14 January 2012

සියඹලා අච්චාරු

මම කලින් දාක ලියපු අලියා ගිලපු දිවුල් කතාවේ කමෙන්ට් වලට රිප්ලයි කරන කොට අපි ඒ දවස්වල කාපු අපූරු කෑමක් මතක් උනා. අපි කියලා කිව්වේ මායි මයේ මලයයි !

ඉස්සර අපි ඉස්කෝලේ ඇරිලා එන පාර අයිනේ වත්තක තිබ්බා ලොකු සීනි සියඹලා ගහක්.ඒක සෑහෙන විශාල ගහක්. ඒකේ සියඹලා කරල් සෑහෙන්න තියෙනවා. අවුරුද්ද පුරාම එක වගේ සියඹලා තියෙන ගහක් !

මායි අපේ මලයයි පාරේ තියෙන ගල්, මුල්, ටින් කෑලි වලට පයින් ගගහා ඇවිත් මේ සියඹලා ගහ යටට එනවා. ගහ යට වට දෙක තුනක් කැරකිලා සියඹලා ටිකක් අහුලගෙන ගෙදර අරන් යනවා.

ගෙදර ගිහින් මූන හෝදගෙන දවල් කෑම කාලා ඉවර වෙලා සියඹලා අච්චාරු දාන්න සෙට් වෙනවා. මුලින්ම අහුලගෙන ආපු සියඹලා ටික පොතු ඇරලා දිසියකට දානවා. සියඹලා හෝදන්න ඕනේ නෑ. පොත්ත කන්නේ නෑ නෙව.

ඒ සියඹලා දීසියට ලුණු කුඩු ටිකක් දාල ඒකට සීනි චුට්ටකුත් ඉහිනවා. ඊට පස්සේ මිරිස් කුඩු ටිහිකුත් දානවා.හොදට අත හෝදගෙන සියඹලා ටික හොදට පොඩි වෙන්නම අනනවා.

ඊට පස්සේ දෙන්නත් එක්ක 'හෑස් හූස් ' ගගා කනවා.මිරිසුයි ලුණුයි සීනියි සියඹලා ටිකයි හොදට පොඩි වෙන්න ඇනුනම පුදුම රහක් තියෙන්නේ.

මේ ලිපිය ලියන වෙලාවෙත් මගේ කටට කෙල උනනවා.හැබැයි කඩෙන් ගෙනාපු සියඹලා වලින් නම් එච්චර රහක් ගන්න බෑ.
සියඹලා අච්චාරු කාපු නැති කෙනෙක් ඉන්නවා නම් සියඹලා හම්බ වෙච්ච වෙලාවක හදලා බලන්න.( සියඹලා අච්චාරු කාපු නැති අය ඉන්නවා කියලා නම් හිතන්න අමාරුයි.)

හැබැයි පහුවෙනිදට ගෙදර ටොයිලැට් එක බදු අරගෙන වගේ ඉන්න පුලුවන්. ඒ කාලේ නම් මල්ලියි මායි තට්ටු මාරු ක්‍රමේට ටොයිලැට් දුවනවා.

"උබලා දෙන්නා නම් නිවුන්නු දෙන්නෙක් ! අයියට යන්න ඕන උනාම මල්ලිටත් බර තද වෙනවා !"
මේ වෙලාවට අපේ අම්මාගේ කටින් පිටවෙන වචන ටික තමයි ඔය. හික්ස් :)

58 comments:

  1. හිහි මමනම් සියබලා අච්චාරු කාලා නැහැ, බලමුකෝ කළා බලන්නම් :))

    ReplyDelete
  2. අපේ ගෙදරත් තියෙනවා පත සියඹලා ගහක්..
    ඒත් මන් ජීවිතේට කන්නේ නෑ. දකිද්දීත් දත් හිරිවටෙනවා.
    ඒත් මේක කියවද්දී නම් කටට කෙල ඉනුවා.. :))

    ReplyDelete
  3. ෂැහ්...සියඹලා නම් ඕනතරම් කාලා තියෙනවා, ඒත් අච්චාරු කාලා නෑනේ. ඒකත් කාලා බලන්නෝන එහෙනම්! තැන්කුයි කිව්වට...

    ReplyDelete
  4. හි හී... මම නම් කාල තියෙනවා ඔව්වා.. මම කොහොමත් ඔය පොඩි කාලේ ඉඳන්ම ලුණු,මිරිස් කුඩු දාල හදන ඕනෑම අච්චාරුවකට බොහොම කැමතියි.. කාලා නැති අය කාලා බලන්ඩෝ!!!

    ReplyDelete
  5. ඉස්කොලෙ ඇරිල ගෙදර එන පාරෙ තියනව සියඹලා යායක්ම. හැමදාම වගේ ගෙදර එන්නෙ පැයක් විතර එතන ටැග්ගැහැහිල තමයි.

    @Ice (අයේෂා කුලතුංග)
    ඔය ජීවිතේට කන්නෙ නෑ කියල කියන ඒව කන්න සිද්ධවෙනව කවදහරි :D.
    එදාට කියන්න මං කිව්වෙ බොරුද කියල.

    ReplyDelete
  6. සින්ඩියේ තියෙන මාතෘකාව දකිද්දීම කටට කෙල අවා.... මම නම් කලා තියෙනවා තල්ල ලෙලි යනකන්ම! අන්තිමට දවසක් දෙකක් කෑම කන්නත් බැහැ, දත් ටිකත් හිරිවැටිලා නිසා! එත් අද ටිකක් කන්න ඕනේ!

    ReplyDelete
  7. යකෝ කෙල ලීටරයක් විතර ගිලුනා කියවන ටිකට... හක්ක පන නෑ දැන්.. අච්චරාඋත් කාල තියෙනවා.. අපෙ ආච්චි ට්හමයි කියල දුන්නෙ..

    ඒත් මම වැඩියෙන්ම කැම්ති අමු සියබල(කලපාටට වගේ තියෙන ඒව) හොදට හෝදල පොත්ත පිටින් ජරස් බරස් ගාල කන්න...

    කෝමද කියවනකොට හක්ක ඇකිලෙනව නේද....

    ReplyDelete
  8. ඔය විදියටම වගේ හදල අඹ අච්චාරු නං කාල තියෙනවා. අමු අඹ පොඩියට කපල ඔය කියපු ජාතිම දාල.

    ReplyDelete
  9. මේක කියවද්දි පුදුම කෙළ තොගයක් කටට ආවේ. දැන්නම් හිතාගත්තෑකි කෙල්ලෙක් දැක්කාම කොල්ලන්ගේ කටට කොච්චර කෙළ උනනවාද කියලා....:D

    රසම රස ඇති. මම කීවේ සියඹලා අච්චාරූ...ඒත් ඔය විදියට හදලා කාලා නෑ. අපි කොළ පාට ඇපල්වලට ඔය වැඩේ කරනවා.

    ReplyDelete
  10. අඩේ අපි අච්චාරු දැම්මෙ නැනෙ අහුලනවා ගිලිනවා..ඊලග දවසට ටොයිලට් යන්නෙ නැති එක තමා කේස් එක..

    ReplyDelete
  11. කාලා බලනට ඔනෑ සියඹලා කාලා තිබුනට අච්චාරූ කාලා නෑ නෙව

    ReplyDelete
  12. සියඹලා ගස් නම් අපි ඉන්න පලාතේ එමට තියනවා . ඒත් ඉතින් දැන් නම් ඉස්සර වගේ සියඹලා කඩන්න යන්න වෙලාවක් නෑ දැන් සියඹලා දැක්කත් නොදැක්ක ගානට කකුලෙන් පාගගෙන යනවා චොරොස් ගාලා ඇහෙන සද්දෙට ආසා නිසා .

    හුලඟ සැර කාලෙට සියඹලා ගස් යට සියඹලා කඳු පිටින් හැලිලා තිබුණත් අපේ ගමේ අය වැඩිය ඒවා හොයාන යන්නේ නෑ

    ReplyDelete
  13. අම්මෝ මේවා දාන්න එපා අයියේ.
    කෙළ ගිලපු තරමට මට දැන් වෙනම ලෙඩක් හැදෙනවා.

    ReplyDelete
  14. ඒ කාලෙ ගල් සිඹලා කාපු හැටි මතක් වෙනවා...

    ReplyDelete
  15. අපිත් ඕවා කෑවා මල්ලි...:DDD
    ඒත් මතක් වෙද්දි දුකයි. දැන් හොඳ සියඹලා හොයන්න අමාරුයි. අපි ගන්නෙත් කඩෙන් තමා. හොයලා බලන්න ඕනි.
    කටට කෙළ නම් අම්බානක ඉනුවා....:DDD

    ReplyDelete
  16. අපිව කෑවනම් මීට වැඩියි හොඳයි බං... බලපං කටට කෙල උනනවා බොල....

    දැන් ඉතිං සියඹලා හොයපංකෝ දොලදුක නිවාගන්න...

    ReplyDelete
  17. ලොවෙත් නියම කැමක් අයියේ.... පට්ට කැම .. ඔය කිව්වා වගේ බඩ සුද්ද වෙනවා නියමට..

    ReplyDelete
  18. සියඹලාත් කාල තියෙනවා සියඹලා අච්චාරුත් කාලා තියෙනවා...
    ඒ වුණාට මේක කියවන කොට මුළු සර්වාංගෙම තිබිච්ච වතුර කෙළ බවට පත් වෙලා බඩට ගියා...
    හ්ම් මට මතක් වෙන්නෙ අපේ ඉස්කෝලෙ තිබිච්චි පත සියඹලා ගහ
    හරියට අපේ නෑදෑයෙක් වගේ හිටියෙ. සියඹලා ගහට පොලු ගහලම විවේකෙ ඉවර වෙන දවස් තිබ්බා... කොහෙද? පිනච්චියෙක් ගහ කැප්පෙව්වනෙ මොකද්ද අටමඟලක් අටවගන්න....

    ReplyDelete
  19. “සීනි සියඹලා ගහක්“ ? උඹල එහෙමද කියන්නෙ

    ReplyDelete
  20. මේ යුරෝපේ දැං සියඹලා හොයන්න එපැයි.. ඒ කාලේ මතක් උනා.. ආයෙ ඉතින් කවදා කන්නද කියලා හිතෙනවා..

    ReplyDelete
  21. හය්යෝ මේ ළමයත් එක්ක බැහැ නේ කරන්න....අදත් කෑමක් දාලා...

    ඒක නෙමෙයි මොකක්ද අර තට්ටු මාරු ක්‍රමය කියන්නේ?

    ReplyDelete
  22. අඹ නම් ඔය විදිහට හදලා කාල තියනවා..ඒත් සියඔලා නම් කාලා නෑ..
    කොහොම වුනත් අයියටම ගැලපෙන මල්ලි...

    ReplyDelete
  23. මමත් සියඹලා නම් කාලා තියෙනවා, අච්චාරු නෙමෙයි නිකං තමයි... ඔහොම කාලා බලන්න ඕනේ.. අම්මේ....... කියවනකොට කටට කෙල ඉනුවා...

    ReplyDelete
  24. අපේ වත්තෙ නම් සියඹලා ගහක් නෑ...හැබැයි ඒකටත් එක්ක හරියන්න අල්ලපු වත්තේ තියෙනවා රූස්ස ගහක්....අල්ලපු වත්ත මොකද අපේ වත්ත මොකද කියලා ඉතින් අපිත් සියඹලා වලට වග කියනවා....හි හි හි

    ReplyDelete
  25. අපේ වත්තෙත් සියඹල ගස් තිබුන...ඒවලින් මම නම් කෑවෙ සීනි සියඹල කරල් ලුනුත් එක්ක..ඔය විදියට කාල නැහැ...පොඩිකුමාරිහාමි කිව්ව වගේ අපි ඔය විදියට කනව කොල ඇපල් ගෙඩි නම්....

    ReplyDelete
  26. මාත් කාලා නෑනේ .. ෂික්.. මේ දවස් වල සියඹලා කාලෙද කියලත් මතක නෑ..

    මම නම් වැඩිම ආස අර ඉදිලත් නැති අමුත් නැති අතර මැදි අවස්තාවෙ තියෙන සියඹලා වලට.ඒවාට අපි කියන්නේ සීනි සියඹලා කියලා.ඇඹුල් ගතිය අඩු නිසා වෙන්නැති එහෙම කියන්නේ සමහර විට.

    ReplyDelete
  27. අමුවෙන් සියඹලා කාල තිබ්බට ඕක කරල නෑනෙ. බලමු.

    ReplyDelete
  28. අන්න කෑම...සීනි + ලුණු + සියබලා ආයි වෙන මොනවාද

    ReplyDelete
  29. මුකුත් කියන්නේ නැහැ... අපිත් ඉස්සර කාලා තියෙන නිසා...

    දත් ටික හිරිවැටුනා, කෙල ඉනුවා..

    ReplyDelete
  30. පොස්ට් එක කියවල කොමෙන්ටුත් කියවල පල්ලෙහට එද්දී ලීටර් හතරපහක් කෙල ගිලිලා.. දැන් ඉතින් හොයපන්කෝ මේ කාන්තාරේ සියඹලා... මොකද ඉතින් සියඹලා වෙනුවට රට ඉඳි කන්නය ?

    ReplyDelete
  31. ක්සැන්ඩර් | Xander......
    රටඉඳි අච්චාරුවත් මරු...ඒක හදා ගන්න....

    ReplyDelete
  32. මාත් අච්චාරු හදලා කාලනම් නෑ.ඒත් නිකන්ම කාලනම් තියෙනවා දත් හිරි වැටෙනකල්.කොහොමහරි දත් වල කෑලි නෑ දැනටත්.

    මටනම් ටොයිලට් බදු ගන්න වෙන්නෙ නෑ. කිසි අවුලක් වෙන්නෙ නෑ. :D

    ReplyDelete
  33. කියෙව්වට පස්සෙ මගෙ දත් ටික හිරි වැටිලා

    ReplyDelete
  34. මම් කාල නෑ.දවසක් හදලා බලන්න ඔනේ.,

    ReplyDelete
  35. සීනි සියඹලා කියන්නේ මොනවද? අනේ මං කාලා නෑනෙ සියඹලා අච්චාරු. මටත් ඕනෙ. ආයේ කෑවොත් මල්ලිට බඩේ අමාරුව හැදෙයි, මේක කියවද්දි මං කෙල ගිල්ල තරමට...

    ReplyDelete
  36. @වර්ණා:
    කාලා බලලා කියන්න කොහොමද කියලා.
    එක පාරක් කෑවොත් තව පාරක් කයි.

    @Ice (අයේෂා කුලතුංග) :
    එක පාරක් කාලා බලන්න. හැමදාම කන්න ගියොත් දත් ටික හිරි වැටෙයි.

    @ලහිරු :
    එහෙනම් උබත් කාලා බලහන්.
    ආයේ මරු කෑමක් !

    ReplyDelete
  37. @Shani :
    මටත් හිතුනා අර දිවුල් කුඩු ගැන කිව්වම.

    @රාජ් :
    එහෙනම් ඉතින් අයියට මේවෑ ගැන අමුතුවෙන් කියාපාන්ට ඕනේ නෑනේ. :)

    @Nelum :
    ඒ කියන්නේ තාමත් තල්ල ලෙලි ගිහින් දෑ.
    හපෝයි... ඩිස්සා....ස්ටර් !!!

    ReplyDelete
  38. @පොඩි මෑන් :
    මගේ කටටත් කෙල ඉනුවා. අමුවත් අවුලක් නෑ ලුනු කැටයක් එක්ක ගත්තම.

    @Observer :
    අමු අඹ ටිකක් තලලා මිරිස් ටිහිකුයි ලුනු ටිහිකුයි ගම්මිරිස් කුඩු ටිහිකුයි අනල ගත්තම. ආයේ ඉතින් කට ලෙලි යනකන් කන්න පුලුවන්.

    @Podi Kumarihami :
    ඇයි කෙල්ලෝ කියන්නේ සියඹලා කරලක් ද.
    කියන්නත් බෑ ඒකලා ඇඹරෙන තරමට සියඹලා කරලක් වෙන්ටෑ.

    ReplyDelete
  39. @amila chathuranga :
    මට නම් වැඩියෙනුත් එක්ක ටොයිලැට් යනවා.
    එක එක්කෙනාගේ සරීර වෙනස් කියලා හිතෙනවා. හික්ස් :)

    @බීටා :
    එහෙනම් ඉතින් කාලා බලන්ට තියෙන්නේ.

    @හිස් අහස :
    හපොයි මල්ලිලෑ පැත්තේ සියඹලා වලින් අරුමයක් තියේ යෑ. සෑහෙන්න සියඹලා නේ.

    ReplyDelete
  40. @Mithuru :
    හරි මල්ලි. ආයෙම මෙවුවා ලියන්නේ නෑ.
    පෙනේද උඩින් ඉන්න ඈයෝ හිටන් කෙල ගිල්ල තරම.

    @~~තරූගේ ලෝකය~~; :
    ගල් සියඹලාත් මරු. පොත්ත කඩලා පනුවෝ හිටියත් කටට දාගෙන චරස් ගාලා හපනවා.

    @priyantha :
    එහෙනම් ප්‍රියා අයියත් මෙවුවා කාලා තියේ. ඔන්න ඔහේ එමින් ගමනක පොඩ්ඩි අක්කටත් ටිකක් හදෝගෙන එන්න.

    ReplyDelete
  41. @prasanna86k :
    ගෙට්ටුවක් තියෙන වෙලාවක හදන් එන්නම්. :)

    @රහස් පරික්ෂකයා :
    අන්න හරි. බඩ සුද්ද වෙන්න කියාපු බේත.

    @ලකී වික්‍රමසිංහ :
    අපරාදේ. කොල්ලන්ට සියඹලා කරලක් කන්න තිබ්බ එකත් නැති කොරලා දාලා.

    ReplyDelete
  42. @පැණි දොඩම් :
    එහෙම තමා කියන්නේ.
    අයියලෑ පැත්තේ වෙනස් වෙන්ටෑ.

    @Dinesh :
    යුරෝපේ පැත්තේ පෙට්ටි කරපු සියඹලා තියෙනවා කියලා අහලා තියේ. ෆුඩ් සිටි වල ඇති මහිතේ. පොඩ්ඩක් හොයලා බැලුවා නම්..

    @සයුරි :
    එකෙක් මාරු වෙනක්කොට අනිකා දුවනවා. එහෙම නැත්නම් එකෙක් බාගයක් ඉවර වෙනකොට අනිකා දුවනවා.
    (හරිම වචනේ තේරුම නම් හරියටම දන්නේ නෑ අපේ අක්කා.)

    ReplyDelete
  43. @රූ.... :
    අපොයි ඔවු. මටම හරියන මල්ලි.

    @තාරා :
    අම්මෝ මේ ඇත්තිව දකින්නත් ආසයි. කොහෙද ඉතින් ලියන එකක් යෑ.

    @මකුළුවා..... :
    එහෙනම් ඉතින් නිවාඩු පාඩු වෙලාවක හදලා බලන්න තියෙන්නේ.
    ආයේ ඉතින් කාගෙන් තහනමක් දෑ.

    ReplyDelete
  44. @වින්චැට්කිරිල්ලි. :
    අපට කොහෙන්දෑ කොළ ඇපල්.
    ඔය රතු ඇපල් වලින් බැරිද.
    ඒක නෙමෙයි මම් ඉස්සර හිතන් උන්නේ කොළ ඇපල් කියන්නේ අමු ඇපල් වලටයි කියලා. ඉදුරු ඇපල් රතුපාටයි අමු ඇපල් කොළ පාටයි.

    @නාකියා :
    ඒවාත් මරු තමා. සමහර වෙලාවට ඒවාත් හම්බ වෙලා තියෙනවා.

    @Praසන්ன :
    එහෙනම් ඉතින් මම කියනවට කාලා බලන්න තියෙන්නේ.
    එක දවසක් කෑවොත් තව දවසක් කයි.

    ReplyDelete
  45. @ChammA :
    ඒකනේ ඒකනේ.

    @sAm (සෑම්) :
    මූ කාලෙන් කාලෙට නම වෙනස් කොරනවා නෙව.
    ඕකේ. කමක් නෑ.

    @ක්සැන්ඩර් | Xander :
    ඕං පල්ලෙහා නංගි කෙනෙක් රටඉඳි වලිනුත් හදන්න පුලුවන් කියලා කියන්නේ.

    ReplyDelete
  46. @වින්චැට්කිරිල්ලි. :
    ඔන්න ක්සැන්ඩර් අයියා. මේ නංගි කියන විදිහට හදලා බැලුවා නම්...

    @නිසුපා :
    අප්පා එහෙනම් හොදයි නේ. මට නම් බද්දට ගන්න වෙනවා.
    අර මොකෑ දත් වල කෑලි යනකම් කාලා තියෙන්නේ.

    @පිණිබිඳු... :
    අපරාදේ. දැන් කොහොමද බත් ඩිංගක්වත් කන්නේ :)

    ReplyDelete
  47. @න දී :
    හදලා බලලා ගුණ අගුණ මටත් කියන්ට අක්කා.

    @මන්තරකාරි :
    සීනි සියඹලා කියන්නේ ඇබුල් ගතිය අඩු සියඹලා වලට. එහෙම ගසුත් තියෙනවා.
    ආයේ අපට කන්න වෙන්නේ නෑ. අපේ අක්කා කෙල ගිලලා.

    ReplyDelete
  48. අයියේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මං මල්ලියෙක් නෙමෙයි.

    ReplyDelete
  49. සියඹලා කොහොමත් බඩ සුද්ද කරගන්න කියාපු බෙහෙත.

    ReplyDelete
  50. කාල බලන්න ආසාවක් ඇති වුනා මේක දැක්කම.....

    ReplyDelete
  51. කෙළ ගිලිලා දත් ටික හිරිවැටිලා ගියා මචං.හපෝටි උඹත් කරපු අකුසලයක මහත.කොහෙන් හොයන්නද බන් සියඹලා

    ReplyDelete
  52. පොඩි කාලේ නං ආසම කෑමක් තමා, ඒත් දැන් නං දකින කොටත් දත් හිරි වැටෙනවා .........

    ReplyDelete
  53. සියඹලා නම් ඕන තරම් කාල තියනවා බං. ඒත් සියඹලා අච්චාරු කාල නෑ නේ.:(

    ReplyDelete
  54. මමත් කාල නෑ අච්චාරු හදල...
    ඒ කාලේ රාජකීයයේ ක්‍රීඩා පිටිය අසල ලොකු සියඹලා ගස් දෙකක් තිබ්බ.. එකෙන් සියඹලා අහුලගෙන කාපු හැටි තාම මතකයි..
    අයෙත් සියඹලා ගහක් තිබ්බුනා සරසවියේ අපිට හදපු තාවකාලික ගොඩනැගිල්ල ඉතා ආසන්නව.. නමුත් ඒක තිබ්බේ බාලිකා නේවාසිකාගාර භූමියට වෙන්න..ඉතින් හැමදාම ගහ දිහා බලන් යනව... ඒත් අපිට ඒ ගහේ හැදෙන සියඹලා අහුලල ගෙනත් දෙන්න තරම් "පිණිබිඳු " වගේ නංගිලා කරුණාවන්ත උනේ නෑ.. :(

    ReplyDelete
  55. ඔය සීනි සියඹලා කියන ඒව වෙන්න ඕන කාලෙකට ඉස්සර කොහෙන්ද මන්ද කරල් දෙකක් හම්බුවෙලා කෑව. ඒ නැතත් මං නං ඔය කඩෙන් ගේන සියඹලා වලටත් දිෂ්ඨිය දාපු කාලයක් තිබුන., හපෙ අප්පෝ බලන්න එපැයි ඒ කාලෙ මගෙ ඇඳයට.. කාපු සියඹලා ඇට සේරෝම එතන. අහුවෙන්නෙ අම්ම කොස්ස ඇඳයටට දාපු දවසට තමයි, එදාට ඉතිං කණක් ඇහිල ඉන්න නෑ..

    ReplyDelete
  56. බ්ලොග් එකට ආපු මුල්ම දවසෙ ඔයාල සියඹලා පාටියක් දාල..කටට කෙලත් උනනවා:D

    ReplyDelete
  57. @ වින්චැට්කිරිල්ලි
    මෙච්චර රට ඉඳි ගොඩේ ඉඳලත් ඕක හදන හැටි දන්නේ නැතෝ.. පුලුවන්නම් කියල ඊයක් එවන්න.. xandercage384 @gmail .com

    ReplyDelete
  58. අඩේ මාත් සියඹලා අච්චාරු කාලා නෑ...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.