReplyDelete
  18. වලල් පට්ට වැවීමත් නීතියෙන් තහනම් නේද?

    ReplyDelete
  19. මේ මධු මේකේ එතනම රිප්ලයි දාන්න හදපන්කෝ අර අටම්ට දෙකක් කියන්න

    ReplyDelete
  20. ඇයි බං මේක රාජ්‍ය මට්ටමින් කරල විදේශ මිනිමය උපයන් නැත්තෙ??

    ReplyDelete
  21. මම පොඩි කාලෙ අපේ සීයල බුලත් අහුරල ගැට ගහන්න ගත්තෙ වල්ල පට්ට.ඔහේ ගස් පිටිං කපාගෙන එනව පට්ට ටික ගන්න කිසිම වටිනාකමක් තිබුනෙ නෑ ඒ කාලෙ.තවත් ගහක් විතරයි.

    ReplyDelete
  22. හොරු අල්ලන වෙලාවේ වල් පට්ට වගාව දියුණු කලා නම් හොඳයිනේ..

    ReplyDelete
  23. ඒකත් එහෙමද? මම නම් තාම ඔය ගස් දැකලා නෑ. දැකලා තිබුනත් අදුරන් නෑ නේ

    ReplyDelete
  24. වටින විස්තරයක් මධුරංග...
    වල්ල පට්ට වගාවක් කෙසේවත් ඊට සමාන ශාකයක් දැං වගා කරන්න දෙනව... අක්කරයක් තියේ නං ඔයාට ඔක්කම විස්තරයි අනන් මනන් කතන්දරය් කරගෙන හොද ගාණක් අතට ගත්තෑකි

    ReplyDelete
  25. මැලේ රාළ :
    අනිවාර්යෙන්ම මාත් එහෙනම් වැඩේට සෙටමෝල් වෙන්නම්.

    රාජ් :
    අනේද කියන්නේ....

    දේශක යා :
    හ්ම්..හ්ම්..හ්ම්.. කට ඉස්සර කරගන්ඩෙපා දේශෝ.. :O

    ReplyDelete
  26. සිඟිති :
    ඒකනේ සිඟිති අක්කේ... අපට ඒ කාලේ ඕවා වටින්නේ නෑ නේ.

    Sahan Weerasinghe :
    ඔවු.. ඔය ටිකෙන් නම් අපිට මලාට ගොඩ ඒමක් නෑ..මේ වගේ දේකින්වත් විදේශ ව්නිමය හොයන්ඩ් අ පුලුවන්. රෙසීනය විතරක් විකුණන නිසා ජාන පිටරට යෑමකුත් නෑ..

    වැව් ඉස්මත්ත :
    ඔවු.. සෑහෙන පරිස්සම් කරන්ඩ වෙයි..

    ReplyDelete
  27. චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    හ්ම්.. ඒක තමා. කවුරුත් කැමති හොරෙන් තමන්ට කොමිස් ගහන්ඩ.

    තුශානි :
    ඔන්න ඔයා අද දැක්කා නෙහ්. :)

    Praසන්ன :
    ඒකනේ.. ඔන්න තේරුං ගන්න පුලුවන් විදිහට සරලව ලියා දැම්මා.

    ReplyDelete
  28. Bindi :
    දැං එහෙම තිබ්බා නං බින්දි අක්කට අවුරුදු ගානකට ඇති... :)

    සයුරි :
    මටත් ඒ ප්‍රශ්නෙම තියෙනවා සයුරි අක්කේ.

    Hasitha :
    එහෙම කලොත් නං මෙලෝ වැඩක් නැති වෙයි....

    ReplyDelete
  29. සිහින මදාරා :
    ඒකනේ.. ඔන්න අද ඉදන් උත්සහ කරලා බලන්ඩ වල්ල පට්ට ගහක් වවන්ඩ !

    කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
    ජනප්‍රිය උනේ ලඟදි... ගහ නම් සෑහෙන කාලෙක ඉදන් තිබ්බා.

    අටම්පහුර :
    තිබ්බා නං මෙලහට්ට අපිත් ලස්සපතියෝ... !

    ReplyDelete
  30. Dinesh :
    ඕං බලාගන්ඩ එහෙනං !

    Podi Kumarihami :
    ඈ බොල අච්චර සෙන්ට් ගාන එකේ මේක දන්නේ නෑ ද :O

    ඉවාන් පවුලූශා :
    වවන්ඩ තහනමක් නෑ මං හිතන්නේ.. කපන්ඩ තමයි තහනම්... මේකේ රිප්ලයි දාන්ඩ ට්‍රයි කලා. ඒත් හරි ගියේ නෑ..

    ReplyDelete
  31. sAm (සෑම්) :
    ඒකනේ.. උන්ට ඕනකමක් නෑ... !

    Helapa kade :
    ඒකනේ.. බුලත් පන්දලම් ගැට ගහන්ඩත් මේවා ගන්නවා. අපරාදේ ඒකාලෙත් වටිනාකමක් තිබුනා නං...

    සොන්යා :
    ඒකනේ.. කොච්චර නං ආදායමක් උපයතෑකි ද..

    ReplyDelete
  32. විරේ (වික්‍රමසිංහ) :
    ඒකනේ.. අඳුරනවා නං මෙලහට්ට ගොඩක් ගස් සුං !

    Mahesh Rathnayaka :
    ඒ මොකද්ද ඒ ගහ ? ශා මරුනේ.. අපටත් ලොකු ඉඩමක් තිබ්බා නං... !

    ReplyDelete
  33. ඔව් ඔව් මාත් අහලා තියෙනවා දැන් ඒ හා සමාන ගහක් වවන්න දෙනවා කියලා ඒ ගොල්ලො ඒ පැලේ ලොකු වෙනකන් බලාගන්නවා කියලත් කියනවා අපිත් කන්නෙලිය පැත්තෙ සංචාරය කරනකොට ඔවා සෑහෙන්න දැක්කා ඔය බිස්නස් කරන ලොක්කා ගැනත් අපේ ගයිඩ් අපිට කිව්වා

    ReplyDelete
  34. රෙහානියත් වල්ල පට්ට ගහ ගැන ලියලා තිබුනා......සුවද විලවුන් නම් මම හොබියක් විදිහට එකතු කරනවා

    ReplyDelete
  35. වල්ලපට්ටා බිස්නස්

    ReplyDelete
  36. මමත් ලංකාවෙ වෙලත් මේ වල්ලපට්ට ගස් දැකල නෑ. කරුමේ කියන්නෙ හොඳ ආදායමක් හම්බ වෙනව නම් වගාවක් විදියට දියුනු කරන්න පුළුවන්නෙ

    ReplyDelete
  37. වල්ල පට්ට සහ කිබුල් හුනා අතර ඇති සම්බන්ධය මොකක් ද.. ? බුකියේ ෆොටෝ එකක් දැක්ක කොල්ල කෙල්ලට කියනවා මගේ වල්ල පට්ට ගහ කියල.. කෙල්ල කොල්ලට කියනවා මගේ කිබුල් හුණා කියල.. හෙහ් හෙහ්.. නොදන්නා කමට අහන්නේ..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.