18 December 2010

ආදරේ කවියක් !!!!!


කලින් බ්ලොග් ලිපියක මං දනා (දමිත් ) රගපෑමෙන් දායක වෙච්ච වීඩියෝ ක්ලිප් එකක් දැම්ම නේ. මේකත් මේ දනා ගැන පොඩි කතාවක්. මේ කතාව බ්ලොග් වල දාලා ඒකා මට අල්ලගෙන ගහයි ද දන්නේ නෑ. කමක් නෑ ඕන දෙයක් වෙච්ච දෙන් කියලා ඔන්න ඔහේ ලියලා දානවා.

මං කලිනුත් පොඩි හැදින්වීමක් දුන්න නේ දනා ගැන. දනා හිතන්නේ මේ අපි ඔයගොල්ලො හිතන විදිහට වඩා ගොඩක් වෙනස් විදිහට.


මේ සිද්ධිය උනේ අපේ ෆැකල්ටි එකේ ප්‍රදර්ශනයක් තිබුන දවස්වල. ප්‍රදර්ශනයක් කිවුවම ඉතින් ආයේ අහන්න දෙයක් නෑ විස්තර කරලම කට රිද්ද ගන්න දවස් නේ. අපේ කතා නායකයත් මොකද්ද මන්දා ප්‍රදර්ශන භාන්ඩයක් ගැන විස්තර කථනයේ හිටියා.

ඊට පොඩ්ඩක් එහා පැත්තේ නංගි කෙනෙක් (ජූනියර් බැච් එකක ) තවත් මොකද්දෝ විස්තර කර කර ඉන්නවා. ඒ නංගි ලස්සනයි හැබැයි පොඩ්ඩක් විතර කලුයි (කලුම කියන්නත් බෑ තල එලලුයි) කොහොමින් කොහොමහරි අපේ දනාට නංගී ගැන ආලවන්ත හිතක් පහල වෙලා. ඕක ඒ නංගිට කියා ගන්න බැරුව ලත වෙනවා. හූල්ලනවා. ඇදේ දිගා වෙලා සිවිලිම දිහා බලාගෙන ඉන්නවා. එක විකාරයයි.



ඔහොම දවසගානේ හීල්ලුවොත් මූව ඉතුරු වෙන එකක් නෑ නේ කියලා හිතුන නිසා මං කිවුවා උබට ඕක කටින් කියන්න අමාරු නම් ලියුමක් වත් දීපන් කියලා. ඒක ඇහුවා විතරයි මූ අදෙන් නැගිටලා පොතකින් කොලයකුත් කඩාගෙන ලියුමක්... ආහ් නෑ අපි ලියුමක් ලියන්න කිවුවට මූ ලියුමක් නෙමෙයි ලියන්න ගත්තේ කවි ටිකක්.

කොහොමහරි කවි දෙක තුනක් ගලපගෙන ලියලා දෙතුන් පාරක් කියවලා හතරට නමලා පොතක් ඇතුලට දා ගත්තා. පහුවෙනිදා ආයෙත් ප්‍රදර්ශන කුටියට ගියා විස්තර කිරීම් වලට . හවස මමත් වැඩ ඉවර වෙලා කාමරේට ආවම අරූ බර කල්පනාවක.

'' මොකක්ද බං උබ ඔය හැටි කල්පනා කරන්නේ ....? '' මං ඇහුවා.

'' මුකුත් නෑ බං ...'' අරු කියපි.

''මොකද නංගි කවිය ගන්න බෑ කිවුවද ...? නැත්නම් නංගි අකමැතියි කියලා කිව්වද.... ?'' මං ආයෙත් ඇහුවා.

'' නෑ බං කවි ටික නම් නංගි ගත්තා. ''

'' එහෙනම් දැන් වැඩෙ හරි යයි නේ. '' මං කිව්වා.

'' ඔව් වැඩේ නම් ගොඩ යයි. ඒත් පොඩි පරහක් තියෙනවා බං ....''

"ඒ මොකද්ද බං ...'' මං ආයෙත් ඇහුවා.

'' මං ඒ නංගිව බැන්දාම හම්බවෙන ලමයි කලුවට ඉදියිනේ. ඒකයි මං මේ කල්පනා කරන්නේ. '' අරූ ගත් කටටම කියලා දැම්මේ නැතෑ.

මට එක පාරටම බිබී හිටපු තේ එකත් පිට උගුරේ ගියා. උගේ කතාව අහලා. මූ යාලු වෙන්නත් කලින්ම ලමයි හදන එක ගැනයි හිතලා තියෙන්නේ.

ප. ලි. - පස්සෙ දැන ගන්න ලැබුනා ඒ නංගි අපේම බැච් එකක කොල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්නවා කියලා. සීනියර් බැච් එකක අයියා කෙනෙක් දීපු හින්දලු අර කවි ලියපු කඩදාසිය ගත්තේ (බයට ). අර කවි ලියලා දිපු කවි කොලය එදා දවල් නංගි කෑම කාලා අත පිහින්න ගත්තා කියලා ආරංචි උනා.


7 comments:

  1. මුහුද හත් ගවුවක් තියා ...යාළුවා වැඩ පටන් අරං තියෙන්නේ නේද .?

    පොරට එපා වෙන්ඩ එති නේද ?

    ජයවේවා !!

    ReplyDelete
  2. ඔහොම කියද්දී මට මතක් වුනේ ළඟදි බදින්න ඉන්න මම අඳුරන අයියා කෙනෙක් කිව්ව කතාවක්. එයාත් කෙල්ලෙක් එක්ක යාළුවෙලා අවුරුදු 10 ක් විතර සම්බන්දේ අරන් ගිහින් දැන් එයාව බදින්න යන්නේ. ඒත් දැන් ඉස්සර වගේ දෙන්නා හොඳත් නැහැලු. ඒ ගමන්ම කේන්දරේ අවුල් ලු.

    මෑන් මට කිව්වා මල්ලී කෙල්ලෙක් එක්ක යාළු වෙන්න කලින් අනිවා කේන්දරේ බලපන් නැත්තම් වැඩ ඔක්කොම අවුල් කියලා

    ReplyDelete
  3. මොන කේන්දරද යාළුවා...ඒක නම් මං පිළිගන්නෙ නෑ..අවබෝධය විතරමයි ඕනි..ඒත් එක්කම හොද ආදරයක් තියෙනව නම්..ජීවිතේ මල්..

    මේ යාළුවා නම් මට පේන‍්නෙ කවදහරි දවසක හම්බ වෙන්න ඉන්න බබාලා රස්සාවල් වලට යවලා එයාලගෙ සල්ලි වලින් කාවි කියලායි..

    ReplyDelete
  4. කේන්දරේට වහල් වෙන එක මාත් අනුමත කරන්නේ නැහැ. මේක කතාවට කියපු එකක් විතරයි :))

    ReplyDelete
  5. @හිස් අහස :
    අපෝ එහෙම වැඩ නම් අනන්තවත් කරනවා . ඒ උනාට අයියා ඒක මිනිහට ගානක්වත් නෑ. ඔන්න ආයෙත් තව එක්කෙනෙක් පස්සේ වැටිලා ඉන්නේ.

    ආහ් හිස් අහස ලියන චූටි සර් මගේ බ්ලොග් එක කරලා. ගොඩක් ස්තුතියි චූටි සර් !!!

    ReplyDelete
  6. @Hasitha :
    මමත් හිතන්නේ නෑ. කේන්දර ගැලපීම අවශ්‍යයි කියලා. දෙන්නට දෙන්නා ආදරේ නම් අදහස් ගැලපෙනවා නම් අවබෝධයක් තියෙනවා නම් එච්චරයි නේ ඕනේ !!!

    @තරු අහස :
    අපොයි ඔව්. එහෙමට එකා. එහෙමත් හිතාගෙන ඇති මයේ හිතේ.

    මං කලිනුත් කිව්වා වගේ ඒකා හිතන්නේ ටිකක් අමුතු විදිහට

    ReplyDelete
  7. හෙහ්... හෙහ්.. හෙහ්..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.