18 April 2020

ඇල්ල ගමන - 3 කොටස (අවසානය)

ඇල්ලට තවත් දවසක් උදා උනා. අපිට වාගේ නෙමෙයි. හතරවටින්ම මීදුම ගලාපු හරි අපූරු දවසක් තමයි උදා උනේ.

අපි කට්ටියම උදේ තේක වත් නොබී අදත් උදෙන්ම හෝටලයෙන් පිටත් උනා. අද අපේ ගමනාන්තය උනේ ඇල්ල රොක් එක. ඒකට යන්න නම් කිතල් ඇල්ල දුම්රිය නැවතුම පහු කරගෙන කොළඹ දෙසට ටික දුරක් රේල් පාරේ යන්ඩ ඕන. එතැන ඉදලා කාගෙන් හරි අහගෙන තමයි ඇල්ල රොක් යන්ඩ වෙන්නේ.
කිතල් ඇල්ල කියන්නේ පොඩි ස්ටේශමක් නිසාද මන්දා එච්චර සෙනගක් දකින්න හම්බ උනේ නෑ.


මොකද අපි කවුරුවත් මීට කලින් ඇල්ල රොක් ගිහින් නෑ. නොදන්න ගම් පලාතක නොදන්න තැනක් හොයාගෙන නාදුනන කෙනෙක්ගෙන් පාර අහගෙන යන හරි අපූරු ගමනක් වේවි ඒක.

කලින් දා වැහැපු නිසාමද මන්දා රේල් පාරට මඩ එකතු වෙලා. කළුතෙල් ගෑවුනු සිල්පර කොටන් වල තිබ්බ වතුර බිංදු හන්දා සිල්පර කොටන් උඩ තියන අපේ අඩිය ලිස්සන්ඩ බලනවා.

ඒ නිසා බොහෝම පරිස්සමට තමයි සිල්පර කොටෙන් කොටේට අඩිය තියලා ඉස්සරහට යන්ඩ ඕන.

කිතල් ඇල්ල පහු වෙනවත් එක්කම වගේ අපිට වම් පැත්තෙන් කිතල් ඇල්ල දකින්ඩ හම්බ උනා. කලින් දා වැහැපු වැස්ස නිසා කිතල් ඇල්ලත් බොහෝම සාරේට කඩා හැලෙනවා. හරි අපූරු දර්ශනයක්.  කිතල් ඇල්ල පින්තූරයක් ගන්ඩ මතක තිබුනේ නෑ.

ඔන්න යාන්තන් අපේ එකෙක් ළඟ කිතල් ඇල්ලේ පින්තූරයක් තිබුනා. (මෙහෙම හරි පින්තූරයක් ගත්තු නාමල් ට ස්තූතියි )

අපි කොහොමින් කොහොමහරි පැයක් ඇතුලත ඇල්ල රොක් එක පාමුලට ආවා.



එතැන ඉදලා තියෙන්නේ සීඝ්‍ර නැග්මක්. ලොකු අමාරුවක් නම් නෑ. අපි ටිකෙන් ටික ඇල්ල රොක් එක මුදුනට ආවා. එතන වන ජීවි එකෙන් ගහපු ලස්සන කොටේජ් එකකුත් තියෙනවා. ඒකේ නවතින්න එනවා නම් කලින් වෙන් කරගෙන එන්ඩ ඕන.

අපි ඇල්ල රොක් එකට උදෙම්ම ආපු නිසා එච්චර සෙනගක් උන්නේ නෑ.

ඇල්ල රොක් එකට ලස්සන භූමි දර්ශනයක් පෙනෙනවා. මීදුම පහව ගිහින් හන්දා ඈතට වෙනකන් ම ලස්සනට පේනවා. අපි ඇල්ල රොක් එක මුදුනේ පැයක් විතර ඉදලා ආපහු හෝටලයට ආවා.


ඊට පස්සේ සුපුරුදු පරිදි උදේ කෑම කාලා. උදේ 11ට විතර හෝටලයෙන් පිටත් උනා.ඔන්න ඔහොමයි අපේ දස් දෙකේ ඇල්ල චාරිකාව නිමා උනේ.

ජීවිතයට හරි අපූරු මතක ගොන්නක් ඉතුරු කරගෙන අපි ඇල්ලට සමු දුන්නා.

4 comments:

  1. යන්න ආසම තැන්වලින් එකක් ඇල්ල. අවුරුදු හත අටකට කලින් ඇල්ලේ දවස් කීපයක් ගත කරපු මතකයක් අලුත් වුණා. කොරෝනා කාලේ ඉවර වුණායින් පස්සේ ආයේ ඇවිදිල්ල පටන් ගන්න උත්තේජන සපයනවාට ස්තූතියි!

    ReplyDelete
  2. ආ අයියේ .. කොහොමෙයි ඉතින්

    ReplyDelete
  3. නියමයි අයියේ දිගටම කරගෙන යන්න ❤️

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.