23 August 2012

හා හොඳයි හොඳයි

අපට මේ දවස්වල පෑ තුනකට වඩා වැඩි කරන්ට් කැපිල්ලක් තියෙනවා. කරන‍්ට් කපපු ගමන් යූ. පි. එස්. එකෙන් විනාඩි තිහක් විතර අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ ඒකත් පන ඇදලා මැරිලා යනවා.

ඉතින් යූ.පී.එස් එකත් මලහම කරන්ඩ කිසිම වැඩක් නැති නිසා ඔහේ කියව කියව ඉන්නවා.

අපේ වැඩපොලේ ඉන්නවා ලංකාවට කම්පියුටර් ආපුම කාලේ ඉදන් වැඩ කරපු මනුස්සයෙක්.ඒ මනුසයා කියන විදිහට කම්පියුටර් ආපුම කාලේ කියන්නේ ඩොස් වල වැඩ කරන කාලේ ලූ .ඒ මනුස්සයා මුලින්ම වැඩ කරලා තියෙන්නේ ඩොස් වල ලූ (අර කළුපාට ස්ක්‍රීන් එක).

පස්සේ පස්සෙලූ වින්ඩෝස් වගේ ඔපරේටින් සිස්ටම් ආවේ.ඒ දවස්වල කම්පියුටර් ගැන කතා කරන්ඩ ඕනැන්නේ නෑනේ.. පෙන්ටියම් I,II වගේ කම්පියුටර් නේ තිබිලා තියෙන්නේ. අන්තර්ජාල පහසුකම ගැනත් කියන්ඩ ඕනැන්නේ නෑනේ.. 56K වගේ හයි ස්පීඩ් කනෙක්ශන් තමයි ලූ තිබිලා තියෙන්නේ.

ඉතින් මේ මනුස්සයා කලින් වැඩ කරපු තැන තරුණ පහේ හාදයෙක් ඉඳලා තියෙනවා කුමාර කියලා (හරිම නම මතක නෑ..)

දවසක් මේ කුමාරට යාළුවෙක්ගෙන් වැල සීඩී එකක් ලැබිලා. මූ සීඩී එකත් බෑග් එකට දාගෙන වැඩකරන තැනට ඇවිල්ලා. සීඩි එක බෑග් එකේ තිබ්බට මොකද ඒකේ මොනවද තියෙන්නේ කියලා දැනගන්නකන් මූට ඉන්ඩම බෑලූ.

ඉන්ඩම බැරි තැන මූ කරලා තියෙන්නේ බොසා එළියට ගියපු ගමන්  සීඩි එක එලියට අරගෙන ඒක කොම්පීතරේට දාලා බලාගෙන ඉන්නවලූ.  කවුරුහරි එයි කියන බයට මූ ෆුල් ස්ක්‍රීන් නොදා හිටියලූ.

වීඩියෝ එකත් නැගලා යනවලූ. කෙල්ලයි කොල්ලයි ඇවිත් වැඩේට එන්ටර් වෙලා ටික වෙලාවකින් කෙල්ල ඇඳුම් ගලවන්ඩ පටන් ගත්තලූ. කෙල්ලට හැට්ටේ විතරයිලූ ගලවන්ඩ ලැබුනේ එකපාරටම එලියට ගියපු බොසා තකහනියෙම කුමාර ගාවට ආවලූ මොකද්ද වැඩකට !

කුමාරට කර කියා ගන්ඩ දෙයක් නැති උනාලූ. හදිස්සියට ප්ලේයර් එක ක්ලෝස් කලාට ක්ලෝස් නොවී ෆුල් ස්ක්‍රීන් මොඩ් එකෙන් වීඩියෝ එක ප්ලේ උනාලූ ! ඊට පස්සේ කී බෝඩ් එකේ දන්න දන්න කී ඔක්කොම ඔබපු හන්දා වීඩියෝ එකත් ස්ට්‍රක් වෙලා ලූ !

 වැඩේ කියන්නේ කෙල්ලගේ පපු ප්‍රදේශය මුළු ස්ක්‍රීන් එක පුරා තියෙන විදිහටලූ වීඩියෝ එකත් නැවතිලා තියෙන්නේ !

මූට කර කියා ගන්ඩ දෙයක් නැති වෙච්ච තැන අත් දෙකෙන් කෙල්ලගේ අහවල් මෙවුවා කවර් කරගෙනම "හරි හරි සර් ! මං එන්නං" කියලා කිව්වලූ.

මොනිටරේ පැත්තක් අත් දෙකෙන් වහගෙන හිටපු කුමාරව දැකපු බොසාත් "හා හොඳයි හොඳයි කරගෙන යන්ඩකෝ !" කියලා කට කොනකින් හිනා වෙලා යන්ඩ ගියා ලූ.
--------------------------------------------------------------------
ප.ලි. - මේ දවස්වල දිගට හරහට පාඩම් කරන නිසා ග්‍රීක කතා කියවන්ඩ උනේ නෑ..

36 දෙනෙක් අදහස් පලකලා .:

Podi Kumarihami said...

//ප.ලි. - මේ දවස්වල දිගට හරහට පාඩම් කරන නිසා ග්‍රීක කතා කියවන්ඩ උනේ නෑ.. //

මම හිතුවේ පාඩම් කරලා ඉවරයි කියලා.
ගෙදර හිටියේ නැති හන්දා ඔයාගේ මෙඩූසා මිස් උනා.:(

රාජ් said...

හෙහ් හෙහ්.... මටත් වෙලා තියනව ඔයවගේ අලකලංචි. හැබැයි චාටර් නොවී බේරුනා.

දිනුක said...

මගේ මිත්‍රයෙක්ටත් ඕකම වෙලා තිබ්බා.මිනිමයිස් කරන එක උඩ කර්සර් එක තියාගෙන බල බල ඉඳලා අම්මා එනකොට කලබලේට මැක්ස්මයිස් වෙලා....

රූ.... said...

ඔෆිස් වෙලාවෙදි නම් ඕවා කරන එක වැරදියි මලේ..!!

Mee Godayaa said...

හුගක් අයට වෙන වැඩක් ඕක..

අඩවි රජ said...

පව් බං මිනිහා... :-)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

prasanna86k said...

ඈහ්... ඒ දවස් වලත් වැල සී.ඩී වල තිබිලද.... අපිනම් පටන් ගත්තේ පත්තර යුගයෙන්... ඊට පස්සේ VHS, පස්සේ තමා CD, දැන් ඉතිං online.

සරත් ලංකාප්‍රිය said...

වැල සීඩී විතරද ? වරකා සීඩී නැද්ද ?

හරී said...

මොනාද පාඩම් කරන්නෙ?

amila chathuranga said...

හනී හරි සොක් කතාවක්...

මඩිස්සලේ නිශාන් said...

මධුරංග අයියට වෙච්ච වැඩක්ලුනේ.
මම නම් ඩොස් ගැන දන්නේ නැහැ

Hasitha said...

පාඩම තම සිත
…නිතර යොමු කරනා අය
…ගනී හොඳ ප්‍රතිඵල
…ඔවුන් නිතරම යන්නේ ඉහළට

Kathandara Karaya said...

/* අපේ වැඩපොලේ ඉන්නවා ලංකාවට කම්පියුටර් ආපුම කාලේ ඉදන් වැඩ කරපු මනුස්සයෙක්.ආපුම කාලේ කියන්නේ ඩොස් වල වැඩ කරන කාලේ. ඒ මනුස්සයා කියන විදිහට මුලින්ම වැඩ කරලා තියෙන්නේ ඩොස් වල ලූ (අර කළුපාට ස්ක්‍රීන් එක).

ඒ දවස්වල කම්පියුටර් ගැන කතා කරන්ඩ ඕනැන්නේ නෑනේ.. පෙන්ටියම් I,II වගේ කම්පියුටර් නේ තිබිලා තියෙන්නේ. අන්තර්ජාල පහසුකම ගැනත් කියන්ඩ ඕනැන්නේ නෑනේ.. 56K වගේ හයි ස්පීඩ් කනෙක්ශන් තමයි ලූ තිබිලා තියෙන්නේ.
*/

කාලවකවානු සමග විස්තර ගැලපීම වැරදියි. යලි සොයා බලන්න.

පිණිබිඳු... said...

මේ දවස් වල අයිස් නේ..

දයානන්ද රත්නායක said...

ඒකත් ග්‍රීක කතාවක් වගේ තියෙන්න ඇති නේද?

malmi said...

මේකෙ කතා නායකයා අර කිවුව මෑන්ද දන්නෙත් නැහැ.

Red Riding Hood said...

හෆොයි... බොස් පිරිමියෙක් වෙච්ච නිසා හොඳයි..

තරියා අබේ said...

වැල නේ??????
වැලම තමා...

පැතුම් [සිතුම් පැතුම්] said...

හප්පෝ ඔයවගේ රහසිගත මෙහෙයුම් ගැන නම් කියල වැඩක් නෑ මධුරංග අයියේ. නුලෙන් බේරෙන්නේ.

නදී said...

ඔයාලගෙ කොම්පැණියේ ජෙනියක් වත් නැද්ද අලෝ.

araliya said...

hodata padam karanna maduranga ayye............ :)

හිතුවක්කාරි said...

හෆ්ෆා...... ඔෆිස් ඇවිල්ලාත් කරන වැඩ!!!

Anonymous said...

Dos witharak thibuna ekaka kohomada VCD baluwe? Oya wage parana ewa video support karanne na ne?

තරුවා said...

ඔයාට අමතක උනාට එයාගෙ නම මධුරංගද මොකද්ද එකක් නේද අයියේ...

මධූ said...

අදමයි මේ පැත්තේ ආවේ. ආව ගමන්ම කියවන්න ලැබුන එක තමයි පොඩ්ඩක් අවුල. ඒත් ජය වේවා.!!!!!

සිතුවිලි සිතූ said...

හා හොඳයි හොඳයි!!! :D

Dinesh said...

හෙහ් හෙහ්... ඕක ඉතින් අයියේ බලනකන් ටිකක් ඉවසන් ඉන්න තිබ්බනේ.... ;)

ළිහිණි said...

ඒක කියද්දී මතක් උනේ අර cnn එකේ නිව්ස් කියද්දී උන සීන් එක. ඒකෙ ලින්ක් එක මතක නෑ. ඒකත් ඔය වගේමයි. ස්ටාග් එක ලඟ ඉඳන් නිව්ස් කියද්දී වැඩ කරන කෙනෙක් එයාගෙ පීසී එකේ ඔය වගෙ image එකක් open කරනවා. ඒක ඉතින් මුළු ලෝකෙම දකිනවනෙ..

සයුරි said...

සික් :)

රොබින් said...

හා ඕවා වැල බලන අයට සාමාන්යෙන් වෙන අකරතැබ්බ නොවැ ...

චූටි පුතා said...

ඇත්තට මොනාද වැල කියන්නේ :P අපිනම් දන්නෑ
ඇත්තට මටත් උනානේ ඔහොම වැඩක් :D :D ජය!!

Chandana said...

DOS වල CD බලන්න බෑ නේද යාලුවා. CD එක බලන්න ඇත්තෙ DOS වලින් දුවපු කාලෙට පස්සෙ වෙන්න ඇති.
…මොනවා උනත් බොසා හොඳ මනුස්සයා :D

වින්චැට් කිරිල්ලි. said...

ඔයාගෙ නම මධුරංග කුමාර ද අයියෙ??

ලහිරු said...

ඇඳුම් ගලවන කෙල්ලට ලැජ්ජා නැතිවුණාට කුමාර ලැජ්ජා බයට හැදිච්ච හාදයා වෙන්ටැ.. ඒකනේ මොනිටරේ කවර් කරන්න ඇත්තෙ!

නිසුපා said...

හිකිස්....

Alexander Cage said...

අහෝ දුකකි...!!!

අපේ එකෙක් කළා වගේ මොනිටරේ ඕෆ් කළා නම් ඉවරනේ..

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.