27 May 2011

මෙහෙමත් හීන ටිකක්


කලින් පෝස්ට් එකකදී මම නින්දෙන් ඇවිදින අපේ මල්ලි කෙනෙක් ගැන ලිව්වා. ඒ ලිපිය ලියාගෙන යද්දි මට සමහර කට්ටිය නින්දෙදි කරන වැඩ ටිකක් මතක් උනා.නින්දෙදි නිදා ගන්නවා ඇරෙන්න වෙන මොනවැ‍යි කරන්නේ කියලා සමහර අයට හිතෙන්න පුලුවන්. නෑ එහෙම නෙමෙයි. නින්ද ගියාට පස්සේ අපි හීනෙන් කරන දේවල්, සමහර විට හැබැහින් සිද්ධ වෙනවා.

උදාහරණයක් විදිහට දවසක් මම් දවසක් යාලුවෙක්ගේ ගෙදර ගිහින් රෑ නිදාගෙන ඉන්නැද්දි මාරම හීනයක් පෙනුනා. හීනේ මේකයි. මාරම ලස්සන කෙල්ලෙක් මගේ ලගට ඇවිත් කෑම බන්දේසියක තිබ්බ කෑම එකින් එක මට කවන්න ගත්තා. මමත් ඉතින් කෙල්ලෙක් නේ කවන්නේ කියලා පෙරේතකමට කනවා. ඒ කෑම ලස්සනට වගේ පෙනුනට මාරම තිත්තක් තියෙන්නේ. කෙල්ලෙක් කවන නිසා නොකා ඉන්නත් බෑ.මාත් කනවා. කෙල්ලට නොපෙනෙන්න කෙලත් ගහනවා. ඒකිත් අත අරින්නේ නෑ. මුලු බන්දේසියම මට කවනවා. මාත් හපලා කෙල ගහනවා.

කොහොමහරි උදේ වෙලා බලද්දි කෙල වලින් පිරිච්ච කොට්ටයක් උඩ මම ඔලුව තියාගෙන නිදි.හීනෙන් ගහපු කෙල හැබහින් කොට්ටේ උඩ. මාර හිරිකිතයි. ඊට පස්සේ කොට්ට උරය හෝදන්නත් උනා. අන්තිමේදී හීනෙන් කෑම කාපු හින්දා මට සතියක් යනකන් බඩේ අජීර්ණයකුත් හැදුනා.හිනෙන් කෑම කන්න හොද නෑ.

මේ වගේම වැඩක් මගේ යාලුවෙකුටත් උනා. මේකත් කොහෙද මන්දා යාලුවෙක්ගේ ගෙදර ගිහින් රෑ නිදාගෙන ඉන්නැද්දි මාරම ලස්සන බාත් රූම් එකක් හීනෙන් දැකලා. බාත් රූම් එක බිමට ටයිල් කරලා රත්තරන් වලින් කරාම දාලා රත්තරනින්ම බාත් ටබ් එකත් තියෙනවලු. මෙච්චර ලස්සන නාන කාමරයකට ආයෙම එන්න වෙන්නේ නැති හන්දා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ කියල හිතුන නිසා හිතේ හැටියට චූ කලා ලු. අන්තිමේ යාලුවා නැගිටින්නත් කලින්ම බෙඩ් ශීට් එක හෝදලා දැම්මලු.ඔන්න ආයෙත් කියන්නේ මේක මට වෙච්චි එකක් නෙමේ.

අපේ මල්ලි පොඩි දවස්වල අපේ අම්මා හීනෙන් මල්ලිව කොහෙන්ද මන්දා වැටෙනවා දැකලා දුවගෙන ගිහින් වැටෙන්න නොදී අතින් අල්ලගෙන ඉන්නවලු.මල්ලි අඩනවලු. ඒත් අම්මා වැටෙන්න නොදී අල්ලගෙන ඉන්නවලු. අම්මා අත තදකරගෙන අල්ලගෙන ඉදිද්දි මල්ලිට ඇහැරුනා ලු.කොහොමහරි මල්ලි අම්මව ඇහැරෙව්වට පස්සේ තමයි අපේ අම්මා මල්ලිව අතැරලා තියෙන්නේ.

මල්ලි ටිකක් විතර ලොකු උනාට පස්සේ මට තමයි මල්ලි එක්ක නිදා ගන්න උනේ.මල්ලිත් එක්ක ඉන්න එක ලේසි නෑ. ඒකා අංශක 180ක් විතර කරකැවිලා කනට පයින් ගහනවා. නිදාගෙන ඉන්න එකා උඩ ගිහින් ඇහැරෙන්නේ. මට හැමදාම මල්ලිගෙන් ගුටි කන්න බැරි නිසා ඒකත් එක්ක ඉන්න එක අතෑරලා දැම්මා.

ඔය වගේ සමහර දාට නින්දෙදි දුක හිතෙන වැඩ සිද්ධ වෙනවා. ඔහොම දවසක් මටත් මොකකට හරි දුක හිතිලා පොලොවේ පස් කකා ඇඩුවා. අනිතිමේ ඇහැරිලා බලද්දි ඇත්තටම අඩපු කදුලුත් තියෙනවා.

ඔය කවුරු එක්ක හිටියත් අපේ අප්පච්චිත් එක්ක ඉන්න එක ලේසි නෑ. අපේ අප්පච්චි මුනින් අතට නිදා ගත්තොත් එදාට යකෙක් ඇවිත් පිට උඩ නැගලා හිර කරනවලු. අප්පච්චි මර ලතෝනි තියනවා. ඔහොම දවසක් රෑක ලතෝනි තියලා අහල පහල ගෙවල් වල මිනිස්සුත් දුවගෙන ආවා. අම්මෝ එහෙමත් කෑගැහිල්ලක්. ඒ කෑගැහිල්ල අහගෙන හිටියාම ඇගේ ලේ වතුර වෙනවා. ඒ නිසා අප්පච්චිව පන්සිල් වල පිහිටුවලා නිදා ගන්න දෙනවා.එතකොට මේ කිසිම එකක් නෑ.

පාන්දරට දකින හීන හැබෑවෙන්න ලොකු ප්‍රවනතාවක් තියෙනවා. ඇයි කියලා නම් දන්නේ නෑ. හීනෙකින් තමන්ගේ දත් ගැලවෙනවා එහෙම දැක්කොත් එදාට තමන්ගේ නෑදෑ කෙනෙක් නැති වෙනවා ලු. මමත් දවසක් දැකලා එහෙම නෑදෑ කෙනෙක් නැති උනා.

42 comments:

  1. අම්මේ උඹ නම්, කෙල්ලෙක් කැව්වොත් වහ ටිකක් වුනත් බෑ නොකිය කාවි.

    ඔය හීන කියන්නෙ නම් අමුතුම සබ්ජෙක්ට් එකක්. හිතා ගන්න බැරි ගොඩක් දෙවල් තියනව.

    ReplyDelete
  2. අපේ අම්මත් එක දවසක් හීනෙන් දැකලා ගෙදරට හොරෙක් එනවා. දෑත බදලා අම්මා පොල්ලකින් ගහලා හොරාට. හික්ස්. දඩිං ගාලා ගහලා තියෙන්නෙ අම්මා අපේ තාත්තට. ගුටි කාගෙන තාත්තා ඇහැරිලා.

    ReplyDelete
  3. අප්පේ... හීනෙනුත් කෙල්ලෙක් නම් ඇවිත් කවන්නෙ වහ උනත් කයි නේද..... හොඳ වැඩේ.... මූන පුරා කෙල නාගෙන නැගිටින්න ඇති... මටත් හීන නම් පේනවා. ඒත් නැගිට්ට පස්සෙ සේරම අමතකයි...

    ReplyDelete
  4. මම විසදුමක් කියන්නෙයි...මල ගෙවල් හොයාගෙන නයිට් ගහන්න...එතකොට ඔය කෙල්ලෝ හීනෙන් එනවා පේන භයානක හීන පේන්නේ නෑ.....

    ReplyDelete
  5. @ රත්ගමයා: ඔය කිව්වට ඔයාටත් හීනෙන් කෙල්ලෙක් ඇවිත් කැව්වොත් නොකාම ඉඳියි....

    ReplyDelete
  6. හීන කතන්දර බොහොමයි...
    හොද කතා ගොඩක එකතුවක් මල්ලි...
    අප්පා ඔය කිව්වම මතක් උනේ..දවසක් අපේ මලයා උදේ තක්කු මුක්කු වෙලා දගලනවා රෑ නැවැත්තුව තැන නෙවෙයි වෑන් එක නවත්තලා තියෙන්නේ කියලා.ඇත්ත තමයි පාන්දර ජාමේ හදිසි ලෙඩෙක්ව රාගම ඉස්පිරිතාලේ ගෙනියන්න ඕන වෙලා මම මේකව ඇහැරෝගෙන වෑන් එකට දාගෙන ලෙඩාව අරං ගියා..ඒ ගිහිල්ලා කරන කියන දේවල් කරලා ආපහු ආවා..මං කොහොමත් මල්ලි ඉන්නවනං මිනිහට එළවන්න දෙනවා මිසක් මම එලවන්න යනවා අඩුයි..ඒ හින්දා යනකොට එනකොට දෙපාරම මෑන් තමා ඕක කරකවගෙන ආවේ..ඒත් ආව ගමන් මිදුල මැද්දේ වෑන් එක නවත්තලා මිනිහා ගිහින් වැටිලා නිදා ගත්තා..මාත් සද්ද නැතිව හිටියා ආයේ ඕක ඔහොමම තිබ්බට මොකෝ කියලා..

    ඒත් උදේ මේකට මතක නැහැ එහෙම ගමනක් ගියා කියලා..මේකා ඇවිල්ලා ගිහිල්ලා තියෙන්නේ හීනෙන්ම තමා..රාගමට අපේ ගෙදර ඉදලා කිලෝ මීටර් 16 ක් විතරත් තියෙනවා...හිමින් ගිය ගමනකුත් නෙවෙයි..

    අපේ එකාටත් ඔය නින්දෙන් ඇවිදින එක පුංචි කාලේ ඉදලම තියෙන දෙයක්..මලාට ඌව ඇහැරවන්නත් බැහැ..එදාත් මං හිතුවට මූ නැගිට්ටා කියලා..මේකා ඒ ඇවිල්ලා තියෙන්නෙත් හීනෙන්ම තමා...

    ReplyDelete
  7. ආ මටත් ඔය වගේ සීන් වෙලා තියෙනවා.ඉස්ලෝකෙ යන කාලෙ මට හිටියා තරහාකාරයෙක්.දවසක් රෑ හීනෙං ඕකත් එක්ක වලියක් ගිහිල්ලා මම ඌට ගැහුවා කකුලෙන් ගැම්ම දාලා.කොහෙටද දන්නවද ඇත්තට වැදිලා තියෙන්නෙ?බිත්තියට.මහපට ඇගිල්ලෙ නියපොත්ත ගන්න දෙයක් නෑ.නිල් වෙලා.ඊට පස්සෙ නින්ද ගියෙත් නෑ.ඊට පස්සෙ නිදා ගන්න කොට හැමදාම දිග කොට්ටයක් බිත්තිය පැත්තට දාලා නිදා ගන්නෙ.හික්ස්....

    ReplyDelete
  8. හීනෙන් යුද්දෙට ගිහිල්ලා නෑත්ද???මම ගිහිල්ලා තියනවා.. උඩින් බුලට් යද්දි ඔලුව නමාගෙන ඉදලා.. උදේ බලද්දි බෙල්ල රිදෙනවා... එක මාර ෆීලින් එක අප්පා.. බොක්කෙන් යුද්දේ කරනවා.. ඈයි පොඩි කාලේ හොස්ටල් එකේ හීනෙන් පේනවා ගහකට චූ කරනවා.. උදේ බලද්දි ඈදේ චූ ගිහිල්ලා.. ඊ හිරිකිතයි අප්පා.. :පී

    ReplyDelete
  9. ඇත්තමයි මටත් හැමදාම වගේ හීන පේනවා.
    ඔක්කොම කලර්ඩ් ඒවා. හුගක් හීන මට මතකයි. සමහර දාට නම් මොන තරම් ට්‍රයි කලත් මතක් කර ගන්න බෑ.
    මාත් දැකපු සිරා ටයිප් හීන ලගින් යන විදිහට හරි හැබෑ වෙලා තියෙනවා.
    අනිත් සිරාම වැඩේ කියන්නේ ආස කරන හිනයක් පෙනෙද්දි මදුරුවෙක් හරි කාලා ඇහෑරුනොත් දැනෙන දුක කියලා වැඩක් නෑනේ.ඒ වෙලාවට හීනේ ඉතුරු හරිය පෙනේවා කියලා හිතාගෙන තදින් ඇස් පියා ගත්තම ඉවර උන තැන ඉදන් හීනේ ආපහු පේන්න ගන්නවා.ඇත්තමයි.
    හැමෝටම හරියයිද දන්නේ නෑ. ඒත් ටුයි කරලා බලන්නකෝ.

    ReplyDelete
  10. සිඃ මං හිතුවේ මූ හෙන හොඳ පොරක් කියලා බැලුවම ගෑණු පෙරේතයෙක්නේ...

    මේ අර මල්ල කනට පයින් ගහන සීන් එක නම් මරු බං... අද රෑට ඌට ෂොට් එකක් දීලා බලන්න ඕනේ...

    ReplyDelete
  11. මටන මෑතකදි හීනයක් දැක්ක කියල කිසිම මතකයක් නෑ. ඒත් ඉස්සර දවසක හීනෙන් මක කකුලට කවුද වේවැලකින් රිදෙන්න පාරවල් දෙකක් ගැහුව. වේදනාව දරාගන්න බැරුව නැගිටල බැලින්නම් පත්තෑයෙක් ඇඳ පාමුල ඇදිල යනව. ඌ කකුලෙ දෙපලක්ම කාල, අනාගතේ බේරිලතිබුනෙ නූලෙන් :D

    සමහර වෙලාවට වැඩ ඇරිල බයික් එකේ ගෙදර යනකොට මොකක් හරි කල්පනාවට ආවම දන්නෙම නැතුව සැහෙන්න දුරක් ගිහිල්ල. අතර මඟ තිබුනෙ මොනවද, උනේ මොනවද කියල මෙලෝ මතකයක් නෑ [මට ෂුවර් ඒ නින්ද ගිහිල්ලනම් නෙමේ]

    ReplyDelete
  12. අම්මට සිරි නිස් අහස උබේ හීන තියරිය ටෙස්ට් කරල බලන්න ඕනෙ වැඩද කියලා....
    කරුමෙකට හෝ වාසනාවකට මට කෙල්ලො සම්බන්ද හීන පේන්නෑ නෙ....

    ReplyDelete
  13. මගේ යාලුවෙක් හීනෙන් පේර ගහකට නැගලා.. ගහේ ඉදිද්දී බිම ඉඳලා වෙන එකෙක් ගහ හොලවනවාලු.. ගහ උඩ ඉන්න එකා ගහ හොලවන එකාට කුණුහබ්බෙන් බැනලා.. කොහොම හරි මූ හීනේ බලාගෙන සිරාවටම කෑගහලා කුණුහබ්බෙන් බැනලා.. කෑගහන සද්දෙට උගේ අම්මා ඇවිල්ලා ඌව ඇහැරවලා.. උට ඉතින් විලිලැජ්ජාවේ පණ යන්න ඇති..! හික්ස්..

    ReplyDelete
  14. @Kasun :
    අපෝ මම් හිතලා කාපු කැවුමක් නෑ බං. හීනෙන් පෙනුන දේ නේ. අපෝ එහෙමත් තිත්ත කෑමක්. කොහොම කොළ කොටලා ගුලි හදලා කෑවා වගේ. ශික්...

    @පිණිබිඳු... :
    අම්මෝ ඔයාලගේ අම්මත් හෙනම් භයානක කෙනෙක් නේ. තාත්තට තරු පෙනෙන්න ඇති නේ. කොහොමද නින්දෙන් පාරක් එහෙම වැදුනම. සැප කනෙන් බේරෙනවා.

    @තාරා :
    එහෙම නෑ. මම් එහෙම කෙලි ඇබලයෙක් නෙමේ. මම් දන්නෙත් නෑ මට කවාගෙන කවාගෙන ගියා. මමත් කන්න තියෙන පෙරේතකමට කාගෙන කාගෙන ගියා.

    කෙල්ලෙක් නැතුව කොල්ලෙක් කැව්වත් කනවා. :)

    ReplyDelete
  15. @රත්ගමයා :
    මල ගෙවල් හොයන්න තමා අමාරු. ගම් වල වගේ මෙනෙයි මෙහෙ මලගෙවල් වලට එන්න හරියට මගුල් ගෙවල් වලට වගේ ආරාධනා කරන්න ඕනේ.

    @තාරා :
    අනේ ද කියන්නේ තාරා. ඔකොම මට තමයි අනන් මනන් කියන්නේ. නොකාම ඉදියි.

    @මාරයාගේ හෝරාව :
    මේකත් මගේ හීනයක් හැබෑ උනා වගේ මාරයා අයියේ. මම් ගොඩක් ආස කලා මගේ බ්ලොග් පෝස්ට් එකක මාරයා අයියගෙන් ඒ වගේම දුකා දුමී අයියගේ කමෙන්ට් එකක් ගන්න. අන්න ඒ හීන වලින් එකක් ඉශ්ට උනා.
    ගොඩක් ස්තූතියි මාරයා අයියේ !!!!!

    ReplyDelete
  16. @සීතල අයියා :
    ඔය කතාව කියෙව්වම මට අපේ මලයව මතක් උනා. දවසක් ඕකා මගේ ඇගිල්ලක නියපොත්තක් ගලවලා දැම්මා දොරට අහු කරලා. අම්මෝ කොහොමට හිටීද නියපොත්ත එහෙම බිත්තියේ වැදුනම.

    @සූර සරදියල් :
    මම නම් යුද්ධ කරලා නෑ. මම් පොඩි කාලේ ඉදලම යුද්ද කරන්න තියෙන්නේ පරාණ බයක්. මට තාමත් හිනා දාපු කමෙන්ට් එකට. :)

    @- නිල් අහස - :
    එල එල. මාත් ආසම කරපු හීන මිස් වෙලා තියෙනවා. එහෙම ආයේ හීනයක් දැක්කොත් නිල් අහසගේ තියරිය පාවිච්චි කරන්න ඕනේ. "නිල් අහසගේ හීන තියරිය"

    ReplyDelete
  17. @prasanna86k :
    අඩෙ....යි මම හොද එකෙක් තමයි ඩේ. මම හැබැහින් කෙල්ලෙක් කවනකන් බලාගෙන ඉන්න එකෙක් නෙමෙයි. මට ඉතින් හීනෙන් කැව්වොත් මිසක් හැබහින් නම් බෑ.

    @nawammawatha :
    ඒක නම් ඇත්ත අනාගතේ නූල් ගහෙන් බේරිලා තියෙන්නේ. මටත් සමහර හීන නම් උදේට මතක නෑ. එහෙමත් එකක් තමයි මතකයේ හිටින්නේ.

    @කිඩෝ :
    අම්මෝ කෙල්ලො කියන ජාතිය හීනෙන්වත් පේන්න හොද නෑ.ඒ තරමට අපල ජාතියක්. මාත් නිල් අහසගේ හීන තියරිය පාවිච්චි කරන්න කියලා ඉන්නේ.
    මගේ බ්ලොග් අඩවියට කිඩෝව සාදරයෙන් පිලිගන්නවා !!!!

    ReplyDelete
  18. @චතුවා (ළමයා) :
    මටත් හිතා ගන්න පුලුවන් කොහොමද බැන්නේ කියලා. හික්ස්... චතුවා ආස නැද්ද හීනෙන් කාට හරි ගහන්න. මට නම් මාරම ආසාවක් තියෙන්නේ හීනෙන් කාටහරි ගහන්න.

    ReplyDelete
  19. යකෝ මට ඔය මුකුත් පෙන්නෙ නෑ නෙ.

    ReplyDelete
  20. කන රත් වෙන්න ගසන දාට මෙලව හීනයක් පේන්නේ නෑ අප්පා !..ඒකටත් එක්ක නොබීපු දාට නින්ද යන්නෙත් නෑ ..

    මම දවසක් නින්දෙන්ම ජාතික ගීය කියලා ..එදා මට මොනවාද උනේ මම තාම කල්පනා කරනවා එදා දවසේ ජාත්‍යාලය වඩවන කිසිම දෙයක් මම ඇහුවේ දැකේ නෑ ... ඒත් මම හීනෙන් ජාතික ගීය කියලා ..!

    ඕං නමෝ මාතා ! ඕං නමෝ මාතා කියාගෙන ගියාලු ...බලන්ඩ ඉතින් නේද ? නින්ද ගියාම කරන දේවල්

    ReplyDelete
  21. අඩේහ් මට හින පෙන්නේත් අඩුවෙන්..එවා මතකත් නැ උදේට ...එකට අපේ මිස් කෙනෙක් ඉන්නවා..එයාට හිනෙන් පෙන දෙවල් හරි යනවා..අනික හොද ෆිට් මිස් කෙනෙක් හන්දා උදේ පාන්දර එනවා කියෝගෙන අද මේ හිනේ දැක්කා මේක දැක්කා කියලා... එකම නොවුනත් එ අසලින්ම යන යම් දෙයක් සිදු වෙන්වමයි...එ මිස් ට කියන්නේත් මායාකාරි කියලා...

    ReplyDelete
  22. @Anonymous :
    ඒක ඉතින් හොදයි නේ ඇනෝ.

    @හිස් අහස :
    මල්ලි හීනෙන් නිදහස් උත්සවේකටවත් ගියාද මන්දා ජාතික ගීය කියලා තියෙන්නේ.මෙක නිකන් ජාතික ගීයකට වඩා ජාතික ගීයකින් මන්තරයක් කරගන්න හදපු පොඩි උත්සහයක් වගේ.

    දෙකක් දාගත්තම ගොඩක් අයට මුකුත්ම දන්නේ නැතුවම නින්ද යනවලු.

    @නිම්ශා :
    මාරම මිස් කෙනෙක් නේ. මිස් ට මායාකාරි කියන එකේ අරුමයක් නෑ.මම නම් දැකපු හීන හැබෑ වෙලා නෑ.

    මම හිතන්නේ "ජීවිතයත් එක හීනයක් සැබෑ කර ගත යුතු "

    ReplyDelete
  23. බොහෝම ඉස්සර කාලෙක මමත් හීනෙන් බිත්තියකට ඇල්ලුවා චූ පාරක් බිත්තියේ රටා මැවෙන්නම . . ටික වෙලාවකින් ඇහැරිලා ඇඳුම් කොට්ට මෙට්ට ඔක්කෝම හෝදන්න උනා . . . හීනෙන් බිත්තියට චූ කරලා චූ යන එක නම් මොකෝ . . හික්ස්

    ReplyDelete
  24. "මම් ගොඩක් ආස කලා මගේ බ්ලොග් පෝස්ට් එකක මාරයා අයියගෙන් ඒ වගේම දුකා දුමී අයියගේ කමෙන්ට් එකක් ගන්න. අන්න ඒ හීන වලින් එකක් ඉශ්ට උනා."

    අනේ බන් මළේ සමාවෙන්ට ඕනා . .
    වෙලාවකට පෝස්ට් එකක් ලියන්න කාලේ හොයා ගන්නෙත් හෙන අමාරුවෙන්.

    සමහර වෙලාවට හිතෙනවා මාසයක් විතර නොලියා අනිත් අයගේ ඒවා කියවල කොමෙන්ට් කරන්න ඕන කියල.

    ඒත් හිතේ තෙරපෙන ඒවා පිට කර ගන්න නොලියා ඉන්න එක දැන් මහා අමාරු කාරියක් නිසා අමාරුවෙන් වෙලව හදාගෙන ලියනවා.
    ගොඩක් ඒව කියවනවා වුනත් ක්මෙන්ට් කරන්න වෙලාවක් නැති වෙනවා.

    සමාවෙන්ට ඕන ඒවට . .

    ReplyDelete
  25. සමහර වෙලාවට ඔහොම දේවල් මටත් වෙලා තියනවා ....
    ඒත් ඕක වෙන්නෙ කොහොමද නිදාගෙන ඉන්දැද්දි ......
    හිතා ගන්නත් බැහැ ........

    ReplyDelete
  26. මරු වැඩනේ ඔයාට වෙලා තියෙන්නෙ.ඔයාට හීන කන්ටිනිව් වෙලා තියනවද?මටනම් කලින් දවසෙ පෙනුන එකේ ඉතිරිය අනික් දවසක පෙනිල තියනව.

    ReplyDelete
  27. @දුකා :
    ඔන්න එහෙනම් දුකා අයියත් මගේ හීන හැබෑ කරන්න උදව් උනා. ගොඩක්ම ස්තූතියි දුකා අයියේ කමෙන්ට් කරන්න ආවට ඒ වගේම අදහස් වලටත් ගොඩක්ම ස්තූතියි.

    @කල්හාර දිසානායක :
    මටත් මාරම ප්‍රශ්නයක් තමා තියෙන්නේ. හීනයත් හැබෑවත් දෙකම සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා.

    @නදී :
    මට නම් හීන කන්ටිනියු වෙලා නෑ. හීනයක් කන්ටිනියු වෙනවා කියලා කියන්නේ හරියට ප්‍රාසන්න්ංගික නාට්‍යක් බලනවා වගේ ඇතිනේ.
    මරේ මරු අක්කේ !!!!!! කන්ටිනියු හීන !!!!

    ReplyDelete
  28. හීන පෙනුනට නැගිට්ටට පස්සෙ මතක නෑනෙ..

    මීට පස්සෙ කෙල්ලො කන්න දෙන ඒවා කන්නෙ බලාගෙන..

    ReplyDelete
  29. @මාරයා : ඕක එලවගෙන යද්දි ඇහැරුනානම් මොනවා කරයිද දන්නෙ නෑ

    ReplyDelete
  30. @තාරක Dilsh@n :
    මටත් එහෙම හැමදාම හීන මතක නෑ. එහෙමත් හීනයක් තමයි මතක හිටින්නේ.

    කන්න මොනා දුන්නට හීනෙන් කෑවොත් බඩේ අමාරු හැදෙනවා. ඒකයි හීන පලාපල වල තියෙන්නේ.

    ReplyDelete
  31. අනේ මලේ අර කවුද කිව්ව වගේ කෙල්ලෙක් කැව්වොතින් ඉතින් අපේ කොල්ලො වහ හරි කයි තමයි.....

    ඔය හීන නිසා සමහර වෙලාවට මමත් හොටු පෙර පෙර අඬලා තියෙනවා. අපේ අක්කාගේ වැඩේ නම් හීනෙන් හැමෝටම බනින එක තමයි. ඒව ඉතින් අහගෙන ඉන්න ෆුල්ම ජොලි....

    සමහර වෙලාවට මට හීන පෙනිලා තියෙනවා කොටස් වශයෙන්. අර ටෙලි ඩ්‍රාමා වගේ. අද දැකපු හීනෙ නැවතිච්ච තැන ඉඳන් ආපහු හෙට බලාගන්න පුළුවං....

    ReplyDelete
  32. @දුමී :
    බොහොම ස්තූතියි දුමී අයියා කමෙන්ට් කරන්න මේ පැත්තට ආවට. කිව්වත් වගේ මගේ බ්ලොග් එකේ එකම හීනේ හැබෑ උනා දුමී අයියගේ කමෙන්ට් එකෙන්.

    ප්‍රසාංගික හීන නදී අක්කටත් පේනවලු. මට නම් එහෙම හීන පෙනිලා නෑ.අම්මෝ අක්කා එහෙම හීනෙන් බනිනවා නම් හැබැහින් කෝම බනිනවා ඇත්ද ? :)

    ReplyDelete
  33. අපේ මාරයා, ඇත්ත මාරයා ගෙන් ශේප් වෙලා තියෙන්නේ, නූලෙන්.

    ReplyDelete
  34. @Observer :
    ඒක නේන්නම්. තව පොඩ්ඩෙන් අපේ මාරයාව ඇත්ත මාරයා අරන් යන්නත් තිබ්බා.මාර වාසනාවක් තිබිලා තියෙන්නේ මාරේ අයියට

    ReplyDelete
  35. කතාව වගේම කමෙන්ට්ස් ටිකත් උපරිමයි. වැඩේ කියන්නේ කාලයක් මට කිසිම හීනයක් පේන්නේ නැතිව තිබ්බා. පස්සේ ආයි හීන පේන්න ගත්තා. ඒ දවස්වල එක දිගට එක එක හීන පේනවා. හෙණම අංජබජල් හීනත් පේන්න ගත්තා. උදේට නැගිට්ටාම ෆුල් අප්සට්. ඒවා ඇත්තට වුණු දේවල්ද හීනෙන් වුණු දේවල්ද කියලා හිතාගන්න බැරුව.

    මේ දවස්වල එහෙම විශේෂයෙන් කියලා නම් හීනයක් පෙනුණේ නැහැ :))

    ReplyDelete
  36. @Hasitha :
    එක අතකට හීන පෙනෙන්න්නේ නැති අයත් ඉන්නවා. මල්ලිත් එහෙම කෙනෙක් ද කියලා දන්නේ නෑ. මල්ලි ගොඩ කාලෙකට පස්සේ මේ පැත්තේ ඇවිත්. ගොඩක් සතුටුයි ඒකට.

    ReplyDelete
  37. මකුළු පැංචිටනම් නිදාගන්න ගිය වෙලේ ඉඳන් හීන පේනවා..දවසක් රුසියානු භාෂාව ගැන විභාගයක් තිබ්බ දවසක පාඩම් කර කර ඉඳලා නිදාගත්තම මම හීනෙන් රුසියානු භාෂාවෙන් කතා කරලා මගේ යාලුවො මට පටිගත කරලා පෙන්නුවා.හිකිස්...ඒක දැක්කමනම් මට මැරෙන්න හිනා....ඒත් ලස්සන ලස්සන හීන නම් දැක්ක දවසට පෙනුනා කියලා මතක වුණාට ගොඩක් වෙලාවට පහු වෙනිදට කෑලි කැලි තමා කතාව මතක....

    ReplyDelete
  38. මකුළු පැංචිටනම් නිදාගන්න ගිය වෙලේ ඉඳන් හීන පේනවා..දවසක් රුසියානු භාෂාව ගැන විභාගයක් තිබ්බ දවසක පාඩම් කර කර ඉඳලා නිදාගත්තම මම හීනෙන් රුසියානු භාෂාවෙන් කතා කරලා මගේ යාලුවො මට පටිගත කරලා පෙන්නුවා.හිකිස්...ඒක දැක්කමනම් මට මැරෙන්න හිනා....ඒත් ලස්සන ලස්සන හීන නම් දැක්ක දවසට පෙනුනා කියලා මතක වුණාට ගොඩක් වෙලාවට පහු වෙනිදට කෑලි කැලි තමා කතාව මතක....

    ReplyDelete
  39. @මකුළු පැංචි :
    කොහොමද රුසියන් කාරයෙක් වගේ ඉන්න ඇති. මකුළු පැංචි ඉන්නෙත් වසිලිස්සාගේ රටේ නේ.

    ReplyDelete
  40. එකම හීනෙ කොටස් වසයෙන් දැකල තියෙනවද ? මං දැකල තියෙනවා. හැබැයි ලියන්න ගියොත් යාලුවෙක් තරහවෙන හින්ද ලියන්න බැහැ.. අපේ අයියයි මායි එක ඇඳේ නිදන් හිටිය. හිටි ගමන් බලනකොට මගේ ඔලුවේ කකුල් දෙකක් වදිනවා. බැලින්නම් මිනිහ උඩ යට මාරුකරගෙන.. නැගිට්ටවල ඇහුවම කියනවා මිනිහෙක් ඇවිත් ඇඳෙන් ඇදල දැම්මලු ඊට පස්සේ නිදගත්ත කොහොමද දන්නේ නැහැලු.. ඇත්ත දන්නේ පස්සේ. කාමරේ ජනේලේ ඇරලා එලියට වතුර පාරක් දාල ඇවිත් නිදිමතේම අනිත් පැත්තට නිදාගෙන. අපි ඉතින් රෑට කරන්නෙම ඕක නිසා අපේ ජනේලේ එහාපැත්තෙ මල්ගස් හොඳට හැදුන.. ටිකක් සුවඳ නම් වැඩියි එතන..

    ReplyDelete
  41. @සරත් ලංකාප්‍රිය :
    බලාගෙන ගියාම කොටස් වශයෙන් හීන පේන ගොඩක් කට්ටිය ඉන්නවා නේ. මට නම් කවදාවත් එහෙම පෙනිලා නෑ. එක දිගට පේනවා මිසක්. පුදුම මිනිස්සුනේ අපි අතරේ ඉන්නේ. හික්ස්

    ReplyDelete
  42. මට නම් හීන ඇතුලේ තවත් හීන පෙනිලා තියෙනවා....ඒක හීනයක්නෙ කියලා ඇහැරුනාමත් ඉන්නෙ හීනයක් ඇතුලේ....

    මට එක හීනයක් ජීවිතේ තුන් පාරක් විතර එකම විදිහට පෙනිලා තියෙනවා... අවුරුදු පහකට සැරයක් වගේ..........

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.