09 February 2012

කිඹුලා ගැන කටකතා

අපේ පැත්තේ මේ දවස් ටිකේම එක එක්කෙනා කතා වෙන්නේ ඊයේ රාගමදි අල්ලපු කිඹුලා ගැන. මේ කිඹුලා අල්ලපු සිද්ධිය කොච්චර ප්‍රසිද්ධයිද කියනවා නම් බස් හෝල්ට් එකේ කඩපිල්වල කවුරු කවුරුත් කතා වෙන්නේ කිඹුලා ගැන.මූ එසේ මෙසේ කිඹුලෙක් නෙමෙයි තඩි කිඹුලෙක් ! මිනී කන කිඹුලෙක් !

කිඹුලව ඇල්ලුවාට පස්සේ ඌ ගැන සෑහෙන්න කටකතා ගොඩක් පැතිරීගෙන යනවා.සමහර එවුවා ඇත්තද බොරුද කියලා හිතාගන්න බෑ.
මේ ඉන්නේ ඔය කිඹුලා

කිඹුලා අල්ලලා වනජීවි එකට බාර දුන්නට පස්සේ මේ කිඹුලා මලා කියලා කට්ටියක් කියනවා.

තව කට්ටියක් කියනවා මේ කිඹුලව අල්ලගන්න ඇමට බලුපැටියෙක්ව දාලා තිබ්බයි කියලා. ඌ කෑ ගහන සද්දෙට ලූ කිඹුලා ආවේ.

හැබැයි තවත් සමහරු නම් කියන්නේ මේ කිඹුලාව ඒ ලඟ ආමි කෑම්ප් එකෙන් මුතුරාජවෙල වගුරුබිමට දාපු කිඹුල්ලු තුන්දෙනාගෙන් එකෙක්ය කියලා. එකෙක්ව කෝච්චියට අහු වෙලා මලා ලු ! මේ අනිකා ලූ ! තව එකෙක් මුතුරාජවෙල වගුරු බිමේ ඉන්නවලු !
(අපේ ගෙවල් ගාව වෙල මුතුරාජවෙලේ කෑල්ලක් ය කියලා දැනගත්තෙත් මේ සිද්ධියෙන් පස්සේ.)

එහෙම ආමි එකෙන් කිඹුල්ලු දාලා තියෙන්නේ මේ වෙලෙන් ආමි කෑම්ප් එකට කොටි එන එක වලක්වන්න ලූ.! ඇත්තද කියලා දන්නේ නෑ !

හොදම වැඩේ තමා ත්‍රීවීල් ටයර් එකක් බඩ මැද්දේ හිර කරගත්ත කිඹුලෙකුත් ඔය කිට්ටුව වෙලක ඉන්නවා කියලත් ආරංචි උනා. ඌව නම් බලන්න වටිනවා ! :)

මොනා උනත් ඕ වගේ තඩි කිඹුලෙක් මම් ජීවිතේටම දැකලා නෑ. අපරාදේ ගෙදර හිටියා නම් බලන්න යන්න තිබ්බා. රාගමට එච්චර දුරකුත් නැති එකේ රේල් පාර දිගේ පයින් ගියත් පාඩු නෑ.
-----------------------------------------------------------------
ප.ලි. - පින්තූරය ගත්තේ නිකමා මල්ලිගේ බ්ලොග් එකෙන්. තව පින්තූර බලන්න ඕන් නම් නිකමා මල්ලිගේ බ්ලොග් එකේ මේ ලිපියට යන්න

61 comments:

  1. අනේ මලේ ඔය කතා පතුරුවන්න උදව් කලා කියලා ඔයාලගෙ ගෙදරටත් සුදු වෑන් එකක් එයිද දන්නෑ..!!

    ReplyDelete
  2. නිකමගේ පොස්ට් එක බැලුව විතරයි. හොට් හොට් නිවුස් එකක් වගේ?? මොකද ඒ පාර කිඹුල්ලු?

    ReplyDelete
  3. ඔකා මලාලු අයියේ........ අද ප්‍රවෘර්ති වලට කිවුවා. එකා හම ගහලා පුළුන් පුරවලා සත්තු වත්තේ කෞතුකාගාරේ තියන්න යමවලු.

    ReplyDelete
  4. බුදු අම්මෝ ඌ ව දැක්කමත් ඇඟ හිරි වැටෙනවා...

    ReplyDelete
  5. අම්මෝ....දැක්කම බය.... හිතෙනවා!!!

    ReplyDelete
  6. මම මේ නිව්ස් එක නම දැක්කා..පින්තුර නම දැක්කේ අද තමයි...අර ටයර් ගිල්ල කිබුල් තඩියා බලන්න යන්න මධුරංග අයියා..ආයේ දකින්න නම වෙන එකක් නෑ..

    ReplyDelete
  7. අනේ මේ ඌ ව බලන්න නොගියට කමක් නැහැ..ඔයාව ගිල්ලොත් එහෙම...:0

    ReplyDelete
  8. අද දවසේ උණුසුම්ම ප්‍රවෘතිය.. මොනා උනත් තව මිනිස් ජීවිත නැති වෙන්න කලින් අල්ලපු එක හොදයි..

    ReplyDelete
  9. අනේ පව් අහිංසක කිඹුලා

    ReplyDelete
  10. ඔක්කෝමත් හරි ඔය කට කතා කියන එවුන් නිසා තමයි ඇත්ත මොකක්ද කියලා හොයා ගන්න බැරි. ආමි එකෙන් මුතුරාජවෙලට කිඹුල්ලු දැමිමා කියලා කොටි නොයාවීද? උන් එනවනමි කොහොමත් එනවා. ඔිවා පැත්තකින් තියමු.. අර ත්‍රිවිල් ටයර් එක බඩෙි හිර කරන් ඉන්න කිඹුලා අහුවුනොත් මහන්සිබලන්නේ නැතුව ෆොටෝ කැල්ලක් දාන්න.. ජයවෙිවා!!!!

    ReplyDelete
  11. මාත් දැක්කා ටී වී එකේ මේ කිඹුලව... ඒ පැත්තේ තණකොළ කපන්න ආපු මනුස්සයෙකුත් මෙයාගේ බඩේලු. එසේ මෙසේ කිඹුලෙක් නම් නෙවෙයි...

    ReplyDelete
  12. කට කතා කොහොමටත් ඉතින් හොඳ ඒවා නෙමේනේ.:D

    ReplyDelete
  13. කිඹුලව අල්ලා පස්සේ මැරිලා

    http://www.gossip9.com/2012/02/blog-post_1654.html

    http://www.srilankamirror.com/sinhala/index.php/the-news/11648-crocodile

    ReplyDelete
  14. කිඹුල් මස් තෝර මාලු වගේලු..
    සුදු පාටලු..රහ උනාට පොඩි ගඳක් තියෙනවලු..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
  15. මාර සයිස් නේ ඒකා.මැරිලානේ.ඒකාගෙ බඩේ මිනිස් ඇටකටුත් තිබුනලුනේ.

    ReplyDelete
  16. ටයර් එකක් බඩ මැද්දේ හිර කර ගත්තු කිබුලා ගැන නම් ඇහුවෙත් අදයි.මුතුරාජ වෙලට කිබුල්ලු දාපු සීන් එක නම් ඇත්ත වෙන්න ඇති.ෂෙල් එක තියෙන්නෙත් මුතු රාජ වෙල.ෂෙල් එකට කොටි ගහයි කියලා තමා ඒ දවස් වල ඕකට කිබුල්ලු ගෙනල්ලා දාල තියෙන්නේ.

    ReplyDelete
  17. @හරී
    කිබුල් මස් කාපු එකෙක් අපි අතර ඉන්න එක අපිට හිරිකිත මුත් ආඩම්බරයකි.:P

    ReplyDelete
  18. මන් කියවපු හැටියට ඒ කිඹුල් ජාතිය බොහොම දුර්ලභයි .. ඉන්නෙත් ටික දෙනයි.. මේ කිඹුලා අසාමාන්‍ය විදිහට විශාල එකෙක්. අපරාදේ මරල දැම්මේ.. නියම විදිහට ඇල්ලුවා නම මැරෙන්නේ නැහැනේ.. මිනීමරු මිනිස්සු තනතුරු ලබන අපේ රටේ සතෙක් මරන්නේ මොකටද ?

    ReplyDelete
  19. අනේ අසරණ සතා.ඌ දන්නව‍යෑ මිනිහෙක් මැරුවම ගොඩක් පව් කියලා.මොකෝ කිඹුලා කියලා බඩගින්න දැනෙන්නැති එකක්යැ.

    ReplyDelete
  20. මාත් දැක්කා ෆොටෝ වගයක්. මූ මැරිලලු දැන්.

    ReplyDelete
  21. මැරුව එක නං අනුමත කරන්න බෑ.

    ReplyDelete
  22. මම නම් ඔය සතාව මරපු එක 100%ක් අනුමත කරනවා.
    නැත්තන් ඕකව ආපහු ටික දවසකින් කොහෙට හරි ගිහින් අත අරියි..

    අපි නොදන්න "වනජීවී"...

    ReplyDelete
  23. පව් අෆ්ෆා...මිනිස්සුම දාල මිනිස්සුම මරනවා...

    ReplyDelete
  24. @ නිකමා : 'ලු'.. 'ලු'..කියලා තියෙනවා දැක්කෙ නැද්දෝ? මම කාලා නෑ බං ඔය මල ජරාව..මම කිව්වෙ කාපු එකෙක් මට කියපු දෙයක්..ඌ එන්නත් කිව්වා අල්ලපු වෙලාවක මස් ටිකක් දෙන්නම් කියලා..මම එපා කිව්වා මළ ජරාව..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
  25. මේ ගැන දැනගත්තේ දැන් උඹගේ පෝස්ට් එකෙන්
    අපරාදේ ඌ නිකරුනේ මැරිලා ගිය එක

    කිඹුලාව අල්ලලා තියෙන්නේ ඇමක් දාලනේ
    අනිත් එක ඔලුවට පොරවකින් පහර දීපු සලකුණු එහෙමත් තියෙනවලු
    අඩු ගානේ ඇමට අහු උනාට පස්සෙවත් දෙහිවල සත්වෝද්‍යානයට හරි වනජීවී එකට හරි දැන්නුවනම් උගේ ජීවිතය හානි නොවෙන්න ඉඩ තිබුනා
    ගමේ මිනිස්සු ඌව අල්ලාගෙන ඔක්කොම කරගෙන ඉවර වෙලා නේද ඌව වනජීවී එකට බාර දෙන්න උත්සාහ කරලා තියෙන්නේ
    ඒ වෙද්දී ඌට දෙන්න ඕනේ වද ටික දීල ඉවර ඇති අපේ අයියලා

    ReplyDelete
  26. මොන කිඹුලෙක්ද. කිඹුල් මස් නමි ගුණ කැමක්ලු

    ReplyDelete
  27. අම්මෝ බයේ බෑ දැක්කම\

    ReplyDelete
  28. හැබැයි අයියේ කිඹුලා නොසැහෙන්න කාලා තිබුනා.... ‍ෆිල්ම් එකකට ගන්න තිබුනා වු

    ReplyDelete
  29. @සරත් ලංකාප්‍රිය
    @දිනුක ජයකොඩි
    @රාජ්

    ඔව් අෆ්ෆා ඌ මිනිහෙක්ව හරි කෑවේ බඩගින්නටනේ.උට තේරෙන්නේ නැහැනේ ඒක වැරද්දක් කියලා.මට නම් මාර දුකයි ඌට වෙච්ච දේ ගැන.

    ReplyDelete
  30. අද පත්තරේ තිබුණා කිඹුලා මැරුණා කියලා. කොහොමටත් අපේ රටේ අල්ලාගත්තට පස්සෙ එහෙමත් නැත්නම් අත් අඩංගුවට ගත්තට පස්සෙ එක්කො සිය දිවි හානි කරගන්නව, එහෙමත් නැත්නම් ස්වභාවිකව මැරෙනව,කොහොමටත් කිඹුලට නම් හංගලා තිබුණු අවි ආයුද මොකුත් පෙන්නන්න තිබුනෙ නැතුව ඇති.

    ReplyDelete
  31. අපේ එවුන් ඉතිං කිඹුල වුනත් හෝල් සේල් එකේ විකුනනවා..

    ReplyDelete
  32. @හරී
    පල පල අපි නොදන්න ලු.කරන්න ඕන දේවල් ඔක්කොම කරලා අන්තිමට 'ලු' ලු.:D

    ReplyDelete
  33. මදුරංග අයියේ මුගෙ පැටව් ඇති වගුරු බිමේ..නරකද තාත්තත් නැති වුන එකෙ එකෙක් ගෙනිහින් හුරතලේට හැදුව නම්...ලොකු වුනාම දවසට බ්‍රොයිලර් කුකුල්ලු තුනක් විතර දෙන්න වෙයි..එක්කො පොඩි කාලෙ ඉදන් හින්ද වෙජිටෙරියන් කරගන්න පුලුවන් වෙයි..මැටි ගිල්ල කිඹුල වගෙ කියන්නෙ..

    ඒ වගේද ගෙට්ටුවෙ බිවෙයර් ඔෆ් කිබුලා කියල බොඩ් ලැල්ලක් එල්ලුවම එන බරසාර ගතිය

    ReplyDelete
  34. මේකා කිඹුලෙක් නෙවෙයිනෙ. මේ සතාට කියන්නෙ හිපපොටේමස් කියල

    ReplyDelete
  35. ආමි ඒකෙන මුතුරජවෙලට කිම්බුලෝ දැම්මේ බෝම්බ ඉවරවෙලාද? හික් හික්

    ReplyDelete
  36. ඒ විදියෙ දුර්ලභ ගනයෙ සතෙක් මරන්නෙ නැතුව අල්ලගෙන හිහින් ආරක්ශිත තැනක දාන්න තිබුනා....අපේ මිනිස්සු ඉතින් වීරකම් පෙන්වන්නත් එක්ක ඒක කරන්න ඇති........

    ReplyDelete
  37. දාර සයිස් කිඹුලෙක් නේද, හැබැයි වෙලාවකට දුකත් හිතෙනවා, ඒත් ඉතින් ඌ නිසා ජීවිතේ නැතිවුණ අයගෙ ගෙවල් වල අයට නම් සහනයක් දැනෙනවා ඇති, ඒත් ඉතින් මැරුණු අය ආයේ එන්නේ නෑනේ මූ මැරුණා කියලා.

    ReplyDelete
  38. ඔය එන්න ඈත්තේ තනිකරම සහෝදර ප්‍රේමයට බං...

    ReplyDelete
  39. අම්මෝ..මේ කිඹුල් තඩියාගෙ ලොකු...:O මූනම් මොක්කු මොක්කු කාලද දන්නෙ නෑ...

    ReplyDelete
  40. බලන්නම වටින කිඹුල් තඩියෙක් තමා, පුලුවන්නම් ඇත්තටම වෙලා තියන දේ හොයලා පෝස්ට් එකක් දාන්නකෝ මලයා .......

    ReplyDelete
  41. මං දන්න කිඹුල් මස් කාපු කෙනෙක් නම් කිව්වෙ කුකුල් මස් වගේමයි කියලායි.

    මේකා නම් මහ පත සයිස් එකෙක් තමා.අනේ අපටත් බලන්න තිබුණා නම්.

    ReplyDelete
  42. @රූ.... :
    අපෝ මම කටකතා පතුරවන්නේ නෑ. ඒ නිසා මට බය වෙන්ට කාරි නෑ.

    @ක්සැන්ඩර් | Xander :
    කාලෙන් කාලෙට මොකෙක් හරි එකෙක් කරලියට එනවනේ. මෙදාපාර කිඹුලෙක් !

    @බීටා :
    ඔය කතාවත් ආරංචි උනා. මොක උනත් පවු ඒ කිඹුලා !

    ReplyDelete
  43. @තාරා :
    ඔයාට කිඹුලන්ව පේන්න බෑ ! ගෙම්බන්ට ඔයාව පේන්න බෑ ! :)

    @Shani :
    දැන් ඌ මැරිලා !

    @ChammA :
    බලන්න යන්ට ඕනා. ඊට වඩා හොදයි උදේට එන චූං පාන් කාරයාගෙන් කිඹුලා බනිසක් කාලා ඉන්න එක !

    ReplyDelete
  44. @සයුරි :
    මයේ බඩගාවට වෙනකන් ගිල ගනී.ඒත් බඩ හරිය ගිලින්නේ කෝම ?

    @Dinesh :
    අල්ලපු එක හොදා. ඒත් අල්ලලා මරපු එක හරි නෑ

    @Observer :
    ඔවු මාමා !

    ReplyDelete
  45. @Nadun Shiwantha :
    අනේද කියන්නේ ! මිනිස්සු එක එක කටකතා හදාගෙන ! මමත් ඒ කටකතා පතුරවන්න උදවු වෙනවද මන්දා !

    @ප්‍රාර්ථනා :
    ඔය තණකොල කපන්න ආපු එකාව කාලා කියලා මාත් අහලා තියෙනවා. :)

    @Praveena Palipana :
    ඒක තමයි හලෝ !

    ReplyDelete
  46. @ම :
    අච්චර කාලයක් හොදට හිටපු කිඹුලා පස්සේ මැරිලා !

    @Anonymous :
    මට ඔක්කාරෙටත් ආවා. මල ජරාව නේ මිනිස්සු කන්නේ !
    ගොලුබෙල්ලෝ කන එකේ එක අතකට ඕකත් මොකෑ.

    @න දී :
    වෙන්ඩැති වෙන්ඩැති !! :)

    ReplyDelete
  47. @නිකමා :
    ෂෙල් එක කියලා කිව්වේ මොකද්ද ?
    ඔය කතා ඇත්තද කියලා දන්නේ නෑ මල්ලි ! කට කතා නේ ! ඒ උනාට පොඩි ඇත්තකුත් ඇති !

    කිඹුල් මස් කාපු එකෙක්ද හරි ??

    @සරත් ලංකාප්‍රිය :
    අනිත් එක මුන් මිනිස්සු කන්නේ බඩගින්නට නේ. අපේ දේශපාලකයෝ වගේ යෑ. උන් බඩගින්නටයි හැම එකටමයි ඡන්දදායකයන්ව කන්ඩ හදන්නේ !

    @දිනුක ජයකොඩි :
    මේ වගේ හිතන එවුන් දෙතුන් දෙනෙක් එහේ හිටියා නම්....

    ReplyDelete
  48. @පිණිබිඳු... :
    පවු නේ ?

    @රාජ් :
    ඒක හරි ! ඒක හරි !

    @නාකියා :
    ඒ උනාට අභයභූමියකට හරි ගිහින් දැම්මා නම් හරි නේ.

    ReplyDelete
  49. @~~තරූගේ ලෝකය~~; :
    හික්ස් :) ඒක නේන්නම් !

    @Anonymous :
    හරි හරියෝ ! ඕකට කේන්ති ගන්ඩ ඕන යෑ. මොකෝ කෑවත් අවුලක් නෑ නේ ! හික්ස් :)
    ආයෙත් ඔක්කාරෙට ආවා !

    @ලොකු පුතා :
    ඒ ටික නම් සහසුද්දෙන්ම වෙන්ඩ ඇති !! අපේ රටේ මිනිස්සුන්ගේ හැටි දන්නවනේ !!!

    ReplyDelete
  50. @ජිංජිබිරිස් :
    ආයෙමත් ඔක්කාරෙට ආවා :(

    @වර්ණා :
    කිඹුලා බනිස් කන එහෙකුත් නෑ මීට පස්සේ ! :)

    @ජනියාගේ සයිබර් ලෝකය. :
    ඔවු ! ලේක් ප්ලැසිඩ් එකට ගන්ඩ තිබ්බා.

    ReplyDelete
  51. @නිකමා :
    මල්ලිට විතරක් මොකෝ ! මටත් සෑහෙන දුකයි සීන් එකට !

    @දයානන්ද රත්නායක :
    හොරෙක් අල්ල ගත්තත් වෙන්නේ ඕකනේ. හොරා ස්වාබාවිකව පොලිසියේදි මැරෙනවා !

    @sAm (සෑම්) :
    නැතුව නැතුව !

    ReplyDelete
  52. @නිකමා :
    ඒක නේන්නම්. ඔක්කොම කරලා දැන් මෙතන ලූලා දාන්න හදනවා.
    ආයෙමත් ඔක්කාරෙට එනවද මන්දා.....

    @පැන්ඩා :
    කිව්වත් වගේ. මට ඕකේ වගේ වගක් හිතුනෙම නෑනේ. පන් නෙලන්න නෙළුම් කොල කඩන්න ඔහේ යන වෙලාවක කිඹුල් පැටියෙක් හොයාගෙන එන්න ඕනා.

    @Chanaka Aruna Munasinghe :
    නම මාරු කරන්න වෙයිද මන්දා !!

    ReplyDelete
  53. @අසරණයා :
    කට කතා !!!

    @වින්චැට්කිරිල්ලි. :
    ඒක නම් හරි !
    ඒක නෙමේ. ඔයාගේ නියම කමෙන්ට් දානවා කියලා ආරංචියක් ආවා !

    @ලහිරු :
    ඒක හරි. අනික මූ මිනිස්සුන්ව මැරුවේ ජොලියට යෑ බඩගින්නට නේ. ජොලියට මිනිස්සු මරන එවුන් ටරේ උසස් තැන් වල යෙහෙන් වැජඹෙනවා අහිංසක එවුන් මැරෙනවා !!

    ReplyDelete
  54. @prasanna86k :
    සහෝදර ප්‍රේමය ?? කාත්තෙක්කද ?

    @හිතුවක්කාරි :
    මොක්කු මොක්කු කාලද කියලා කවුදෑ දන්නේ !!

    @පන්සල් හංදිය :
    ඕකේ !! මම් හොයා බලන්නම් !

    @Music girl :
    දැන් නම් වමනේ ගියා. මෙච්චර වෙලා ඔක්කාරේ විතරමයි තිබ්බේ !

    සංගීත ගෑල්ලමයා මගේ බ්ලොග් අඩවියට ආපු පලවෙනිම අවස්ථවද මේක ? එහෙනම් ඔන්න මම් සාදරයෙන් පිලිගන්නවා !

    ReplyDelete
  55. මාත් පත්තරෙන්ද කොහේද කියෙවුවා... වාර්තාවක් තියන්න තිබුණ කිඹුලා මැරිලලු....

    ReplyDelete
  56. නෙදකින් මුන්ට නොදන්න දෙයක් කියා දෙන්න ගෙහුන් මං අහගන්න කතන්දර..

    ReplyDelete
  57. @දිනිති දීපිකා :
    ඒක නේන්නම් දිනිති !!
    මොක උනත් පවු ඒ කිඹුලා !!

    @හරී :
    කේන්ති ගන්න කාරි නෑ සුදු පුතේ !!
    ඕවා ඉතින් විහිලුවට කියන කතා නේ. ආයේ ඉතින් හිතේ තියාගෙන කියන එවුවා යෑ. :)

    ReplyDelete
  58. මමත් දැක්කා තඩි කිඹුලෙක් බේකරියේ ඉන්නවා

    ReplyDelete
  59. මාත් කන්න ගියානේ කිඹුලෙක්. කොහෙද සුමනදාස බේකරියේ ඌ ඉන්නවා දැක්ක ගමන් මම උඩ පැනලා ඒක ගත්තා. අනේ ටිකක් විතරයි කන්න පුළුවන් උනේ. කොහෙද මම ලඟ හිටපු එකා මට හිනා උනානේ පෙරේතකම කියලා.

    ඒත් මේ නම් මම කාපු කිඹුලෙක් නෙමෙයි නේද? මම රෑ උඩවලවේ නාල තියෙන්නේ කිඹුලෝ ඉන්න තැනක කියලා දැනගත්ත වෙලේ ඉඳන් තාමත් වෙව්ලනවා. එවෙලේ ආශාවට වතුරට පැන්නට මමත් මොන තරම් වගකීමෙන් තොරවද වැඩ කරලා තියෙන්නේ කියලා.

    ReplyDelete
  60. @malmi :
    තේ බොන වෙලාවට මරු ඈ !!!
    කටට කෙලත් ඉනුවා !

    @Il mondo di una povera pazza :
    රංගි ඇවිදින්න නාන්ඩ ගියාට කමක් නෑ. පරිස්සම් වෙන්ඩ !!
    ආයේ අපට රංගියෙක් හොයන්ඩ කියලා යෑ.

    ReplyDelete
  61. අල්ල ගත්තට පස්සෙ මිනිස්සු ඌට දස වධ දුන්න කියල තමයි අයියෙ ආරන්චිය ආවෙ....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.