25 October 2010

Proxy Server එක කියන්නේ මොකද්ද ???

අද නෙට්වර්ක් පාඩමෙන් කියල දෙන්නේ කොහොමද Proxy Server එකක් වැඩ කරන්නේ කියලා. ඔය සමහර සමාගම් වල විශ්ව විද්යාල වල එහෙම Proxy server එකක් දකින්න පුලුවන්. මුලින්ම බලමු මොකද්ද Server එකක් කියන්නේ කියලා.

Server එකක් කියන්නේ යම්කිසි පරිගනක ජාලයක මධ්යයගත පරිගනකයකට. Server එකකට මෙහෙමයි කියලා නිර්වචනයක් දෙන්න අමාරුයි. මං ඒකට උදාහරනයක් දෙන්නම්. අපි හිතමු අපි මොකක්හරි වෙබ් පිටුවක නමක් Web Browser එකේ Address බාර් එකේ ටයිප් කරල Enter බට්න් එක ක්ලික් කලා කියලා. ඊට පස්සේ අපේ Request එක දත්ත පැකැට්ටුවක් (Data Packet) විදිහට යනවානේ.


එහෙම යන දත්ත ටික යන්නේ අර ටයිප් කරපු Address එක අදාල කම්පියුටර් එකට. අන්න ඒකට තමයි Server එකක් කියලා කියන්නේ. හරි දැන් අපි Proxy Server එකට එමු. අන්න ඒ විදිහමයි එකත්. Proxy server ඒකත් අපි සම්බන්ධ පරිගනක ජාලයේ මධ්යගත පරිගනකයක්.

අපි හිතමු අපි මොකක් හරි Web Address එකක් ටයිප් කරලා Enter බට්න් එක ක්ලික් කරා කියලා. එතකොට අපේ Request එක මුලින්ම Proxy Server එක කියන කම්පියුටර් එකට යනවා. එකෙන් පරික්ෂා කරලා බලනවා අපි ඉල්ලපු Request එක වලංගු එකක් ද කියලා. Proxy Server එක මුලින්ම කරන්නේ ඉල්ලන ලද Request එක , Cache එකේ තියෙන එකක් ද කියලා බලන එකයි .එහෙම Cache එකේ තියෙන එකක් නම් කෙලින්ම Cache එකෙන් අරන් අපේ කම්පියුටර් එකට ලබා දෙනවා.

හරි අපි මෙහෙම හිතමු. Cache එකේ නැති Request එකක් Proxy Server එකට ආවා කියලා. ඊට පස්සේ Proxy Server එක පරික්ෂා කරනවා ලබා දිය නොහැකි Request අතරේ අපි ඉල්ලපු Request එක තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් ඒ ඉල්ලීම අපට ලබා දිය නොහැක කියලා පනිවිඩයක් ලබා දෙනවා.

හරි අපි මෙහෙමත් හිතමු. Cache එකෙත් නැති Ban කරලත් නැති Request එකක් ආවා කියලා. එතකොට Proxy Server එක කරන්නේ අපි ඉල්ලපු Request එකට අදාල සර්වර් එකට ගිහින් ඊට අදාල දත්ත ටික අරගෙන අපිට ලබා දෙන එකයි. එහෙම අරගෙන එද්දි ඒ දත්ත ටිකෙන් කොපියක් තමන්ගේ Cache එකේ තියා ගන්නවා මතුවට ප්රයෝජනයට ගන්න කියලා.

ඔන්න ඕකයි Proxy Server එකෙන් කරන කාර්ය සරලව කියනවනම්. . නමුත් මේ Proxy Server එක බයිපාස් කරන්න පුලුවන් වෙබ් අඩවිත් තියෙනවා. අපේ විශ්ව විද්යාලෙත් තියෙනවා Cache.pdn.ac.lk කියලා Proxy Server එකක්

3 comments:

  1. best oya engineer kenek unata kunu harupane liyala tiyenne wedipura eee kiwweee technology articles nethi tharamneee.
    we are http://itpariganaka.blogspot.com

    ReplyDelete
  2. @Netmoney Group :
    ටෙක්නිකල් සයිඩ් එකේ එවා ලියලා වැඩක් නෑ. කාලයක් ඔහොම බ්ලොග් එකක් ලිව්ව. එක Delete කරලා දම්මා. ඕ කේ ඔයාලා එහෙනම් ටෙක් දේවල් ලියන්නකෝ. මං ෆන් දේවල් මිසක් ටෙක් ලියන්නේ නෑ කියලා හිතුනා

    ReplyDelete
  3. හැමනිතරම ටෙක්නිකල් ඒවා ඕන නෑ. මොකද ඉන්ජිනේරැවෙක් ළග කිසිම දවසක නෑ බොරු දේවල්. මධුරංග අයියා ලියන්නේ එයාගේ හිතට එන දේවල් විතරයි. ටෙක්නිකල් සයිට් ඕන තරම් තියෙනවා.ඒත් මේ වගේ ෆන් දේවල් තියෙන සයිට් අඩුයි. හැමෝම ලියන පලියට ටෙක්නිකල් ඒවා ලියන්න ඕන නෑ.මම ටෙක්නිකල් සයිඩ් එකට තමයි කැමති.ඒත් ඔය බොරු සෝබන වැඩ වැඩියෙ ඕන නෑ. මමත් තව අවුරුදු 3 කින් විතර කොහේ හරි ඉංජිනේරු පීඨයක ඉදීවි මධුරංග අයියා වගේ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.