25 January 2023

වැටුපට බද්දක්

 කලින් මාස වල මෙන් නොව මේ මස පඩි පැකැට්ටුව අතට ගන්නා විට දෙකොපුල් රූරා කඳුළු කැට වැටෙන්නට පටන් ගන්නට විය. එය සතුටු කඳුළු ද දුකට වැටෙනා කඳුළු ද කියා සිතා ගන්නටවත් නොහැකි සිදුවිලි දාමයකින් සිත පිරී ඇත.

දුකට හේතු වන්නේ අපේ පඩි පැකැට්ටුවේ බර සැහැල්ලු වී අප තව තවත් නරා වලට වැටෙන්නට සිදු වීමයි. බැංකු ණය, වාහන ලීසිං, ජල විදුලි දුරකතන බිල්පත් ගාස්තු මේ ආදී එකී මෙකී නොකී සියළු වියදම් දැරීමට සිදුවන්නේ මේ හෑල්ලු වූ පඩි පැකැට්ටුවෙන් යැයි සිතෙන විට වාවාගත නොහැකි ය.

එහෙත් අපේ පඩියෙන් අඩුවූ කොටසින් තවත් කොටසකගේ කුස පිරෙන බවත් සිහිවන විට සතුටු කඳුලක් ද උපදී. අහෝ හිඟන 225 ! අපි තොපේ කුස පිරවූ වගයි !


පඩි පැකැට්ටුවේ වෙනදා තිබූ බර බොහෝ සෙයින් හෑල්ලු වී තිබුණි. එසේ වීමට හේතු භූත වූයේ මේ දිනවල වත්මන් රජයෙන් පනවා තිබූ අති ශෝචනීය බද්ද පැනැවී තිබීමයි.

වෙන රටවල නම් බදු පනවීම් අරුමයක් නොවේ. නමුත් ඒ රටවල පනවන ලද බදු මුදලින් රටේ ජනයාට පෙරලා ප්‍රතිලාභ ද ලැබෙන්නේ ය. මහාමාර්ග සැදෙන්නේ ය. සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු වන්නේ ය. වයෝවෘද්ධ අයවලුන්ට රැකවරණය සැදෙන්නේ ය. මේ ආකාරයෙන් නොයේකුත් ප්‍රතිලාභ රටේ පුරවැසියන්ට ලැබෙන්නේ ය.

නමුත් අපේ රටේ වන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. මේ බදු මුදල් සේරම යන්නේ එක් පන්තියකට සැප විඳීමට ය.

ඔවුන්ගේ සුඛ විහරණය සඳහා රටේ සියළුම ජනයා පාහේ බදු ගෙවිය යුතු ය. මහජනතාවට ලැබෙන කිසිඳු ප්‍රතිලාභයක් නැත්තේ ය. වෙනදා තිබූ අබලන් මහා මාර්ග වල සිරවූ පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කර මාසයක් රැකියා කර ලැබෙන පඩියෙනුත් කොටසක් රජයට දීමට සිදු වී ඇත.

මේ බද්දට අමතරව රටේ බඩු මිල ද අහසට උස ගිහින් ය. රෝහල් වල බෙහෙත් වර්ග ද හිඟ ය.

නමුත් රටක් ලෙස ජාතික නිදහස් දිනය සමරන්නට ලොකු වියදමක් දරන්නට රජය සූදානම් වී ඇත.

මෙය අපේ කරුමය ලෙස හිත හදා ගත යුතු නොවේ. ඔබ අප මීලඟ වතාවේදීවත් බුද්ධියෙන් සිතා ඔබේ වටිනා ඡන්දය භාවිතා කරන්නට ඉටා ගත යුතු ය.




5 comments:

  1. ඔබට ගෙවන්න සිදු වු මුදල කොච්චර විතර වෙනවද? රුපියල් පනස් දහසක් වත්?

    ReplyDelete
  2. 'මේ බදු මුදල් සේරම යන්නේ එක් පන්තියකට සැප විඳීමට ය.'

    රාජ්‍ය බදු මුදලෙන් 86 % ක් යන්නේ රාජ්‍ය සේවක/ විශ්‍රාමික පඩි නඩි වලට්.

    ජනාධිපති, අගමැති, ඇමති සහ කාර්යමණ්ඩලය, පාර්ලි‌‌මේන්තුව නඩත්තුවට යන්නේ 0.4 % යි.

    ReplyDelete
    Replies
    1. ෂ් ෂ් ..
      කට කට ...
      ඔවා එහෙම කියන්න එපා.
      ආතල් කැඩෙනවා

      Delete
  3. Replies
    1. අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කරන ආයතන අතර මුල්ම ස්ථානයක ඉන්න ආරක්ෂක අමාත්‍යංශය එම මුදලින් බහුතරයක් වැය කරන්නේ සාමාජිකයන්ගේ පඩි ගෙවීමටය.

      අවි ආයුධ ඇතුළු අනෙකුත් දෑ සදහා වැය කිරීමට ඉතිරි වන්නේ 10% කටත් අඩු මුදලකි.

      ආරක්ෂක අංශ සාමාජිකයන් 60,000 ක්‌ ක්‍රමානුකුලව ඉවත් කිරීමට රජය සැරසෙන්නේ එබැවිනි. එනමුත් ඔවුනටද විශ්‍රාම පරිතොෂක ගෙවිය යුතුය.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.