04 May 2011

ආදරය දුකක්ද සතුටක්ද

දවස් දෙක තුනකට උඩදි සිද්ධ වෙච්චි පුංචි සිදුවීමක් මට බ්ලොග් එකේ ලියන්නට හොද මාතෘකාවක් උනා.මේකයි සිද්ධිය. මම හවස්වරුවක (5ට විතර) තේකක් බොන්න ගිහින් එද්දි ෆෝන් එකේ මාරම මිස් කෝල් ගොඩක් තිබ්බා. ඒ වගේම මැසේජ් දෙක තුනකුත් තිබ්බා. මං ෆෝන් එක අරගෙන කාගෙන්ද මේ මිස් කෝල් ආවේ කියලා බැලුවා. දන්න නම්බර් එකකින් නම් නෙමෙයි.

මැසේජ් ටික බලන්න හදද්දිම වගේ ආයෙම අර නම්බර් එකෙන් කෝල් එකක්. මම 'හලෝ' කියලා කියන්න හදනකොටම එහා පැත්තෙන් ලපටි කටහඩකින් "හලෝ" කියලා කිව්වා.ඊට පස්සේ එයාම කිව්වා " මම සමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් " කියලා.මමත් ඉතින් මට කෝල් කරපු කාරණය මොකද්ද කියලා ඇහුවම කිව්වේ "සමන්ගේ ෆෝන් එක වැඩ නෑ. එයාට කියන්න මට (ගර්ල් ෆ්‍රෙන්ඩ් ට) කෝල් කරන්න කියලා".

මමත් ඉතින් හදිස්සියක් ද දන්නේ නෑ කියලා හිතලා වහාම මේ ආරංචිය අපේ සමන්ගේ කනේ තිබ්බා. මේකා ඒ වෙනකොට නිදාගෙන හිටියේ. ආරංචිය කිව්වා විතරයි වැලේ වනලා තිබ්බ දාඩිය ගද ෂර්ට් එක, සෙන්ට් බාල්දියක ඔබලා එහෙම්ම ඇදගෙන විනාඩි දහයක් යද්දි කාමරෙන් පිටත් උනා. සමන්ගේ කාමරේ හිටපු අනිත් එකා කිව්වේ, සමන් තුනට විතර ගෑනු ළමයා හම්බවෙලා ඇවිල්ලා මහන්සියි කියලා නිදා ගත්තා විතරයි කියලා.ඔන්න ඕකයි වර්තමාන තත්ත්වේ.

මට මතකයි මේකා ඒ කෙල්ලත් එක්ක යාලු උනේ තුන්වෙනි වසරේ ඉන්නැද්දි. එදා ඉදන් උදේ 6.30 වෙද්දි ගර්ල්ස් හොස්ටල් එකේ දොර අරින වෙලාවට ඒකා කෙල්ලව බලන්න හොස්ටල් එකට යනවා. ආයෙම 7.30 වෙද්දි ලෙක්චර්ස් යන්න හොස්ටල් එකෙන් එනවා. ඊට පස්සේ කෑම පැයට (12.00-1.00) ආයෙම කෙල්ලගේ ෆැකල්ටියට දුවලා කෙල්ලත් එක්කම දවල් කෑම කාලා 1.00ට තියෙන ලෙක්චර් එකට ෆැකල්ටියට එනවා.

ඊට පස්සේ හතරට විතර ලෙක්චර්ස් ඉවරවෙලා ආයෙම ගර්ල්ස් හොස්ටල් එකට යනවා.ඒ ගිහින් එන්නේ 7.30 ට 'ලැජ්ජ බෙල් ' එක ගැහුවටත් පස්සේ.ලැජ්ජ බෙල් එක කියලා කියන්නේ ගර්ල්ස් හොස්ටල් එකට එන කොල්ලන්ට, හොස්ටල් එකෙන් එලියට යන්න වෙලාව හරි කියලා අගවන බෙල් එක.සමන්ගේ උපන්දින දිනයටයි ඒකා යාළු වෙලා ඉන්න කෙල්ලගේ උපන්දිනයටයි කේක් ගේන්න ඕනේ සමන්මයි.

තමන්ගේ උපන්දිනයට යාලුවෙලා ඉන්න කෙල්ලට කේක් දුන්නට කමක් නෑ. ඒ උනාට කෙල්ලගේ උපන්දිනයටත් කොල්ලා ම කේක් දෙන සිරිතක් තියෙනවා යෑ. ඒ විතරක් නම් මදෑ කෙල්ලගේ රිපෝර්ට් එහෙමත් ටයිප් කරන්නේ මේකා. ඉස්සර තනියම ගෙදර ගිය කෙල්ලට දැන් තනියම ගෙදර යන්නත් බෑ. ගිහින් ඇරලන්න ඕනේ.

අපෝ මෙහෙමත් ආදරයක්. මේකගේ ආදරය දැක්කම මට නම් හිතෙන්නෙම ආදරය කියලා කියන්නේ දුකක් කියලා. කොටින්ම අදරය කියලා කියන්නේ වහල් සේවයක් වගේ නේ.

ඔයාලගේ ආදර කතාවත් මේ වගේ දුකක් ද ? නැහැ නේ !!!!!

----------------------------------------------------------
ප. ලි. - නම් ගම් මනඃකල්පිත බව සලකන්න.

19 comments:

  1. ඌට ඒක දුකක් නෙවේ වෙන්න ඇති......... එක එක්කෙනාගේ ආදරේ වෙනස්නෙ........ මගෙත් හිටියා යාළුවෙක් ඔය ජාතියම.........

    ReplyDelete
  2. හික් හික්. අපොයි මධුරංගට නම් ලව් අල වෙලා වගේ. අනේ මම නම් කියන්නෙ ලව් කරාට කමක් නෑ අවට මිනිසුන්ට වාතයක් නොවී පාඩුවේ ඉන්නවානම්.

    ReplyDelete
  3. ඊ...... මෙහෙම උනොත් වෙන වැඩ නෑ....අඩේ කෙල්ලක්ට මෙහෙම වැඩ කරල දෙනවට වඩා හොඳය් තමන් එක්ක ඉන්න එකෙක්ට කන්න ඇරන්දීලා උගේ වැඩ ටික කරල දුන්න නම්. කෙල්ල නම් මහ කැත වඩේ කරන්නේ. පව් අර අහිංසකයා :(

    ReplyDelete
  4. අපේ යුනි එකෙත් පිරිමි ළමයෙක් හිටිය කෙල්ලට ට්‍රයි කරන කාලෙ කෙල්ලගෙ පස්සෙන් කුඩේ අල්ලන් යන කෙනෙක්.ඒක හරියට අර නිළමෙගෙ පස්සෙන් කුඩේ අල්ලන් යනව වගේ.ඒත් ඒ කෙල්ල පස්සෙ කැමතිවුනේ නැ.තව හිටිය කෙල්ලගෙ බෑග් වතුර බෝතල් එහෙම අරන් ඇවිදින කෙනෙක්.අහ්...අර ඉන්ජිනේරින් ග්‍රෑෆික් කරනකාලෙ ඒ ගෑණු ලමයට අසනීප වෙලා (ස්ටඩි ලීව් එකේදි)ග්‍රැෆික් කරෙක්ශන්ස් ඔක්කොම කරේ ඒ පිරිමි ළමය,මාර අමාරුයි කොහොම කරාද දන්නෙ නැ.ඒත් ඒ මගුලත් හබක් වුනා.අනේ මන්ද?මට හිතෙන්නෙ ආදරයේ දුක සතුට දෙකම තියනව අඩුවැඩි වශයෙන්.සමහර අයට ඒ වෙනුවෙන් කොච්චර කට්ට කෑවත් ගානක් නැ.

    ReplyDelete
  5. බැන්දට පස්සෙ මොනව කරන්න වෙයිද මූට

    ReplyDelete
  6. මගෙත් ඉස්සර හිටියා ඔය වෙගේම යාළුවෙක්..ඌ අම්මා කියන දේටත් වඩා අහන්නේ කෙල්ල කියන දේ... හැබැයි දැන්නම් එහෙම නෑ කියලයි ආරන්ච්..

    ReplyDelete
  7. ඊක්කා ඊක්කා හරිම චා අෆ්ෆා !! මේ කොල්ලා නම් කොලුකමටත් හෙන ලැජ්ජාවක් කරන්නේ !! ගඳයි ආ !

    ReplyDelete
  8. දුකක් නම් අර විදිහට දුවයි ද?

    කෙල්ලට බය ද දන්නෙත් නැහැ හිහිහි

    ආදරය තියෙන්නේ දුකින් ඉන්නවත් , බයෙන් ඉන්නවත්, කරදරයෙන් ඉන්නවත් නෙමෙයි.

    සිත සතුටින් , සිතේ සැහැල්ලුවෙන් ඉන්න.

    ඒත්

    ආදරය කරන කී දෙනා ද එහෙම ඉන්නේ...

    පියඹා යනවා මා ආකාසයේ
    අවසානයි ප්‍රේමදරේ
    ගිරවෝ කොවුලෝ මිදුනා
    මා ආදරෙන්

    කියන්නේ ඒක නිසා වෙන්න ඇති....

    ReplyDelete
  9. සොයුරු සමන්, සොඳුරු සමන් වෙලා දුක් විදිනවද? හේනම් දැනට සමන් පව්!! :D

    ReplyDelete
  10. ගෑනු ළමයට ඕනෑවය වඩා පාත් වෙන්නත් හොඳ නෑ නේද ? ආදරේ හදවත පිරෙන්නම දෙනවනම් ඒ ඇති .. කෙල්ලව කරේ තියාගෙන යන්න ඕන නෑ (විතවුට් ගෝනි)

    ReplyDelete
  11. @කල්හාර දිසානායක :
    ඒක නම් එහෙම වෙන්න ඇති නේ. නැත්නම් කවුද ඔහොම වැඩ කරන්නේ.

    @පිණිබිඳු... :
    අපොයි නෑ පිණිබිදු. එහෙම වෙලා නෑ. මට මේ වගේ ආදරය කරන්න නම් බෑ.

    @බීටා :
    අනේද කියන්නේ මල්ලි. කාක්කන්ට ආප්ප අරන් දුන්නත් සැපයි.

    ReplyDelete
  12. @නදී... :
    එහෙම අය දැක්කම පව් කියලා හිතෙනවා. ඒ අය ආදරය කියලා වෙන දේකට රැවටිලා ද කොහෙද.

    @තාරා :
    මොකෝ අද මුකුත් නොකියා හිනාවෙලා විතරක්ම ඉන්නේ.

    @තාරක Dilsh@n :
    බැන්දට පස්සේ නෙමෙයි බදිනකන් හිටියොත් ඇති.

    ReplyDelete
  13. @Dinesh :
    කාලයක් ගියාම එයාටම තේරුන දවසක ඒක වෙනස් වෙයි. එතකොට ඒක ප්‍රමාද වෙලානම් තේරුනේ. පව්

    @කුක්කු පැටියා :
    අන්න දැක්කද පොඩි උනාට කුක්කු පැටියටත් වැඩේ හරි නෑ කියලා තේරිලා තියෙනවා.

    @සොඳුරු සිත :
    අන්න හරි අක්කා. කෙල්ල ගොඩක් ලස්සනයි. මේකගේ හිතේ ඇති කෙල්ල දාලා යයි කියලා. ඒක වෙන්න ඇති. ඔහොම දුවන්නේ.

    ReplyDelete
  14. @Anonymous :
    දැනට නෙමෙයි කොහොමත් පව්.

    @හිස් අහස :
    අන්න හරි මල්ලි කෙල්ලට පිරෙන්නම ආදරය කලාම ඇති. කරේ යන්න දෙන්න ඕන නෑ.

    ReplyDelete
  15. යකෝ අපිත් කොරල තියෙනව ආදරේ අම්මප මෙහෙව් එකක් නං කොරල නෑ නෙව. ඔය ආදරේමද බං හැබෑටම. ඩිංගිත්තක් හොයල බලහං මල්ලී, වෙන මොකක්හරි එකක් වෙන්නත් බැරි නෑ. ඕකට තාම අවුරුද්දක් නෑ වෙන්ඩැ. කියන්නත් හොඳ නෑ ඒත් වැඩි කලක් අල්ලල හිටින එකක් නෑ වගේ....

    ReplyDelete
  16. පොරට අවුලක් නැත්තං, බලාගෙන ඉන්න උන්ට ඇති රුදාව මොකක්ද?..

    ඕකෙ තියෙන්නේ මධුරංගයෝ සංසාර දුක..... හික්!!!!

    ReplyDelete
  17. උඹ ඕව ගනන් ගන්න එපා මධුරංගයෝ, කෙල්ලො ඔහොම තමයි. නෑ නෑ හැමෝම එහෙම නෑ. සමහර කෙල්ලො ඉන්නව කොල්ලව තමන්ට ඕන විදියට නටවන්න හදන. ඒවට අහු වුනොත් ඉතින් විනාසයි තමයි. කොල්ලො දැන ගන්න ඕන තමන්ගෙ තැන තියාගෙන ඉන්න. ආදරෙදි කැපකිරීම්, පරිත්‍යාගය කියන දේවල් තියෙන්න ඕන. එහෙම නැත්තන් එතන ආදරයක් නෑ. හැබැයි එහෙම කියල කඩේ යන්න නම් ඕන නෑ. කෙල්ලෙක් එහෙම කරන්න හදනව නම් ඒ කෙල්ල ඇත්තටම ආදරේ කරන්නෙ නෑ. ආදරයක් තියනව නම් ඒක දෙපැත්තටම එක වගේ ලැබෙන්න ඕන.

    මේ, අපි දෙයියන්ට කරපු ඉල්ලීම අයින් කරගමුද? අපිටත් මේ වගේ එකක් සෙට් වුනොත්. අම්මෝ මම නම් තනිකඩවම ඉඳල මැරිල යනව. මෙහෙම එකක් නම් එපා.

    ReplyDelete
  18. එක එක ලව් තියෙනවා. අන්තිමට ඒවා ඉලව් වෙන්නත් පුලුවන්. ඒකේ හිටපු අය බැලින්නම් රිලව්....

    ReplyDelete
  19. @nawammawatha :
    මෙහෙම ආදර කතා නම් එපා. ඒ අතින් අයියට සුදු මැණිකේ අක්කා කරන්නෙ ලස්සන ආදරයක්.

    @සනා :
    ඒක හරි ඌට අවුලක් නැත්නම් අපට ප්‍රශ්නෙකුත් නෑ. ඒ උනාට කොල්ලෙක් නේ කියලා හිතුනම දුක හිතෙනවා.

    @Kasun :
    මමත් ඔය ඉල්ලීම අයින් කරගන්නවා. මෙහෙම කෙල්ලෝ නම් එපාම එපා. අම්මෝ මට නම් ඔහොම දුක් විදින්න බෑ.

    @Hasitha :
    ඔව් මල්ලි රිලව් වෙලා නතර උනොත් ඇති. :)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.