01 January 2026

සුබ නව වසරක් වේවා !

 2025 අවුරුද්දත් ගෙවිලා ගිහින් 2026 අවුරුද්දත් උදාවෙලා තියෙන්නේ. ඔයාලා අළුත් අවුරුද්දේ ප්ලෑන් එහෙම සෑහෙන්න හදාගෙන ඇති නෙව. සමහර අය නම් නිව් ඉයර් රෙසලූෂන් කියලා පොතක එහෙම ලියාගෙන ඉන්නවා ඇති.  

එහෙම රෙසලූෂන් තියෙන අයගෙයි, බලාපොරොත්තු තියාගෙන ඉන්න අයගෙයි බලාපොරොත්තු ඉටු වෙන්ඩ කියලා පතනවා මම.

25 December 2025

සුබ නත්තලක් වේවා !

ලක් වැසි සියළුම කිතුණු බැතිමතුන්ට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා. !!!

02 December 2025

Pray for Sri Lanka

 


14 November 2025

මළවුන්ගේ මාසය

 කිතුණු බැතිමතුන්ගේ ආගමික දින දර්ශනයේ නොවැම්බර් මාසය වෙන් වී ඇත්තේ මළා වූ අය සිහිපත් කිරීම වෙනුවෙනි. ඒ සඳහා ඔවුන් පෙර සූදානම් වීමක් වශයෙන් කනත්ත සුද්ධ පවිත්‍ර කිරීම සිදු කරයි. තම තමන්ගේ මිය ගියාවූ ඥාතීන්ගේ මිනී වලවල් සුද්ධ කර සුදු වැලි අතුරා මල් වැවීමද සිදු කරයි.

වසර පුරාම අමතකව ගිය කනත්ත දෙස බැලෙන්නේ මේ මාසයේදි ය.

26 October 2025

කළුතරට පෙනෙන සමනොළ ගිර

 එදා අහස ඉතාමත් පැහැදිලි දවසකි.

එදින මා කළු පාළම පසුකර කළුතර නගරයට ඇතුළු වෙමින් සිටියෙමි. පානදුර දෙස සිට කළුතරට ඇතුළු වන්නේ නම් පාළම් දෙක පසු කර බෝධියද පසු කළ යුතු ය. සතියේ සෑම දිනකම කළුතර පාලම් මතින් බෝධිය දෙසට ගමන් කරන සැහැදැවතුන්ගෙන් අඩුවක් සිදු නොවේ. එදින ද එසේම ය.

මල් අතින් ගත් පිරිසක් පාලමෙන් බෝධිය දෙසට ගමන් කරන අතර තවත් පිරිසක් පාළම මත සිට ඈත කළු ගඟ දෙස බලා සිටී.

මාද ඒ දෙස බැළීය. ඈත වළාකුළු අතරින් කන්දක සේයාවක් පෙනේ. සැබවින්ම එය සමනල කන්ද විය යුතු ය. බොහෝ දෙනෙක් සිතූ හ. මාද සේම සිතුවේ ඒ කන්දේ හැඩය ද සමනළ කන්දේ හැඩයට සමීප වූ නිසා ය.