02 June 2012

දන්නවද ?

යමෙක්, තමන් නොදන්නා බව නොදන්නේ නම් ඔහු මෝඩයෙකි.
ඔහුගෙන් ඈත් වී සිටින්න.

යමෙක්, තමන් නොදන්නා බව දන්නේ නම්  ඔහු දරුවෙකි.
ඔහුට උගන්වන්න.

යමෙක්, තමන් දන්නා බව නොදන්නේ නම් ඔහු නින්දේ පසු වෙන්නෙකි.
ඔහුව අවදි කරවන්න.

යමෙක්, තමන් දන්නා බව දන්නේ නම් ඔහු බුද්ධිමතෙකි.
ඔහු අනුගමනය කරන්න.


ප.ලි. - අන්තර්ජාලයේ සැරිසරනකොට අහම්බෙන් කියවන්ඩ ලැබුන සිතුවිල්ලක් සිංහලයට පරිවර්තන කලා.

37 comments:

  1. නියමයි අයියා සම්පූර්ණ ඇත්ත කතාව

    ReplyDelete
  2. දන්නවද කියලානේ අහලා තියෙන්නේ .මම නම් අහලා නැහැ.

    මම මේක ආයේ ආයේමත් කියෙව්වා මොකද පැටලෙනවා කියවද්දි.. දැන් හරි.. තැන්කු අපිත් එක්ක බෙදාගත්තට..

    ReplyDelete
  3. ඇත්තනේ...

    ReplyDelete
  4. සෙර්ටිෆිකේට් ඇත්ත කතාව....
    100% එකගයි...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. ඇල්බට් අයින්ස්ටයින් නේද කිව්වේ "මා දන්නේ මා කිසිවක් නොදන්නා බවයි" කියලා ???

    ReplyDelete
  6. //සිංහලයට පරිවර්තන කලා. ????//

    පාලියෙන්ද බොල තිබ්බේ..

    ජය !

    ReplyDelete
  7. සිංහලේට හරවාපු එක අපි වගේ අයට වැදගත් වේ !!

    ReplyDelete
  8. මොන භාශාවෙන්ද දන්නෙ නෑ තිබ්බෙ :)

    ReplyDelete
  9. අනේ මන්දා.. මම නම් මෙලෝ දෙයක් දන්නෙ නෑ, ඇත්තමයි!

    ReplyDelete
  10. මම දවසක් ඉස්කෝලෙට පරක්කු වෙලා ගියාම අපේ විනයපාලක ගුරු උත්තමයට අහු උනා.එතුමා මගේ පොත් ටික අරගෙන පෙරළලා බැළුවා පිටිපස්සෙ කුණුහබ්බ එහෙම තියෙයිද කියලා දඬුවම වැඩි කරලා දෙන්ඩ.මගේ තිබ්බ සටහන් පොතක පිටිපස්සෙ මම කොහෙන්දෝ දැකලා ඔය වාක්‍ය ටික ලියාගෙන තිබ්බෙ.ඒක දැකලා මට කිව්වා මේක ලියලා තිබ්බ හින්දා අද තමුසෙව යවනවා කියලා.

    ReplyDelete
  11. ජය ජය මධුරංග...

    ඇත්ත කතාවක්..

    ReplyDelete
  12. වඩා වැදගත් ඔය කොටස් වලට අදාල අය අදුන ගන්න එක..

    ReplyDelete
  13. මම නම් හිතුවේ තමන් නොදන්නාබව දන්න තැනැත්තාත් නුවණක්කාරයෙක් කියලයි.:D

    ReplyDelete
  14. කතාව ඇත්ත මලේ..
    ඒත් අනිත් අයට උගන්නන්න, අවදි කරන්න ගිහිල්ලා ගුටි කන්න වෙයිද දන්නෑ..

    ස්තුතියි මේ සිතුවිල්ල බෙදාගත්තට..

    ReplyDelete
  15. අපේ ඩොක්ටර් ගහගෙන ඉන්නවා ඕක හෙන පත සයිස් එකෙන් බිත්තියක් පුරාම..

    ReplyDelete
  16. වැදගත් අදහසක් මාමියෝ....:D :D

    ReplyDelete
  17. ඕක ඉංගිරිස් එකක්ද? මට මතකයි ගොඩක් ඉස්සර මුවන්පැලැස්ස නාට්ටියෙ ඕක ගියා දෙබසක් විදියට.

    ReplyDelete
  18. මේ අදහසම මේකට තවත් වැකි ගණනාවක් එකතු කරලා අපේ පාසැලේ හැම බිත්තියකම ලියලා තිබුණා. මේ අදහස ඉතාමත් අතීත අදහසක් මොකද අපේ පාසැල අවුරුදු 120කට වඩා පරණයි. මේ අදහස් ලියලා තිබුණේ. ගොඩනැගිලි හදපු කාලෙමයි. ඒ නිසා මේ වැකි ටික අදටත් කට පාඩම්.

    ReplyDelete
  19. ඇත්ත කථාව වැදගත්.

    ReplyDelete
  20. යමෙක්.. දැනගෙනත් 'නොදන්නවා වගේ ඉන්නවා' නම් එතකොට එයා..?????

    ReplyDelete
  21. ඕක මම ඒ ලෙවෙල් කාලේ ඇහුවා අයියා සිරා ටෝක් ටිකක්

    ReplyDelete
  22. ධම්ම පදයේ, බාල වග්ගයේ, සිව් වැනි ගාථාවේ ඔය අදහස තියෙන්නේ මේ විදිහට;

    යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං
    පණ්ඩිතෝ වාපි තේන සෝ
    බාලොච පණ්ඩිත මානී
    සවේ බාලෝති වුච්චති

    යමෙක් තමා බාලයෙක් බව දනීද, හේ එයින්ම පණ්ඩිතයෙක් වෙයි.
    පණ්ඩිතයකු යයි සිතා සිටින බාලයා එයින්ම බාලයෙකු වෙයි.

    The fool who knows that he is a fool is for that very reason a wise man; the fool who thinks that he is wise is called a fool indeed.

    ධම්ම පද අදහසම ස්ටීව් ජොබ්ස් ගේ සුප්‍රසිද්ධ කතාවේදී මම මෙහෙම ඇහුව;
    Stay Hungry, Stay Foolish!

    ReplyDelete
  23. මම දන්නෑ ඕවා....

    ReplyDelete
  24. @මඩිස්සලේ නිශාන් :
    හ්ම්ම්... ඇත්ත තමා.

    @නිම්ශා :
    කඩ්ඩෙන් තිබ්බ එක කියෙව්වා නම් ඔයිට වඩා පටලැවෙන්ඩ තිබ්බා හික්ස් :)

    @prasanna86k :
    ඔවු නේ. හික්ස් :)

    @අඩවි රජ :
    ස්තුතියි !!! රජතුමනි...

    ReplyDelete
  25. @Hasitha :
    ඒක නම් දන්නේ නෑ මල්ලි.

    @sAm (සෑම්) :
    මා පාලි දන්නේ නැත. එය කඩ්ඩෙන් තිබී සිංහලයට පෙරලන ලද්දකි.

    @හිස් අහස :
    ස්තුතියි මලේ.

    @න දී :
    ඉංගිරිස් වලින් තිබ්බේ !

    ReplyDelete
  26. @ලහිරු :
    එහෙනම් ලහිරු කියන්නේ දරුවෙක් !!! උබට උගන්වන්ඩ තියෙන්නේ. හික්ස් :)

    @දිනුක :
    මගේ පොතේ පිටිපස්ස බැලුවා නම් මගේ පස්ස රත් වෙන්ඩම ගුටි කන්ඩ තිබ්බා. හොද වෙලාවට අපේ එහෙම පරක්කු වෙලා ආවම පොත් බලන්නේ නෑ.

    @අග්නි ධාරා... :
    ඔවු නංගි... :)

    @දිනිති දීපිකා :
    ඔයාටත් ජය දිනිති !!!

    ReplyDelete
  27. @Dinesh :
    ඒකත් වැදගත් නේන්නම්. කවුරු කවුරු උනත් අදුරගෙන ජීවත් වෙන එක වටිනවා.

    @Podi Kumarihami :
    අපි හිතන් ඉන්න හැමදේම හරියන්නේ නෑ පොඩ්ඩි. හික්ස් :)
    එහෙම හරියනවනම් බැරි යෑ...

    @රූ.... :
    අන්න ඒ ප්‍රශ්නේ නම් තියෙනවා. ඒවයින් පරිස්සම් වෙලා ඉන්ඩ ඕනා.

    @හිතුවක්කාරි :
    වටී ඔබ වටී !!

    ReplyDelete
  28. @ක්සැන්ඩර් | Xander :
    අපේ ඩොක්ටර් කියලා කිව්වේ ෆැමිලි ඩොක්ටර් දෑ.

    @බට්ටි :
    මේවා කියවලා දූ ලා හොදට හැදෙන්න ඕනා. රටට වැඩදායි කෙනෙක් වෙන්ඩ ඕන හරිද මගේ දූ... හික්ස් :)

    @රාජ් :
    ඉංගිරිස් එකක් තමා.

    @දයානන්ද රත්නායක :
    මතක ඉතුරු ටිකත් ලියන්ඩ තිබ්බා නම් මරු නේ. හොද දෙයක් ඉගෙන ගන්ඩ තියෙනවා නම් ඊට වඩා දෙයක් තියේ යෑ.

    ReplyDelete
  29. @අසරණයා :
    සහතික ඇත්ත ය.

    @වින්චැට් කිරිල්ලි. :
    අන්න එහෙම උන්ට කියන්ඩ නමක් හොයාගන්ඩ වෙනවා. හික්ස් :)

    @පොත් ගුල්ලා :
    පොත්ගුල්ලා අයියෑ කමෙන්ට් එකෙන් හැමදාම මම් මොනාහරි අළුත් දෙයක් ඉගෙන ගන්නවා. ගොඩක් ස්තුතියි අයියේ මේවගේ දේවල් කමෙන්ට් කරනවට.

    @සෝරෝ :
    ඒකනේ ඒකනේ...

    ReplyDelete
  30. හා.. උඹෙන් ඈත්වෙලා ඉන්නංකො එහෙමනං... ලොල්

    ReplyDelete
  31. මම මේ කල්පනා කළේ මම අයිති මොකේටද කියලා....

    ReplyDelete
  32. කතාව නම් මල් මල්

    ReplyDelete
  33. ඇත්තම කථාව අයියේ... නියමයි...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.