28 December 2010

මගේ කවිය ඔබ වෙන්න...


මේ දවස් වල අපට මාරාන්තික සතිය එහෙමත් නැත්නම් Dead Week එක උදා වෙලා තියෙන්නේ . Dead Week එක කියන්නෙ විභාගයට කලින් පාඩම් කරන්න කියලා දෙන අධ්‍යයන නිවාඩුවට.මෙහේ කට්ටිය ඔය නිවාඩුවට තමයි Dead Week එක කියලා කියන්නේ. මුලු සමාසිකය පුරාම පිස්සු නටලා විභාගේ ලග උනාම තමයි රත් වෙලා පාඩම් කරන්න ගන්නේ. එතකොට මැරීගෙන පාඩම් කරනවා ඒක හින්දම වෙන්ටෑ මේ අධ්‍යයන නිවාඩුවට Dead Week එක කියලා කියන්නේ ලබන සතියේ තමයි අපට විභාගේ තියෙන්නේ. උදේ ඉදන් පාඩම් කරලා පොඩි කම්මැලිකමක් හිතුනා.

ඒ හින්දා බ්ලොග් කියවන්න කියලා ආවා.නිකමට වගේ බ්ලොග් සටහනක් දැම්මොත් හොදයි කියලා හිතුන හින්දා මොනවහරි ටයිප් කරන්න ගත්තා. ටයිප් කරන්න ගත්තට මොකද මුකුත් හිතට එන්නෙම නෑ. ඔහොම ටික වෙලාවක් කල්පනා කර කර ඉන්නකොට තමයි මතක් උනේ මං ඒ කාලේ ගැනු ළමයෙක් ට ලියපු කවි ටිකක්.


කම්පියුටර් එක පීරලා වගේ හොයා ගත්තා ඒ කවි ටයිප් කරපු වර්ඩ් ෆයිල් එක. මං කවි ටික ලිව්වට මොකෝ තාම දී ගන්න බැරි උනා. (ඒකනේ තාමත් ඔටු ජීවිතය ගත කරන්නේ ) මේකත් හරියට අපේ දනා ලියන නඟේ නුඹට නොකියු කවි වගේ එකක්. බාග දා මේ කවියත් ඒකා පොතට දාල ද දන්නෙ නෑ.

පහලින් තියෙන්නේ මම ලියපු කවි පේලි ටික. කියවලා හොද නරක සටහන් කරලම යන්නකෝ. ඒක මට ලොකු ශක්තියක්. කවි ටික මෙලෝ රහක් නැත්නම් ඒකත් සටහන් කරලා යන්න.

මගේ කවිය ඔබ වෙන්න...

අදුරු රැය බබලන්න
සිත් අහස එලි වෙන්න
මගේ සිත නැල වෙන්න
තව ටිකක් හිනහෙන්න

තොදොල් බස් තෙපලන්න
තව ටිකක් ලංවෙන්න
උනුහුමට ගුලි වෙන්න
පැතුම් මල් පුබුදින්න

සිහිනයෙන් දැක ගන්න
තව වරක් ඔබ එන්න
ආදරය පුද දෙන්න
මගේ කවිය ඔබ වෙන්න...

19 comments:

  1. මටනම් කවි සිතුවිලි නෑ මචං ..හැබැයි මට කියන්න තියෙන්නේ කවි පේලි ටික මාරම ලස්සනයි කියලා ..

    " ඔටු ජීවිතයක් " අන්න කතාව . මොල්ලි තමයි නැත්තේ ..කවුද බං උඹව ඔටුවා කරපු ඒ දක්‍ෂ කෙලිපොඩ්ඩ ..දවසක ඒගැනත් ලියන්න. මධුරංග ඔයා මට වඩා බාලද වැඩිමල්ද ?

    මම 1989 - 12 -17

    ජයවේවා !!

    ReplyDelete
  2. @හිස් අහස :
    කෙලි පොඩ්ඩ ගැන ලියන්න ඉතින් කතාවක් හදන්න තමයි වෙන්නේ. හිතේ තියෙන දේ කියා ගන්න පුලුවන් උනා නම් මං මෙලහකටත් ගොඩ. කියා ගන්න බැරුවනේ ඉන්නේ. කිව්වත් වගේ මොල්ලි විතරයි අඩු. ඒකත් ලගදිම ඒවිද මංදා. :-)

    මං ඉපදුනේ 1987 ජුනි 1 වෙනිදා. ඒ කියන්නෙ මම සදරුට වඩා වැඩිමල්.

    ReplyDelete
  3. ආඩම්බරයි උඹව අඳුරගැනීම ගැන ලොකු අයියේ ..

    ජය..

    ReplyDelete
  4. @හිස් අහස :
    මලයා ලොකු අයියේ කියලා කියන්න එපා බං. චාටර් නේ

    ReplyDelete
  5. ඔටු ජීවිතයත් නරක නෑ ..

    ReplyDelete
  6. @කැන්ඩි... :
    ඒක් නම් ඇත්ත කැන්ඩි. එහෙම හිතිච්ච වාර ගණන අනන්තයි. නමුත් ලස්සනට ජෝඩු ජෝඩු යද්දි පොඩි දුකක් නොදැනුනාම නෙමෙයි.

    ReplyDelete
  7. පාඩම් කරන අතරේ ලියන එක‍ හොඳ දෙයක්....

    පාඩම් පාඩම් ..... පාඩම් කරනු .........

    ReplyDelete
  8. @සොඳුරු සිත :
    පාඩම් කරන ගමන් ඉන්නේ අක්කා.
    අම්මෝ අක්කව දකින්නත් ආසයි. කොහෙද මෙච්චරකල් ගිහින් හිටියේ

    ReplyDelete
  9. කොහෙ යන්නද අප්පා... මුලු අවුරුද්දම තියෙන්නේ දෙසැම්බර් මාසෙ අන්තිමද කොහෙද හිහි...

    පාඩම් පාඩම් ... පාඩම් කරනු....

    ReplyDelete
  10. @සොඳුරු සිත :
    මම එහෙනම් පාඩම් කරන්න යනවා.ලගදිම සොදුරු සිත පැත්තේ මංගල සීනු නාද වෙන ලකුණු පහල වෙයි වගේ

    ඒකත් ජය සිරි මංගලම් කිව්ව ලු

    ReplyDelete
  11. එළ තවියක්නේ මලයො. එක්සෑම් එකත් ගොඩදාපන් එළටම!

    ReplyDelete
  12. අයියා "ඔටු" ජීවෙතේ ද..? "හොටු" ජීවිතේ ද..? තාම කවිය දුන්නෙ නැත්නම් හිතින් විදිනවා ඇති නේ.. ඒකයි එහෙම ඇහුවේ..(හිතින් විදින කොට කඳුළු පෙරෙනවා.. ඒ අස්සේ හෙම්බිරිස්සා ගතියකුත් එනවනේ..:):)).. හෙ..හේ.. ඒක නෙවේ.. මේ දවස් වල හැමෝම විභාග ගැන කතාව.. කොහොම වුනත් මමත් හිතන්නෙ පාඩම් කරන අතරෙ කවි ලියන එක ෂෝක් වැඩක්.. මම හිතන්නෙ ලස්සනම කවි ලියවෙන්නෙත් එතකොට.. කවිය ලස්සයි.. ඊක මොල්ලියේ ඉතුරු කරන් ඉන්නෙ නැතිව ඉක්මනටම දුන්නොත් හොඳයි..:P

    ReplyDelete
  13. @Nuwan Kumaranayake (නුවන් කුමාරනායක) :
    බොහොම ස්තුතියි අයියා සුබ පැතුවට . කොහොමහරි විභාගේ ගොඩ දාගන්න තමයි ට්‍රයි එක

    ReplyDelete
  14. @රුවන්කුමාරි :
    කවිය ලිව්වට දෙන්න වෙලාවක් ලැබුනේ නෑ. අර කිව්වත් වගේ මේ දවස්වල වැස්ස නිසා හොටු ජීවිතෙත් ටිකක් තියෙනවා. හැමදාම ඔටු බැංකුවේ ඉගෙන හන්තාන දිහා බලන් හිටපු අපට ඕක ගානක් නෑ රුවන් කුමාරි.

    ReplyDelete
  15. සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  16. @..ChAnDiKa.. :
    ඔබත් වාසනාවන්ත සුබ නව වසරක් වේවායි පතන්නෙමි

    ReplyDelete
  17. ලස්සන කවියක්නේ. ඔයාගේ බ්ලොග් එක මුල ඉදලම කියවන්නේ අද. ඒකයි මේක දකින්න පරක්කු

    ReplyDelete
  18. kaviya marama lassanai

    ReplyDelete
  19. "ආදරය පුද දෙන්න
    මගේ කවිය ඔබ වෙන්න..."
    මේක තමා මට නම් ලස්සනම.... :D

    අදයි ඔයගෙ බ්ලොග් එක කියවන්න ගත්තෙ..... හරිම ලස්සනයි කවි ටික.....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.