03 August 2012

කපටි රජෙක් හා බැබිලෝනියානු එල්ලෙන උයන

ක්‍රිස්තු පූර්ව 650 ගණන් වල බැබිලෝනියාවේ රජකමට පත් වෙනවා නෙබුකත්නසාර් කියලා රජ කෙනෙක්. රජෙක් කියලා කිව්වට නෙබුකත්නසාර් කියන්නේ අධිරා‍ජ්‍යයෙක් කියලා හැඳින්වුවාට වරදක් නෑ... ඉතිහාසය උනත් සාක්ෂි දරන්නේ යුද්ධ කරන්ඩ දස්කම් තියෙන රජෙක් හැටියට !!!

දවසක් මේ රජතුමාට හිතෙනවා තමන්ගේ බැබිලෝනියා රාජ්‍යයට උතුරින් තියෙන  'මෙඩ්ස්' (Medes) කියන රාජ්‍යය අල්ල ගන්ඩ.මෙඩ්ස් කියන රාජ්‍යය ගහ කොල පිරුණ කඳුවැටි වලින් ආරක්ෂිත රාජ්‍යයක්.  කොටින්ම බලන බලන හැම පැත්තම කොල පාටින් දිස් වෙච්ච රාජ්‍යයක් කිව්වොත් වරදක් නෑ.

ඉතින් නෙබුකත්නසාර් රජතුමා සුපුරුදු පරිදි මේ රාජ්‍යයත් එක්ක යුද්ධ කරන්ඩ යන්නේ නෑ. ඒ වෙනුවට රජතුමා අපූරු උපායක් පාවිච්චි කරනවා. ඒ තමයි,

මෙඩ්ස් කියන රාජ්‍යයේ රජතුමාට ඉන්නවා 'අමිටිස්' (Amytis) කියලා රූ සම්පත්තියෙන් අගතැන්පත් දූ කුමාරියක්. නෙබුකත්නසාර් රජතුමා මෙඩ්ස් කියන රාජ්‍යයේ රජතුමාත් එක්ක සාකච්ඡා කරනවා රාජ්‍යයන් දෙකේම සහයෝගිතාව වර්ධනය කරගන්ඩ මෙඩ්ස් රාජ්‍යයේ දූ කුමාරිය සරණපාවා ගන්ඩ කැමතියි කියලා. (කොහොමද මේකෑ මොලේ !!)

කොහොමහරි මෙඩ්ස් රාජ්‍යයේ රජතුමා ඒ යෝජනාවට කැමති වෙලා අමිටිස් කුමාරියව නෙබුකත්නසාර් රජතුමාට සරණපාවා දෙනවා.

කුමාරියත් මේ රජතුමා එක්ක බැබිලෝනියාවේ පදිංචියට යනවා.

බැබිලෝනියාව ගැන කිව්වොත් ඒක එහෙම් පිටින්ම කාන්තාරයක්. ගහ කොලක් නෑ පේන තෙක්මානයේ . තනිකරම වැලි ගොඩක් !!!

බැබිලෝනියාවේ ටික කාලයක් ජීවත් වෙනකොට කුමාරියට හෝම් සික් (HomeSick) එක හැදෙනවා. ඒ කියන්නේ සාංකාවක් වගේ හැදෙනවා. තමන්ට හුරු පුරුදු වනගත පරිසරයෙන් ඈත් වෙලා වැලිකතරක ජීවත් වෙන්ඩ ලැබිච්ච එක ගැන කුමාරිය සෑහෙන්ඩ දුක් වෙනවා. රජ සැප තිබ්බත් මොකෑ හිතේ සතුටක් නැත්තං !!!

මේ ගැන හිතලම කුමාරිය ටිකෙන් ටික කෘෂ වෙනවා. මේක රජතුමා දැකලා කරුණු කාරණා අහනවා.කුමාරියත් සේරම විස්තරේ රජතුමාට කියනවා.

ඊට පස්සේ රජතුමා කන්දක හැඩයට හිටින්න ගොඩනැඟිල්ලක් හදනවා. ඒකේ එක එක ගස් වර්ග පලතුරු ජාති වවලා කුමරියට හුරු පුරුදු වනගත පරිසරය ගොඩනගලා දෙනවා. අන්න ඒ ගොඩනැගිල්ල තමා පස්සේ කාලෙක ලෝක පුදුමයක් වෙච්ච බැබිලෝනියානු එල්ලෙන උයන කියන්නේ !!!



 බැබිලෝනියානු එල්ලෙන කුළුණ

ප.ලි. - මේ දවස්වල කරන්ඩ වැඩක් නැතිකමට බැබිලෝනියානු ඉතිහාසේ ගැන හෙවුවා. එතකොට තමයි මේ කතාව කියවන්ඩ ලැබුනේ.

56 දෙනෙක් අදහස් පලකලා .:

හරී said...

අපූරු විස්තරයක්.. මේ ගැන තව කියපන්කො.. දැන් ඒක තියනවද ඒකට මොකදවුනේ කියලත් කියපන්..

මාරයාගේ හෝරාව said...

මේකනං මට බොහෝම වටින පෝස්ට් එකක්..ඔය ලෝක පුදුම ගැන කියැවෙන හැම තැනකදීම බැබිලෝනියාවේ එල්ලෙන උයන කියලා කිව්වට අද තමයි ඒක මෙහෙමවත් දැක ගන්න උනේ.. ඒකටම මේ විස්තරෙත් එකතු වෙලා ආහම කොයි තරං අපූරුද..?

මාරයාගේ හෝරාව said...

තව ෂීන් එකක්.. අර ඉතාලියේ ඇල උන එක තාම යහතින්ද..නැත්තං පහු ගිය දොහේ ආව කම්බා වලට ඒක බුදි වෙලාම ගියාද..?

prasanna86k said...

මධුරංගට හැමදාම කම්මැලි හිතෙනවා නම් මරු...!

Kenji. Japan said...

හරී කියනවා වගේ තව තව කියවපු විස්තර දාන්න.ලියල තියෙන විදියද මන්ද කියවන්න ආසයි.

Kenji. Japan said...

හරී කියනවා වගේ තව තව කියවපු විස්තර දාන්න.ලියල තියෙන විදියද මන්ද කියවන්න ආසයි.

රූ.... said...

ම්..ඔන්න ඔන්න මධුරංග අතිනුත් කෑලි දානවනේ..
අර රජතුමා කුමාරිව කසාද බඳින්න හිතුවෙ එයා දැකලා ආදරේ හිතිලා..නැතුව රට අල්ලගන්න නෙවියි..

නැත්තං ලෝකෙ පුදුම හතෙන් එකක් වෙන්න මල් උයනක් හදලා දේවි යැයි..හික්ස්..

Anonymous said...

@රූ.... :
බැබිලෝනියානු ඉතිහාසේ කොතනකවත් රජතුමා ආදරේට කුමාරිව කසාද බැන්දා කියලා සදහන් වෙන් නෑ රූ.

සිරාගේ කාමරේ said...

එල්ලෙන උයන ගැන අහලා තිබුනට මේ කථාව ඇහුවෙ නම් අද... ඉතින් රජා 'මෙඩ්ස්' (Medes) ආක්‍ර‍මණය කරලා නැද්ද ඊට පස්සෙ..

ක්සැන්ඩර් | Xander said...

අනේ.. හැමදාම කම්මැලි හිතියන්..

Podi Kumarihami said...

කතාව අපූරුයි. අර රජතුමාගේ මොලෙත් අපූරුයි. දුව දීලා රාජ්‍යයක් එකතු කරගත්තා වගේම, ඒ හන්දම එල්ලෙන උයනකුත් හැදුවානේ.:)

අනේ තාම ඔක නම් බලාගන්ට බැරි උනා.

nawammawatha said...

උඹ නොදන්නවට මධුරංග මලයෝ ඕක හැදුවෙ අපේ රාවණා නෙව, උන්නැහේ හෙළ සේනාව අරං ගොහිං තමයි ඔයි විශ්වකර්ම වැඩේ කලේ කියල අපේ මීවනපලානේ ජයා මේ පැත්තෙ ආවනං කියනව ෂුවර්.

ඔය බැබිලෝකියාවෙ එල්ලෙනෙ උයන හැබෑවටම තිබුනා කියල ලිඛිත සාක්ෂි මිසක් භෞතික සාධක නෑ නේද? ලිඛිත සාක්ෂි අනුව ඕක තිබුනෙ යුප්‍රටීස් ගං ඉවුරෙ. අනික ඒ සාක්ෂි තියෙන්නෙ ග්‍රීක ඉතිහාසයේ මිසක් බැබිලෝනියානු ඉතිහාසයෙත් නෙමෙයි කියල තමයි නැෂනල් ජියෝග්‍රැ‍ෆික් කියන්නෙ නම්.

ඉන්ද්‍රජිත් said...

සිරාවට වටිනා ලිපියක්...

ඔබ නොදු‍ටු ලොවක් said...

මාර සීන් එකක් නේ..අදමයි මේක දන්නේ.....

නිසුපා said...

එතකොට අල්ලගන්න හිතාගෙන හිටපු රට අල්ල ගත්තෙ නැද්ද???

සිත්තමී said...

මේ දවස් ටිකේම අළුත් දේවල් ඉගන ගත්තා...මරු මරු...

මටත් ප්‍රශ්නෙ අර අල්ලගන්න හිටපු රට අල්ලුවෙ නැත්තේ රටේ තිබුණ හොදම දේ අල්ල ගත්ත නිසාදෝ...

සිතුවිලි දැහැන said...

වාව්..ඒක හරි ලස්සන කතාවක්..නියමයි අයියේ....

චූටි පුතා said...

මම හිතං හිටියේ එල්ලෙන උයන කිව්වම ඒක එල්ලෙනවා කියලා අදනේ දන්නේ සිද්ධිය. පට්ට ලව් එක නේ. දැනං හිටියේ නැති දෙයක් දැනගත්තා ජය!!

චමී4යූ~chami4u said...

අදමයි ඔය කථාව ඇහුවේ..එල..

araliya said...

shoi kathawak.......ane maduranga ayye ayeth a wage lassana kathawak kiyala dennako apita.oya hodaine..... :)

Pramudi said...

ලස්සන කතාවක්.මේක ගැන ඇහුවේ අද තමා.
මේ වගේ කතා තව තියේනම් අපිටත් දැනගන්න පබ්ලිෂ් කරන්න :)

sithuwam said...

රට අල්ලගත්තෙ නැතෙයි එතකොට?

මඩිස්සලේ නිශාන් said...

නෙබුකත්නසාර් ගැන බයිබලෙත් තියෙනවා නේද?

සයුරි said...

නියම පෝස්ට් එකක්. දැන් ඔය මල් උයන එතන නැහැලු නේද? මට මතක එහෙමයි. ඔයාට කම්මැලි හිතුනම කරන වැඩ මාරයි නේ.

වින්චැට් කිරිල්ලි. said...

කම්මැලි වෙන්න අයියෙ.ඔයා ෂෝයි එතකොට..

පුබුදු said...

සිත් ඇදගන්නා ලිපියක් අය්යේ,
එතකොට ඇයී මේකට එල්ලෙන උයන කියන්නේ??

දිනුක said...

අපේ ලොක්කත් නෙළුම් කුළුණු නෙළුම් පොකුණු ගහන්නේ කාට හරි හෝම්සික් හැදිලද දන්නෑ නේ???

අවතාර් said...

වටින දෙයක්බං. ලියහන්කෝ මේ වගේ ඒවා ටිකක් වැඩිපුර

අඩවි රජ said...

අන්න රජවරු... මං වගේමයි

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

සිඳු said...

මෙන්න පෝස්ට්ස් !!!

විභාග එහෙම ඉවර වෙලා වගේ

රාජ් said...

නියම කතාව බං. එළ!

Hasitha said...

හොඳයි හොඳයි

Eranda Yasas said...

නියමයි!

ගැමියාගේ පත් ඉරුව said...

මම ඇත්තටම අද මේ දැන් වෙනකන්ම හිතාගෙන හිටියේ මේ උයන අහසේ පාවෙන අයිටම් එකක් කියලමයි.ගලිවර්ගේ චාරිකා වල තියෙනවනේ මේ වගේ පාවෙන දූපත්... එල ඈ පෝස්ටුව දැන් මේකේ පොටෝ නැද්ද ඈ??

සිංදුවක් මතක් වුනා... by the rivers of babylon...

හිරුහිමාවී said...

මේ පෝස්ට් එක මට ගූගල් එකේ මේ පිළිබඳව තව හොයන්න ආස කෙරෙව්වා.ස්තුතියි මිතුර,මරු!

Dinesh said...

ඉතිහාස කතාවත් එක්ක ලියපු තොරතුරු වටිනවා..

malmi said...

එල්ලෙන උයනක් ගැන අහලා තියෙනවා තමයි. ඒත් විස්තරේ දැනගත්තේ නම් අද. නියමයි මල්ලි හොදට ලියලා තියෙනවා.

malmi said...

එල්ලෙන උයනක් ගැන අහලා තියෙනවා තමයි. ඒත් විස්තරේ දැනගත්තේ නම් අද. නියමයි මල්ලි හොදට ලියලා තියෙනවා.

අනූ said...

කරන්ඩ වැඩක් නැතිකමට කරන දේවලුත් නරක නෑ නෙව...

මධුරංග said...

@හරී :
අනිවාර්යෙන්.. හොයලා කියන්නම්. ඔය බැබිලෝනියාව ගැන උබත් තව ඉස්සරහදි ලියාවි ! :)

@මාරයාගේ හෝරාව :
ඊලඟට ඒකත් හොයලා කියන්නම්... හොද මාතෘකාවක් !

@prasanna86k :
කරන්ඩ වැඩකුත් තියෙන්ඩ එපැයි... මේ ටිකේ වැඩ අඩුයි..

මධුරංග said...

@Kenji. Japan :
කියවලා කමෙන්ට් එකකුත් දාලා දිරිමත් කලාට ස්තුතියි. :)

@රූ.... :
අපෝ අපෝ... අතින් කිසිම දෙයක් දැම්මේ නෑ.. ඔය රජතුමා මුලින්ම මෙඩ්ස් අල්ලගන්ඩ තමයි ඔය උප්පරවැට්ටිය දැම්මේ. පස්සේ කුමාරියට ආදරේ හිතෙන්ඩ ඇති. :)

@Anonymous :
තෑන්ක්ස් :)

මධුරංග said...

@සිරාගේ කාමරේ :
නෑ නෑ.. ඊට පස්සේ මෙඩ්ස් කියන රාජ්ජයේ බලය නෙබුකත්නසාර්ට ලැබෙනවා. :)

@ක්සැන්ඩර් | Xander :
මේ කතා සෙට් එකට කට්ටිය ආසයි වගේ... දිගටම මේවා ලියන්නම් :)

@Podi Kumarihami :
මෙඩ්ස් වල හිටපු රජතුමා නෙමෙයි කපටි.. අර නෙබුකත්නසාර් කියන රජතුමා !

මධුරංග said...

@nawammawatha :
ඒ ගැන නම් දන්නේ නෑ අයියා. ඒකත් හොයලා බලන්නම්...

@ඉන්ද්‍රජිත් :
ස්තුතියි :)

@ඔබ නොදු‍ටු ලොවක් :
ඒකනේ.. එකනේ.. ඔබ නොදුටු අප නොදුටු කොච්චර දේවල් තියෙනවද.. :)

මධුරංග said...

@නිසුපා :
ඒ රාජ්ජයේ බලය නිකන්ම හම්බ වෙනවා නෙබුකත්නසාර්ට !

@සිත්තමී :
නෑ නෑ සිත්තමි.
අර නෙබුකත්නසාර් කියන රජතුමා දූ කුමරියව කසාද බැන්දට පස්සේ මෙඩ්ස්වලත් බලය හම්බ වෙනවා. :)

@සිතුවිලි දැහැන :
ස්තුතියි නංගි.
හිතට පවන් සලනවා වගේ මෙහෙම කමෙන්ට් දකින්න ලැබෙන එක :)

මධුරංග said...

@චූටි පුතා :
ඒක ඇත්තටම එල්ලෙන උයනක් නෙමෙයි ලූ.. ඒක ගැන චුට්ටක් හොයලා ලියන්නම් :)

@චමී4යූ~chami4u :
ස්තුතියි චමී !!

@araliya :
බටර් තලියක් !!!! හික්ස් :)

මධුරංග said...

@Pramudi :
අනිවාර්යෙන්ම දිගටම ලියන්නම්. කියවන්ඩ එන්ඩ ඕනේ හරි ද.. :)

@sithuwam :
ඒ රටේ බලය ලැබෙනවා... :)

@මඩිස්සලේ නිශාන් :
හ්ම්.. තියෙනවා තමා. ඒ ආගමික පසුබිමක් එක්ක. මම් බැලුවේ ඉතිහාස පසුබිම කොහොමද කියලා.

මධුරංග said...

@සයුරි :
ඒක නම් දන්නේ නෑ අක්කා. ඒකත් හොයල බලන්නම්..
කම්මැලිකමට වැඩකුත් තියෙන්ඩ එපැයි කරන්ඩ.. :)

@වින්චැට් කිරිල්ලි. :
මේ ළමයි මාව තවත් කම්මැලි කරන්ඩ යන්නේ :)

@පුබුදු :
අන්න ඒකේ විස්තරේ ඊලඟ ලිපියෙන් ලියන්නම් :)

මධුරංග said...

@දිනුක :
බිසවට විලිරුදාව හැදුනද දන්නේ නෑ එහෙම දේවල් කරන්ඩ යන්නේ. හික්ස් :)

@අවතාර් :
ලියන්නම්.. ලියන්නම්.. :)

@අඩවි රජ :
ඒ උනාට ඌ කපටි විතරයි.. මේ රජා වල් පඳුරක් !

මධුරංග said...

@සිඳු :
විභාගේ නම් ඉවර නෑ අක්කා. තවම පාඩම් කරනවා.

@රාජ් :
තැන්කූ තැන්කූ

@Hasitha :
ඒක තමයි.. හොදයි නේන්නම්..

මධුරංග said...

@Eranda Yasas :
කියවලා කමෙන්ට් එකකුත් දැම්මට ස්තුතියි සහෝදරයා :)

@ගැමියාගේ පත් ඉරුව :
ඔය ගැන ඊලඟ ලිපියෙන් බලන්ඩ මල්ලි. මම් කිව්වේ අර සිංදුව ගැන !

@හිරුහිමාවී :
එහෙනම් ඔයාට කලින් මට සර්ච් කරලා පෝස්ට් එකක් දාන්ඩ වෙයි.. හික්ස් :)

මධුරංග said...

@Dinesh :
තැන්කූ දිනේශ් මලේ !!!

@malmi :
එහෙනම් මම් අමාරුවෙන් පරිවර්තනය කලාට පාඩු නෑ.. අම්බෝ.. හිතට පවන් සලනවා වගේ :)

@අනූ :
ඒක නේන්නම් අනු නෝනේ.. :)

අසරණයා said...

මේක හදන්න නේද රාවණාගේ සෙට් එක බැස්සේ..

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

// නෙබුකත්නසාර් රජතුමා මෙඩ්ස් කියන රාජ්‍යයේ රජතුමාත් එක්ක සාකච්ඡා කරනවා රාජ්‍යයන් දෙකේම සහයෝගිතාව වර්ධනය කරගන්ඩ මෙඩ්ස් රාජ්‍යයේ දූ කුමාරිය සරණපාවා ගන්ඩ කැමතියි කියලා. (කොහොමද මේකෑ මොලේ !!)//

මෙව්වාගේ එකක් අපේ ඉතිහාසයේත් තියනවා කියල සමහර විචාරකයින් කියනවා , කාවන්තිස්ස රජතුමා කැලණිතිස්ස රජ්ජුරුවන්ගේ දූ කුමාරිව සරණ පාවගෙන කරෙත් ඔයවගේම දෙයක්ලු . එලාරට විරුද්ධව දකුණ එකතු කිරීම පටන් ගත්තා කෙනා කාවන්තිස්සය කියල විග්‍රහ කරන කට්ටිය මේ අදහස දරනවා . කැලණියට සුනාමි ආපුවෙලාවේ කාවන්තිස්ස දීපු ආධාර උපාකාර වලට කෘත ගුණ දැක්වීමක් විදිහට කැලණිතිස්සත් වැඩේට එකඟ වුනාය කියල කියනවා

නන්ඳු said...

අපූරු නිර්මාණයක්..!
ලෝක පුදුම 8 ගැන කතාකරද්දි අහලා තිබුණත් වැඩි විස්තරයක් දැනගත්තෙ අදනෙ.. ගොඩක් ස්තූතියි..!

නදී said...

ස්තූතියි ඈ අපි මේ හැන කලින් දැනන් හිටියෙ නෑ.මරුවට තියෙන්නෙ ඇතිනේද ඒ උයන.

Red Riding Hood said...

මරු පෝස්ටුව මධු අයියේ.. :D

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.