10 January 2012

ඔවුවා අලි ගිලපු දිවුල්

දිවුල් ගස් ගොඩක් වෙලාවට හැදෙන්නේ ශුෂ්ක පරිසරවල. ඒ නිසා දිවුල් කියන පලතුර අපේ පැතිවලට වඩා ඈත පලාත්වල සුලභ පලතුරක් ! මම් පොඩි කාලේ අපේ නෑදෑ ගෙවල්වල ගියහම මලු පිරෙන්න දිවුල් අරගෙන එනවා.

දිවුල් ගස් යට ඉදන් දිවුල් අහුලන එක පොලෙන් දිවුල් ගේනවට වඩා ජොලි වැඩක්. අනිත් එක තමයි පොලේ තියෙන කාබයිට් ගහලා ඉඳවපු දිවුල් වගේ යෑ. ගහේම ඉදිලා වැටෙන දිවුල් මාරම රහයි !

සමහර වෙලාවට මම් අහුලන දිවුල්, පුහු ගෙඩි ! පුහු කිව්වේ ඇතුලේ මුකුත් නෑ ! එවුවා අලි ගිලපු දිවුල් ලු !
'අලියෝ දිවුල් ගිල්ලම බඩේ රස්නෙට දිවුල් ගෙඩිය පුහු වෙනවා' සමහර වැඩිහිටියෝ මට එහෙමත් කියලා දුන්නා.

අලි කියන්නේ මහ පුදුම සතෙක් නෙව.උන්ට දිවුල් ගෙඩියේ කටුව බිඳින්නේ නැතුව දිවුල් කන්නත් පුලුවන් නේ කියලා මට ඒ දවස්වල හිතුනා.

නමුත් අපේ ඉස්කෝලේ පුස්තකාලේ තිබ්බ කතා පොතක් කියවනකොට ඒකේ තිබ්බ කතාවක් නිසා මම් එච්චර කාලයක් හිතන් හිටපු දේ බොරුයි කියලා ඔප්පු උනා.

කතාව මේකයි.

අලි ඇත්තුත් දිවුල් කන්න ආසයි ලූ. නමුත් උන් දිවුල්, ගෙඩිය පිටින්ම ගිලින්නේ නෑ ලූ.උන් දිවුල් වල ඇඹුල් රහත් එක්ක එන කිරි රහට ආසයි ලූ. ඒ නිසා දිවුල් ගෙඩියේ කටුව පොඩි වෙන්නම හපලා ගිලිනවා ලූ. ඔහොම දිවුල් කන්න ආපු වෙලාවට දිවුල් ගහ යටදි අලි බෙටි දැම්මහම ඒ අලි බෙට්ට උඩට වැටෙන දිවුල් ගෙඩියට අලි බෙට්ටෙන්ම හැදෙන කෝදුරුවෝ වගේ පුංචි සත්තු වහනවා.

ඒ පුංචි සත්තු දිවුල් කටුව විදගෙන ගිහින් දිවුල් මද කනවලු. සමහර පුංචි සත්තු දාන බිත්තර වලින් හැදෙන පණුවෝ වගේ සත්තු දිවුල් මද කන නිසා ලූ දිවුල් ගෙඩිය පුස්සක් වෙන්නේ !

ඔන්න ඔහොමයි ඒ පොතේ තිබ්බේ.ඒ කතාවේ පොඩි ඇත්තකුත් ඇති !

ඔය කොයික වෙතත් බත් කාපු වෙලාවක සීනී යහමින් දාපු දිවුල් කිරි වීදුරුවක් තියෙනවනම්......

55 දෙනෙක් අදහස් පලකලා .:

තාරක Dilsh@n said...

තියෙනවනම් වෙන මොනවද එක හුස්මට ඇදල දානව මිසක්....

යසයා said...

දිවුල් විතරක් යැයි අයියා.. අනිත් හැම දෙයක්ම එහෙම කන්න තියේ නම් කොච්චර හොදද? මොකෑ ගෙට්‍ටුවට ආවේ නැත්තෙ?

Sabith said...

දන්න දෙයක නොදන්න පැත්තක්..තර්කානූකූලයි නේද්??පිලිගන්න පුලුවන් පැහැදිලි කිරීමක්! මාත් කට්ටට මුකුත් වෙන්නේ නැතුව ඇතුලේ ඒවා ජීරනය වෙයි කියලා නම් විශ්වාස කරන්නේ නෑ!

Anonymous said...

kohamada ali bettak kawanam mewelawata tiyana fun eka

මාරයාගේ හෝරාව said...

අපිට දිවුල් අහු උනාමත් ඉතිං අලි පරාදයි...

රූ.... said...

මමත් මේ කතාව දැනං හිටියෙ නෑ..තැන්කූ තැන්කූ...
මේ මොකද මේ හදිසියෙ දිවුල් මතක් වුනේ..තාම දිවුල් වාරෙ නෙවිනෙ..

Ice (අයේෂා කුලතුංග) said...

ඇත්තට මධූ අයියත් හොයාගන්න දේවල්... :) :)
ඇත්තටම ඒ කතාවේ නම් අත්තක් ඇති කියල හිතෙනවා.

jacksonlibrary said...

ඔයාගේ වෙබ් එක ගොඩක් හොඳයි.. අපි හිතනවා ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා.. අපේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ දක්ෂතා එලි දක්වන්න හොඳ media එකක් මේ නොදියුණු ලංකාවේ නැහැ.. ඒවා තිබුනත් ඒවායේ මෝඩයයි අදක්ෂයයි තමයි රජ කරන්නේ.. කොහොම උනත් මම ඔබට සුබ පතනවා දිගටම ලියන්න... ඔබගේ අඩවිය තුලින් සිත පිරිසිදුවම ලෝකයටත් මනුෂ්යාටත් හොඳක්ම කරන්න.. .
ස්තුතියි..
අපි
Sri Lanka E-news Link
අපි ඔබගේ වෙබ් අඩවිය ගූගල් PR අඩවියක් කරන්නෙමු..
(We are genius to make the Google PR of your site increase.)

දිල් said...

අර මුළින්ම මධූ හිතාන උන්නු විදියට තමා මාත් හිතාගෙන උන්නේ...මේ කරුණු දැනගෙන උන්නෙ නෑ...ඇත්තක් තියෙන්නෙ පුළුවන්....

වැලිමැඩියා said...

මමත් හිතාගෙන හිටියේ අලි දිවුල් ගෙඩිය ගිල්ලාම බ‍ඩේදි ජීරණය වෙනව කියලනෙ....හොඳයි දැනගත්ත එක...

ප්‍රාර්ථනා said...

මටත් තිබුන ලොකු ප්‍රශ්නයක් ඕක,. අලි කටුව තියෙද්දි දිවුල් කන්නේ කොහොමද කියන එක. අද තමයි හේතුව දැනගත්තේ,. :)

හරී said...

ඕක තිබ්බෙ සෝමපුර වීරයෝ පොතේ...

කතාව 100% ඇත්ත....මම අත්හදාබලලා තියෙනවා...ගෙදරට ගෙනාවට පස්සේ කුණුවෙච්ච දිවුල් ගෙඩි කොහෙහරි තියලා තිබ්බාම බලන්න පුලුවන්...ටික කාලෙකින් අතුල හිස්....පණුවො නිසා තමයි ඕක වෙන්නෙ නැතුව අපේ ගෙදරට අලි ආවැයි....

දිවුල් කිරි ගැන කියනවනම් මාතර පැත්තේ දිවුල් කිරි හදන්නෙත් වතුරෙන්ලු..හැබැයි එව්වට කියන්නෙත් දිවුල් කිරි..

බීටා said...

මමත් අද තමා අලි ගිලපු දිවුල් වල ඇත්ත කතාව දැන ගත්තේ මටත් හිතෙනවා මේක වෙන්න පුලුවන් දෙයක් කියලා....

sAm sRi said...

අඩේ අපි මුලා වෙලා ඉදලා තියෙන්නේ... ෆට්ට !

sithuwam said...

ඇත්තෙයි.හික් හික් මාත් හිතන් උන්නෙ එහෙම කියා නොවැ..

කතන්දර Kathandara said...

සීනි මොකටද?

Dinesh said...

මේක මං නොදැන හිටිය සිදුවීමක්.. මඔ කිවුවේ අයියා පොතින් දැනගත්තාය කියන විස්තරය.. ටිකක් හිතද්දි ඇත්ත වෙන්නත් පුළුවන් කියලා හිතෙනවා..

වින්චැට්කිරිල්ලි. said...

මම කතරගම ගිහින් අලියෙකුට අයිස්ක්‍රීම් අරන් දුන්න...අරන් දෙන දෙන අයිස්ක්‍රීම් කෝන් එක හොඬවැලෙන් අරන් කටට වීසි කරගන්නව ඩොග් ගාල ගිලිනවා...ඔහොම මම අරන් දුන්න කෝන් 20 ක් විතර..එතකොට අච්චර කිරි රස පැණි රස අයිස් ක්‍රීම් එකත් ඩොග් ගාල ගිලදාන අලිමොටා යකඩ වගේ හයිය දිවුල් ගෙඩියක රස බල බල ඉඳීවිද?????

හ්ම්ම්ම්ම්ම්ම්ම්......සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් අප්පා......!!!!!

සයුරි said...

මේක කරන්න බෑ..මෙයා හැමදාම ඇවිත් රස කෑම මතක් කරලා යනවා :(

ඔය දිවුල් ගෙඩි කතාව මම ඉස්සර කියවපු "සෝම පුර වීරයෝ" පොතේ තිබුනා මට මතකයි..

Podi Kumarihami said...

දැනගෙන හිටපු නැති කතාවක් කියලා දුන්නට ස්තූතියි. ඔය දිවුල් කිරිම නේද ඔයා අර කෙල්ලක් එක්ක කොහෙදෝ ගිහින් බීවා කීවේ. රස්නේ දවසක, කූල් කරලා බොන්ට. මාර රහයි.

අපිට කොහෙන්ද ඉතින් දිවුල්? :(

යසයා said...

@මාරයා අයියා: ඒ කියන්නෙ මාරය අයියගෙ බෙටි ඒ තරම් ප්‍රබලද? :P ඒක නම් ඇත්ත වෙන්ට ඕනි කන කෑම වල හැටියට.. :D :D :D

සරත් ලංකාප්‍රිය said...

මම කැමති ටිකක් අමු දිවුල් කන්නයි..

පිණිබිඳු... said...

හොඳටම ඉදිච්ච දිවුල් හූරලා කෝප්පෙකට දාගෙන සීනි දාගෙන කනකොට රස... අම්මෝ......... මේ දිවුල් අවාරෙද කොහෙද. අපේ පැත්තෙ නම් දිවුල් කාලෙට බල්බ් දැම්මා වගේ දිවුල් ගස් වල.

සාතන් said...

හරී හරියට කියල තියෙනව... ඔය කතාව තිබුනෙ සෝමපුර වීරයෝ පොතේ තමයි.. ඉස්කෝලෙ පුස්තකාලෙන් අරන් 10පාරකට වඩා කියවල තියෙනව..

~~තරූගේ ලෝකය~~; said...

හී හී මාත් ආසම බීමක් දිවුල්....කටට කෙළත් එනවා...මාත් ඔය අලියගෙ සීන්කෝන් එකනම් අහල තියනවා...ඒත් ඇත්තටම වෙනවා ඇත්තෙ අයියා කිව්ව දේ කියල හිතෙනවා..

Ruka said...

හොදට හදපු දිවුල් කිරි එකක් තිබ්බනම් මරු තමා

Sammani said...

ඔය "අලි ගිලපු දිවුල් ප්‍රශ්නය" මටත් තිබුනා ... උත්තරය දැනගත්තෙ අදනෙ.. .ස්තූති

ක්සැන්ඩර් | Xander said...

කතාව නම් ඇත්ත.. අනේ දිවුල් කිරි? තිබ්බනම් දෙනවා ඇට්ටි හැලෙන්නම..

Shani said...

දිවුල් කිරි හොඳයි.. ඒත් මම නම් වැඩිපුරම ආසා දිවුල් කුඩු හදලා කන්න... ම්ම්ම්.. මතක් වෙද්දීත් ආසයි. ඒත් ඉතින් අපිටත් දිවුල් ගස් නැත.

රාජ් said...

පුහු දිව්ල් කාල නැද්ද? පුහු දිව්ල් ගස් තියනව. අපේ තාත්ත ගොවිතැන් කරන ඉඩමෙ ඒවගේ ගහක් තිබුන. ඇතුලෙ මද-ඇට නැතිවුනාට ඝනකමට තට්ටුවක් වගේ තියනව ඇතුල් පැත්තෙන්. ඒකෙ රස ගැනනං කතාකරල වැඩක් නෑ. පුහු දිව්ල් නොකෑ කට මක්කට කියල තමයි කියන්න තියෙන්නෙ.

හිතුවක්කාරි said...

මමත් ඔය කතාව දැනගත්තෙ, "සෝමපුර වීරයෝ " කියලා මම පොඩි කාලෙ ආසාවෙන්ම කියවපු පොතක තිබුන නිසායි...:D
හම්මා.. දිවුල් කිරි වීදුරුවක් උඩට අයිස්ක්‍රීම් ඩිංගකුත් දාලා තලු මර මර බොන්න තිබ්බනම්... යමී...ම්ම්ම්...... :p

nawammawatha said...

දිවුල්කිරි...හ්ම්ම් ගෑණුළමයි එක්ක කොළඹ පුරා ජූස් බාර්වල රස්තියාදුවෙච්ච කාලෙ මතක් උනා.

ChammA said...

ඇයි දිවුල් කිරියි + පොල් දාගෙන කෑවමත් රසයි නේ :)

Kasun said...

මම අහල තියන විදියටත් ඕක තමයි ඇත්ත කතාව.

Observer said...

"සෝමපුර වීරයෝ " සහ මධුරංග එකතු වෙලා මෙච්චර කාලයක් තිබිච්ච විස්වාසෙ කඩා ඉහිරෝල දැම්මනෙ, මේවා ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ

prasanna86k said...

දිවුල් අයිස්ක්‍රීම්.... යම් යම් යම්....

දිනුක ජයකොඩි said...

කුලසේන ෆොන්සේකා මහත්මයාගෙ සෝමපුර වීරයෝ නේද පොත.ඔය අපි දකින ගොදක් ඒවා සරළව පැහැදිලි කරන්න පුළුවං.කොහෙද ඉතිං අපි ආසයිනෙ අද්භූත දේවල්වලට.

දයානන්ද රත්නායක said...

හැබැයි ගම්වල පැරණි මතයක් තියනවා මගුල් ගෙදරකට යනවනම්" අලිය ගිලපු දිවුල් ගෙඩියක් සාක්කුවේ දාගන පලයං එතකොට උඹට වැඩිපුර කන්න පුළුවන්" කියලා. හැබැයි කතාව ඇත්ත නම් දැන් එහෙම කලොත් " කන්න හම්බ වෙනවා බඩ පුරාම" ආයෙ දෙදක් නෑ

න දී said...

අම්මෙ දිවුල් කිරි මතක් වෙද්දි කෙල උනනවා.මම්ත් ගොඩක් ආසයි.

මධුරංග said...

@තාරක Dilsh@n :
අනිවාර්යෙන්ම. එක හුස්මට බීලා දානවා මිසක් !

@යසයා :
වැඩපොලේ පාර්ටියකට යන්න උනා නේ. ඒ නිසා එන්න උනේ නෑ.
අපරාදේ

@Sabith :
ඒකනේ ඒකනේ. හරී...ම විද්‍යානූකූලයි.

මධුරංග said...

@Anonymous :
කාලම රහ ගුණ කියන්න එහෙනම්. හික්ස් :)
පීක්ෂු ඇනෝවෙක් !!!

@මාරයාගේ හෝරාව :
ඒකනේ මාරේ අයියා.
මාරේ අයියා ගමනක් යන්න ලු නෙහ්. සුබ ගමන් මාරේ අයියා !

@රූ.... :
වාරේ එන්න කලින් මතක් කරලා තියාගන්න එක හොදයි අපේ අක්කා. එතකොට අක්කා උනත් දිවුල් කිරි බොනකොට මාව මතක් වෙයි.

මධුරංග said...

@Ice (අයේෂා කුලතුංග) :
ඕක මම හොයාගත්ත එකක් නෙමෙයි.
අර මම් කියවපු පොතේ තිබ්බ දෙයක්. (පහල කට්ටිය කමෙන්ට් කරලා තියෙන්නේ ඒ පොතේ නම)

@jacksonlibrary :
කියවන්නෙත් නැතුව හොදයි කියන්නේ කොහොමද ? හික්ස් :)
හාකෝ හාකෝ. මාත් දාන්නම්

@දිල් :
ඒකනේ අක්කේ. අක්කාත් මම් වගේ හිතන් ඉදලා :)
සතුටුයි සතුටුයි !!

මධුරංග said...

@වැලිමැඩියා :
මාත් කලින් හිතන් උන්නේ එහෙම තමා :)
පස්සේ තමා මටත් මීටර් උනේ.

@ප්‍රාර්ථනා :
හික්ස් :)
ඕක සෝමපුර වීරයෝ කියන කතා පොතේ තිබ්බ දෙයක් නංගි.
ඒක මම් පොඩි කාලේ කියවපු පොතක්.

@හරී :
මාතර මිනිස්සු කිරි නැති දිවුල් කිරි වලටත් දිවුල් කිරි කියලා කියනවනේ. හික්ස් :)

මධුරංග said...

@බීටා :
අම්බෝ කාලෙකට පස්සේ තමා මල්ලිගේ කමෙන්ට් එකක් වැටෙන්නේ.
නොදන්න දෙයක් දැනගත්තා නම් සතුටුයි. :)

@sAm sRi :
එන්න අඳුරෙන් එළියට ! හික්ස් :)

@sithuwam :
රම්බා මාතර ද ? කොහේ උනත් මොකෑ. නෙහ් !

මධුරංග said...

@කතන්දර Kathandara :
නැතුව පැණිරහ නැතිව යනවා නෙ.

@Dinesh :
මෙය පොතක තිබ්බ එකක් ය. ඒ නිසා ඇත්ත කියා සිතිය හැකිය.

@වින්චැට්කිරිල්ලි. :
හොද ප්‍රශ්නයක් !
වොඩ්කා බාගයක්වත් ගෙනල්ලා හිතන්න පටන් ගන්න ඕනා.

මධුරංග said...

@සයුරි :
අන්න හරි අන්න හරි.
පොතේ නම අමතක වෙලයි තිබ්බේ.

@Podi Kumarihami :
නෑ නෑ අක්කේ. ඒ බිව්වේ අලිගැට පේර !
අලිගැටපේර ඩිස්ගස්ටින් !

@යසයා :
හික්ස් :)
ඔන්න මම නම් මුකුත්ම කිව්වේ නෑ.

මධුරංග said...

@සරත් ලංකාප්‍රිය :
අමු දිවුල් නම් මරු. දිවුල් සම්බෝල හදලා කන්න තියෙනවනම් නියමයි.
මේ කියද්දිත් කටට කෙල උනනවා.

@පිණිබිඳු... :
ඒකනේ. ඔයාලෑ පැත්තට එන්න ඕනේ දිවුල් කන්න. අපේ කොහෙන්ද දිවුල් !!

@සාතන් :
මාත් සෑහෙන වාර ගණනක් කියවපු පොතක් ඕක.

මධුරංග said...

@~~තරූගේ ලෝකය~~; :
ඒකනේ මලේ. කවුද ආස නැත්තේ.

@Ruka :
මරු නේන්නම්

@Sammani :
ස්තුතියි මොනවාහරි දෙයක් දැන ගත්තා නම්...

මධුරංග said...

@ක්සැන්ඩර් | Xander :
දැන් ඉතින් දිවුල් කෝඩියල් තමා බොන්න වෙන්නේ.

@Shani :
දැන් නේ දන්නේ දිවුල් කුඩු කියලා කියන්නේ මොනවද කියලා.
මාත් මාර ලයික් ඔවුවට

@රාජ් :
මම නම් කාලා නෑනේ. අපිට ඉතින් රාජ් අයියලෑ දිහා ආවම පුහු දිවුල් කතෑකි. මේකත් අර ඉස්සෝ පීකුදු වගේ කතාවක් ද දන්නේ නෑ

මධුරංග said...

@හිතුවක්කාරි :
ඔය කියන්නේ ඔය කියන්නේ.
අයිස් ක්‍රීම් තියෙනවනම් මරු තමා.

@nawammawatha :
පරණ සීනුත් මතක් වෙලා. හික්ස් :)
ජූල් ගස් හන්දිය මතක් උනේ නැතෙයි ඔහේට.

@ChammA :
මම නම් කාලා නෑ මල්ලි.
කාලම බලමු.

මධුරංග said...

@Kasun :
ඒකනේ ඒකනේ.
ඔය කියන්නේ සහතිකවම. :)

@Observer :
ජාත්‍යන්තරයෙන් මට බලපෑමක්වත් එල්ල වේද මන්දා.

@prasanna86k :
මාත් යම් යම් යම් :)

මධුරංග said...

@දිනුක ජයකොඩි :
ඔවු ඔවු. මට නම අමතක වෙලා තිබ්බේ.
කට්ටිය නම මතක් කරලා දුන්නා.

@දයානන්ද රත්නායක :
මාත් මඟුල් ගෙයක් තිබ්බම දිවුල් ගෙඩියක් හොයාගෙන යන්න ඕනා.

@න දී :
හා හා කෑම කෑම ! කෑම පාලනය කරනු ! මාත් කෑම පාලනය කරන් ඉන්නේ !

හිතුවක්කාරි said...

මම කාලා නෑනෙ සියඹලා අච්චාරු... :( කෙල උනනවා..

ලකී වික්‍රමසිංහ said...

කුලසේන ෆොන්සේකා මහත්තයාගේ "සෝමපුර වීරයෝ" පොත කියවනකම්ම මම නම් ඔය අලි ගිලපු දිවුල් කතාව අහල තිබුණෙ නෑ. ඒ වගේම මම මේ මෑතක් වෙනකම් හිතාගෙන හිටියෙ දිවුල් හැදෙන්නෙත් සෝමාවතිය වගේ පළාත් වල විතරයි කියලා... ඒ තරමට මේ පැතිවල දිවුල් ගස් හිඟයි.
දිවුල් කිරි නම් මතක් කරන්න එපා මේ වෙලාවෙ- මගේ පළවෙනි බීම
මට තරම් හොඳට දිවුල් කිරි හදන්න කාටවත් බෑ- ඒ වුණාට මට සනීප නෑ නේ...හෙම්බිරිස්සා උණට දිවුල් බොන්න හොඳ නෑ... grr... :(

නිසුපා said...

මමත් ඉස්සර පොලොන්නරුවෙ ඉන්න කාලෙ බල්බ් වගේ දිවුල් ගෙඩි එල්ලෙනවා දැකලා තියෙනවා.
මගෙත් ප්‍රියතම බීම තමා දිවුල් බීම.

ඔය කතාව මමත් දැන ගත්තෙ "සෝමපුර වීරයෝ " පොතෙන්.

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.