03 June 2023

පින්බර පොසොන් මංගල්ලයක් වේවා !

 මිහිඳු හිමියන් ප්‍රමුඛ පිරිවර ලංකාවට බුදු දහම ගෙන ආ ඒ අසිරිමත් පොසොන් පොහෝ දිනය අදයි.

මෙදාපාර වෙසක් එකට වඩා පොසොන් එක සරුයි වගේ. දකින දකින හැම තැනම දන්සල් තියෙනවා. නිකන්ම දන්සල් නෙමේ. බත් දන්සල් ! පාන් දන්සල් !

ඒ වගේම තමයි හවසට සිසිල් බීම දන්සලුත් හෙන ගොඩක් තියෙනවා. මමත් දවාලේ බයිසිකලයෙන් රවුමක් ගිහින් දන්සල් තොගයක් වැඳගෙන ආවා.

ආයේ හවස් වෙලා පොඩි රවුමක් දාල එන්ඩ ඕන. කට්ටියම මේ පොසොන් දවස සතුටින් ගත කරන්ඩෝන එහෙනං !

 


05 May 2023

සුබ වෙසක් මංගල්ලයක් වේවා !

 අද වෙසක් පෝය දවස  !
පහුගිය ටිකේම වේලිලා යන්නම පායලා ඕං අද උදේ ඉදන් වහින්න ගත්තා කියහන්කෝ. ඉදලා ඉදලා කාලයකට පස්සේ තමයි වෙසක් බලන්නවත් යන්න හම්බ උනේ ඒකත් අල වෙන පාටක් තමයි උදේ ඉදන් දකින්න හම්බ උනේ.

ඒත් හිතපු තරම් කරදරයක් මේ වෙලාව වෙනකොට නම් නෑ වගේ. දැන් නම් ආකාහේ ටිකක් වැහි වලාකුළු නැති ගතියක් තමයි තියෙන්නේ. තවත් හවස් වෙනකොට නම් කොහොමට හිටීවිද දන්නේ නෑ. ඒ නිසාම පුංචවත් බයිසිකලයේ දාගෙන පොඩි රවුමක් ගිහින් ආවා.

ඒ යන මගදි පොඩි පොඩි සිසිල් පැන් දන්සල් දෙක තුනකුත් වැඳගෙනම ආවා. පහුගිය අවුරුදු කිහිපයම ඒ තරම් හොඳට වෙසක් සමරන්න හම්බ උනේ නැති නිසා මෙදා අවුරුද්දේ ටිකක්  ජයටම වෙසක් සමරණ ගතියක් රට පුරාම දකින්න හම්බ වෙනවා. එහෙං මෙහෙං තොරණක් දෙකක් උනත් දකින්න පුලුවන් අවුරුද්දක්.

මේ විදිහට ගියොත් ඊළඟ අවුරුද්දේ මීට වඩා වෙසක් සැමරීමක් අත්දකින්න පුලුවන් වේවි.

එහෙනං හැමදෙනාටම සුබ වෙසක් මංගල්ලයක් වේවා !

14 April 2023

සුභ අලුත් අවුරුද්දක් වේවා

 


සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටමත් සාමය, සතුට හා සෞභාග්‍යය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා... !!!

இனிய சிங்கள தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்… !!!

Wish you a Happy and Prosperous Sinhala & Hindu New Year… !!!

10 April 2023

ඉඳිගහ තොටුපොළ

 මේ දවස්වල පොඩි එක්කෙනාගේ මොන්ටිසෝරියේ නිවාඩු නිසා එයාට ටිකක් කම්මැලියි. මොන්ටිසෝරි දවස්වල නම් ඉතින් උදේ වරුවේ යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න, ටීචර් එක්ක එක එක ක්‍රියාකාරකම් එහෙම කරන නිසා පාළුවක් නෑ.  ආයේ ඉතින් මොන්ටිසෝරි ඇරෙන වෙලාවට එයාට හම්බ වෙන අයිස් ක්‍රීම් එක එහෙම මේ ටිකේ ලැබෙන්නේ නැති නිසා පුංචට පොඩ්ඩක් කම්මැලි ගතියකින් ගෙවෙන දවස් ටිකක් තමයි මේ ගෙවෙන්නේ.

කොලූගේ කම්මැලිකම නැති වෙන්නත් එක්ක බයිසිකලයේ දාගෙන පොඩි රවුමක් ගිහින් ආවා. කොලූ හරි ආසයි ගඟ බලන්න, ඒත්තෙක්කම මාළු බලන්න. ඉතින් අපි දෙන්න බයිසිකලයෙන් ගියා ඉඳිගහ තොටුපොළ බලන්න. 

ඉඳිගහ තොටුපොළ කියන්නේ බොල්ගොඩ ගඟට අයිති තවත් තොටුපොළක්. මීට කලින් බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපොළ, මහබෙල්ලන තොටුපොළ ගැන එහෙම මම පොඩි ලිපි ලීවා මතකැති නෙහ්.

28 March 2023

හිච්චි උපාලිගේ මෙගා වංචාව

 කාලෙන් කාලෙට මොන මොනවා හරි සිද්ධි ඇවිල්ලා බුකිය ඇඉලෙන එක සාමාන්‍ය දෙයක් වෙලා. මේ දවස්වල බුකිය හොඳටම ඇවිලිලා තියෙන්නේ විනී ප්‍රඩක්ශන්ස් ලාගේ පට්ට ස්කෑම් ප්‍රොමෝශන් වීඩියෝ එක නිසා. වීඩියෝ එකේ නම හිච්චි උපාලි !

ඉතින් මේ වීඩියෝ එක දැක්කට පස්සේ මටත් හිතුනා වීඩියෝ එක පිළිබඳ මගේ සත දෙක ගැන පෝස්ට් එකක් ලියලා දාන්න.

මුලින්ම පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්කෝ මොකද්ද මේ ස්කෑම් එකෙන් වෙන්නේ කියලා. එක්තරා රෙස්ටුරන්ට් එකක ශාඛාවන් යුරෝපා රටවල් වල ආරම්භ කරන්න යනවලූ. කලින් වීඩියෝ එකක නම් කිව්වේ ලැට්වියාවෙත් මේ රෙස්ටුරන්ට් එකක ශාඛාවක් දාලයි තියෙන්නේ කියලා. ඉතින් ඒකේ වැඩ කරන්න ඕන කරන ශ්‍රමිකයන්ව ලංකාවෙන් තෝරගෙන අදාල යුරෝපා රටවල් වලට නොමිලේම පිටත් කරනවයි කියලා තමා මේකීන් කියැවෙන්නේ. ඊට අවශ්‍ය වෙන වීසා ෆී එක, ටිකට් වී වගේ ඔය එකී මෙකී නොකී හැම ෆී එකක්ම අදාල රෙස්ටුරන්ට් එකෙන් දරනවයි කියලා තමයි වීඩියෝ එකෙන් කියැවුනේ. අයදුම් කරුවන්ට කරන්න තියෙන්නේ ෆොර්ම් එක ඩවුන්ලෝඩ් කරලා රුපියල් 1500ක මුදලක් රෙස්ටුරන්ට් එකේ ගිනුමට බැර කරලා ෆෝර්ම් ඒක එවන එක විතරයි. එතැනින් එහාට හැමදේම ඒගොල්ලෝ බලාගන්නවා කියලා තමයි ඔය ස්කෑම් එකෙන් කිව්වේ.

මුලින්ම කියන්න ඕන ඔය වීඩියෝ එකට සල්ලි ගෙවපු රෙස්ටුරන්ට් කාරයාගේ මාර්කටින් මැනේජර් හෝ මාර්කටින් ටීම් එකේ ප්ලෑන් එක පට්ටම පට්ට ! සුපිරි ඩයල් එකක් හොඳටම හිතලා ගහපු මාස්ටර් ප්ලෑන් එකක් තමයි මේ ප්‍රොමෝශන් එක.

ප්ලෑන් එක සුපිරියක් වෙන්නේ මෙහෙමයි. පළවෙනිම දේ තමයි ප්ලෑන් එක ක්‍රියාත්මක කරගන්න තෝරගත්තු කස්ටමර් බේස් එක ! විනීලා එක්ක ගොඩක්ම එකතු වෙලා ඉන්නේ ගම්වල ජීවත් වෙලා ඉන්න දුප්පත්, එහෙත් ගේමක් ගහලා ගොඩ එන්න දඟලන කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක්. බොහෝ දුරට මේ අය ටිකක් ඉමෝශනල් සෙට් එකක්. කොටින්ම ඕනෑම ප්‍රශ්නයකට මොළයට කලින් හදවත ඉස්සරහට දාලා කටයුතු කරන සෙට් එකක්. ඒ නිසා ඒ අය අතරේ ස්කෑම් එක ස්ප්‍රෙඩ් කරන එක සෑහෙන්න ලෙහෙසියි.

දෙවෙනි කාරණාව තමයි මේ දවස්වල රටේ තියෙන ආර්ථික අර්බුදත් එක්කම මිනිස්සු උත්සහ කරමින් ඉන්නේ කොහොමහරි ගේමක් ගහලා රට ගිහින් එහේ ස්ථීරවම ජීවත් වෙන්න පුලුවන් විදිහේ ප්ලෑන් එකක් ගහන්න. ඒ නිසා මේ වගේ ස්කෑම් එකක් මේ කාලේ හැටියට ඉක්මනින්ම පැතිරෙන්න ලේසියි.

තුන්වෙනි කාරණාව තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ගොඩක්ම අඩු මුදලක්. අඩු මුදලක්, වැඩි පිරිසකගෙන් ලබා ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ. හොර ඒජන්සි, පිරමිඩ් කාරයෝ වගේ ලොකු මුදලක් එක සැරේම ඉල්ලන්නේ නෑ. අනික නැති උනත් නැති වෙන්නේ රුපියල් 1500ක් වගේ ගොඩක්ම පොඩි මුදලක් නිසා ගොඩක් දෙනා නඩු කියන්න යන්නෙත් නෑ. බොහෝ දුරට පොලිසි යන එකකුත් නැති වෙයි. ඒ නිසා වැඩේ චොර උනත් ඔහේ අත ඇරලා දාන සීන් එකක් තමයි තියෙන්නේ.