19 November 2013

ලිලිපුට් -බ්ලෙෆුස්කු යුද්ධය

ඈත අතීතයේ ඉදලා ලිලිපුට්ටන්ගේ ආගමික නීතියක් තියෙනවා එයාලා බිත්තරයක් කඩන්නේ ලොකු පැත්තෙන් කියලා. තමන්ගේ ආගමෙන්ම ආපු නීතියක් නිසා ලිලිපුට්ටෝ ඒ නීතිය ඉස්මුදුනෙන්ම පිලිගත්තා.ඒ විතරක් නෙමේ අකුරටම පිලිපැද්දා.

ඔහොම ටික කාලයක් ගත උනා කියමු. ලිලිපුට්ටන්ගේ අධිරාජ්‍යයා දවසක් බිත්තරයක් කඩනකොට බිත්තරේ කටුවට එයාගේ ඇඟිල්ල කැපෙනවා. ඔන්න එදා ඉදලා ඒ අධිරාජ්‍යයා නීතියක් ගේනවා මෙතැන් පටන් සියළුම ලිලිපුට්ටන් එයාලගේ බිත්තර කඩන්න ඕන ලොකු පැත්තෙ ඉදන් නෙමේ කුඩාම පැත්තේ ඉදන් කියලා.



ගොඩාක්ම ලිලිපුට්ටෝ තමන්ගේ අධිරාජ්‍යයාගේ අළුත් නීතියට එකඟ උනා. ඒ උනාට කැරළිකාරයෝ හය දෙනෙක් මේ නීතිය පිලිපැද්දේ නෑ. ඒ වගේම ලිලිපුට් රාජධානියට ලඟම රාජධානිය වෙච්ච බ්ලෙෆුස්කු (Blefuscu) රාජධානියේ අධිරාජ්‍යයා ලිලිපුට් අධිරාජ්‍යයාට චෝදනා කරනවා අතීතයේ ඉදලා ආපු ආගමික නීතියක් කැඩුවයි කියලා.

ඒත් ලිලිපුට් අධිරාජ්‍යයා ඒ චෝදනාව පිලිගන්න කැමති නෑ..

පිලිගන්න කැමති නෑ විතරක් නෙමේ, ලිලිපුට් අධිරාජ්‍යයා තර්ක කරනවා ඒ ආගමික නීතියේ තියෙන්නේ "තමන්ට ලේසිම පැත්තෙන් බිත්තරය කඩන්න" කියලා නියම කිරීමක්ලූ.අන්තිමේදි මේ වාදය දරුණු වෙලා යුද්ධයක් දක්වා දිග්ගැස්සෙනවා.

බ්ලෙෆුස්කු හමුදාවට කැරලිකාර හමුදාවේ සහයත් ලැබෙනවා.

මේ සටන දරුණු නිසා ලිලිපුට් හමුදාව ගලිවර්ගේ සහය පතනවා. ගලිවර් මුලින්ම හිතනවා මේ මොන විකාර යුද්ධයක්ද කියලා. නමුත් අන්තිමේදි ඔහුගේ සහය ලිලිපුට්ටන්ට ලැබෙනවා.

ඔන්න ඔහොම තමා ලිලිපුට් -බ්ලෙෆුස්කු ජාතින් අතර ඓතිහාසික යුද්ධයක් ඇති වෙන්නේ !


කොච්චර ලොකු ප්‍රශ්නයක්ද නෙහ් ?

ඔය යුද්දේ එතනින් නතර වෙන්නේ නෑ... ඒක කොම්පීතර් වලටත් එනවා. ඒ එන්නේ බිග් එන්ඩියන් (Big Endian) ලිට්ල් එන්ඩියන් (Little Endian) කියලා !

(බිත්තරේ ලොකු පැත්තට කියන්නේ බිග් එන්ඩියන් - Big Endian කියලා. පොඩි පැත්තට කියන්නේ ලිට්ල් එන්ඩියන් - Little Endian කියලා. )

කොම්පීතර් වල සංඛ්‍යාවක් ගබඩා කරනකොට බිග් එන්ඩියන් පද්ධතියක ලොකු කොටස ඉස්සෙල්ලාමත් පොඩි කොටස පසුවත් ගබඩා කරනවා.

ලිට්ල් එන්ඩියන් පද්ධතියක නම් කුඩා කොටස මුලින්මත් ලොකු කොටස පසුවත් ගබඩා කරනවා !

ඕං ඔය ප්‍රශ්නය හන්දා මේ දවස්වල මං හිර වෙලා ඉන්නේ ! :(

------------------------------------------------------------------
ප.ලි. -  ඔය යුද්ධේ කෙසේ වෙතත් මට ආයෙම ජොනතන් ස්විෆ්ට්ගේ ගලිවර්ගේ චාරිකා පොත කියවන්න හිතුනා. ඒ දවස්වල ටීවී එකෙත් ගලිවර්ගේ සුවිසැරිය කියලා කාටුන් එක ගියපු අතීතයත් මතක් උනා.

ප.ප.ලි -  බිග් එන්ඩියන් ලිට්ල් එන්ඩියන් ගැන දැනගන්න ඕන නම් මෙතනින් කියවන්න...

28 comments:

  1. කතාව නම් මරු. කොම්පීතර පැත්ත ගැන වැඩිපුර ආසාවක් නම් නෑ ඉතින් :)

    ReplyDelete
  2. ගොඩාක් වලි වල මුල ඔයවගෙ මොඩ චූන් තමයි ඉතින්

    ReplyDelete
  3. මමයි වයිටයි පා වෙලා ආවා ලිලිපුට් දුපතට
    ලිලිපුට්ටෝ %^*&#$%^** (කුරුමිට්ටෝ වෙනුවට අපි කිව්වා එක )

    ReplyDelete
  4. කතාව නම් එළ. මටත් ගලිවර් උන්දැව මතක් උනා.
    මේ ලිලිපුට්ටො බිත්තර දැම්මද? නැත්නම් උන් කැඩුවෙ කුකුළු සොරි සොරි කිකිළි බිත්තරද?

    ඔය මොන මගුලක් වත් නෑනෙ ඕකුන් බිත්තර තම්බන් කෑවා නම්. ;-)

    ReplyDelete
  5. මුලින් ම ආවේ බිත්තරේ ද? කිකිළි ද? වගේ තමයි!

    ReplyDelete
  6. අළුතින් මෙව්වා කරන සොෆ්ට්වෙයාර් කෑල්ලට ඔය බිග් එන්ඩින් ලිට්ල් එන්ඩින් ඔබා ගන්න ද මධුරංග මේ දවස්වල වලි කන්නේ?...
    බිත්තර ප්‍රශ්නය ඉක්මනින්ම නිමාවී කට්ටෙන් එලියට පැන ගන්න ලැබේවා!!!

    ReplyDelete
  7. කිව්වත් වගේ මේ වගේ දේවල් තියෙනවා සරළ පෝස්ට් බවට පත් කරන්න පුළුවන්... මටත් දෙක තුනක් මතක් උනා... මධුගේ පෝස්ට් ඉස්ටයිල් එකට මන් හරි කැමතියි ....

    ReplyDelete
  8. ස්තූතියි මල්ලී උඹේ රසවත් කථාවට. මෙහෙම දෙනවා නම් ඉතිහාසය ආසාවෙන් ඉගෙන ගත්තෑකි. අපේ කරැමෙට අපි ඉගෙන ගන්න කාළේ එවකට තිබුණු ආංඩුව ඉතිහාසයයි භූ ගෝලයයි අයින් කරලා සමාජ අධ්‍යනය කියලා විශයක් දැම්මා. O/L
    වලට ඒකට මට ඩී එකක් තිබුනා. ඒත් රටවල් කොහෙද තියෙන්නේ මොනවද ශිෂ්ඨාචාර වගේ දේවල් ගැන දැණුමක් ගත්තේ නෑ. දැන් ඒ විශය ආපහු තියෙනවා මගේ හිතේ.
    උඹට ජය!!!

    ReplyDelete
  9. ඇත්තද බන් බිත්තරේ කෙලින් කරලා ඒක උඩ සෑහෙන බරක් තියන්න පුලුවන් කියන්නෙ...

    ReplyDelete
  10. කියවගෙන යද්දි මටත් ගලිවර්ගේ චාරිකා පොත තමයි මතක් උනේ....

    බිත්තරේ බිග් එන්ඩියන් ලිට්ල් එන්ඩියන් ගැන දීපු තොරතුරට හුඟක් ස්තූතියි.. නොදැන හිටිය දෙයක් දැනගත්තා .

    ReplyDelete
  11. දැන් එතකොට යුද්ධේ අන්තිමේ මොකද වුනේ? අන්න ඒක ගැන ලියලා නැහැනේ..

    ReplyDelete
  12. කතාව හැම පැත්තටම ආදේශ කරගන්න පුළුවන් මධු. කතාව කොම්පුටර් පැත්තට ගෙන ගිය හැටි අපූරුයි.

    ReplyDelete
  13. මුස්ලිම් ජාතිකයො ෂියා යා සුන්නි ලෙස බෙදිල ගහමරා ගන්නෙත් යාඥා කරනකොට නැමෙන්න කලින් අත් දෙක තියනවද නැමිල අත් දෙක තියනවද කියන ප්‍රස්නෙ මතයි. :) මේක කියවනකොට මට මතක් උනේ ඒක

    ReplyDelete
  14. බිත්තරයක් කරපු හරියක් නේද?අනේ මන්ද බිත්තරේට මෙහෙම පුලුවන්නම් මිනිස්සු ගැන කිනම් කතාද?

    ReplyDelete
  15. ඔය වගේ දෙයක් නම් දැනගත්තේ අදම තමයි හැබැයි බිත්තර කන්න නම් මම ඕකේ

    ReplyDelete
  16. බිත්තරේ කඩන්න ඕන ලොකු පැත්තෙන්.

    ReplyDelete
  17. දිලිනි :
    ඔයා කැමති නං මං උගන්නලා ගන්නම්... කැමතිද ඉතින්...හිහ් :)

    Damith Gunawaredane :
    අනිවාර්යෙන්ම... පහලින් ඇනෝගේ කමෙන්ටුවෙනුත් ඒ වගේ සීන් එකක් කියන්නේ :)

    S. L. මැලේ රාළ :
    ගලිවර්ගේ සුවිසැරිය !
    ආයෙමත් බලන්න ආසයි !

    Chathuranga Priyashad :
    බිත්තර ජාතිය මොකද්ද කියලා නං හම්බ උනේ නෑ. කතාවේ මේ ටිකත් ගැටගහගත්තේ හරි අමාරුවෙන්.. එක තැනකවත් සම්පූර්ණ විස්තරයක් තිබුනේ නෑ... :(

    ReplyDelete
  18. ධාරා :
    ඒ වගේ තමයි ධාරා !

    සිඟිති :
    ඔයා හරි සිඟිති !
    ඒ ප්‍රශ්නේ සොෆ්ට්වෙයාර් කෑල්ලට ආවා... ඒකෙන් ගැලවෙන්ඩයි ඕන :)

    SilentSahan :
    ලියන්ඩ ලියන්ඩ... සරලව කියලා දෙන්ඩ ලැබෙනවා නම් කොච්චර ශෝක් ද !

    Chandana Gunasekera :
    දැන් ආයෙමත් ඒ විශයයන් දෙක වෙන වෙනම උගන්වන්ඩ අරගෙන තියෙන්නේ... තිබ්බ විදිහටම තිබ්බා නං ඉවරයි නෙහ්..නේද ?

    ReplyDelete
  19. සිරාගෙ කාමරේ :
    මාත් ඒ කතාව අහලා තියෙනවා. හොයලා බලන්ඩ ඕන ඒ ගැන. :)

    තුශානි :
    අපි එහෙනම් දෙන්නම ගලිවර්ගේ චාරිකා පොත කියවමු !
    ගුණසේන එකේ තියෙනෝ..

    Dinesh :
    ඒක මටත් තියෙන ප්‍රශ්නයක් !
    ඒක තාම දැනගන්න ලැබුනේ නෑ... ඉක්මනටම ඒකට උත්තරයක් දෙන්නම්. :)

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    අපිට ඉතින් කොම්පීටරේට අදාල වෙන ඒවා විතරනේ ඕන කරන්නේ.. ඉතින් ඒ පැත්තට ප්‍රශ්නය ඇද්දා ! :)

    ReplyDelete
  20. Anonymous :
    නියම කමෙන්ට් එකක් නේ !
    මම ඔය ගැන දැනගත්තෙත් අදමයි... තව විස්තර හොයලා බලන්නම් :)

    රජ වීදිය :
    ඒකනේ කියන්නේ... මිනිස්සු ඔයිට වඩා පොඩි දේටත් ගහමරාගෙන තියෙනවා.

    කෝරලේ මහත්තයා :
    මාත් ඕකේ.. බිත්තර ඔම්ලට්..බුල්සායි එහෙමත් මරු !

    රාජ් :
    නෑ පොඩි පැත්තෙන් !... :)

    ReplyDelete
  21. Big Endian, Little Endian නිසාත් ඓතිහාසික යුද්ධයක් ඇතිවෙයිද දන්නෙ නෑ නෙහ්??? :)

    ReplyDelete
  22. අසෙනි :
    හ්ම්.. ඒකත් කියන්න බෑ... අපි දෙගොල්ලෝ මරාගනීද මන්දා..
    මොකෝ අසෙනි පින්තූරෙත් මාරු කරලා ? කාලෙකට පස්සේ තමා දැක්කේ. මොකෝ ලියන්න එහෙම අදහසක් නැද්ද ?

    ReplyDelete
  23. අපිත් ඔයිට දෙවෙනි නෑ. .. එක දෙයියන්ට වඳිනවා එකම කෑම කනවා. පාටත් ඉතින් එක වගෙයි.. නම් ගත්තත් ආනන්ද ආනන්දන් වෙනවා චන්ද්‍ර චන්ද්‍රන් වෙනවා. රත්න රත්නම් වෙනවා. ඔන්න ඔය නයන්න හින්දා අපි ජාති දෙකකට බෙදෙනවා. මරාගන්නවා. අන්තිමට බිත්තරේ දෙපැත්ත වගේ තමා.

    ReplyDelete
  24. බිත්තර වලියක් ගිය දුර...

    ReplyDelete
  25. ලස්සන කතාව....ගලිවර්ගේ චාරිකාවේ ඔය හරිය මට මතක නැහැනේ..කොහෙන් කැඩුවත් බඩට යන බිත්තරේ ...අපේ හුඟක් අවුල් වලට මුල ඔය වගේ කේස් තමයි....

    ReplyDelete
  26. සරත් ලංකාප්‍රිය :
    ගොඩක් වෙලාවට මිනිස්සු කා කොටා ගන්නේ පොඩි පොඩි දේවල් වලට !

    සයුරි :
    ඒක නේන්නම්... ඒක නෙමේ ඔබතුමී ආස නැද්ද ගලිවර්ගේ චාරිකා පොත කියවන්ඩ ?


    Bindi :
    ඒ උනාට ඉතින් මිනිස්සු පිලිගන්ඩ කමති නෑ නෙව... මොකෝ බින්දි අක්කා ලියන්නේ නැත්තේ ?

    ReplyDelete
  27. ඔය දේ අද සමාජෙ ගොඩක් දෙවල් වලට සම්බන්ද කරගන්න පුලුවන් ..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.