අද දවස අපේ ගෙදර අයට නම් විෂේශ දවසක්. විෂේශත්වය තමයි අපේ අම්මගෙයි අප්පච්චිගෙයි 25වෙනි විවහා සංවත්සරය යෙදිලා තියෙන්නේ අද. 25වෙනි විවහා සංවත්සරයට රිදී ජුබිලිය කියලත් කියනවලු. මම නම් ඒක හරියටම දන්නේ නෑ. මේ දවස්වල කැම්පස් එකේ විභාගේ නිසා ගෙදර යන්න නම් උනේ නෑ. නමුත් මම අම්මට දුරකතන ඇමතුමක් අරන් සුභ පැතුවා. සුභ පතලා ඉවරවෙලා අපේ අම්මගෙන් පොඩි සම්මුඛ සාකච්චාවක් ගත්තා අවුරුදු විසි පහක් ආ ගමන් මග පිලිබද අහගන්න.
අම්මා කිව්වේ, අපේ අප්පච්චි හරි සරල සරල මනුස්සයෙක්. වැඩිය අනන් මනන් හොයන්නේ නෑ.කාටත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඔහේ ඉන්නවා. ඒවගේ මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න හරිම ලේසියි. ඔන්න ඔය ටික තමා අම්මා කිව්වේ. ඒ කතාව නම් ඇත්ත. අපේ අප්පච්චි අලුත් ඇදුමක් උනත් ගන්නේ එක්කෝ අලුත් අවුරුද්දට නැත්නම් නත්තල් කාලෙට. ඒකත් අපි බලෙන්ම වගේ අරන් දුන්නොත් තමා. එයාට ඒවා ඕනේ නති උනාට අනිවාර්යෙන්ම අපිට ඇදුම් මහලා දෙනවා. ඔයවගේ ගොඩක් දේවල් තියෙනවා අප්පච්චි ගැන කියන්න.
අපේ අම්මා කියන විදිහට අපේ අප්පච්චි අවුරුදු 16 ඉදන්ම පොහොර සංස්ථාවක වැඩ කරලා තියෙනවා.මොකද අපේ අප්පච්චි තමයි දරුවෝ හත් දෙනෙක් හිටපු එයාලගේ පවුලේ වැඩිමලා. පවුලේ අගහිගකම් පිරිමහන්න එයා අවුරුදු 16 ඉදන්ම රස්සාවක් කරලා තියෙනවා.අපේ අම්මව කසාද බදින දවස් වලත් ඔය රස්සාවමලු කරගෙන ඉදලා තියෙන්නේ.
අම්මයි අප්පච්චියි කසාද බැදලා තියෙන්නේ විවහා යෝජනාවකින්. මොකද අපේ අප්පච්චිට ඒ වෙනකනුත් කෙල්ලෙක් ගැන හිතිලා නෑ. (හරියට මට වගේ.තාම කෙල්ලෙක් ගැන හිතිලා නෑ. :)) ඒ වෙනකොට අපේ අම්මා ගාමන්ට් එකක රස්සාවක් කරනවා.ගොඩක් දවස්වල අපේ අප්පච්චි වැඩ ඇරිලා අම්මා වැඩ කරපු ගාමන්ට් එක ලගට එනවාලු අම්මව බලන්න.ඊට පස්සේ දෙන්නා කතා කර කර එනවාලු අම්මාලෑ ගෙදෙට්ට හැරෙන පාර වෙනකන්. ඒ වෙනකොට අපේ අප්පච්චිගේ දවසේ පඩිය රු. 180ක් විතර වෙච්චි හන්දා මොනවාවත් අරන් එන්න වෙන්නේ නෑලු. මොකද ඉතින් ගෙදරට කීයක් හරි දීලා අතට ඉතුරු වෙන්නේ පොඩි ගානක් හන්දා.
දෙන්නා කසාද බැන්දට පස්සෙත් අම්මා මේ ගාමන්ට් රස්සාවට ගිහින් තියෙනවා. කොටින්ම මාව ලබෙන්න ඉන්නැද්දිත් අම්මා ගාමන්ට් එකක ඇදුම් මහනවා.මල්ලිව ලැබෙන්න ඉන්න දවස්වල තමා අපේ අප්පච්චිගේ රස්සාව උනත් ස්ථිර උනේ.ඒ උනාට මං ඉස්කෝලේ තුන වසරට විතර යනකන් අම්මා රස්සාවට ගියා. අන්තිමේදි මාවයි මල්ලි ගැනයි බලන්න වෙන්නේ නැති හන්දා අම්මා රස්සාව නැවැත්තුවා.
ඊට පස්සේ අම්මයි අප්පච්චියි දෙන්නම ගොඩක් උත්සහ කලේ මටයි මල්ලිටයි හොදට උගන්වන්න. අද වෙනකොට ඒ දෙන්නගේ හීන ගොඩක් ඉශ්ට වෙලා තියෙනවා. ඒ හින්දා අවුරුදු 25ක් ගෙවෙන මේ මොහොතේ ඒ දෙන්නට තියෙන ලොකුම සතුටත් ඒකයි.
අපේ අම්මටයි අප්පච්චිටයි නිදුක් නිරෝගි සුව පතමින් මේ ලිපිය නිමා කරනවා. !!!!!

මේ ඉන්නේ අපි කට්ටිය.වම් පැත්තේ තියෙන්නේ අපේ අම්මාගෙයි අප්පච්චිගෙයි වෙඩින් ෆෝටෝ එක. දකුණු පැත්තේ ඉන්නේ මමයි මල්ලියි. උසට උසේ ඉන්නේ අපේ මලයා. නිල් පාට ශර්ට් එකක් ඇදලා ඉන්නේ මං.
දැන් මධුරංග ළමයටත් අවරුදු විස්සක් විසිතුනක් විතර ඇතිනේද?
ReplyDeleteමම සුබ පැතුවා කියන්න මල්ලි ........
ReplyDeleteඅපෙත් ආයුෂ අරගෙන තවත් චිරාත් කාලයක් ජීවත් වීමට වාසනාව ලැබේවා කියලා පතනවා ...
මොකට බය වෙන්නද අම්මටයි තාත්තාටයි එල කොල්ලො දෙන්නෙක් ඉන්නවානෙ ..... වයසට යනකොට බලා ගන්න ......
අම්මටයි තාත්තටයි මම සුභ පතනවා කියන්න හොඳේ. තව අවුරුදු 50ක්ම එකට ඉන්න ලැබේවා. ඇත්තටම විවාහ ජීවිතයක් මෙච්චර කල් අරන් එන්න කොයි තරම් නම් කැපවීම් කරන්න ඕනෙද.
ReplyDeleteමවටත් පියාටත් දීර්ඝායු ලැබේවා...!!
ReplyDelete25 වෙනි සංවත්සරයට තමයි රිදී ජුබිලිය කියන්නෙ
ReplyDeleteඔයාගෙ අම්මයි අප්පච්චියි මොන තරම් දුක් වින්දත් දැන් සතුටු වෙන්න පුලුවන්,ළමයි දෙන්නට හොදට උගන්නල හොදපාරක යැව්ව නිසා.
හැබෑට තවම කෙල්ලෙක් ගැන හිතිල නෑ?...මම් හිතන්නෙ දැන් ඒකට කාලෙ හරි කියල,මොකද ඉගන ගන්න එකත් ඉවර වේගන නෙ එන්නෙ?
අපේ අම්මටත් දැන් 62ක් වයස.ගුරු රස්සාවෙන් ගත්ත මුල්ම පඩිය රුපියල් 260ක්ද කොහෙද කීව මතකයි.ඒකාලෙ හැටියට මේකෙන් ඉතුරුත් කරන්න පුලුවන්ලු කාල බීල,ඔක්කොමත් කරල:)
අහ් කියන්න බැරිවුනා ඔයා නම් අප්පච්චි වගේ නේද?අර පින්තූරෙන් එහෙම පේනව.
ReplyDeleteඔන්න එහෙනම් මගෙනුත් සුභ පැතුම්!!!!
ReplyDeleteඇහ්??? කෙල්ලෙක් ගැන හිතිලම නෑ එතකොට.....????? :පී
අපිත් සුබ පැතුවයි කියලා කියන්න. :)
ReplyDeleteඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්.. අම්මටයි තාත්තටයි දීර්ඝායුශ ප්රාර්ථනා කරනවා..
ReplyDeleteමමත් සුභපැතුවා කියලා කියන්න ඕනෙ එහෙනම්...
ReplyDeleteඅම්මගෙයි තාත්තගෙයි රිදී ජුබිලියට වෙනුවෙන් කාට හරි කියල උඹල දෙන්න [මල්ලියි, උඹයි] පාර්සල් වෙලා ගෙදරට තැපැල් වෙයල්ලබං. ඊට වඩා තෑග්ගක් හොහේද අම්මගෙයි තාත්තගෙයි මේ අවුරුදු විසිපහේ කැපවීමට.
ReplyDeleteඒක නෙමෙයි අර මධුරංග තාම කෙල්ලෙක් ගැන එහෙම හිතල නෑ කිව්වෙ... හික් ! අපි නොදන්න මොණර තැන්න.....
අඩේ මචං.... මාත් සුභ පැතුවා කියහං. නෑ මේ පෝස්ට් එක ගෙදර කට්ටියට පෙන්නන්න. මොනා වුනත් උඹගෙත් පළවෙනි අනිවසරිය ඉක්මනට එන්න කියලා තුං හිතන්ම පතනවා.
ReplyDelete@Hishan Melanga :
ReplyDeleteනෑ නෑ. විසි හතර තමයි ලබන්න තියෙන්නේ.
@කල්හාර දිසානායක :
සුභ පැතුම් වලට ගොඩක් ස්තූතියි අයියා.
@පිණිබිඳු... :
ඒකනම් හරි ගොඩක් කැපවීමක් කරන්න ඕනේ. අවුරුදු 25ක්ම එකට ජීවත් වෙන්න නම්.
@සෝරෝ :
ReplyDeleteසුභ පැතුම් වලට ස්තූතියි සොරෝ.
"අසිපත් අත ගත් අසරුවා සොරෝ...."
@නදී :
ගෑනු ළමයි ගැන නම් හිතිලා තියෙනවා. ඒත් ඒ තරම්ම නම් හිතුනේ නෑ. යද්දි යද්දි බලමුකෝ.
ඒකනේ මම කිව්වේ මම් අප්පච්චි වගේය කියලා.....
@Maneka :
ඔයාගේ කාඩ් එකටත් ගොඩක් ස්තූතියි. අපේ අම්මා ගොඩක් ආස උනා ඔයැයි හදලා දීපු කාඩ් එකට.
මනෙකාගේ සුභ පැතුම් කාඩ් බ්ලොග් අඩ්වියට මෙතනින් රිංගන්න. ඕන කරන කාඩ් එකක් ඇනවුම් කරන්න. එම කාඩ් පත ගෙදරටම ගෙන්වා ගත හැක....
@සීතල අයියා :
ReplyDeleteකියන්නම් කියන්නම් අයියා සීතල.
@Dinesh :
සුභ පැතුම් වලට ගොඩක් ස්තූතියි දිනේෂ් අයියා.
@හරී :
හරී හරී මම කියන්නම් හරී.......... හරිත් සුභ පැතුවා කියලා. හරි නේ :)
@nawammawatha :
ReplyDeleteසුභ පැතුම් වලට ගොඩක් ස්තූතියි නවම් අයියේ. කෙල්ලෙක් ගැන නම් හිතිලා තියෙනවා. බලමු වැඩේ හරි යයි ද කියලා.
@prasanna86k :
මේ පෝස්ට් එක පෙන්වන්න නම් කොම්පියුටර් එක ගෙදර අරන් යන්න ඕනේ. තාම මම් ඉන්නේ හොස්ටල් එකේ.
මධුරංග අයියේ ඔන්න මගෙනුත් සුභ පැතුම්!!!!
ReplyDeleteඅයියගේ අම්මටයි තාත්තටයි දෙන්නාටම. තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි! ආරක්ෂාවයි !!
@හිස් අහස :
ReplyDeleteසුභ පැතුම් වලට ගොඩක් ස්තූතියි මල්ලි.
APE AMMA THATHTHAGETH WEDDING ANNIVERSARY EKA THIBBE MAY 22 E 26TH WENI EKA..:)MAATH WISH KARANAWA OYAGE PARENTSLATA,,E WAGEMA ADAMBARA WENAWA THAMUNGE DEMAPIYANGE REKIYAWAN GENA LEJJA NOWI PARASIDDIYE KIWWATA,,HODA ANAGATHAYAK THIYEY MALLITA ANIWARYAYENMA,,
ReplyDelete@GEETHI :
ReplyDeleteබොහොම ස්තූතියි. අදහස් පලකිරීමට. ඒ වගේම ඔයාලගේ දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සුව පතනවා.
මගේ සුභ පැතුමුත් පිරිනමන්න අම්මටයි අප්පච්චිටයි අමතක නොකර . .
ReplyDelete@දුකා :
ReplyDeleteබොහොම ස්තූතියි දුකා අයියා සුභ පැතුම් එකතු කලාට.
අම්මාටයි තාත්තාටත් සුභ පැතුම් එකතු කරනවා. එතකොට මේ තරුණ ගැටයාටත් ඉක්මණට පවුල් පන්සල් වෙන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා
ReplyDelete@Hasitha :
ReplyDeleteඅප්පුච්චේ......... ඉක්මනට බදින එක නම් නැතත් කමක් නෑ. :)