09 June 2012

යෝජිත විවාහ

"හෙලෝ.... අපි අහවල් පත්තරේ මංගල දැන්වීමක් දැකලා කතා කරන්නේ...."  කියලා දුරකතන ඇමතුම පටන් ගත්තම ඇමතුමේ එහා පැත්තේ ඉදන් උත්තර දෙන කෙනා "ඔවු අපි තමයි ඒ දැන්වීම දැම්මේ..." කියලා උත්තර දෙනවා.

එතනින් එහාට තමයි කතාවේ හොදම හරිය !!

 ඇමතුම දුන්න කෙනාට මුලින්ම තමන් ඉන්නේ කොහේ ද, පවුලේ කී දෙනා ද, වාසගම මොකද්ද යන ඔය වගේ ඉතාමත් කෙටි අතුරු ප්‍රශ්න පත්තරයකට උත්තර දෙන්ඩ සිද්ධ වෙනවා !!

ඔය වාසගම අහන්නේ නම් තමන් මොන කුලයෙද කියලා දනගන්න ලූ. ලංකාවේ කුල කිහිපයක් තියෙනවා කියලා අපේ අම්මා මට කියලා තියෙනවා. ගොවි, රදා, රදල, කරාව, හාලි, හැල වගේ නානප්‍රකාර කුල තියෙනවා.ඕවා රජකාලේ ඉදන්ම පැවතෙන කුල ලූ. දැන් නම් ඕවෑ වැදගත්කම මොකද්ද කියලා මට නම් තේරෙන්නේ නෑ.


ඊට පස්සේ තමා හරි ප්‍රශ්න පත්තරේට එන්නේ. ඊට පස්සේ අහන්නේ,පුතාගේ නම මොකද්ද, පුතා ඉගෙන ගත්තේ කොහේද,සාමාන්‍ය පෙළ උසස් පෙළ ප්‍රථිපල මොනවද, කොහේ විස්ව විද්යාලයටද ගියේ, මොකද්ද කරපු උපාධිය වගේ ප්‍රශ්න !!

මේවගේ ප්‍රශ්න වලදි නම් කොල්ලගේ අම්මා වනලා උත්තර දෙනවා රම්පෙට පොරි හැලෙන්ඩම !!!

සමහර වෙලාවට අම්මා අප්පච්චි කරන රස්සා ගැන ඇහුවම නම් ටිකක් විතර හිර වෙනවා.ඒ උනාට කොල්ලගේ අම්මා, ලඟ නවලා ගානට කවර් කරලා විකට්ටුව බේරගන්නවා.ඕන යෝකර් එකකට ෆෝවර්ඩ් ඩිෆෙන්ස් පාවිච්චි කරලා විකට්ටුව බේර ගන්ඩ කොල්ලෑ අම්මා දස්සයි.

 ඒවට හරියටම උත්තර දුන්නට පස්සේ අහන්නේ පුතා දැන් වැඩ කරන්නේ කොහේද, කොච්චර කාලයක ඉදන් එහේ වැඩ කරනවද, දැන් ස්ථිරයිද කියලා අහනවා. ඊට පස්සේ කොහොමහරි දත කන්නේ පඩිය කීයක් විතරද කියලා අහන්න. ඒකත් ඇහුවයි කියමුකෝ.

ඉදලා හිටලා සමහර අම්මලා "පුතා ලස්සනද ? සුදුද ? අපේ දුව නම් සුදුයි !!" කියලා කියන අයත් නැතුවම නෙමෙයි.  කොයි අම්මාවත් තමන්ගේ දරුවා කැතයි කියලා කියනවා මම නම් අහලා නෑ.

ඔය අතරේ තමයි ගෑල්ලමයා ගැන යන්තම් හරි විස්තර ටිකක් අහගන්ඩ වෙන්නේ.ඒකත් සමහර වෙලාවට කෑලි කෑලි තමා අහගන්ඩ වෙන්නේ. හරි හමන් විස්තරයක් නෑ.

හැබැයි මොක නැතත් අනිවාර්යෙන්ම කෙල්ලට දෙන දෑවැද්දට තාර බරත් එකතු කරලා කියන්ඩ නම් ඒ අය අමතක කරන්නේ නෑ.

අපේ හැමදේම මෙයාට තමයි ලියලා දෙන්නේ. ගොඩින් මෙතක් විතර මඩින් මේන් මෙතකට වඩා වැඩියෙන්. ගේ දොර ඉඩ කඩම් යාන වාහන ද අරකද මේකද යන විදිහේ යුගල පද සෙට් එකක් අනිවාර්යෙන්ම අහගන්ඩ පුලුවන්.

 ඊට පස්සේ ඒ කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි පුතා ෆේස්බුක් ඉන්නවද කියලා. ඉන්නවා නම්, නම මොකද්ද කියලත් අහනවා.කොල්ලෑ අම්මත් නිකා ඉන්නේ නෑ. පෙරලා අහනවා ඔයාලෑ දුවත් ෆේස්බුක් ඉන්නවද කියලා.

බැරිම වෙලාවකවත් ඉන්නවැයි කිව්වොත් කොල්ලෑ අම්මා කොල්ලට අතින් සංඥා කරනවා කොම්පීතරේ ඔන් කරහන් කියලා.ඊට පස්සේ කොල්ලෑ මල්ලි, කොල්ලට කලින් පුටුවත් පෙරලගෙන කොම්පීතරේ ඔන් කරනවා. උට ඕනේ තමන්ගේ අයියා බඳින්න යන කෙනා ලස්සනද කියලා දැනගන්ඩ.

ඊට පස්සේ දෙගොල්ලන්ට හම්බ වෙන්ඩ දිනයක්, තැනක් එහෙම දාගන්නවා.ඊට පස්සේ දුරකතන ඇමතුම එතනින් නිමා වෙනවා !!!

(කතෝලික කට්ටිය ගොඩක් වෙලාවට කෙලින්ම ගෙදරට එන්ඩ කියන්නේ නෑ. පල්ලියකට වගේ තමා එන්ඩ කියන්නේ. )

ඊට පස්සේ වෙන්නේ මොනවද කියලා ඊලඟ ලිපියෙන් දැන ගමු.  
--------------------------------------------------------------------

ප.ලි. - කතාව ටිකක් විතර දිග වැඩි උනා. මේකත් මැද්දෙන් කැඩුවොත් අපරාදේ නිසා එහෙම කලේ නෑ.

57 comments:

  1. බලන් හිටිය වගේ කියල තියෙන හැටි.. මෙච්චර කාලෙකට මම අයියගේ පෝස්ට් වලින් දැකපු හොඳම එකද කොහෙද මේක.. !!!!

    ReplyDelete
  2. ඒ කියන්නේ මේ කොල්ලට දැන් අම්ම මගුල් හොයනවා? එහෙමද?

    (රජයේ අවවාදයද : තෝරපු පොල් ගන්නේ මොටෝ? තෝරලා ගන්න පොල් තියෙද්දී?)

    ReplyDelete
  3. හික් හික්...අත්ඩැකීමක්ඩ මන්ඩ....;)

    ReplyDelete
  4. මට හිතෙන්නේ කොල්ල මධුරංග කියලා කෙනෙක්. කෙල්ල නම් මොකීද දන්නේ නැහැ. හැබැයි පුතෝ අර කුල ගෝස්තර ගැන නම් අහන්නෙ වෙන අහවල් කාරණාවකට වත් නෙමෙයි. වංසෙ කබල් ගාන්න.

    ReplyDelete
  5. කුලමලනම් අපි නොදන්නම තරමට හොදයි..මොකද ඒ තරම් මිනිසුන් උස්පහත් කරන වැඩක් නෑ ලෝකයේම.අපේ රටේ අතීතයේ බහුලව පැවතුණු ක්‍රියාවක් කුලමල බැලීමනම් කල රැකියාව අනුවයි කුලය අදාල වෙන්නේ.තිබුනු හොදම කුලය ගොවි කුලයලු.ගොවි කුලයට අයිති අය අඩු කුලේ අයගෙන් වතුර වීදුරුවක්වත් බොන්නෙ නැහැයිලු.කුල මල නැතිවී ගියපු එකමයි හොද මමත් මේ ගැන දැනගත්තුවා

    ගොවි කුලය- ගොවිතැන්කරන්නා
    රදා කුලය-රෙදි සෝදන්නා
    කරා කුලය-මාළු අල්ලන්නා
    බෙරව කුලය-බෙර වයන්නා
    නවන්දණ්ඩ කුලය-යකඩතලන්නා
    දුරා කුලය-
    ඔලී කුලය


    නමුත් යෝජිත විවාහයකදීනම් මේ ගැන විශේෂයෙන් බලනවා..පෝස්ට් එකනම් නියමයි..බලන්නම්කෝ ඉතුරු ටිකත්

    ReplyDelete
  6. දැන් ඉතින් කියන්ටකෝ, එයාගේ ෆේස් බුක් පින්තූරේ ලස්සනද, එයා බලන්ට යන්නේ කවදද කියලා...:D

    ReplyDelete
  7. හැබැයි මේ මොන ප්‍රශ්න ඇහුවත් කෙල්ල හොඳනම් ගැලපෙනව කියල හිතෙනවනම් ෆේස් බුක් ගිය ගමන් දේද සෙට් වෙනවා.

    යෝජිත විවාහයක් වුණත් අර "උණහපුළුවට උගේ පැටිය මැණිකක්" කියන කතාව මෙතෙන්ට අදාල වෙනවා.

    ඒහෙනම් මලේ වැඩේ සුබ වෙයි වගේ..

    ReplyDelete
  8. ඒකත් ජයසිරි මංගලම්.... මධූ අයියටත් හරිගියා එහෙනං ඈ... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. හික්.. එලට ලියල තියෙනව...

    ReplyDelete
  10. අනේ අම්මේ කොල්ලා එහෙනං බඳින්ඩයි යන්නෙ.හොඳා හොඳා...ජය මංගලං

    ReplyDelete
  11. අහ්..ආහ්... එකත් ජයසිරි මංගලම් කිව්වලු..

    ReplyDelete
  12. පට්ටයි ආය් කියල වැඩක්ක නෑ හ් හ් හා

    ReplyDelete
  13. ආ මධුරංගයා... ප්‍රී වෙඩිං නාඩගං වගේ ආ..

    ReplyDelete
  14. කෙල්ලගෙ නම අපිටත් කිව්වනම් ලස්සනද කියලා අපිටත් කියන්න පුළුවන් ඕං... කොහොම උණත් කොල්ලට සුබ පැතුම්. අම්මා දස්සයා නෙවෙයි නම් කොහොමද මේ තරම් කොල්ලො දෙන්නෙක් ව ගොඩදාන්නෙ හැබෑටම!

    ReplyDelete
  15. යකඩෝ මදුරංග කොල්ලත් බදින්න යන්නෙ එහෙනම්

    ReplyDelete
  16. මධුරංග මල්ලිගේ කලවයස හරි නේ. ඉතින් ඔහොම දෙයක් ගෙදර වෙන එක පුදුමයක් නෙමෙයි. එහෙනං අපෙනුත් සුභ පැතුම්. කතාවේ ඉතුරු ටිකත් කියන්නකෝ.

    ReplyDelete
  17. ඛොල්ලටත් බඩු හම්බ වෙන්න වගෙ යන්නෙ

    ReplyDelete
  18. හා හා.... වෙඩිමක් සෙට් වෙන්න යන්නේ...
    මධුරංග අයියට ජය ශ්‍රී මංගලම් කිව්වා..!!!

    ReplyDelete
  19. හික්ස්ස්.. මේක අත්දැකීමක්ද කොහෙද..;)

    ReplyDelete
  20. කේන්දර ගලපන්න කලින් ෆේස්බුක් මැච් කරන්න එපෑය,නැත්නං පහු කාලෙක මලක්වත් කඩන්නෙ කොහොමද?

    ReplyDelete
  21. හා හරි වගේ ඒ ෆයිල් එකටත්...!!! එල එල...

    ReplyDelete
  22. ඔහෝ කොල්ලා ගොඩ දම්මවන්ඩ අම්මා ගේමට බැහැලා එහෙනං ඈ...හොඳා හොඳා!!

    ReplyDelete
  23. හාහා දැන් වෙඩිමක් ගන්න කලින් ෆේස්බුක් ඉන්නවද කියලත් හොයනවද?
    හම්මේ මගේ එකවුන්ට් එකේ ඉන්න ගෑනු ළමයි ටික අන්ෆ්රෙන් කරලා දාන්න ඕන :)

    ReplyDelete
  24. මෙයාටත් මංගල සීනු හැඩවිලා වගේ ...

    ReplyDelete
  25. කුල මල ගෝත්‍ර නම් මම අහන්න එපාම කරපු වචන සෙට් එකක් ඔව්වා මොකටෙයි බලන්නේ පිස්සු විකාර කියලමයි මට හිතෙන්නේ...

    කේන්දරේ තමා අනික් ගිනි විජ්ජුම්බරේ අපේ අම්මලා ගේ පෙරලන්න හැදුවත් මේ පුතාගෙන් ඉහත දෙකටම අනුමැතිය ලැබෙන්නේ නෑ මොකද අම්මලැයි බඳින්නේ මමනේ බඳින්න ඕනේ(මේවා මං බඳිනකොට හොඳේ)

    අනික තමා ඔය සුදු රෙදි අයිටම් එක මම මේ දවස් ටිකේම සෑහෙන්න ඔය කතාව ඇහුවා... ඒකත් හෙනම මෝඩ වැඩක් නැද්ද අයියේ....

    ෆේස්බුක් ඉන්නවනම් දැන්ම පෙර වැරදි අකා මකා දමන්ඩලා මොකද නැත්තම් වෙන්නේ කරපු වැරදි කස්ටිය දින වකවානු ඇතිව දැනුවත් කරන එක... හැබැයි කෙල්ල බුකියේ ඉන්නවනම් ෆේක් ප්‍රොෆයිල් එකකින් CID පාරක් දැම්මොත් නරක නෑ....

    කොහෝම හරි අපේ අයියටත් එහෙනම් ජයසිරි මංගලම් වගේ... ජය වේවා ජය වේවා මම ඇඩ්‍රස් එක දාන්නම් කේක් කෑල්ලක් ඊ මේල් කරන්ඩෝ

    ReplyDelete
  26. කුල ක්‍රමය කියන එක ලංකාවේ බලපාන්නේ විවාහයටය් මහණකමටයි විතරයි මම දන්න තරමින්. හැබැයි ඒ දෙකටත් සුපිරියටම බලපානවා

    ReplyDelete
  27. මූ හැරෙනකොට මට හිතෙනවා පොල්පැලේ විතරක් කාලා නිකා ඉන්න එකක් නැහැ කියලා :D

    ReplyDelete
  28. එහෙනම් මධුරංග අයියගෙත් කාලේ හරි වගේ.. දැන් මොකො උනේ බලපු ගෑල්ලමයට..

    ReplyDelete
  29. හරි හරි දැන් මල්ලි කවද්ද මනමාලි බලන්න යන්න දාගත්තේ???
    ෆේස් බුක් එකේ එයා හිටියද?

    ReplyDelete
  30. ආ... එහෙනම් අයියටත් ජයසිරි මංගලම් වේවා.......

    ReplyDelete
  31. උබ මාර ඇඩ්වාන්ස් වෙලානේ.. මාර දැනුමක්.. අත්දැකීමක් වෙන්න ඇති.. එක්කෝ ඩිග්‍රිය ගත්තේ මේවැන්ද බං..

    //ඊට පස්සේ කොල්ලෑ මල්ලි, කොල්ලට කලින් පුටුවත් පෙරලගෙන කොම්පීතරේ ඔන් කරනවා.// පට්ට..

    //කතෝලික කට්ටිය ගොඩක් වෙලාවට කෙලින්ම ගෙදරට එන්ඩ කියන්නේ නෑ. පල්ලියකට වගේ තමා එන්ඩ කියන්නේ. // පට්ට පට පට

    අපි යාලුවෙලත් ඔහොම කරන්න හැදුව. ඒව කොහෙද සැම එක්ක..

    වැඩේ ගොඩ වේවා ..ජය !

    ReplyDelete
  32. මේ.....නිකමට වගේ අහන්නේ...මේක මේ අත්දැකීමෙන්ද කිව්වේ අයියේ....

    ReplyDelete
  33. අන්තිමට ෆේස් බුක් එකත් එකතු වුනා. හඩේ අප්පේ තව මොනවා මොනවා ඉස්සරහට එකතුවෙයිද දන්නේ නෑ. ඇත්තටම මේ යෝජිත විවාහේ කාගේද අප්පා. ? ඉතුරු හරිය දාමු ඉක්මනට !!!

    ReplyDelete
  34. @IP MAN :
    ටැංකු ටැංකු !!!
    අයිපී මෑන් කිව්වම මතක් වෙන්නෙම නෙට්වර්කින් !!!
    ඔන්න එහෙනම් අයිපි මෑන්වත් මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගත්තා !

    @රවින් :
    තමන්ගේ අත්දැකීම් තරම් ලස්සනට කිසිම දෙයක් ලියන්ඩ බෑ ය කියලා තියෙනවා නෙහ්...

    @ක්සැන්ඩර් | Xander :
    අනිවාර්යෙන්ම... !!
    පොල් තෝරන්ඩ එච්චර ආසාවක් නෑ !!

    @අග්නි ධාරා... :
    එහෙම හිතුවත් හරිද මන්දා.... :)

    ReplyDelete
  35. @malmi :
    ඒක වෙන්ඩැති අක්කේ. ඔය වාසගම අහන එක නම් අනිවාර්යෙන්ම කරනවා. මෙලෝ වැඩක් නෑ මට නම් !!!

    @සිහින සිත්තම් :
    අර කුල ගැන හැදින්වීමක් කරපු එකට ටැංකූ ඈ. අපි ඉතින් උපන් ගමන් කුලේ තීරණය කරගෙන එන්නේ නෑ නෙව.

    @Podi Kumarihami :
    ෆේස්බුක් වල කවද්ද කැත පින්තූර දාන්නේ. ඇරත් කැත පින්තූර දාලා ඕ විදිහට මංගල යෝජනා වලදි කියන්නේ කවුද ඈ. ;)

    @දයානන්ද රත්නායක :
    පෙරමග සුබ නැත... යෝජිත විවාහ වලදි සෑහෙන දේවල් ගොඩක් බලනවා නෙව. :)

    ReplyDelete
  36. @අඩවි රජ :
    හරිගියේ නෑ රජතුමනි. හරි ගියා නම් මීට වඩා හොද පෝස්ට් වැටේවි !!

    @Pathum Herath :
    තැන්කියු !!!

    @දිනුක :
    තාම හරිගියේ නෑ බොල !! තාම නාම යෝජනා. ඊලඟ කොටසත් බලන්ඩකෝ !!

    @නිම්ශා :
    තාම නෑ බොල ! තාම මග !

    ReplyDelete
  37. හිහ්...ලොවෙත් නෑ...

    ReplyDelete
  38. @යසිරු :
    පට්ටයි නම් කමක් නෑ. :)

    @පිණිබිඳු... :
    ඒක නේන්නම්.... ප්‍රී වෙඩින් කියන්ඩත් අමාරුයි මේක. තාම කෙල්ල සෙට් වෙලත් නෑ නෙව.

    @ලහිරු :
    ඕවට උත්තර ටික ඊලඟ පෝස්ට් එකෙන් ලැබේවි !!!
    එතකන් රැඳී සිටින්න අප සමගම !

    @න දී :
    බඳින්න නෙමෙයි. අම්මා කෙල්ලෙක් හොයනෝ. :)

    ReplyDelete
  39. @පොත් ගුල්ලා :
    එහෙනම් කතාවේ ඉතුරු ටිකත් අහලා ඉදිමු !!
    නැද්ද මඟුල් ගැන පොත් වල තිබ්බ රසකතා එහෙම ?

    @ජිංජිබිරිස් :
    බඩු හම්බ වෙයිද මන්දා :)

    @ගිනි කුරුල්ලා :
    තාම නෑ තාම නෑ...
    තාම සෙට් උනේ නෑ. ඊලඟ කොටසත් බලන්ඩකෝ !!!

    @හිතුවක්කාරි :
    එහෙම නෑ ය කියන්ඩත් බෑ. :)

    ReplyDelete
  40. @වර්ණ :
    අපේ ඉතින් කේන්දර ගැලපිල්ලක් නෑ මලයා !!
    කේන්දරත් ගලපන්න ගියොත් මේ කපේදි බඳින්ඩ වෙන්නේ නෑ.

    @prasanna86k :
    තාම නෑ... තාම නෑ...
    තාම හරි නෑ. මාළුවෝ වගේ අයියලා ඉදිද්දි අපි කෝම බඳින්නෙයි !!

    @Maneka :
    හික්ස් :)
    කොල්ලව ගොඩ දම්මවන්ඩ... පුඃ !!

    @මඩිස්සලේ නිශාන් :
    යාළුවෝ ප්‍රශ්නයක් නෑ. ලස්සන ෆොටෝ ටිකක් දාන්ඩ ප්‍රොෆයිල් එකට. ඒවට ෆොටෝ සෝප් ගාන්ඩ !!

    ReplyDelete
  41. @රොබින් :
    මංගල සීනු නෙමෙයි... මල බෙර වැයිලා !!!

    @ගැමියාගේ පත් ඉරුව :
    අනිවාර්යෙන්ම හරි ගියොත් කේක් එවන්නම්. (කේක් එවන්ඩ හරි යයිද මන්දා.)

    @Hasitha :
    මහනකමට බලපානවා කියලා නම් මම් දන්නේ නෑ මලයා.

    @දූපත් වැසියා :
    ෂ්.....zzzz... තාම නෑ..

    ReplyDelete
  42. @..ChAnDiKa.. :
    පොල් පැලේ කන්ඩත් ඉතින් පොල් පැලයක් හම්බෙන්ඩ එපැයි. ඒත් කොයි ...:)

    @Dinesh :
    ඒක ඊලඟ කොටසින්ම බලාගන්ඩ පුලුවන්.

    @සයුරි :
    අපොයි ඒ කෙල්ල හිටියා. පින්තූරු ත් බැලුවා.
    මට මතක විදිහට ඉරිදා දවසක තමයි එහේ යන්ඩ දාගත්තේ.

    @අකීකරු හිත :
    තාම හරි ගියේ නෑ නංගි. ඒවා වලට තව කල් යයි !!

    ReplyDelete
  43. @ඉන්ද්‍රජිත් :
    ස්තුතියි !!!

    @sAm (සෑම්) :
    ඒ අතින් සෑමට තරම් මට වාසනා මහිමයක් නැත්තේ ය...

    @තරුවා :
    අත්දැකීමක් නෙමෙයි කියලත් කියන්ඩ බෑ. :)
    තරුවා කියන්නේ තරූගේ ලෝකය ලියපු මලයම වෙන්ඩෑ.

    @පැතුම් [සිතුම් පැතුම්] :
    කාලේ වෙන්ස තාලේ අළුත් නේ. ඒ නිසා එක එක දේවල් එකතු වෙනවා.

    ReplyDelete
  44. පට්ටය් නේ බොල :ඩ්
    ඊළඟ එකත්ඉක්මනට දාන්නකෝ..

    ReplyDelete
  45. මගෙන් සුභපැතුම් :D..
    ඊලඟ කොටසත් ඉක්මනට දාන්න...

    ReplyDelete
  46. හෆ්ෆා..යාන්තම් වැඩේ හරි වගේ......:D:D

    ReplyDelete
  47. හෆොයි.. මේ මොකද? තාමත් බැරිඋනාද කෙල්ලක් හොයාගන්න ?

    ReplyDelete
  48. අනේ මන්දා..මෙච්චර කල් අර ලස්සන කැම්පස් එකේ ඉඳලා ඇවිත් දැන්ද ගෑල්ලමයෙක් හොයන්නේ?!!

    කමක් නෑ දැන්වත් අනංගයා වැඩ කරනවා නම් හොඳයි..සුභ පැතුම් මලේ..

    ReplyDelete
  49. ඒකත් එතකොට එහෙමයි වෙන්න යන්නෙ.හොඳට හොයලා බලල කොරගන්න දෙයක් මචෝ.

    ReplyDelete
  50. කේක් කේක් අපිට කේක්... :D

    ReplyDelete
  51. මොකක්ද බොල දාපු පත්තරේ. ලංකාදීප ලහිපිට නං ආයෙ දෙකක් නෑ බඩු සුවර්. උඹ අර ශ්‍රෙක් ගෙ පින්තුරෙ අහක් කලාද නැත්නං බොට සෙට් වෙන්නෙ ‍ෆියෝන වගේ කේස් එකක් තමයි, කොහොමද රෑට යකා වෙනකොට. හෙහ් හෙහ්.. දාහං හොන්දවැයිං එකක් පොටෝසොප් වැලිකඩදාසියෙන් මැදල එහෙම

    ReplyDelete
  52. එන පොට හොඳ නෑ, කෙල්ල ගෙට ගං කිව්වලු!

    ReplyDelete
  53. ඔව් අයියේ ඒකම තමයි...පොඩ්ඩක් නම වෙනස් කලා...

    ReplyDelete
  54. ඔව් කතෝලික කට්ටිය පල්ලියකට තමයි එන්න කියන්නේ

    ReplyDelete
  55. මධුරංග සහෝට තිබුණේ

    ‘‘මමත් ළඟදිම බඳිමි...“ වගේ මාතෘකාවක් දාන්න. අපරාදේ වචන ගොඩාක් නාස්ති කරලනේ හිතේ තියෙන දේ කියාගත්තේ...

    යෝජිත විවාහ ගැන අත්දැකීම් නැති නිසා මේක වටිනවා... ෆේස්බුක් කථාව නම් ඇත්ත. මගේ යාළුවෙක්ටත් ඕකම වුනා... එහෙනම් මධුටත් ජයසිරි මංගලම් !!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.