10 April 2023

ඉඳිගහ තොටුපොළ

 මේ දවස්වල පොඩි එක්කෙනාගේ මොන්ටිසෝරියේ නිවාඩු නිසා එයාට ටිකක් කම්මැලියි. මොන්ටිසෝරි දවස්වල නම් ඉතින් උදේ වරුවේ යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න, ටීචර් එක්ක එක එක ක්‍රියාකාරකම් එහෙම කරන නිසා පාළුවක් නෑ.  ආයේ ඉතින් මොන්ටිසෝරි ඇරෙන වෙලාවට එයාට හම්බ වෙන අයිස් ක්‍රීම් එක එහෙම මේ ටිකේ ලැබෙන්නේ නැති නිසා පුංචට පොඩ්ඩක් කම්මැලි ගතියකින් ගෙවෙන දවස් ටිකක් තමයි මේ ගෙවෙන්නේ.

කොලූගේ කම්මැලිකම නැති වෙන්නත් එක්ක බයිසිකලයේ දාගෙන පොඩි රවුමක් ගිහින් ආවා. කොලූ හරි ආසයි ගඟ බලන්න, ඒත්තෙක්කම මාළු බලන්න. ඉතින් අපි දෙන්න බයිසිකලයෙන් ගියා ඉඳිගහ තොටුපොළ බලන්න. 

ඉඳිගහ තොටුපොළ කියන්නේ බොල්ගොඩ ගඟට අයිති තවත් තොටුපොළක්. මීට කලින් බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපොළ, මහබෙල්ලන තොටුපොළ ගැන එහෙම මම පොඩි ලිපි ලීවා මතකැති නෙහ්.

ඉඳිගහ තොටුපොළ තියෙන හරියේ පරිසරය නම් හරි ලස්සනයි. ඒත් හරු පාළු ගතියක් තමයි තියෙන්නේ. පින්තූර දෙක තුනක් එහෙම බලලා ඉම්මුකෝ එහෙනම්.






ඔය පහලින් තියෙන්නේ ඉඳිගහ තොටුපොලට එන්න තියෙන පාර. පානදුර - ඉඳිගහ තොටුපොළ (මාර්ග අංක 466) කියලා බස් එකක් තියෙනවා. ඒ බස් එක නවත්වන තැන තියෙන්නේ ඊට ටිකක් උඩහින්. ඊට පස්සේ තමයි ඔආර මේ තරමටම පටු වේගෙන එන්නේ.

අපි ඉඳිගහ තොටුපොලේ ටික වේලාවක් ඉඳලා ආයෙමගෙදර ආවා. ඒ එන ගමන් වෙලක් මැද්දේ එහෙම නැවතිලා ආපු නිසා කොලූ හෙන ආසාවෙන් හිටියා.  සමහර දවස්වල අපි දෙන්න ඔය වෙලේ සරුංගල් එහෙමත් උඩ යවන්න එනවා. ඒ නිසා වෙල් වල නියරවල් දිගේ දුවන්න අපේ පොඩි එක්කෙන හරි ආසයි.

එහෙනම් මම ගියාවේ.

4 comments:

  1. අරගල කරුවන් හිරේ විලංගුවේ වැටිලා දුක් විදිද්දී අරගල ක්‍රියාකාරියෙක් උන ඔබ දැන් නිදහසේ ප්‍රීතිවෙමින් ඉන්නවා නේද

    ReplyDelete
    Replies
    1. මොනවද මේ කියවන අපබ්‍රංස ?

      Delete
  2. ජැක්සන් කියන්නෙ කතෝලික යෙක් මම කියන්නේ අවසාන වශයෙන් try කරල බලන්න . රෙපරමාදු පල්ලිය කට ගිහින්.
    ඔය ජැක්සන්ට මරණය ප්‍රාර්ථනා කරන සිංහල ජාතිකයින් තරම් කූහකයන් තවත් නැහැ. මගෙ තාත්තාට එන්ජියොග්‍රැම් එකක් කරන්න ගිහින් stroke එකක් හැදිල icu දාලා හිටිය general hospital එකෙ. මාස තුනක් එක දිගට mechines වලින් පන තියා ගෙන හිටිය. මමයි මල්ලියි දෙන්න උදේ හවස තාත්තව බලන්න යනව. ඒත් කිසිම progress එකක් තිබුනේ නැහැ

    දවසක් දවල් මම ගියාම , ඩොක්ටර් මට අඩගහල කිව්ව හෙට උදේට mechines ගලවනව. ගෙදර අයට ඇවිත් අවසාන පාරට බලන්න කියන්න කියල මොලය මැරැන කෙනෙක්ව මාස තුනක් තිස්සේ මෙශින්ස් වලින් තියාගෙන ඉන්න බැහැ කියල වැඩක් වෙන් නැහැ කිව්ව .

    මම අසරණ උනා. ගෙදර අයට කිව්වේ නැහැ. මම යන පල්ලියට ගියා. Pastor ට කිව්ව ඒ අය හවස එන්නම් කිව්වා .(මගෙ පරම්පරාවම බෞද්ධ. මම විතරයි කිතුනු එතකම් මම lord Jesus පිලි අරන් තිබුනට බෞද්ධ කිතූනූවෙක්

    හවස ගිහිං අපි ඔක්කොම තාත්තගෙ ඇද ලග ඉදන් pray කරා.
    ඉළග දවසේ උදේ මම ගියේ නැහැ. Mechines ගලවන්න මගෙ අත්සන උදෙට ගන්නවා කියපු නිසා.

    දවල්ට ගියා. මම යන කොට තාත්ත icu එකේ ඇද උඩ වාඩි වෙලා හිටිය.

    මගෙන් ඇහුවා "ඇයි පුතා පරක්කු උනේ .මම හිටියේ දෙහිවල cemetery එකේ ගීතිකා කියනව ඇහිලා මම මෙතනට ආවා කිව්ව ". ඉට පස්සෙ අවූරැදූ පහක් විතර ජිවත් උනා

    අපි ජිවත් වෙන්නෙ මනසේ මවපූ ලෝකයක. මොලය මැරැනත් , vibration කරල විඤානය ගන්න පුළුවන්. ඒ කෙනාට අහන්න පුළුවන්. ඇහෙනව. එයාට (gut එකට) අවශ්‍ය external support එකක් විතරයි විසිරුනු විඤාන තුනම එකතූ කර ගන්න

    දිව්‍ය විඤානය හදවත මවනව. බ්‍රහ්ම විඤානය මොලය මවනව මාර විඤානය මනසේ සම්පුර්ණ රැපයම මවල gut එක තුල වැඩ සිටිනවා .

    මොලය හදවත මැරැනත් gut එකෙ ඉන්න මාර තමන්ගෙ ශරිරය පවත්ව ගෙන යන්න ලොකු උත්සාහයක් දෙනව. මොලය තුල කර්මය ගබඩා වෙලා තියනව. කර්ම ශක්තිය ඉවර නම් බ්‍රහ්ම විඤානය , දිව්‍ය විඤානය කියන දෙකම විසිරෙනව .කෙනෙක් මැරැනම බ්‍රහ්ම විඤානය අහස තුල තියනව. අහස කියල දකින්නෙ තමන්ගේම බ්‍රහ්ම විඤානය. Vibration එකකින් මාර විඤානයට පූළුවන් බ්‍රහ්ම විඤානයට fix වෙන්න. බ්‍රහ්ම විඤානයට පුලුවන් දිව්‍ය විඤානය (universe කියල අපි දකින්නේ මනස තුලම තියන දිව්‍ය විඤානය.) Vibrate කරල හදවත පන ගස්සනව

    මාර ලොකු සටනක් දෙනව තමන්ගෙ ශරිරය පවත්ව ගෙන යන්න. ඒක කරන්නේ gut එකෙ ඉදන් මාර විඤානය තමයි පොලොව කියල අපි දකින්නේ. මේ තුනම තියෙන්නෙ මනසෙ
    තනි කරන්න එපා ආදරණීය යන්. මොහොතකටවත්.

    ReplyDelete
    Replies
    1. මේක නිවාඩු වෙලාවක කියවලා බලන්නං !

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.