ගිය සති අන්තයේ අපි බතලේගලයි උතුවන්කන්දෙයි නැග්ග හන්දා එදා ගෑල්ලමයා හම්බ වෙන්ඩ යන්ඩ උනේ නෑ.. ඒ නිසා ඒයැයි මාත්තෙක්ක නෝක්කාඩු වෙලා උන්නේ.   යාන්තන් කෝල් එකක් දීලා නැවු ගනන් ටෝක් ඉෂූ කරලා ෂේප් කරගත්තා.
ෂේප් කර ගත්තේ මාත්තෙක්ක කොහේ හරි ඇවිදින්ඩ යමුයි කියලා.. එයාලෑ ගෙදර ගියහම මගේ නෑනන්ඩි අපි දෙන්නා මැද්දේ බාදකයක් වගේ ඉන්න හන්දා නිදහසේ කතා කරන්ඩ නෑ.. අනිත්තෙක නැන්දම්මා පොලෝසියෙන් වාගේ විඩින් විඩේ ඇවිත් ඇවිත් බලනවා අපේ සද්දේ අඩු උනේ මොකෝ කියලා... !
ඔය කරුණු කාරණා නිසා අපි සත්තු වත්ත බලන්ඩ යන්ඩ ලෑස්ති උනා..
ඊයේ කතා කරගත්තු විදිහට මම වෙලාවටත් කලින් දෙහිවල නෝලිමිට් එක ගාවට  ආවා. ඇවිත් කෝල් එකක් දුන්නා "ඔයා ඉන්නේ කොහේද ? " කියලා අහන්ඩ.
"මම තව විනාඩි දහයෙන් එන්නම් !" කියලා ඒයැයි කිව්වා.
මමත් විනාඩි දහය ගෙවෙනකන් බලාගෙන උන්නා. ඒක රබර් විනාඩි දහයක් ! ඒ විනාඩි දහය ගෙවෙන්ඩ විනාඩි 25ක් ගියා !
ඕං ඊට පස්සේ  ගෑල්ලමයා ආවා.
අපරාදේ කියන්ඩ බෑ කෑම ගොඩක්  අරගෙන ඇවිත් තිබුනා...
"ඔයාටයි මටයි උදේටයි දවාලටයි කෑම ගෙනාවා. කෑම ගේන්ඩ ෆුඩ් සිටි ගියා. ඒකයි පරක්කු උනේ." මට පවු කියලත් හිතුනා.
ඊට පස්සේ අපි දෙන්නා දෙහිවල නෝලිමිට් එක ලඟින් 176 බස් එකේ එල්ලුනා සත්තු වත්ත ගාවට යන්ඩ.. මම සත්තු වත්ත ලඟට ටිකට් ගත්තා. විනාඩි දහයකට විතර පස්සේ අපි සත්තු වත්ත හෝල්ට් එක ලඟින් බැස්සා. මම සත්තු වත්තේ ටිකට් ගත්තා.
දේශීය වැඩිහිටි ටිකට් එකක් රු. 100යි
දේශීය ළමා ටිකට් එකක් රු. 30 යි
අපි ටිකට් අරගෙන මුලින්ම ගියේ  මින් මැදුර බලන්ඩ. මින් මැදුරට ඇතුල් වෙන්න කලින් සියක්කාරයාවත් දැක්කා.
                                                                                                        සියක්කාරයා
එතැන ඉදන් සත්තු ටික දෙනෙක්ව බලලා  අපි හෙවන තැනක් අල්ලගෙන වාඩි වෙලා කතාවක් දාගෙන උන්නා. ඒ නිසා එතනින් එහාට්ට සත්තු වත්ත බැලුවේ නෑ කිව්වොත් මම හරි.. ! ඒයැයිටත් සත්තු වත්ත බලන්ඩ ඕනකමක් තිබුනේ නෑ..
පහලිං තියෙන පින්තූර මම කලින්  දවසක ගෙදර කට්ටියත්තෙක්ක සත්තු වත්තේ ගිහින් ගත්තු පින්තූර.
එහෙනං අද සති අන්තේ නිදහස් දවසේ සත්තු බලමු !
                                                                                                       සීබ්‍රා
                                                                                                       පතිරණ සාලයා
                                                                                                        පැස්බරා
                                                                                                      වල් ඌරා
                                                                                                        වලහා
                                                                                                      මුන්ගේ නම නම් මතක නෑ..
                                                                                                       ලංකාවේ දිවියා
                                                                                                        අලියා
                                                                                                      හිපපොටේමස්
                                                                                                       වල් බළලා
                                                                                                        තිත් මුවා
                                                                                                      සිමිටහෝන් ඔරික්ස්
                                                                                                      රට මීයෝ
                                                                                                      රයිනෝසිරස්
                                                                                                       ජිරාෆ්
                                                                                                     හැඳි ආලාවා
පින්තූර නං තව අටෝරාසියක් තියෙනවා දාන්න.. ඒත් අයියෝ සුපියල් පහ වෙන නිසා දාන්නේ නෑ.. !
සත්තු වත්ත බැලුවට පස්සේ ඒයැයිව ගෙදෙට්ට ඇරලෙව්වා. මම උදේ හයට විතර ගෙදරින් පිට වෙලා ආපු ගමන ආයෙම ගෙදර එනකොට වෙලාව හැන්දෑ හය වෙලා. පෑ දොලහක් ! කොළඹ රටේ ඇවිදලා හොඳ පන ගිහින් මගේ... ! 
එහෙනං මං ගිහින් එන්නම්....
සියළු දෙනාටම සතුටින් පිරුණු සති අන්තයක් !

















ගෑල්ලමයට කෑම වලට බර වියදම් ගියාට ටිකට් වලට මල්ලිට යන්න ඇත්තෙ රුපියල් එකසිය තිහයි නේද?
ReplyDeleteහලි තෝක් පින්තූරු, වඳවීගෙන යන සතෙක් වන , අලියත් ඉන්නෙ, හොඳ වෙලාවට ඊයෙ වැස්සෙ නැත්තෙ, නැත්නම් සත්තු පව්
හානේ! කාක්කෙකුත් දැකල.
ReplyDeleteඋඹ නම් මාර පොරක් තමයි , ගෑල්ලමයා ශේප් කොරගන්ට ගිහින් එකෙනුත් පොස්ටුවක් තලාගෙන , දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන .. :D
ReplyDelete1)අනේ මට මේ පොස්ට් එක බෝගේ නැන්දාම්මට පෙන්නන්න ඇත්නම් ......
ReplyDelete2)අද අන්න සත්තු වත්තේ සත්තු අමුතු විදියට හැසිරෙනවා කියලා මට ලංකාවේ එකෙක් කිව්වා
ලංකාවෙ මීයො එහෙම හිටියෙ නැද්ද
ReplyDelete//දේශීය වැඩිහිටි ටිකට් එකක් රු. 100යි
ReplyDeleteදේශීය ළමා ටිකට් එකක් රු. 30 යි// ඒ කියන්නෙ දෙන්න ගියේ එකයි බාගෙකින් ද? බස් එකටත් ටිකත් ගත්තෙ එහෙමද? :D
මැලේ රාළ කියල තියෙනව වගේ මේ පෝස්ට් එක නැන්දම්ම දැක්කොත් මධු ට වෙන්නෙ සාරියක් හොයාගන්න තමයි.
මේපාර ලංකාවට ආවම යන්න ඕනේ බලන්න කාලෙකින් ගියෙත් නැති එකේ :)
ReplyDeleteකතා කර කර ඉන්න නං කොහෙ මොකද,වැඩේ කියන්නෙ පෝස්ට් එකකුත් ඒකෙන්ම තලාගත්ත එකනෙ.
ReplyDeleteමෙන්න මේ පෝස්ටුව ආශ්‍රෙයන් අප අද ඔබෙන් අසන ලේසි පහසු පැනය...
ReplyDeleteමධුට සහ ගෑල්ලමයාට සත්තු වත්ත නැරඹීමට ටිකට් ගැනීමට ගිය මුදල කීයද..?
(කරුණාකර මෙයට ගෑල්ලමයා විසින් කෑම ගන්නට වියදම් කල මුදල හෝ.. ගෑල්ලමයාට ඇදුම් අරං දීමට මධූට වියදම් වූ මුදල හෝ පටලවා නොගන්න... :D
හරි උත්තරය ලබා දෙන කෙනා හට කඩදාසි රෝස මලක් සමඟින් සුභ පැතුං පතක් අදාළ ගෑල්ලමයාගෙන් හිමිවන බව කරුණාවෙන් ෂලකන්න.. :D )
ඔය සත්තු වත්ත බලලා උඹට දුක හිතුනෙ නැද්ද බන්..සත්තු විදින දුක් වේදනා දැකලා...පුංචි යකඩ කූඩුවක නිදහස නැවතිලා තියෙන විදියි දැකලා..මම නම් ආයෙ කවදාවත් ඕක බලන්න යන්නෙ නෑ කියලා හිතා ගත්තෙ අන්තිමට ගිය දවසෙ හිත රිදුනාම.
ReplyDeleteහොඳා හොඳා ...සුබ මංගලම් එහෙනම් ..
ReplyDeleteඕනිම පින්තූරු ටික මෙතන නෑනේ...:)
ReplyDeleteඅඩෙ අෆ්ෆා මේක මාර පුදුමයක්. මමත් සිය පවුලත් සමගම සත්තු වත්තෙ ගිහින් ඇවිත් බලපු පලවෙනි පෝස්ට් එක. එළ එළ.
ReplyDeleteඒත් මධූ ගොඩක් සත්තුන්ට තියෙන ඉඩ පහසුකම් ආදිය ගැන නම් සතුටු වෙන්න බැහැ. විශේෂෙන්ම අලින් ගැන.
දැක්කද මේ සත්තු වත්ත
ReplyDeleteකතාකරන සද්දේ අඩු වෙද්දී නැන්දම්මලා එබිලා බලනවා තමයි අෆ්ෆා.. අපිටත් ඔය අත්දැකිමම තියේ..
ReplyDeleteකොහේ ගියත් පොස්ට් එකක් වරදින්නේ නෑ නේද ?
ReplyDeleteදඹුලුත් වැදල තලගොයිත් එලාගෙනම එනවයි කියන්නෙ මේවට වෙන්න ඇති...
ReplyDeleteකෙහේ ගියත් මොනා හරි පටලෝනව නෙව අම්මපා
හරී - පිණිපළස :
ReplyDeleteඑකසිය තිහයි...??? නෑ.. වැරදියි !
කොල රුපියල් දෙෂීයක් ගියා !
හ්ම්ම්... සත්තු පවු තමා... උන්ට හෙවනක් නෑ නේ.. ඉතින් තෙමෙනවා.. පවු !
පොත් ගුල්ලා :
ඔවු.. එකම එක කාක්කයි දැක්කේ... !
ඉවාන් පවුලූශා :
අනිවා.. ආයේ ඉතිං පෝස්ට් කටුවක්නේ... මේකෙත් මොන උලව්ව හරි ලියන්ඩ එපෑ.. ! :)
මැලේ රාළ :
ReplyDeleteනැන්දම්මට මෙය නොපෙනේවා... !
හ්ම්... රස්නේ දවස් නේ.. සත්තු කලබල වෙන එක අහන්ඩත් දෙයක් යෑ..
වැව් ඉස්මත්ත :
හික්ස්... හිටියා හිටියා... :)
Praසන්ன :
සාරියක් නේන්නම්... බස් එකේ නං එහෙම ටිකට් ගත්තෑකි.. !
කෝරලේ මහත්තයා :
ReplyDeleteවැඩක් නෑ.. සත්තුත් අඩුයි.. වාඩිවෙන්න අවුව නැති තැනුත් නෑ..
Helapa kade :
ඔක්කොම බලලා තියෙන්නේ මම පෝස්ටුවක් තලා ගත්තු එක විතරයි. මෙච්චර සත්තු ගොඩකගේ පින්තූරු දැකලා නෑ.. :(
මාරයාගේ හෝරාව :
ReplyDeleteකඩදාසි රෝස මලක්... හපොයි... !
සුබ පැතුම් කාඩ් එකක්... හපොයි හපොයි !
සිරාගෙ කාමරේ :
දුක හිතන්න තරම් වෙලාවක් හම්බ උනේ නෑ... ඉක්මනින්ම තැනක් හොයාගෙන වාඩි උනා..
Bindi :
බොහොම ස්තූතියි... කාඩ් එක තැපැල් කරන්නම් ඔයාට !
Podi Kumarihami :
ඒවා ටික තව දවස් කීපයකින් මූනුපොතට දාන්නම්....
චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
ReplyDeleteඅඩේ ඒ කියන්නේ ඔබතුමාත් සත්තු වත්තේ ගියාද ? ශැහ්.. මිස් වෙලානේ.. කලින් දැනන් උන්නා නං... !
වැව් ඉස්මත්ත :
බලන්න ඕන... !
Dinesh :
ඔය කියන්නේ කට්ටියගේ අත්දැකීම් වලින්ම...
තුශානි :
ReplyDeleteඅනිවාර්යෙන්ම.. කාව අමතක කලත් (මගේ සුදු නෝනාට මෙය අදාල නොවේ.) බ්ලොග් එක අමතක වෙන්නේ නෑ.. මේක තමා ඒ දවස්වල තනිකම මැකුවේ... !
Mahesh Rathnayaka :
ඒක නේ... නැත්නම් මේකේ මම කියලා මොනවා ලියන්ඩ ද... මම කවි ලියන්ඩ දන්න එකක් යෑ... කතා ලියන්ඩ දන්නෙත් නෑ..
ඒ ගෑනු ළමයට හොඳට මොළේ තියෙනවා.සත්තු වත්ත ඇතුළේ අර හෝටලේ වගේ එකේ කෑම ගණන්.www.amuthusithuwili.wordpress.com
ReplyDeleteපිරිමිත් දැන් දැන් මායම් දාන්න දන්නව නොවෑ මන් හිතුවා ඔය සෙල්ලම් අපේ ගෙදර විතරයි කීලා.......සත්තු වත්තක් ගැන ලියන්න අදහසක් තීනවා බලමු ඉදිරියට
ReplyDeleteගෑනු ළමයව ළඟකදී කැන්දන් එන්න අදහසක් නැද්ද.. හෙහ් හෙහ් අර ශාන්තිනි සිංදු ව අහද්දී මම කිව්වේ .. දැන් නම් කාලේ හරි වගේ.. :)
ReplyDelete//ඒයැයිටත් සත්තු වත්ත බලන්ඩ ඕනකමක් තිබුනේ නෑ..//
ReplyDeleteහා හා ඉතිං අපි ඔය කතාව පිලිගත්තලු හොදේ... උඹ ඉතිං හොද එකා නිසා මුළු සත්තු වත්තම බලන්නයි හැදුවෙ. ඒ වුනාට ඒ ලමයට කිසි ඕනකමක් තිබුනෙ නෑ නෙව. :)))
මේ බ්ලොග් එකට ආවේ අහම්බෙන්. ඒ සිරිපා කරුණා කිරිම ගැන තිබුණු සටහන කියවන්න. ඒක හරිම අපුරුවට ගෙත්තම් කරලා තිබුණා. සත්තු වත්තට නම් මම මම කවදාවත් ගිහින් නෑ. යන්න කිසිම කැමැත්තක් නෑ. මොකද මම මගේ නිදහස සතුට වගේම සතුන්ගේ නිදහසත් සතුටත් අගයනවා. ඕක සතුන්ගේ හිර ගෙයක්. ඒත් මේ සටහන ලස්සනට ගලපා තිබෙනවා.
ReplyDeleteසත්තු බලන්නෙත් නැතුව නිකම් සත්තු වත්තේ යන්නේ නැතුව විහරමහාදේවි පාර්ක් එකට යන්න තිබ්බනේ අයියා :P
ReplyDeleteඒ බං උඹ කවදද බන් තනිකඩ ජීවිතේට සමු දුන්නෙ.යකෝ අපි දන්නෙවත් නෑනෙ..
ReplyDeleteසත්තු වත්තට නම් ගිය කාලයක් මතක නෑ... ඔබතුමාත් ගියාට සත්තු දැකලා නෑ වගේ... යනකොටම අහම්බෙන් දැකපු එකා විතරනෙ... :D
ReplyDeleteඅම්බේ මෙයාල සත්තු වත්ත බලන්ඩත් ගිහින් සන්තොසේ බැරුවා
ReplyDelete