03 August 2012

කපටි රජෙක් හා බැබිලෝනියානු එල්ලෙන උයන

ක්‍රිස්තු පූර්ව 650 ගණන් වල බැබිලෝනියාවේ රජකමට පත් වෙනවා නෙබුකත්නසාර් කියලා රජ කෙනෙක්. රජෙක් කියලා කිව්වට නෙබුකත්නසාර් කියන්නේ අධිරා‍ජ්‍යයෙක් කියලා හැඳින්වුවාට වරදක් නෑ... ඉතිහාසය උනත් සාක්ෂි දරන්නේ යුද්ධ කරන්ඩ දස්කම් තියෙන රජෙක් හැටියට !!!

දවසක් මේ රජතුමාට හිතෙනවා තමන්ගේ බැබිලෝනියා රාජ්‍යයට උතුරින් තියෙන  'මෙඩ්ස්' (Medes) කියන රාජ්‍යය අල්ල ගන්ඩ.මෙඩ්ස් කියන රාජ්‍යය ගහ කොල පිරුණ කඳුවැටි වලින් ආරක්ෂිත රාජ්‍යයක්.  කොටින්ම බලන බලන හැම පැත්තම කොල පාටින් දිස් වෙච්ච රාජ්‍යයක් කිව්වොත් වරදක් නෑ.

ඉතින් නෙබුකත්නසාර් රජතුමා සුපුරුදු පරිදි මේ රාජ්‍යයත් එක්ක යුද්ධ කරන්ඩ යන්නේ නෑ. ඒ වෙනුවට රජතුමා අපූරු උපායක් පාවිච්චි කරනවා. ඒ තමයි,

මෙඩ්ස් කියන රාජ්‍යයේ රජතුමාට ඉන්නවා 'අමිටිස්' (Amytis) කියලා රූ සම්පත්තියෙන් අගතැන්පත් දූ කුමාරියක්. නෙබුකත්නසාර් රජතුමා මෙඩ්ස් කියන රාජ්‍යයේ රජතුමාත් එක්ක සාකච්ඡා කරනවා රාජ්‍යයන් දෙකේම සහයෝගිතාව වර්ධනය කරගන්ඩ මෙඩ්ස් රාජ්‍යයේ දූ කුමාරිය සරණපාවා ගන්ඩ කැමතියි කියලා. (කොහොමද මේකෑ මොලේ !!)

කොහොමහරි මෙඩ්ස් රාජ්‍යයේ රජතුමා ඒ යෝජනාවට කැමති වෙලා අමිටිස් කුමාරියව නෙබුකත්නසාර් රජතුමාට සරණපාවා දෙනවා.

කුමාරියත් මේ රජතුමා එක්ක බැබිලෝනියාවේ පදිංචියට යනවා.

බැබිලෝනියාව ගැන කිව්වොත් ඒක එහෙම් පිටින්ම කාන්තාරයක්. ගහ කොලක් නෑ පේන තෙක්මානයේ . තනිකරම වැලි ගොඩක් !!!

බැබිලෝනියාවේ ටික කාලයක් ජීවත් වෙනකොට කුමාරියට හෝම් සික් (HomeSick) එක හැදෙනවා. ඒ කියන්නේ සාංකාවක් වගේ හැදෙනවා. තමන්ට හුරු පුරුදු වනගත පරිසරයෙන් ඈත් වෙලා වැලිකතරක ජීවත් වෙන්ඩ ලැබිච්ච එක ගැන කුමාරිය සෑහෙන්ඩ දුක් වෙනවා. රජ සැප තිබ්බත් මොකෑ හිතේ සතුටක් නැත්තං !!!

මේ ගැන හිතලම කුමාරිය ටිකෙන් ටික කෘෂ වෙනවා. මේක රජතුමා දැකලා කරුණු කාරණා අහනවා.කුමාරියත් සේරම විස්තරේ රජතුමාට කියනවා.

ඊට පස්සේ රජතුමා කන්දක හැඩයට හිටින්න ගොඩනැඟිල්ලක් හදනවා. ඒකේ එක එක ගස් වර්ග පලතුරු ජාති වවලා කුමරියට හුරු පුරුදු වනගත පරිසරය ගොඩනගලා දෙනවා. අන්න ඒ ගොඩනැගිල්ල තමා පස්සේ කාලෙක ලෝක පුදුමයක් වෙච්ච බැබිලෝනියානු එල්ලෙන උයන කියන්නේ !!!



 බැබිලෝනියානු එල්ලෙන කුළුණ

ප.ලි. - මේ දවස්වල කරන්ඩ වැඩක් නැතිකමට බැබිලෝනියානු ඉතිහාසේ ගැන හෙවුවා. එතකොට තමයි මේ කතාව කියවන්ඩ ලැබුනේ.

59 comments:

  1. අපූරු විස්තරයක්.. මේ ගැන තව කියපන්කො.. දැන් ඒක තියනවද ඒකට මොකදවුනේ කියලත් කියපන්..

    ReplyDelete
  2. මේකනං මට බොහෝම වටින පෝස්ට් එකක්..ඔය ලෝක පුදුම ගැන කියැවෙන හැම තැනකදීම බැබිලෝනියාවේ එල්ලෙන උයන කියලා කිව්වට අද තමයි ඒක මෙහෙමවත් දැක ගන්න උනේ.. ඒකටම මේ විස්තරෙත් එකතු වෙලා ආහම කොයි තරං අපූරුද..?

    ReplyDelete
  3. තව ෂීන් එකක්.. අර ඉතාලියේ ඇල උන එක තාම යහතින්ද..නැත්තං පහු ගිය දොහේ ආව කම්බා වලට ඒක බුදි වෙලාම ගියාද..?

    ReplyDelete
  4. මධුරංගට හැමදාම කම්මැලි හිතෙනවා නම් මරු...!

    ReplyDelete
  5. හරී කියනවා වගේ තව තව කියවපු විස්තර දාන්න.ලියල තියෙන විදියද මන්ද කියවන්න ආසයි.

    ReplyDelete
  6. හරී කියනවා වගේ තව තව කියවපු විස්තර දාන්න.ලියල තියෙන විදියද මන්ද කියවන්න ආසයි.

    ReplyDelete
  7. ම්..ඔන්න ඔන්න මධුරංග අතිනුත් කෑලි දානවනේ..
    අර රජතුමා කුමාරිව කසාද බඳින්න හිතුවෙ එයා දැකලා ආදරේ හිතිලා..නැතුව රට අල්ලගන්න නෙවියි..

    නැත්තං ලෝකෙ පුදුම හතෙන් එකක් වෙන්න මල් උයනක් හදලා දේවි යැයි..හික්ස්..

    ReplyDelete
  8. @රූ.... :
    බැබිලෝනියානු ඉතිහාසේ කොතනකවත් රජතුමා ආදරේට කුමාරිව කසාද බැන්දා කියලා සදහන් වෙන් නෑ රූ.

    ReplyDelete
  9. එල්ලෙන උයන ගැන අහලා තිබුනට මේ කථාව ඇහුවෙ නම් අද... ඉතින් රජා 'මෙඩ්ස්' (Medes) ආක්‍ර‍මණය කරලා නැද්ද ඊට පස්සෙ..

    ReplyDelete
  10. අනේ.. හැමදාම කම්මැලි හිතියන්..

    ReplyDelete
  11. කතාව අපූරුයි. අර රජතුමාගේ මොලෙත් අපූරුයි. දුව දීලා රාජ්‍යයක් එකතු කරගත්තා වගේම, ඒ හන්දම එල්ලෙන උයනකුත් හැදුවානේ.:)

    අනේ තාම ඔක නම් බලාගන්ට බැරි උනා.

    ReplyDelete
  12. උඹ නොදන්නවට මධුරංග මලයෝ ඕක හැදුවෙ අපේ රාවණා නෙව, උන්නැහේ හෙළ සේනාව අරං ගොහිං තමයි ඔයි විශ්වකර්ම වැඩේ කලේ කියල අපේ මීවනපලානේ ජයා මේ පැත්තෙ ආවනං කියනව ෂුවර්.

    ඔය බැබිලෝකියාවෙ එල්ලෙනෙ උයන හැබෑවටම තිබුනා කියල ලිඛිත සාක්ෂි මිසක් භෞතික සාධක නෑ නේද? ලිඛිත සාක්ෂි අනුව ඕක තිබුනෙ යුප්‍රටීස් ගං ඉවුරෙ. අනික ඒ සාක්ෂි තියෙන්නෙ ග්‍රීක ඉතිහාසයේ මිසක් බැබිලෝනියානු ඉතිහාසයෙත් නෙමෙයි කියල තමයි නැෂනල් ජියෝග්‍රැ‍ෆික් කියන්නෙ නම්.

    ReplyDelete
  13. සිරාවට වටිනා ලිපියක්...

    ReplyDelete
  14. මාර සීන් එකක් නේ..අදමයි මේක දන්නේ.....

    ReplyDelete
  15. එතකොට අල්ලගන්න හිතාගෙන හිටපු රට අල්ල ගත්තෙ නැද්ද???

    ReplyDelete
  16. මේ දවස් ටිකේම අළුත් දේවල් ඉගන ගත්තා...මරු මරු...

    මටත් ප්‍රශ්නෙ අර අල්ලගන්න හිටපු රට අල්ලුවෙ නැත්තේ රටේ තිබුණ හොදම දේ අල්ල ගත්ත නිසාදෝ...

    ReplyDelete
  17. වාව්..ඒක හරි ලස්සන කතාවක්..නියමයි අයියේ....

    ReplyDelete
  18. මම හිතං හිටියේ එල්ලෙන උයන කිව්වම ඒක එල්ලෙනවා කියලා අදනේ දන්නේ සිද්ධිය. පට්ට ලව් එක නේ. දැනං හිටියේ නැති දෙයක් දැනගත්තා ජය!!

    ReplyDelete
  19. අදමයි ඔය කථාව ඇහුවේ..එල..

    ReplyDelete
  20. shoi kathawak.......ane maduranga ayye ayeth a wage lassana kathawak kiyala dennako apita.oya hodaine..... :)

    ReplyDelete
  21. ලස්සන කතාවක්.මේක ගැන ඇහුවේ අද තමා.
    මේ වගේ කතා තව තියේනම් අපිටත් දැනගන්න පබ්ලිෂ් කරන්න :)

    ReplyDelete
  22. රට අල්ලගත්තෙ නැතෙයි එතකොට?

    ReplyDelete
  23. නෙබුකත්නසාර් ගැන බයිබලෙත් තියෙනවා නේද?

    ReplyDelete
  24. නියම පෝස්ට් එකක්. දැන් ඔය මල් උයන එතන නැහැලු නේද? මට මතක එහෙමයි. ඔයාට කම්මැලි හිතුනම කරන වැඩ මාරයි නේ.

    ReplyDelete
  25. කම්මැලි වෙන්න අයියෙ.ඔයා ෂෝයි එතකොට..

    ReplyDelete
  26. සිත් ඇදගන්නා ලිපියක් අය්යේ,
    එතකොට ඇයී මේකට එල්ලෙන උයන කියන්නේ??

    ReplyDelete
  27. අපේ ලොක්කත් නෙළුම් කුළුණු නෙළුම් පොකුණු ගහන්නේ කාට හරි හෝම්සික් හැදිලද දන්නෑ නේ???

    ReplyDelete
  28. වටින දෙයක්බං. ලියහන්කෝ මේ වගේ ඒවා ටිකක් වැඩිපුර

    ReplyDelete
  29. අන්න රජවරු... මං වගේමයි

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  30. මෙන්න පෝස්ට්ස් !!!

    විභාග එහෙම ඉවර වෙලා වගේ

    ReplyDelete
  31. නියම කතාව බං. එළ!

    ReplyDelete
  32. මම ඇත්තටම අද මේ දැන් වෙනකන්ම හිතාගෙන හිටියේ මේ උයන අහසේ පාවෙන අයිටම් එකක් කියලමයි.ගලිවර්ගේ චාරිකා වල තියෙනවනේ මේ වගේ පාවෙන දූපත්... එල ඈ පෝස්ටුව දැන් මේකේ පොටෝ නැද්ද ඈ??

    සිංදුවක් මතක් වුනා... by the rivers of babylon...

    ReplyDelete
  33. මේ පෝස්ට් එක මට ගූගල් එකේ මේ පිළිබඳව තව හොයන්න ආස කෙරෙව්වා.ස්තුතියි මිතුර,මරු!

    ReplyDelete
  34. ඉතිහාස කතාවත් එක්ක ලියපු තොරතුරු වටිනවා..

    ReplyDelete
  35. එල්ලෙන උයනක් ගැන අහලා තියෙනවා තමයි. ඒත් විස්තරේ දැනගත්තේ නම් අද. නියමයි මල්ලි හොදට ලියලා තියෙනවා.

    ReplyDelete
  36. එල්ලෙන උයනක් ගැන අහලා තියෙනවා තමයි. ඒත් විස්තරේ දැනගත්තේ නම් අද. නියමයි මල්ලි හොදට ලියලා තියෙනවා.

    ReplyDelete
  37. කරන්ඩ වැඩක් නැතිකමට කරන දේවලුත් නරක නෑ නෙව...

    ReplyDelete
  38. @හරී :
    අනිවාර්යෙන්.. හොයලා කියන්නම්. ඔය බැබිලෝනියාව ගැන උබත් තව ඉස්සරහදි ලියාවි ! :)

    @මාරයාගේ හෝරාව :
    ඊලඟට ඒකත් හොයලා කියන්නම්... හොද මාතෘකාවක් !

    @prasanna86k :
    කරන්ඩ වැඩකුත් තියෙන්ඩ එපැයි... මේ ටිකේ වැඩ අඩුයි..

    ReplyDelete
  39. @Kenji. Japan :
    කියවලා කමෙන්ට් එකකුත් දාලා දිරිමත් කලාට ස්තුතියි. :)

    @රූ.... :
    අපෝ අපෝ... අතින් කිසිම දෙයක් දැම්මේ නෑ.. ඔය රජතුමා මුලින්ම මෙඩ්ස් අල්ලගන්ඩ තමයි ඔය උප්පරවැට්ටිය දැම්මේ. පස්සේ කුමාරියට ආදරේ හිතෙන්ඩ ඇති. :)

    @Anonymous :
    තෑන්ක්ස් :)

    ReplyDelete
  40. @සිරාගේ කාමරේ :
    නෑ නෑ.. ඊට පස්සේ මෙඩ්ස් කියන රාජ්ජයේ බලය නෙබුකත්නසාර්ට ලැබෙනවා. :)

    @ක්සැන්ඩර් | Xander :
    මේ කතා සෙට් එකට කට්ටිය ආසයි වගේ... දිගටම මේවා ලියන්නම් :)

    @Podi Kumarihami :
    මෙඩ්ස් වල හිටපු රජතුමා නෙමෙයි කපටි.. අර නෙබුකත්නසාර් කියන රජතුමා !

    ReplyDelete
  41. @nawammawatha :
    ඒ ගැන නම් දන්නේ නෑ අයියා. ඒකත් හොයලා බලන්නම්...

    @ඉන්ද්‍රජිත් :
    ස්තුතියි :)

    @ඔබ නොදු‍ටු ලොවක් :
    ඒකනේ.. එකනේ.. ඔබ නොදුටු අප නොදුටු කොච්චර දේවල් තියෙනවද.. :)

    ReplyDelete
  42. @නිසුපා :
    ඒ රාජ්ජයේ බලය නිකන්ම හම්බ වෙනවා නෙබුකත්නසාර්ට !

    @සිත්තමී :
    නෑ නෑ සිත්තමි.
    අර නෙබුකත්නසාර් කියන රජතුමා දූ කුමරියව කසාද බැන්දට පස්සේ මෙඩ්ස්වලත් බලය හම්බ වෙනවා. :)

    @සිතුවිලි දැහැන :
    ස්තුතියි නංගි.
    හිතට පවන් සලනවා වගේ මෙහෙම කමෙන්ට් දකින්න ලැබෙන එක :)

    ReplyDelete
  43. @චූටි පුතා :
    ඒක ඇත්තටම එල්ලෙන උයනක් නෙමෙයි ලූ.. ඒක ගැන චුට්ටක් හොයලා ලියන්නම් :)

    @චමී4යූ~chami4u :
    ස්තුතියි චමී !!

    @araliya :
    බටර් තලියක් !!!! හික්ස් :)

    ReplyDelete
  44. @Pramudi :
    අනිවාර්යෙන්ම දිගටම ලියන්නම්. කියවන්ඩ එන්ඩ ඕනේ හරි ද.. :)

    @sithuwam :
    ඒ රටේ බලය ලැබෙනවා... :)

    @මඩිස්සලේ නිශාන් :
    හ්ම්.. තියෙනවා තමා. ඒ ආගමික පසුබිමක් එක්ක. මම් බැලුවේ ඉතිහාස පසුබිම කොහොමද කියලා.

    ReplyDelete
  45. @සයුරි :
    ඒක නම් දන්නේ නෑ අක්කා. ඒකත් හොයල බලන්නම්..
    කම්මැලිකමට වැඩකුත් තියෙන්ඩ එපැයි කරන්ඩ.. :)

    @වින්චැට් කිරිල්ලි. :
    මේ ළමයි මාව තවත් කම්මැලි කරන්ඩ යන්නේ :)

    @පුබුදු :
    අන්න ඒකේ විස්තරේ ඊලඟ ලිපියෙන් ලියන්නම් :)

    ReplyDelete
  46. @දිනුක :
    බිසවට විලිරුදාව හැදුනද දන්නේ නෑ එහෙම දේවල් කරන්ඩ යන්නේ. හික්ස් :)

    @අවතාර් :
    ලියන්නම්.. ලියන්නම්.. :)

    @අඩවි රජ :
    ඒ උනාට ඌ කපටි විතරයි.. මේ රජා වල් පඳුරක් !

    ReplyDelete
  47. @සිඳු :
    විභාගේ නම් ඉවර නෑ අක්කා. තවම පාඩම් කරනවා.

    @රාජ් :
    තැන්කූ තැන්කූ

    @Hasitha :
    ඒක තමයි.. හොදයි නේන්නම්..

    ReplyDelete
  48. @Eranda Yasas :
    කියවලා කමෙන්ට් එකකුත් දැම්මට ස්තුතියි සහෝදරයා :)

    @ගැමියාගේ පත් ඉරුව :
    ඔය ගැන ඊලඟ ලිපියෙන් බලන්ඩ මල්ලි. මම් කිව්වේ අර සිංදුව ගැන !

    @හිරුහිමාවී :
    එහෙනම් ඔයාට කලින් මට සර්ච් කරලා පෝස්ට් එකක් දාන්ඩ වෙයි.. හික්ස් :)

    ReplyDelete
  49. @Dinesh :
    තැන්කූ දිනේශ් මලේ !!!

    @malmi :
    එහෙනම් මම් අමාරුවෙන් පරිවර්තනය කලාට පාඩු නෑ.. අම්බෝ.. හිතට පවන් සලනවා වගේ :)

    @අනූ :
    ඒක නේන්නම් අනු නෝනේ.. :)

    ReplyDelete
  50. මේක හදන්න නේද රාවණාගේ සෙට් එක බැස්සේ..

    ReplyDelete
  51. // නෙබුකත්නසාර් රජතුමා මෙඩ්ස් කියන රාජ්‍යයේ රජතුමාත් එක්ක සාකච්ඡා කරනවා රාජ්‍යයන් දෙකේම සහයෝගිතාව වර්ධනය කරගන්ඩ මෙඩ්ස් රාජ්‍යයේ දූ කුමාරිය සරණපාවා ගන්ඩ කැමතියි කියලා. (කොහොමද මේකෑ මොලේ !!)//

    මෙව්වාගේ එකක් අපේ ඉතිහාසයේත් තියනවා කියල සමහර විචාරකයින් කියනවා , කාවන්තිස්ස රජතුමා කැලණිතිස්ස රජ්ජුරුවන්ගේ දූ කුමාරිව සරණ පාවගෙන කරෙත් ඔයවගේම දෙයක්ලු . එලාරට විරුද්ධව දකුණ එකතු කිරීම පටන් ගත්තා කෙනා කාවන්තිස්සය කියල විග්‍රහ කරන කට්ටිය මේ අදහස දරනවා . කැලණියට සුනාමි ආපුවෙලාවේ කාවන්තිස්ස දීපු ආධාර උපාකාර වලට කෘත ගුණ දැක්වීමක් විදිහට කැලණිතිස්සත් වැඩේට එකඟ වුනාය කියල කියනවා

    ReplyDelete
  52. අපූරු නිර්මාණයක්..!
    ලෝක පුදුම 8 ගැන කතාකරද්දි අහලා තිබුණත් වැඩි විස්තරයක් දැනගත්තෙ අදනෙ.. ගොඩක් ස්තූතියි..!

    ReplyDelete
  53. ස්තූතියි ඈ අපි මේ හැන කලින් දැනන් හිටියෙ නෑ.මරුවට තියෙන්නෙ ඇතිනේද ඒ උයන.

    ReplyDelete
  54. මරු පෝස්ටුව මධු අයියේ.. :D

    ReplyDelete
  55. හොඳ ලිපියක්

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.