16 October 2011

ඇයි ගැහැනු හැමතිස්සෙම අඬන්නේ ?

"ඇයි අම්මා අඬන්නේ ?" කුඩා දරුවෙක් අම්මාගෙන් ඇහුවා.

"මම් ගැහැනියෙක් හන්දා !!!" අම්මා උත්තර දුන්නා.

"මට තේරුනේ නෑ අම්මේ"

"ඔයාට කවදාවත් තේරෙන එකක් නැතිවෙයි පුතේ." අම්මා තම දරුවා තුරුල් කරගෙනම කිව්වා.

"ඇයි තාත්තේ අම්මා හේතුවක් නැතුව හැමතිස්සෙම අඬන්නේ ?" ඒ කුඩා දරුවා තම පියාගෙන් මේ ගැන විමසුවා.

"ඕන ගෑනු කෙනෙක් හේතුවක් නැතුව අඬනවා." එපමණයි පියාට කිව හැක්කේ. ඒ දරුවා කාලයත් එක්ක වැඩෙද්දිත් මේ ප්‍රශ්නය එහෙම්ම ම තිබුනා.

අන්තිමේදි ඔහු මේ ගැන දෙවියන්ගෙන් අහනවා.

ඒ දුරකතන ඇමතුම මෙසේ ය.....

දරුවා :
"ඇයි දෙයියනේ ගෑනුන්ට ලේසියෙන්ම අඬන්න පුලුවන් ??"

දෙවියෝ :

"මම ගැහැනියව මැවුවේ යම්කිසි විශේෂත්වයක් තියෙන විදිහට"

"මේ ලෝකයේ සියළු බර දරන්න පුලුවන් වෙන විදිහට මම් ඇගේ උරහිස් ශක්තිමත් කලා. එහෙත් ඒ උරහිස්ම සුවපහසුවක් හදන්න පුලුවන් වෙන විදිහට මෘදු කලා"

"දරුවෙක්ගේ උපතක් දරාගන්න පුලුවන් වෙන විදිහටත්, ඒ දරුවා තම මව ප්‍රතික්ෂේප කිරීම් දරා ගැනීමට හැකිවෙන ලෙසත් මම් ඈව ශක්තිමත් කලා."

"තමාව අතහැර යන අයගෙන් ඈත් වීමට හැකිවන රළු බවත්, තම පවුලේ අයගේ ලෙඩක් දුකකදී ඔවුන්ව රැකබලා ගැනීමේ හැකියාවත් මම් ඇයට දුනිමි."

" ඕනම බලපෑමක් හමුවේ තම දරුවන්ට ආදරය කිරීමේ හැකි සංවේදි බව මා ඈට ලබා දුනිමි. එපමණක් නොව තම දරුවන් තමාට දරුණු වේදනා ලබා දුන් විටත් ඒ ආදරය එලෙසින්ම කිරීමේ හැකියාවත් මම් ඇයට ලබා දුනිමි."

"හොද සැමියෙක් කවදාවත් තම බිරිඳව රිදවන්නේ නැතිබව තේරුම් ගැනීමේ බුද්ධියත්, ඕනම පරික්ෂාවක් හමුවේ තම සැමියාව ධෛර්යමත් කිරීමේ හැකියාවත් මම ඇයට ලබා දුනිමි."

" අවසාන වශයෙන් මම් ඇයට අවශ්‍ය වෙලාවක පාවිච්චි කිරීමට කඳුළුත් ලබා දුනිමි !!!!"


ගැහැනියකගේ සුන්දරත්වය තියෙන්නේ ඈ අඳින ඇඳුමේ වත්, ඇගේ ශරීර හැඩයේවත්, ඇය කොණ්ඩේ පීරන විදිහේවත් නොවේ...

ගැහැනියකගේ සුන්දරත්වය ඇත්තේ ඇගේ දෑස් තුලයි. මක්නිසාදයත් ඇස් යනූ හදවතේ දොරටුව වන බැවිනි. තවද හදවත යනු ආදරය ලැඟුම්ගෙන ඇති තැන වන නිසාම ය.

----------------------------------------------------------------------
ප.ලි. - මේකත් මට මේල් එකකින් ආපු සංකල්පනාවක්.

ප.ප.ලි - මේවා කියලා ගෑනු උඩ යයි ද මන්දා !!!!

71 comments:

  1. හ්ම්ම්, මම මේක මේ කියෙව්වමයි. දෙය්යන් කියපු දේවල් නම් ඉතාම ලස්සනයි.
    කාන්තාවකට තමන්වම හඳුනාගන්නට මේ ටික ඉතාම හොඳයි. :)

    ප.ලි: ඒක නෙමේ. මටත් දෙය්යන්ගෙ ෆෝන් නොම්මරේ ඉල්ලගන්න පුළුවන් වේවිද?

    ReplyDelete
  2. සහතික ඇත්ත මල්ලී. අම්ම ගැන හිතත්දී මටත් ඔය දේ නිතරම කල්පනා වෙනවා. :) අපිට හිතාගන්නවත් බැරි ගොඩක් දේවල් එයාලා කඳුලු වලින් හරි දරාගන්නවා.

    ReplyDelete
  3. ඇත්ත කතාව මධුරංග අයියේ :)

    ReplyDelete
  4. නිකං නටන යක්කුන්ට දුම්මල නොගහ හිටපන්............

    ReplyDelete
  5. බොහෝම අපූරු සංකල් සංකල්පනාවක්නේ... ඒ උනත් බොහෝමයක් කාන්තාවෝ යලි ඉපදෙනවනම් පතන්නේ පිරිමි ආත්මයක්ලු..:D

    තිස්සේම අඬ අඬ ඉන්න බැරි නිසා වෙන්න ඇති

    ReplyDelete
  6. හිහි... සංකල්පනාවක් කියලා කිවේ... සංකල් සංකල්පනාවක් නෙවේ... ;)

    ReplyDelete
  7. ගැහැනියකගේ සුන්දරත්වය තියෙන්නේ ඈ අඳින ඇඳුමේ වත්, ඇගේ ශරීර හැඩයේවත්, ඇය කොණ්ඩේ පීරන විදිහේවත් නොවේ...
    ගැහැනියකගේ සුන්දරත්වය ඇත්තේ ඇගේ දෑස් තුලයි...
    නියමයි මල්ලි ..

    ReplyDelete
  8. අනිවාර්යෙන් උඩ යනවා නොවැ ඉතින් මෙහෙම දැන්මම

    ReplyDelete
  9. මොනා කිව්වත් අහන්නැත්තම් අන්තිමට ඔය කඳුළු කියන බර අවිය තමා පාවිච්චි කරන්නෙ.

    ReplyDelete
  10. ඒකත්.. 64න් එකක්, වෙන නිසා, වෙන්නත් ඇති...සමහර විට...D.

    දන්නවා නේද...ගෑනුන්ගේ කදුලු දැක්කම, පුරුෂ පක්ෂයට වෙන දේ.
    හරියට වෙඩරු වගේ නේ...හිත උණු වෙන්නේ.

    ගැහැනුන්ගේ කදුලු වලට ... හෙන බලයක් නෙව තියෙනවා කියන්නේ ....මල්ලී. ඉතිං..ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක...හරි නොවැ.

    ReplyDelete
  11. ඒක ඇත්ත.. අනේ අපි නම් උඩ යන්නේ නෑ.. ඒත් සමහර කොල්ලෝ තේරුම් ගන්නේ නෑ අඬන්නේ හේතුවක් ඇතුව කියලා.. මට නම් හැබැයි පොඩි දෙයක් වුනත් ඇඬෙනවා.. :(

    ReplyDelete
  12. අඩේ ලොවෙත් උඩ යයි දැන් ඊලගට කියන්න ගනියි අපිට ලස්සන බ්ලා බ්ලා බ්ලා විතරක් නෙවේ කදුලුත් තියනවා කියලා හික්ස්

    ReplyDelete
  13. ගැහැනුන්ට ආයුශ වැඩි කඳුළු හෙලන නිසාලු.....(අපි දන් නෑ ඇත්ත නැත්ත.)

    ReplyDelete
  14. ඇත්ත වෙන්න ඇති බං. අපි මල පැනලා කෑගහන කොට ඉවසගෙන ඉන්න හැටි... ඊට පස්සේ ආයෙම ඔලුව අතගාල කතා කරන හැටි... දෙයියෝ දෙනකොට ඔය හැම දේටම අමතරව මහා උපේක්ෂාවක් එක්කම පිරිමි සිත් සනසවන ගතියකුත් දීලා තියෙනවා.

    ReplyDelete
  15. ගැහැණුන්ගේ කදුළු බින්දුව ඒ ගොල්ලොන්ට කෝකටත් තයිලේ වගේ.. ඕන ප්‍රශ්නයකදී පාවිච්චි කරන්න පැකිලෙන්නේ නෑ.

    ReplyDelete
  16. කපීකේකිOctober 16, 2011 at 7:55 PM

    ගෑනු කියන්නෙ හැමතිස්සෙම අඩ අඩා ඉන්න දුර්වල චරිත නෙමේ අන්න ඒක තේරුන් ගත්තනම් හොදා.අපිට උඩ යන්න දෙයක් නෑ.අපි හැමදාම ඉන්නෙ උඩ.හහ්

    ReplyDelete
  17. ඈත්තම ඇත්ත මචං!ඒ වගේ ඉවසීමක් පිරිමින්ට නෑ!

    ReplyDelete
  18. හ්ම්ම්....හැමතිස්සෙම අඩනව කියන එකනම් මම් පිලිගන්නෙ නෑ.ගොඩක් දරාගැනීමේ හැකියාවනම් තියනව කියල කියන්න පුලුවන්.බැරිම උනොත් අඩනව.මම් නම් ලේසියෙන් අඩන්නෙ නෑ.

    ReplyDelete
  19. ගැහැණිය නම්‍යශීලි යි. පිරිමියා කැඩෙන සුළුයි....

    ReplyDelete
  20. අඬන්න ඉන්න එකාට ඇඟිල්ලෙන් ඇන්නා වගේලු! ගෑනු උදවිය තවත් ආඩම්බර වේවි. නියම කතාව

    ReplyDelete
  21. ගැහැණුන්ට විතරක් නෙවෙයි අයියණ්ඩී පිරිමින්ටත් දෙවියන් විසින් කඳුලු ලබා දීලා තියෙනවා..ඒත් දුකක් දැනුනාම ඒක අමතක වෙන විදිහට කැමති දෙයක් කරන්න පිරිමින්ට තියෙන නිදහස ගැහැනුන්ට තියෙන නිදහසට සාපේක්ශව වැඩිනෙ..ඉතින් පිරිමි අඬන්නෙ නෑ..තමන්ගෙ සැනසීම හොයාගෙන යනව මිසක..ඒත් හැමතැනින්ම වගකීම් වල බැඳෙන ගැහැණියකට හිතේ දුක පිට කරගන්න තියෙන එකම ක්‍රමය කඳුලක් හෙළන එක විතරයි...

    ඒත් ගොඩක් පිරිමි හිතන්නෙ ඒක මායමක් කියලයි..කඳුලක තියෙන හැගීම් ගොන්න...පහත් කරලා හිතන්න කලින් මොහොතකට එයාල හිතනවනම් ඒ කඳුලු වල තියෙන්නෙ මොන තරම් වේදනාවක්ද කියලා...

    ගැහැණියක් ජීවිත කාලයක් පුරාවටම වචනයෙන් නොකියා කඳුලු වලින් දරාගන්න දුක පිරිමියෙක්ට කියවන්න පුලුවන් වුනොත්.. එදාට පිරිමිත් අඬාවී...ඒ තරම් දුක් ගොන්නක් මනුස්සයෙක්ට දරාගන්න පුලුවන්ද කියලා වටහගන්නවත් බැරුව.....

    ReplyDelete
  22. @ගෝල්ඩ්fish : Hats off for your comment brother... !!!

    ReplyDelete
  23. කඳුලු..
    තේරුම්ගන්න හරිම අමාරුයි

    ReplyDelete
  24. මාලුවා එක්ක 100%ක් එකගයි... සමහර වෙලාවට හේතුවක් නැතුවමත් අවුල් වෙන වෙලාවකට ඒ තරහ එහෙම පිටවෙනකොට දරාගෙන ආයේ ආදරෙන් මහත්තයෝ කියලා කතාකරනකොට කොයි තරම් ලොකු වැරද්දක්ද කරලා තියෙන්නේ කියන එක ආයේ අමුතුවෙන් තේරුම් කරවන්න ඕනේ නැ.. ඇත්තටම මාරයි ඒවානම්

    ReplyDelete
  25. අපි දුක් කරදර කඳුළු වලින් හෝදලා දානවා . පිරිමි හිතේ තියන් වද විඳිනවා .

    ReplyDelete
  26. ඇත්ත කාන්තාවන්ට කඳුලු කියන්නේ ආභරණයක් ! පිරිමින්ගේ ගල් හිත් දියකරලන්න පුලුවන් ඔය කඳුලු වලට .

    ගහැනියකගේ කඳුලි ඇවිල්ලා දෙපැත්ත කැපෙන පිහියක් වගේ !!

    මේවා බලලා කෙල්ලෝ අඬවැඩියාව පටන්ගත්තාම තමා කන් වල ඇඟිලි ගහගන්න වෙන්නේ !

    ReplyDelete
  27. හ්ම්..මාත් මේක මූණු පොතේ තියෙනවා දැක්කා අගේ ඇති අදහස කියලා කියන්න යන් නෑ..මොකද තමන්ගේ ගීතය ශෝයීඊඊඊඊඊ කිව්වා වගේ වෙනවනේ...(ඔය කිව්වට ආඩම්බරේ බෑ අප්පා)

    මොනවා උනත් හැම දේටම අඩන්න නම් නෙමේ..අවශ්‍ය තැනට අඩන එකෙයි කදුලක වටිනාකම තියෙන්නේ..

    ReplyDelete
  28. අනේ මන්දා දෙයියන්ටත් පිස්සු....
    …අඬනවා බලාගෙන ඉන්න බැරි අපටත් පිස්සු!

    ReplyDelete
  29. අනේ මන්ද ගෑනුන්ගෙ ඉවසීම තිබ්බත් මේ කෙල්ලන්ගෙනෙ ඉවසීම නැත්තෙ.....

    ReplyDelete
  30. මේ සබ්ජෙක්ට් එක ගැන නම් පුතේ මම කතා කොරන්නෙ නෑ... අපි කියමුකො ඔය ගැන දන්නෙ නෑ කියල

    ReplyDelete
  31. මට ඉතින් දෙවියන් වහන්සෙගේ කතාවේ ඇත්ත තේරිලා ඒ වෙලාවෙම ඇඬෙන්ටත් ආවා...:D:D:D

    පිරිමින්ටත් ඔයදේම තමන්ගේ ජීවිතවලට ආදේශ කරගත්තාම නරකද? හැම තිස්සෙම නෙමේ. ඉඳලා, හිටලාවත්.

    ReplyDelete
  32. "මේවා කියලා ගෑනු උඩ යයි ද මන්දා !!!!"

    ඕන නැති දේවල් කියලා මුරුංගා අතු අගිස්සේ තියලා අන්තිමට ඒවා දිහා බලලා හිනා වෙනවා..සික්

    පලි- මටත් ඇඩෙනවා යකෝ මේවා කියෝලා...

    ReplyDelete
  33. ඔය කඳූළු නිසා තමයි පිරිමි අපි බොහෝ වෙලාවට මුලා වෙන්නේ!

    ReplyDelete
  34. මේ මදුරුවා එන පොට නම් හොඳ නැත. (කෙල්ලෙක්වත් සෙට් වෙලාද මංදා :? )

    ReplyDelete
  35. @මකුළු පැංචි,
    අත් දෙකම උස්සලා එකඟතාවය ප්‍රකාශ කරනවා ...

    ගෑනියෙක්ගේ දරා ගැනීමේ ශක්තිය පිරිමියෙකු ඇත්තටම නැහැ, අඩු ගානේ ගෑනියෙක් ගෙදර කරන වැඩ කොටසවත් අපිට කරන්න උනොත් අනිවා අනා ගන්නවා ......

    කඳුලු ගැන නොවුනත් ඔයා හා බැඳුනු ලිපියක් තමා මේ බිරිඳට අනිවාර්යය නිවාඩු දුන්නෙමි ..........

    ReplyDelete
  36. මමනම් හැම තිස්සෙම අඬන්නෙ නෑ . කාගෙන ඉඳලා ඔක්කොම ටික එකතු කරගෙන ගෙදර කවුරුත් නැති වෙලාවක අඬනවා මී හරකි වගේ...

    ReplyDelete
  37. මලේ, ඔයාට මේ දවස්වල නිකම් දාර්ශනික සිතුවිලිමනෙ පහල වෙන්නෙ....!
    පෝස්ටුවනම් ලස්සනයි. මටත් මේ ඊය ඇවිල්ලා තිබුනා.

    ReplyDelete
  38. උත්තර නැතෝ... ඔය කඳුළු වලට දියවුනොත් නම් සමහර වෙලාවට වසල හමාරය. එත් මන් දකින විදියට එක කඳුලක් කියන්නේ ඇත්තටම අපිටනම් ටොන් එකක බරක්. ඒකනිසා මම පුද්ගලිකව මගේ ජීවිතේ ඉන්න කාන්තාවෝ අඩවන්න කැමති නෑ.

    ReplyDelete
  39. නියම අදහසක් මචන්.. සිරාවටම//


    ජය..

    ReplyDelete
  40. ඒ ඊ මේල් එකේ මුල් අයිතිකාරයාට එක අතකින් පින් දෙන්න ඕන. අපේ තාත්තලාටත් වඩා අම්මලා දුක් උහුලනවා. හැම අතින්ම. ඒත් ගොඩක් පිරිමි අය හිතන්නෙ ගැහැණු කියන්නෙ හැමදේටම අඬන, කිසිම වගකීමක් ගන්න බැරි, බොළඳ අය කියලා. ඒත් ගැහැණු කියන්නෙ කඳුලු වලින් දුක දරාගන්න, ඕනම වගකීමක් දරාගෙන මේ ලෝකෙ දෙපයින් හිටගෙන ඉන්න පුලුවන්, ගොඩක් වෙලාවට බොළඳයි වගේ පෙනුනාට අවශ්‍ය උනොත් මහා මේරු පර්වතය වගේ හිත හයිය කරගන්න පුලුවන් අය කියලා දන්නෙ කීයෙන් කී දෙනාද??

    ReplyDelete
  41. සමහර වෙලාවටනම් කදුලුත් වැඩ කරන්නෙ නෑ මලේ..

    ReplyDelete
  42. "ගණ අඳුරේ
    හුදකලාව
    නැගි කඳුලකි
    ආදරේ"

    අමරදේවයන්ගේ ගීයකින්.

    ReplyDelete
  43. අර මාරය කිව්ව වගේ උඹ මුන්ව මුරුන්ගා අත්තෙ උඩටම නග්ගල තියෙනවා.. ආයෙ හෝදන්න දෙයක් නෑ

    -කතාව සහතික ඇත්ත

    ReplyDelete
  44. Thankx Tranlate කලාට මාත් ඕක ෆදරමප 1 කියවලා තියෙනවා.

    ReplyDelete
  45. මටත් ඔය ගෑණු කෙනෙක් අඬනවා බලාගෙන ඉන්න බෑනේ.. මොන තරම් කේන්තියක හිටියත් මමත් ඒ වෙලාවට අසරණ වෙනවා..

    ReplyDelete
  46. කදුළු ගැන මොනවත් ලියන්න හිතෙන්නෙ නෑ මලේ. මහමේරු පර්වතේ තරම් බරක් මේ දවස්වල හිතේ දරාගෙන ඉන්න නිසා. ඒකත් අනුන්ගේ. ඒත් මේ පෝස්ටුවට ඒකෙන් ගන්න උදා. බොහෝමයි. ප්‍රශ්ණය නිරාකරණය උනහම කාරණය කියන්නම්කො.

    මේ කමෙන්ට් එක නොදා ඉන්න මල්ලි!! ඇත්තටම මගේ ඔළුව අවුල් වෙලා.

    ReplyDelete
  47. කාගෙ හරි හිතක් ගන්න හිතාගෙන ලියාපු ලිපියක් වෙන්න ඕනෙ මේක, නැත්තං කවද්ද මෙයාලට ගෑනුංගෙ කඳුළු පෙනුනෙ

    ReplyDelete
  48. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... නියම කතාව අයියා.. අනේ මේක මටත් පෙන්නන්න තිබ්බනම් දකින්න ඕනෙ අයට..

    ගෑණුන්ගෙ කඳුළු වලට හිනා වෙන පිරිමින්ට හොද උත්තරයක්

    ReplyDelete
  49. කියන්න තියන දේවල් ඔක්කොම තැන් තැන් වල කියවිලා තියනවා. කියවිලා තියන ගොඩක් දේවල් ඇත්ත බලාගෙන ගියාම. පිණිබිඳු අක්ක කිව්ව වගේ ගෑනුන්ගෙ කඳුලු කියන්නෙ බර අවියක්ම තමයි. 98%ක්ම පිරිමි කොච්චර දැඩිව හිටියත් සර සර ගාල කඩාගෙන වැටෙනවා ඒ වෙලාවට. ඒ කඳුලු සමහර ගෑණු අය වැරදියට පාවිච්චි කරන වෙලාවලුත් තියනවා. ගොඩක්ම කෙල්ලො තමයි.:D

    ReplyDelete
  50. superrrrrrrrrrrrrrr adooo

    ReplyDelete
  51. සික් ! මේව ලියන්න එපා මනුස්සයො. මුං උඩයයි. කලිසං ඇඳපු එව්වො නං කමක් නෑ කියහංකො. ඔය සාය කෑලි ගවුං කෑලි ඇඳපු උනුත් උඩ ගියාම අපිට නිවි හැනහිල්ලෙ බිම බලාන පාරක තොටක යන්න ඇකැක ?

    ReplyDelete
  52. @Madhawa Habarakada :
    මාත් කාලෙක ඉදන් දෙයියන්ගේ ෆෝන් නම්බරේ හොයනවා. මට හම්බ උනොත් අයියටත් දෙන්නම්. අර කිව්වත් වගේ කාන්තාවකට එයාගේ චරිතය අදුනගන්න මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි !!!

    @..ChAnDiKa.. :
    අම්මා කෙනෙක් තරම් දුක් උහුලගන්න පුලුවන් කෙනෙක් මේ මිහිපිට ඉන්නවද කියලා සැකයි !!!

    @මලිති :
    ස්තුතියි :)
    මේක මම් ලියපු එකක් නෙමේ. මට මේල් එහෙකින් ආපු එකක්. ප‍්අරිවර්තනය කලේ මම.

    ReplyDelete
  53. @හරී :
    මේක නම් මරු කතාව !!!! හික්ස් :)

    @සුදු හංසි :
    මාත් ඔය කතාව අහලා තියෙනවා. ගෑනු අය ගොඩක් පතන්නේ පිරිමි ආත්ම කියලා මාත් අහලා තියෙනවා.
    ඒ උනාට මවු පදවිය වගේ උත්තරීතර පදවියක් පිරිමි අයට ලැබෙනවා යෑ

    @Sanjaya සිතුවිලි :
    ස්තුතියි අයියා !!!

    ReplyDelete
  54. @ChammA :
    එහෙනම් මාර ලෙඩේ !!! බේතකටවත් කෙල්ලෙක් දාගන්න බැරිවෙයි

    @පිණිබිඳු... :
    සජිත් මහත්තයෝ අපි නැතෝ !!!! :)

    @- නිල් අහස - :
    ඇත්තටම ගෑනු කෙනෙක්ගේ කදුලු වලට ඕනම පිරිමි කෙනෙක්ගේ හිතක් උනු කරන්න පුලුවන් නෙව. :)

    ReplyDelete
  55. @ප්‍රාර්ථනා :
    ගොඩක් කට්ටිය ඔහොම වෙන්න ඇති නංගි.

    @කිඩෝ :
    අපරාදේ එහෙනම් මම් මේක පරිවර්තනේ කලේ. හික්ස් :)

    @Whinchat Kirilli. :
    අප්පා !!!! මම් එහෙනම් දන්න කෙනෙක්ගෙන් අහලත් බලන්නම්.

    ReplyDelete
  56. @prasanna86k :
    අයියගේ කතාව අකුරක් නෑරම මම් එකහෙලාම පිලිගන්නවා !!!

    @lktwopointzero :
    අනිවාර්යෙන්ම ඒවා නම් පාවිච්චි කරනවාමයි. දෙයියොත් දීලා තියෙන්නේ ඒවා පාවිච්චි කරන්නම නේ. :)

    @කපීකේකි :
    අපෝ ඉතින් හොදක් කියන්නම බෑනේ. මම් කිව්වේ නෑනේ හමතිස්සෙම අඬනවා කියලා. ඇරත් දෙයියෝ උනත් ඔයාලට කඳුළු දීලා තියෙන්නේ අවශ්‍ය විටක පාවිච්චි කරන්න නේ. :)

    ReplyDelete
  57. @Sabith :
    ඒ වගේ ඉවසීමක් අපට නෑනේ :)

    @නදී :
    හැමතිස්සෙම අඬන්න ඕනේ නෑ අපේ අක්කා. අවශ්‍ය තැනකදි තමා අඬන්න ඕනේ. ඒත් හිත හයිය නම් ඒක ඕනෙත් නෑ.

    @සයුරි :
    ඔය කියලා තියෙන්නේ විද්‍යාවෙන්ම :)

    ReplyDelete
  58. @විසිතුරු | visituru :
    ඒක නම් හරි මල්ලි. ඒත් ඉතින් ගොඩක්ම නැතත් පොඩ්ඩක් ආඩම්බර උනාට කාරි නෑ.

    @මකුළු පැංචි :
    නංගිගේ කතාව සහතික ඇත්ත. එයාලගේ පිහිටට තියේන එකම දේ කඳුළු. ඒකට මායම් පානවා කියන එක නම් වැරදියි.

    @RoshanHerath :
    මටත් එහෙමයි.

    ReplyDelete
  59. @දේවා ගේ අඩවිය :
    මල්ලි උබේ කමෙන්ට් එක ගන මට කියන්න වචන නෑ. ඒ තරමටම සුපිරි කමෙන්ට් එකක් !!!!

    @Bindi :
    ඒක සහතික ඇත්ත අක්කා.

    @හිස් අහස :
    එහෙම අඬවැඩියාව දාන්න එපා කියලා සියලුම කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කරමු. මේ වෙනකොට අඬලද දන්නේ නෑ.

    ReplyDelete
  60. @අසනි :
    ඔය ආඩම්බරේ ඔය ඇත්තිගේ මූනෙන්ම පේන්න තියෙනවා. ආයේ තින් කියන්න දෙයක් නෑ. :)

    @ලහිරු :
    මේක පරිවර්තනය කරපු මටත් පිස්සු :)

    @Keerthi ගවේෂක :
    හික්ස් :)

    ReplyDelete
  61. @සාතන් :
    හා එහෙනම්. මම් ඒ ගැන හිතන්නේ නැතුව ඉන්නම්. :)

    @Podi Kumarihami :
    ඒ කියන්නේ අක්කා කියන්නේ අපටත් අඬන්න කියලද. හික්ස් :)
    හොදට හිටී !!!

    @මාරයාගේ හෝරාව :
    මාරේ අයියා ඔහොම කිව්වම මටත් ඇඬෙන්න ආවා.

    ReplyDelete
  62. @පූසා :
    ඒ කතවත් ඇත්ත.

    @සීතල අයියා :
    අපෝ නෑ. මං තාමත් නිදහස් කොල්ලෙක් !!!

    @පන්සල් හංදිය :
    අයියගේ කතාව ඇත්ත. අම්මා නැති වෙලාවට අපි තුන්දෙනෙක් ඉදලත් ගෙදර වැඩ අනාගන්නවා නෙ.

    ReplyDelete
  63. @Gimhani :
    අක්කත් කරන්නේ මාරම වැඩ නේ. මී හරක් අඬන්නේ නෑ. අඬන්නේ වැලහින්න. :)

    @රූ.... :
    එහෙනම් අයියා කලින්ම කියවලා තියෙනවා. හොදා හොදා. :)

    @ක්සැන්ඩර් | Xander :
    අනිවාර්යෙන් අඬවන්න හොද නෑ. මොකද කවුරුත් කැමැත්තෙන් අඬන්නේ නෑනේ.

    ReplyDelete
  64. @Gayan Rupasinghe :
    එල එල !! :)

    @හංසි :
    සියයට සියයක් එකගයි. ආයේ ඉතින් කියන්න දෙයක් නෑ. වෙලාවකට අඬාවැටුනට වෙලාවකට ගෑනු හිත් මහමේරු පර්වත වගේ. :)

    @නිසුපා :
    ඒ මොකෑ අප්පේ ඒ ??? :)

    ReplyDelete
  65. @පොත් ගුල්ලා :
    ම්හූ... සිංදුව අහලා නෑ.

    @cjgayan :
    ස්තුතියි අයියා. :)

    @Anonymous :
    එහෙනම් මේක ඔය අනෝට රිපීට් ටෙලිකාස්ට් එකක් වෙන්නති.

    ReplyDelete
  66. @Dinesh :
    ඔය කිව්වට මටත් බලාගෙන ඉන්න බෑ මල්ලි.


    @malmi :
    අක්කගේ හිතේ තියෙන ප්‍රශ්න කරදර සේරම දුරු වෙලා යන්න කියලා පතනවා.

    @හරී - පිණිපළස :
    ආ..... එතකොට ටීචර් හිතන් ඉන්නේ අපේ හිත් ගල් කියලා යෑ. :)
    අපටත් ඔය ඇත්තියෝ ගන උනු වෙනවා. අපි ඒබවක් පෙන්නන්නේ නෑ ඕං !!! :)

    ReplyDelete
  67. @හිතුවක්කාරි :
    එයට එහෙනම් මගේ බ්ලොග් එකේ ලින්ක් එක දෙන්න නංගි. :)
    එයා මේක කියවයි.

    @Kasun :
    කඳුළුත් බර අවියක් උනා එහෙනම් !!!
    හොදා හොදා.... අපිටත් කවදහරි ඕවා බලන්න උරුම වෙයිනේ බං.

    @Anonymous :
    තෑන්ක්ස් :)

    @nawammawatha :
    ඔය බිං බලාගෙන යන ප්‍රශ්නේ නම් මටත් උදාවෙයි මයේ හිතේ....

    ReplyDelete
  68. කඳුල කියන වදනට මාර වටිනාකමක් නෙව දීල තියෙන්නේ...ඇත්තමයි..කාන්තාව මහපොලව(මම එයාලව ලෝකයට සමාන කරන්නම්) වගෙ කියල තියෙනවනේ.ඉතින් මේ ලොකේ වැඩිපුර(66%) තියෙන්නේ වතුරනේ...මම හිතන්නේ ඒ වගේ කාන්තාවගේ ත් වැඩිපුර කඳුලු ඇති...බොක්කටම වදින ලිපිය(අම්මා ගැන කියපුවා නිසා වෙන්න ඇති)

    ReplyDelete
  69. නිකම් බොරු කියන්න එපා ..ඕකට උත්තරේ දෙයියෝ දන්නෙත් නැහැ..

    ReplyDelete
  70. කතාව බෙදා ගත්තට ස්තූතියි..

    ReplyDelete
  71. කඳුල නිවන්නම් නෙත නොතෙමනවා නම්
    www.youtube.com/watch?v=GCzryxNxqfc

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.