21 October 2010

රුචිරා ණනේ අහන්න. එකපාර මා මරන්න.

මේක මං පොඩිකාලෙ උන සිද්ධි යක් ඒ උනාට මේ කතාව මට අද ඊයේ උනා වගේ මතකයි. ඔය කාලයක් තිබ්බනේ මල් සිංදු වැස්සක් වගේ ආපු කාලයක්. ඒ වගේ තමයි ප්‍රසිද්ධ ස්ථාන ගැනත් සිංදු කියපු කාලයක් . එහෙම ගායකයෙකුගේ සිංදුවක් තිබ්බා නේ '' පොඩිකාලේ මරද වැල්ලේ... '' කියලා.

අපේ තාත්තා දවසක් වැඩ ඇරිලා ගෙදර ඇවිත් තේ එකක් හදාගෙන (තේ එක හැදුවේ එයා නෙමෙයි හැදුවේ අම්මා ) පුටුවේ දිග ඇදුනා. මමත් කොහේ හරි ඉදන් රුචිරානනේ අහන්න එක පාර මා මරන්න කියලා කියාගෙන ආවා. (අර සිංදුවේ කෑල්ලක් )


අපේ තාත්තට ඕක ඇහිලා යස්සයා ආරුඩ උනා. '' යකෝ උබලව අපි හැදුවේ මරන්නද ? '' කියල අහලා මට හොදවයින් පාරක් දුන්නේ නැතෑ. සීන් එක මේකයි. අපේ තාත්තා දන්නේ නෑ ඒක සිංදුවක කෑල්ලක් කියලා

ඔයවගේ තව සිද්ධියක් මට මේකත් එක්ක මතක් වෙනවා. මේකත් ගීයක කොටසක් ගැන. දවසක් හැන්දෑවේ වැඩ ඇරිලා තාත්තා ගෙදර ඇවිත් සුපුරුදු පරිදී තේ එකත් අතේ තියාගෙන අම්මත් එක්ක බර කතාවක්. මොකද්ද මාතෘකාව? සිංදුවක් ගැන.

'' ඒ යි බලන්නකෝ අද කාලේ සිංදු කිසි කමකට නහැනේ. '' තාත්තා කියනවා.
''මොකද ඔයා එහෙම කියන්නේ ? '' කියලා අම්මත් ඇහුවා.
'' නෑ මේ මන් එද්දි සිංදුවක් ඇහුවා. ඒකෙ කියන්නේ ඉමිටේශන් මාල පොටේ පාත ගෑනූ නාන වෙලේ... '' කියලා.

කොහොමහරි මමත් ඔය සිද්ධිය අහගෙන හිටියේ. මට ඕක ඇහුන ගමන් බකස් ගාලා හිනා ගියා. සිංදුව මේකයි . ඉමිටේශන් මාල පොටේ පාත ගෑනු නාන වෙලේ නෙමෙයි. පාට ගෑවුනාම ගෙලේ.
වැඩේ කියන්නේ අපේ තත්තා කලබලේට අහගෙන තියෙන්නේ වැරදි විදිහට.

ඒක ලස්සන සිංදුවක්.

" ඉමිටේශන් මාල පොටේ පාට ගෑවුනාම ගෙලේ
සදක් වගේ පායා එන සිනහව මනරම්...
හදවත් සිප ගන්න සුවද සැබෑ රත්තරන්..... "

2 comments:

  1. Why did I spend time on this???

    ReplyDelete
  2. හිකිස්,.. මරු කථාව අයියේ,.. :)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.